Ads 468x60px

.

ලෝක විනාශය ගැන කියන මායාවරුන් සොයා ගියෙමි.

දෙදහස් දොළහ වසරේ දී සිදුවන ලෝක විනාශයක් පිළිබඳව අනාවැකිය සඳහන් වෙන්නේ මායා සහ ඉන්කාවරුන්ට අයත් දින දර්ශනයකයි. 

එය ලොව පුරා ආන්දෝලනයක් ඇති කරනවා සේම එම සංකල්පයට පක්ෂ විපක්ෂ අදහස් ද ප්‍රචලිතව තිබේ. ඒ කෙසේ වෙනත් මායා දින  දසුනේ සඳහන් දිනයටම විශ්වයේ ග්‍රහලෝක වල යම් සුවිශේෂි පිහිටීමක් සිදුවේ.

එය තාරකා විද්‍යාඥයින්ද පිළිගන්නා දෙයකි. එසේ වුවද ලෝක විනාශයක් සිදුවීම පිළිබඳව ඔවුහු නොඅදහති. එනමුත් ලෝක විනාශය අදහන අය  එම විද්‍යාත්මක සිදුවීමද තම මතය තහවුරු කර ගැනීම සඳහා උපයෝගි කොටගෙන තිබේ. 

මෙම අදහස ජන සමාජයට යම් බලපෑමක් කර තිබෙන නිසා ඇමෙරිකාව විසින් මෑතක ප්‍රකාශ කරන ලද්දේ, පුරාවිද්‍යාඥයින් විසින් තවත් මායාවරුන්ගේ දින දර්ශනයක් සොයාගෙන ඇති බවත් එහි ලෝක විනාශයක් පෙන්නුම් නොකරන බවත්, තව දිගුකලක් ලෝකය ඉදිරියට පවතින බවක් එහි පෙනුම් කර ඇති බවත්ය.

රියැදුරනි සීරුවෙන් ට්‍රැෆික් සුද්දා ඉදිරියෙන්...

ග්‍රෑන්ඩ්පාස් ‍පොලිස් නිලධාරීන් සමග  වාහන හසුරුවන සුනඛ හිතවතා සුද්දා...

කොළඹ ඉඟුරු කඩේ හන්දිය ‍පොලිසියේ ට්‍රැෆික් රාළහාමිලාට කාර්යබහුල තැනකි. ඒ, කොළඹ මීගමු පාරෙන් තොටළඟ හරහා කොළඹට ඇදී එන වාහනද කොළඹ නුවර පාර ඔස්සේ කොළඹට ළඟා වන වාහන ද මෙන්ම කොළඹින් එකී පාරවල් හරහා පිටවන වාහනද හසුරුවාලීමේ භාරදූර වගකීම ඔවුන්ට පැවැරී තිබෙන නිසාය.

එවන් කලබලකාරී ස්ථානයක ට්‍රැෆික් රාළහාමිලා සමග වෙසෙන “සුද්දා”ටද මෙම ස්ථානය ඉතා කාර්යබහුල ස්ථානයක් වී තිබෙන අයුරු ඒ හරහා යනෙන ඕනෑම අයෙකුට දැකිය හැකිය.  

ට්‍රැෆික් රාළහාමි කෙනකු නලාව හඬවා වාහනයකට නැවැත්වීමට අණ කළහොත් නීතිය ක්‍රියාත්මක කිරීමට ඉක්මන් වන්නේ “සුද්දාය” ඒ ට්‍රැෆික් රාළහාමිට පෙර “සුද්දා” එම වාහනය පසුපස දිව යෑමෙනි. මහමග ඇති ඉරි කපා ගමන් ගන්නා වාහන “සුද්දාට” ට පෙන්නන්ට බැරිය. 
 
එහෙත් “සුද්දා” යනු ‍පොලිසියේ ට්‍රැෆික් රාළහාමි කෙනෙක් නම් නොවේ.

ජනපති - ගුවන් අනතුරක් නූලෙන් වැළකේ...

ජනපති යෑමට සැරසුණු ගුවන් යානයේ එන්ජිමක කාර්මික දෝෂයක්...

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිව්දින ඩුබායි නිල සංචාරය සදහා ඊයේ (21) පස්වරුවේ පිටත්වීම නියමිත තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානයේ එන්ජින් දෝෂයක් තිබී ඇත. සංචාරය ඇරඹීමට පෙර අවසන් මොහොතේ ජනපති ආරක්ෂක අංශය විසින් එම දෝෂය අනාවරණය කරගන්නා තෙක්ම ශ්‍රී ලංකන් ගුවන් සෙවයේ කිසිදු නිලධාරියෙක් ඒ පිළිබදව දැන සිට නැත. 

ආරක්ෂක අංශයේ ප්‍රශ්ණ කිරීම් වලින් පසුව එම දෝෂ සහගත කොටස වෙනුවට වෙනත් යානයකින් කොටසක් මාරු කිරීමට ශ්‍රී ලංකා ගුවන් සේවයේ බලධාරීන් ගත් තීරණ‍ය ජනපති ආරක්ෂක අංශය හා රජයේ බලධාරීන් ප්‍රතික්ෂේප කර ඇත.

බේරුවල සිල්ලිය ඇළේ මාළු ලක්‍ෂ ගණනක්‌ මියයයි..

