Ads 468x60px

.

ඉතිහාසයේ පළමු වරට ගූගල් දත්ත මධ්‍යස්ථාන වල ඡායාරූප එලියට...

අතිශය රහස්‍ය දත්ත මධ්‍යස්ථාන වල වර්ණවත් ඡායාරූප පෙළක්...

ගූගල් යන නම කියූ සැනින් අන්තර්ජාලයේ සැරිසරන ඕනෑම කෙනෙකුට ඒ පිළිබඳව වැඩිදුර හැඳින්වීමක් අවශ්‍ය නොවේ.

ඇමෙරිකාවේ දැවැන්තම තාක්ෂණික සමාගමක් වන ගූගල් විසින් පසුගියදා අපූරු රූප පෙලක් අන්තර්ජාලයට මුදාහැර තිබුනා
. ඒ ඔවුන්ගේ අතිශය රහස්‍ය අංශයක් වන දත්ත මධ්‍යස්ථාන වල වර්ණවත් ඡායාරූප පෙළකි.

විවිධ දත්ත මධ්‍යස්ථාන, වර්ණවත් කේබල් හා පයිප්ප, වර්ණ සලකුණු යොදා ඇති දැවැන්ත සර්වර් පද්ධති, අතිවිශාල කර්මාන්තශාලා වල ගමන් කිරීම සඳහා සේවකයන්ට ලබාදී ඇති ගූගල් සමාගමේ වර්ණ ගැන්වුනු පාපැදි, සිසිලන පද්ධති, විනාශ කරන ලද අකී‍්‍රය වූ දෘඩ තැටි ආදිය මෙම ඡායාරූප වලින් දැක්වේ.

දරුණු ලෙස පිච්චුන තරුදී ජනාධිපති මාමාට ලියු ලියුම.

හිමිදිරි උදයේ පිපුණු ලස්‌සන රෝස කුසුමක්‌ වන් හත් හැවිරිදි කවීෂා තරුදි පුංචි දියණිය මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූයේ පසුගිය වසරේ දෙසැම්බර් 20 වැනිදා ය.

නිවස ඉදිරිපිට මිදුලේ කොනක පිහිsටි තම පියාගේ ගරාජයට පැමිණි ඔහුගේ මිතුරෙකු භාජනයකට පෙට්‍රල් පුරවා ගෙන, ඔහුගේ වාහනයේ කොටසක්‌ පවිත්‍ර කරන්නට වූයේ පියාගේ වුවමනාවට නොව ඔහුගේ වුවමනාවටය. 

ඒ අතරේ නිවසේ දුරකථනය නාද වූයේ කවීෂාගේ සොයුරිය විශ්වවිද්‍යාලයේ සිට නිවසට පැමිණීමට මදක්‌ ප්‍රමාද වන බව දැන්වීමටය. වහා ක්‍රියාත්මක වූ කවීෂා තම පියා අක්‌කාව රැගෙන ඒමට යාවි යෑයි කලබල වූවාය. අක්‌කා පමා වන බව කියන්නට ඇය තාත්තා වෙත දුව ගියාය.

2012 දෙසැම්බර් 21 වැනි දින ලෝක විනාශය වෙනවා කියූ දිනයට තව සති 10 යි...

ලෝක විනාශය සිදුවන බවට බෝටන් රජු අනාවැකියක්‌...

තව සති 10 කින් පමණ එනම් 2012 දෙසැම්බර් 21 වැනි දින ලෝක විනාශය සිදුවන බවට කතාවක්‌ පැතිර යන්න පටන් ගත්තේ අවුරුදු දෙක තුනකට පෙර සිටය. ලෝක ජනතාව මේනිසා කිසියම් කම්පනයකට තක්‌කුමුක්‌කුවකට පත් වූ වග නොකිවමනාය.

ලබන දෙසැම්බර් 21 වැනි දින ලෝක විනාශය සිදුවිය හැකි යෑයි අනාවැකියක්‌ පළ කොට තිබුණේ කිතු උපතටත් වසර දහස්‌ ගණනකට පෙර මෙක්‌සිකෝවේ රජකම කළ පාකුල් බෝටන් නමැති රජුය. 

