Ads 468x60px

.

මේනක නෙහාරා විවාහ වන්නට සූදානම් වනවා කියන්නේ ඇත්තද..

අපි දෙන්නා අතර තියෙන්නේ ලොකු බැඳීමක්...

ඔහුගේ නම කියවුණේ කොතැනද එතැන ඇයගේ නම කියවිණ. ඇයගේ නම කියවුණේ කොතැනද එතැන ඔහුගේ නම කියවිණ.

මේනක රාජපක්ෂ. නෙහාරා පීරිස්. මේ ඒ ඔහු සහ ඇයයි. වත්මනහි පුංචි තිරයේ ජනප්‍රියතම පෙම්වතුන් යුවළ වන මේනක සහ නෙහාරා කලකට පෙර සිටම පුවත් මවන්නෝ වූනා.

‘මේනක නෙහාරා විවාහ වන්නට සූදානම් වනවා’
මේ ඔවුන් පිළිබඳ පැතිර යන අලුත්ම ආරංචියයි .

ඒ කතාව ඇත්තද?


නෙහාරා පළමු අදහස් දැක්වීම මේනකට භාර කළා.
අපි දෙන්නා රඟපාන්න ආපු කාලේ ඉඳලා කටකතා පැතිරුණා. ඒවා නිර්මාණය කරන්නනේ කරන්න වැඩක් නැති අය. දැන් අපි ඒවට හුරු වෙලා. කපන්න කපන්න සඳුන් ගසේ සුවඳ හමනවා. ඵල ඇති රුක්වලට තමයි ගල් වදින්නේ. එක හින්දා අපිට ඉවසන්න පුළුවන්.

කහවත්තේ ඝාතනය ගැන හෝඩුවාවන් දෙකක්...

ගේට්ටුවේ ඉබ්බා රඳවන ස්ථානයට කෝටු කැබැල්ලක් ගැහුවේ ඇයි...
නිවසේ පැත්තක පිහිටි ගරාජයේ දොර විවර වී තිබීලා...
පොලිස් නිල සුනඛ අංශයේ ‘ෂීබා’ද සිද්ධිය වූ ස්ථානයට...

ඊයේ (31) සවස ඝාතනයට ලක් වූ කහවත්ත, වරාපිටිය ප්‍රදේශයේ කාන්තාවගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩාය‍ම් සියඅවධානය සැක කටයුතු කරුණු කිහිපයක් වෙත යොමු කර තිබෙනවා

මෙසේ ඝාතනයට ලක් වූයේ යූ.ඩී.චන්ද්‍රාවතී නැමැති 66 හැවිරිදි දෙදරු මවකි. ඇගේ මළ සිරුර පොලිසියට හමු වී ඇත්තේ නිවසින් පිටත, නිවස වටකර තිබූ තාප්පය අසල තිබීයදීය

මේ අනුව මෙම කාන්තාව ඝාතනය කිරීමෙන් පසු ඇගේ සිරුර වෙනත් තැනකට රැගෙන යන්නට උත්සහ දරා කිසියම් හේතුවක් නිසා මළ සිරුර තාප්පය අසල දමා ගොස් ඇද්දැයි පළමු සැකය වෙනවා

කොළ පාට ලේ ඇති මිනිසෙක්...

ශල්‍යාගාරයේදී තම කන්ඩායම විසින් ශල්‍යකර්මයට භාජනය කල රෝගියාගෙන් තද කොළ පැහැති රුධිරය වහනය වනු දුටු වෛද්‍යවරුන් පිරිසක් විමතියට පත්වූ පුවතක් කැනඩාවෙන් වාර්තා වෙනවා.

80 දශකයේ ජනපි‍්‍රයත්වයට පත් රූපවාහිනි මාලා නාටකයක් වූ ස්ටාර් ටෙ‍්‍රක් ටෙලි නාට්‍යය යලි සිහිගන්වන මෙම අසාමාන්‍ය සිදුවීමට ලක්වී ඇති 42 හැවිරිදි පුද්ගලයා ඉරුවාරදයට දිගු කාලයක් පුරා ලබාගත් ඖෂධයක් හේතුවෙන් ඔහුගේ රුධිරය මෙම අසාමාන්‍ය වර්ණ වෙනසට ලක්වී ඇතැයි වෛද්‍යවරුන් අනුමාන කරනවා.

ගුරුවරයා සිසුවිය දුෂණය කර වීඩියෝ කරලා, ලක්‍ෂ පහකුත් ඉල්ලලා..

පේ‍්‍රම සම්බන්ධයක් පවත්වා ඇයව රවට්ටලා...

ලක්‍ෂ පහක් නැත්තම් ෆේස් බුක් දානවා කියලා...

