Ads 468x60px

.

අම්ම කටයුත්තක් කරලා දෙනකන් බලාගෙන ඉන්නේ - ඉරාජ්

මෙයට පෙර ඉරාජ් සමග සිටින තරුණියකගේ ජායාරුප ඉරාජ්ගේ පෙම්වතිය බව කියමින් අන්තර්ජාලය පුරා සංසරණය වුනා. 

එය තරයේම ප්‍රතික්ෂේප කරන ඉරාජ් පවසන්නේ "ප්‍රේමවන්තියක් නැහැ කිව්වට කව්රුත් විශවාස කරන්නේ නැහැනේ. 

එත් ඉතින් එක තමයි ඇත්ත. අපි ලැජ්ජා බයට හැදිච්ච කොල්ලොනේ. අම්ම කටයුත්තක් කරලා දෙනකන් බලාගෙන ඉන්නේ" යනුවෙනි.

ඒ පිලිබඳ විස්තර අපි ඔහුගෙන්ම අහල බලමු.


අරුම පුදුම බළල් සුරතලාගේ සෙනෙහස..

දේහය ගෙදර තිබූ දින තුනම නොසෙල්වී එකම අයුරින් සිටි බළල් සුරතලා...

කලාතුරකින් දක්නට ලැබෙන අපූරු සිදුවිමකි. සැබවින්ම විස්මය ජනක සිදුවීමක් සහ අතිශයින්ම සංවේදී දසුනක් ද වෙනවා.

ඇතැම් මිනිසුන්ට වඩා තිරිසන් සතුන් තුළ කළගුණ දැක්වීමත් සෙනෙහස සහ දයාවත් තිබෙන බව විවිධ අවස්ථාවල අපි අසා ඇත්තෙමු. මේ ඡායාරූප පෙළින් කියවෙන්නේද එවැනි අරුම සහ අතිශය සං‍වේදී කතාවකි.
 

අලවතුගොඩ අස්වැද්දුම ප්‍රදේශයේ පදිංචි පී. බී. අමරකෝන් සුරතලයට බළල් පැටවෙකු ඇති කළේය. වසර පහක් පමණ මේ බළල් පැටියා අමරකෝන් මහතාගේ නිවසේ ඇති දැඩි වුණා. 

ඔය අතර හදිසියේම අමරකෝන් මහතා අසනීපව රෝහල් ගත වුණා.

දෙසැම්බරයේදී දින තුනක් එක දිගට කළුවර කතාව අමූලික බොරුවක්ලු.

මිනිසුන් බියගැන්වීම සඳහා ඊමේල් පණිවුඩ...
විවිධ මාධ්‍ය ඔස්සේ අසත්‍ය කටකතා...

ලබන දෙසැම්බර් මාසයේදී ග‍්‍රහලෝක සියල්ල එකම රේඛාවකට පැමිණෙන බවට සහ ඒ මාසයේ දින තුනක් එක දිගට කළුවරව පවතින බවට මීට ඉහත විවිධ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් කට කතා පැතිරුනා.

එම ප‍්‍රචාරයන්හි කිසිඳු විද්‍යත්මක සත්‍යතාවක් නැතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.එය මිනිසුන් බියගැන්වීම සඳහා ඊමේල් පණිවුඩ ඔස්සේ පැතිර යන අසත්‍ය කටකතාවක් පමණක් බවද ඔහු පෙන්වා දෙනවා.

‘කන්ගැට්‌ටා’ නමැති ‘වන් මෑන් ෂෝ’ ගැන නොකියා හොරා අල්ලන්න – සෝභිත හිමි

පොලිසිය මේ කියන කතාව පොඩි දරුවෙක්‌වත් විශ්වාස කරන්නෙ නෑ... 

මේ ජාතික අපරාධයේ ඇත්ත මේ රටට හෙළි කරන්න පොලිසියෙන් ඉල්ලා සිටිනවා...