ඒ රජු විෂයයන් කීපයක්‌ පිළිබඳව හසළ දැනුමක්‌ සහිත කෙනකු වූ අතර ජ්‍යෙතිෂය, ගණන් ශාස්‌ත්‍රය, තාරකා ශාස්‌ත්‍රය, හෙතෙම හොඳාකාරව දැන සිටි ශාස්‌ත්‍රයන්ය. බෝටන් රජු, තමන්ගේ අනාවැකිය, සෙල්ලිපියකද සටහන් කොට තිබිණි. ඒ සෙල්ලිපිය සොයා ගන්නා ලද්දේ 1950 ගණන්වලදී, මෙක්‌සිකෝවේ සිදුකෙරුණු පුරාවිද්‍යාත්මක කැණීම්වලදීය.

ලංකාවේ බදු වැඩි නිසා වාහන සේල් හිමියන් මියන්මාරයට ගිහින් වාහන සේල් කරන්න යයි..

ලංකාවේ රජය 300%ක ඉතා ඉහල බදු ප්‍රතිශතයක් අයකරන නමුත් මියන්මාරය අය කරන්නේ 15%ක පමනයි...

ආනයනකරුවන් 30 දෙනෙකු පමන පසුගිය සැප්තැම්බර් මාසයේ මියන්මාරයට ගොස් මුලික කටයුතු ආරම්භ කරලා...

විදේශ රටවල පාවිච්චි කරන ලද වාහන ආනයනය කිරීමට මියන්මාර රජය විශේෂ සහන සලසා තිබෙන අතර එවැනි වාහන සඳහා තීරුබදු ප්‍රතිශතයද අඩු නිසා ලංකාවේ ප්‍රමුඛතම වාහන ආනයනකරුවන් පිරිසක් ලබන මාසයේ සිට මියන්මාරයේ තම වාහන වෙළඳාම් වල නිරතවීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වාහන වෙළඳපොළ කඩා වැටී ඇති හෙයින් මියන්මාරයේ වාහන වෙළඳාම සඳහා නව වෙළඳපොළක් සකස් වෙමින් තිබෙන නිසාත් මෙම පියවර ගන්නා බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් කීර්ති ජයවර්ධන මහතා පවසන්නේ.

පාවිච්චි කරන ලද වාහන ලංකාවට ආනයනය කිරීමේදී ලංකාවේ රජය 300%ක පමණ ඉතා ඉහල බදු ප්‍රතිශතයක් අයකරන නමුත් මියන්මාරය අය කරන්නේ 15%ක පමණ ප්‍රතිශතයකි.


බුද්ධගයාව ඇතුළු දඹදිව කිසිම සිද්ධස්ථානයකට කිසිම ත්‍රස්තවාදී අවදානමක් නෑ..

දුන් ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍යක්...

ඉන්දීය මහාබෝධි සමාගමේ මහ ‍ලේකම්  පූජ්‍ය දොඩම්ගොඩරේවත නාහිමි කියයි...

බුද්ධගයාව ඇතුළු දඹදිව කිසිම සිද්ධස්ථානයකට කිසිදු ත්‍රස්තවාදී සංවිධානයකින් තර්ජනයක් නොමැති බව ඉන්දීය මහාබෝධි සමාගමේ මහ‍ලේකම් ආචාර්ය පූජ්‍ය දොඩම්ගොඩ රේවත නාහිමියෝ සඳහන් කරනවා

පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවල දඹදිව බුද්ධගයාවට අල්කයිඩා තර්ජන යන මාතෘකාව යටතේ දුන් ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍ය බවද උන්වහන්සේ සඳහන් කරනවා.

පොළේ ගිය රනිල්ට ගැණුන්ගෙන් කුණු බැණුම්.

ඔබතුමා මේ පක්ෂය විනාශ කරමින් ආණ්ඩුවට කඩේ යනවා. 

තවත් අපිව රවට්ටන්න එපා...

රනිල් පැය බාගයකින් එම මාධ්‍ය මෙහෙයුමද නිමකර පිටව ගිහින්..