තිලාන් සේනානී රූපසිංහ නැමැති ටියුෂන් ගුරුවරයා ගම්පහ ප‍්‍රදේශයේ ප‍්‍රධාන බාලිකා විදුහලක 13 වන වසරේ සිසුවියක දුෂණය කර එහි දර්ශණ වීඩියෝගත කර ඒවා අන්තර්ජාලයේ ප‍්‍රසිද්ධ කරන බවට එම සිසුවිය තර්ජනය කර තිබෙනවා.

එය නතර කිරීමට නම් රුපියල් ලක්‍ෂ පහක කප්පම් මුදලක් ඉල්ලා ඇති එම තිලාන් සේනානී රූපසිංහ නැමැති ටියුෂණ් ගුරුවරයා ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ලබන 05 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා..

මෙම සිසුවිය ගුරුවරයා සමඟ පේ‍්‍රම සම්බන්ධයක්

කෙල්ලන් තුනයි, කොල්ලන් දෙකයි.. තවත් පස් නිවුන් දරු උපතක්..

කොළඹ පෞද්ගලික රෝහලකදී අද පෙරවරුවේ පස් නිවුන් දරු උපතක් සිදුව ඇතැයි වාර්තා වේ.

මොවුන් අතරින් තිදෙනෙක්

රාජ්‍ය භාෂා කොමසාරිස් ධුරය ස්ත්‍රී දූෂකයෙකුට...

රජයට පරිවර්තන සැපයීම, රාජ්‍ය නිලධාරීන්ගේ භාෂා කුසලතා වැඩි දියුණු කිරීම සහ පාරිභාෂිත ශබ්ද මාලා, භාෂා පෙළපොත් සහ ශබ්ද කෝෂ පිළියෙල කිරීම ආදී කටයුතු වලට 1958 දී පිහිටවනු ලැබූ  රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ධුරයට මේ තාක් පත් කරනු ලැබුවේ ප්‍රවීණ විද්වතුන් නමුත් සියලුම සම්ප්‍රදායන් කඩා බිඳ දමමින් රාජ්‍ය භාෂා කොමසාරිස් ධුරයට නමගිය බේබද්දෙකු සහ  ස්ත්‍රී  දූෂකයෙකු පත් කොට තිබේ.  

මෙසේ පත්වීම් ලැබුවේ ජේ . ඩී. සී ජයසිංහ  ( ජාවිගොඩගේ දොන් චාල්ස් ජයසිංහ)  නොහොත්  මුද්දරගම කුකුල් චාලි නමැති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ගරුත්වය සහමුලින්ම පහත හෙලන ලද දේශපාලන බත් ගොට්ටේකි. 

කහවත්ත යලි කැළඹෙයි, තවත් කාන්තාවක් ඝාතනය වෙයි

සොල්දාදුවන්ට ප්‍රතිකාර කිරීමට තිබු ප්‍රතිකාර ඒකකයත් වහලා දාලාලු...

කහවත්ත, කොටකෙතන, වරාපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ තිබී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ අවුරුදු 60 ක පමණ වූ කාන්තාවකගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.

ඊයේ පස්වරුවේ මෙම ඝාතකව සිදුව ඇති අතර වරාපිටිය ප්‍රදේශය පදිංචි චන්ද්‍රාවතී නැමැති මෙලෙස ඝාතනය වී තිබෙනවා.ඇයගේ පුත්‍රයා නිවසට පැමිණෙන අවස්ථාවේ මව මියගොස් සිටිනු දැක ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සදහන් කරනවා.

මීට ඉහතද කොටකෙතන ප‍්‍රදේශයේදී ඝාතන කිහිපයක්ම සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකැකරුවන් කිහිප දෙනෙක්ම රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටිනවා.

අද ඉඳන් රේඩියෝ එක මෙන්න මෙහෙම ටියුන් කරන්න

අද සිට ගුවන් විදුලි නාලිකා අලුත් මුහුණුවරකින්....

ගුවන් විදුලි නාලිකා රට වටා විකාශය කිරීමේදී භාවිතා කරන විවිධ සංඛ්‍යාත වෙනුවට එක නාලිකාවක් සඳහා දිවයිනටම එකම සංඛ්‍යාතයක් ලබාදීමට ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

සංඛ්‍යාත 87 සිට 107 දක්වා පරාසය තුල දැනට ගුවන්විදුලි නාලිකා 43 ක් ක්‍රියාත්මක වන අතර එම හේතුවෙන් ඇතැම් පළාත්වලට කිසිදු නාලිකාවක් හරියාකාරව ශ්‍රවනයනොවීම මෙයට හේතුව ලෙස සඳහන් කොට තිබෙනවා.