කෞතුකාගාර කොල්ලය සම්බන්ධයෙන් පොලිස්‌ අත්අඩංගුවට පත්ව ඇති ‘කන්ගැට්‌ටා’ නමැති ‘වන් මෑන් ෂෝ’ ගැන ප්‍රලාප නොකියා මේ මහා ජාතික අපරාධයට සම්බන්ධ පෙනෙන නොපෙනෙන බලවේග පිළිබඳව පුළුල් විශ්වාසනීය පරීක්‌ෂණයක්‌ කිරීමේ ජාතික වගකීම පොලිසිය සතු බව ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසනවා.

උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ සිය අදහස්‌ දක්‌වා සිටියා.

‘කෞතුකාගාර කොල්ලයට සම්බන්ධව කන්ගැට්‌ටා නමැත්තා සැකකරුවෙක්‌ ලෙස පොලිස්‌ අත්අඩංගුවට පත්වීම පිළිබඳ අප සංතෝෂ වෙනවා. නමුත් වැදගත් වන්නේ නිවැරදි පරීකෂණ මගින් සාධක සහිතව මේ අපරාධකරුවා පිළිබඳ තහවුරු කිරීමයි.

මේ අපරාධය සිදුවූ මොහොතේ සිට දිගින් දිගටම අප දුටුවේ

නෙත පිනවන සිත සනහන පරිසරයක සුවය විඳින්න මෙතනට එන්න...

හොඳ දේ "හොඳය" කියා අගය කරන පුරුද්දක්‌ ද අප ජීවිතය තුළ වගා කරගත යුතුව ඇත...

අපේ ජනතාව රජයකින් රටකට කළ දේ ගැන කතා කරනවාට වඩා නොකළ දේ ගැන කතා කරන්නට බොහොම කැමැතිය. 

එසේම අපි කොයි කවුරුත් රජයක්‌ කළ හොඳ දේ ගැන කතා කරනවාට වඩා කළ නරක දේවල් ගැන කතා කරන්නට දක්‌වන උනන්දුව බොහොම වැඩිය.

යහපත් යමක්‌ කළ විට, රටකට යහපත් හොඳ දේවල් කරන එක රජයක යුතුකම, රජයක වගකීම කියා මුනිවත රකින අපි නරක යමක්‌ දකින විට මුව පුරා රජයට බනින්නට හා විවේචනය කරන්නට පොඩ්ඩක්‌වත් ලෝභ වන්නේ නැත.

නරක ගැන, අයහපත් දේවල් ගැන, දුර්වලතා ගැන විවේචන කළාට වරදක්‌ නැත. එහෙත්

ඉන්දියානු තාක්‍ෂණයටත් වඩා දියුණු ටැක්‌සි මීටරයක්‌ නිපැයූ අපේ රටේ වෛද්‍යවරයා...

ඉන්දියාවේ මීටරයේ නැති දේවල් මේකට ඇතුල් කළා...

වාහනය නවත්වාගෙන හිටපු කාලයත් ඇතුල් කළා...

නව ක්‍රමයක්‌ ලෙස එස්‌. එම්. එස්‌. වැනි ක්‍රමයක්‌...

ශ්‍රී ලාංකික නිර්මාණ කරුවකු වන වෛද්‍ය අරුණ රත්නසූරිය මහතා වෘතියෙන් දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකි. කොළඹ ආසිරි හා සෙන්ට්‍රල් යන පෞද්ගලික රෝහල්හි දන්ත වෛද්‍ය අංශයේ ප්‍රධානියා වන ඔහු පාසල් සමයේ සිට නව නිර්මාණ බිහි කළ පුද්ගලයෙකි. 

ඔහු විසින් බිහිකරන ලද ටැක්‌සි මීටරය, මෙරට වෙළෙඳපොළෙන් සියයට අනූපහක (95%) කොටසක්‌ හිමිකරගෙන තිබේ. නිල්වලා මෙගා ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම සමඟ එකතු වී සිය නිර්මාණය වෙළෙඳපොළට නිකුත් කිරීමට ඔහු මේ දිනවල පියවර ගනිමින් සිටියි.

මේ ගැන ඔහු සමඟ පැවැත්වූ සාකච්ඡාවකි මේ.