ඊයේ 18 පෙරවරුවේ නුගේගොඩ වෙළෙඳපොළ සංකීර්ණයට ගිය එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට වෙළෙඳුන් කෙරෙන් දැඩි විරෝධතාවක් පළවුණා.ආණ්ඩුවට විරුද්ධව පත්‍රිකාවක් බෙදීම සදහා ගිය අවස්ථාවේ ඔහුට වෙළදුන්ගේ විරෝධයට මුහුණ පෑවේ මෙසේයි.

නිලියක් අනියම් පෙමට ලොල් වී මිනීමරන්න ගිහින්..

කාලයක්‌ ගතවෙලා හරි මම ඒ අරමුණ ඉටුකර ගන්නවාමයි.

පුෂ්පලාල් නම් ව්‍යාපාරිකයකුට රාත්‍රියේ පුද්ගලයෙකු යතුරුපැදියෙන් පැමිණ වෙඩි වරුසාවක් එල්ල කරලා...

ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අධිකරණය හමුවට පමුණුවා සිටි ටෙලිනාට්‍ය නිළියක් රුපියල් පන්දහසක්‌ වූ මුදල් සහ රුපියල් ලක්‍ෂයක්‌ වටිනා ශරීර ඇප මත පසුගිය වසරේදී මුදා හැරියා.

පසුගියදා ඇයගේ නඩුව නැවත විභාග වූ අවස්ථාවේ සැකකාරියට විරුද්ධව ඇත්තේ දුරකථන ඇමතුමක් පමණක් හෙයින් ඇයගේ ඇප කොන්දේසි ලිහිල්කොට තිබෙනවා.

මෙසේ ඇප මත මුදාහරින ලැබුවේ "චරිතයකට පාට දෙන්න" ටෙලි නාට්‍යය තුලින් රංගනයට පිවිසි ටෙලි නාට්‍යය නිළියක වන දිනේෂා ශ්‍රීමාලි පෙරේරා ජයතුංය.

අප
වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.

වේයන්ගොඩ පුංචි අම්මා සහ ඥති පුත්‍රයා කෝච්චියට පනින්න හේතුව මේකයි...

මම අහම්බෙන් එනකොට දෙන්න එක්ක ඇඳ උඩ නිරුවතින් ඉන්නවා දැක්කා...

කෝල් කරලා නයනා කිව්වා මම ගැන හොයන්න එපා මම මුදිත එක්ක යනවා කියලා...මියගිය නයනාගේ සැමියා.. 

වේයන්ගොඩ පුංචි අම්මා සහ ඥති පුත්‍රයා අතර තිබූ අනියම් සබඳතාව දුර දිග යැමෙන් දෙදෙනාම දුම්රියට පැන දිවි නසා ගැනීම නිසා මියගිය නයනාගේ සැමියා ගම්පහ පොලිසියට පැමිණිලිකර මෙසේ සාක්ෂි දී තිබුනා.

රළ නොනගින යාත්‍රාවක් නිර්මාණය අපේ රටේ හපනා කළුතර අයි.එස්.ඩබ්ලිව්. කරුණාතිලක.(Video)

යාත්‍රා වලින් නැගෙන රළ නිසා ගංගා ඉවුරු සේදී යාම, ජලජ ජීවීන් විනාශ වීම මේකෙන් වෙන්නේ නෑ...

මට නාගදීපයට මගී යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට මේ වනවිට අවසර ලබාදී තිබෙනවා...

ජාත්‍යන්තර වෙළඳ පොළට යැවීමට තරම් සුදුසු රළ නොනගින යාත්‍රාවක් (Wave-less Boat) නිර්මාණය කිරීමට මෙරට නව නිපැයුම්කරුවෙකු සමත්ව තිබෙන අතර ලංකාව බිහිකළ අද්විතීය නව නිපැයුම්කරුවා වන රේ විජේවර්ධන මහතාගේ නාමයෙන් ඊයේ රාත්‍රියේදී කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී අති උත්කර්ශවත් අන්දමින් ඔහු සම්මානයට පාත්‍රවුනා.