මුළු ජලාශයම තද කොළ පැහැයක්‌...

මාළු කුණුවී යැමෙන් මුළු ප්‍රදේශයම මහත් දුර්ගන්ධයෙන් පිරිලා...

බේරුවල මරදාන ප්‍රදේශයේ "සිල්ලිය" ඇළෙහි මාළු ලක්‍ෂ ගණනක්‌ මැරී ඇති අතර පෙරේදා 20දා සිට මෙම විනාශය ආරම්භවී තිබෙනවා.

ඊයේ (21 දා) වන විට මෙම ප්‍රමාණය දෙගුණ වී ඇති අතර මියයැමට ආසන්න මාළු රෑන් පිටින් ජලය මත පීනමින් සිටිනු දක්‌නට ලැබෙ
නවා. මියගිය මාළු අතර, මිරිදිය මාළු මෙන්ම කරදිය මාළුන් ද ඇති බව ප්‍රදේශයේ ධීවරයෝ පවසනවා.

මධූෂා, රුවින් ලොව තුන්වැනි තැනට...

ජාත්‍යන්තර රූ රැජින තරඟයේ 3 වන ස්ථානය ලංකාවට...

මෙම මස 01 සිට 21 දක්‌වා ජපානයේ ඔකිනාවාහිදී පැවති 52 වැනි ජාත්‍යන්තර රූ රැජිණ 2012  තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත්වූ, මධූෂා මායාදුන්නේ මෙනෙවිය තෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා.

ඔකිනාවාහිදී ඊයේ (21) පැවති අවසන් මහා තරගයෙන් මධූෂා මායාදුන්නේ මෙනවිය මෙම ජයග්‍රහණය ලබාගෙන ඇත්තේ,  අවසන් තරගයට ඉදිරිපත් වී සිටි කොලොම්බියාව, බ්‍රසීලය, ජපානය, ෆින්ලන්තය, නැමිබියාව, වෙනිසියුලාව, එක්සත් රාජධානිය, අමෙරිකාව, ඩොමිනිකන් ජනරජය, පිලිපීනය, පැරගුවේ, මෙක්සිකෝව, ඉන්දියාව, හා හයිටි ඇතුළු රටවල් 15ක තරගකාරියන් අභිබවා යමිනි.

ගයාති‍්‍රගේ සැලුන් එකට ගොඩවීයාමේ පුරුද්දක් කරගත් ගේ‍්‍රෂන්

ගේ‍්‍රෂන් ‘ගයාතී‍්‍ර මගේ හොඳ කෙල්ල මචං...’ කියලා ගයාති‍්‍රට කතා කරනවලු...

නැසීගිය දක්ෂ සංගීතඥයකු වූ ගේ‍්‍රෂන් ආනන්ද නුගේගොඩ පසුකරන්නේ නම් තමාගේ රූපලාවන්‍යාගාරයට ගොඩවීයාමේ පුරුද්දක් තිබූ බව රූපලාවන්‍ය ශිල්පිනියක්, නිළියක්, නිරූපිකාවක් හා නිවේදිකාවක් වන ගයාතී‍්‍ර ඩයස් කියන්නීය.

ඇය මේබව කියා සිටියේ

ක්‍රි.ව 2015 දී දිනමිණ පුවත් පතේ පළවන වෙළඳ දැන්වීමක්

ඔබගේ දරුවාගේ උසස් අධ්‍යාපනයට විශ්ව විද්‍යාලයක් තෝරාගැනීමේදී ඔබගේ තේරීම.

ලෝක සරසවි ශ්‍රේණිගත කිරීමේදී ඉතාමත්ම පහල මට්ටමක් දරන නවක වධය සහ නොයෙකුත්  හිරිහැර අතවර වලින් පිරි එලදායක බවින් අඩු පාඨමාලා තිබෙන අන්තර්ජාතික  සුදුසුකම් නොමැති  ආචාර්යවරුන්ගෙන් සපිරි රාජ්‍ය විශ්ව විද්‍යාලයකට ඔබගේ දරුවා යවා ඔහුගේ / ඇයගේ  අනාගතය අඳුරු කර ගැනීමද ?




මර්වින්ගේ පුත් මාලක සිල්වා ඇතුළු පවුලේ උදවිය ස්විස්ටර්ලන්තයට

රජයේ මුදල් නාස්ති කරන මර්වින්ගේ ෆැමිලි සවාරි..

පසුගිය සතියේ මහජන සම්බන්ධතා අමාත්‍යය මර්වින් සිල්වා , මෑතකදී මේජර් වරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධව ආන්දෝලනාත්මක චරිතයක් වූ මර්වින්ගේ පුත් මාලක සිල්වා ඇතුළු පවුලේ උදවිය ස්විස්ටර්ලන්තය බලා පිටත්ව ගොස් ඇත.


ස්විස්ටර්ලන්තයේ සුරිච් ගුවන්තොටුපලට ගිය ඇමතිවරයා ඇතුළු පවුලේ උදවිය ගුවන්තොටුපලේ සිට කිලෝමීටර් කිහිපයක් දුරින් පිහිටි නවාතැන් ගන්නා හෝටලය වෙත යාමට කුලී රථයක් ගෙන තිබුනේ නැත. 


ඒ වෙනුවට මර්වින් විසින් ස්විස්ටර්ලන්තයේ