Ads 468x60px

.

මහ දවල් මහ සෙනගක් මැද ගාල්ල ඩික්මන් හන්දියේ සිද්ද උන මිනීමැරුම..

මන්නාවලින් ඔහුගේ අතක් සහ කකුලක් වෙන් වන්නට කපා දමලා ...

අවට ජනතාව ඒදෙස බලා සිටියත් කිසිවක් කරන්නට කිසිවෙකු ඉදිරිපත් වී නෑ..

යතුරු පැදියක ආ පුද්ගලයෙකුව ලූහුබැඳ ආ වෑන් රථයක සිටි පිරිසක් ඔහුව හප්පා බිම වැටුණ පසු තියුණු ආයුධ වලින් අත් පා කෑලි කැපීයන සේ කපාකොටා පළාගොස් තිබුනා. 

ඒ අවස්ථාවේ පුද්ගලයා මිය නොගොස් හොඳ සිහියෙන් සිටියත් කැඩුණු අත් පා නැතිව අමාරුවෙන් වටපිට බලමින් නැගිටින්නට හදද්දී පොලිස් නිලධාරීන් හෝ මහජනයා ඔහුට උදව් කරන්නට පැමිණ නැත.

පසුව ඇම්බියුලන්ස් රථයක් එතැනට ගෙනවිත් ඔහුව රැගෙන ගියත් අතරමගදී ඔහුව මරුමුවට පත්ව තිබෙ
නවා.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ගාල්ල, දංගෙදර පදිංචි ව්‍යාපාරිකයකු සහ දේශපාලන සම්බන්ධකම් තිඛෙන කුමාර සෙනෙවිරත්න නැමැති අයෙකු බව පැවසෙනවා.


කාශ්‍යප රජුගේ ඔටුන්න ගන්න සීගිරියේ මාලිගාකන්ද පුපුරවලා...

මාලිගාකන්ද ගලේ අඩි අටක් පමණ ගැඹුරු අඩි දහයක් පමණ පළල ආවාටයක්..

ජෙලග්නයිට් කූරු යොදා ගල පුපුරවලා...


සීගිරිය, ආලකමන්දාවට දකුණු දෙසින් පිහිටි මාලිගාකන්දේ දැවැන්ත ගලක් පුපුරවමින් කාශ්‍යප රජුන්ගේ මැණික් එබ්බ වූ රන් ඔටුන්න ලබා ගැනීමට නිධන් හෑරූ සැකකරුවකු සීගිරිය සහ මින්නේරිය වනජීවි සහ සිවිල් ආරක්ෂක භටයින් විසින් අද (02) අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.තවත් සැකකරුවන් පස් දෙනෙක් වන නිලධාරීන්ගෙන් බේරී පළා ගොස් තිබෙනවා.

මෙම ස්ථානය පිහිටා ඇත්තේ ආලකමන්දාවට දකුණු දෙසින් කිලෝ මීටර් 04ක් පමණ දුරින් ඝන වනාන්තරයක් මැද්දේය. මීට දින කිහිපයකට පෙර සීගිරිය සහ මින්නේරිය වනජීවි නිලධාරීන්ට මාලිගාකන්දේ යම් ස්ථානයක පිරිසක් නිධන් හාරමින් සිටින බවට තොරතුරු ලැබී තිබෙනවා.

මිනිස් බසින් කතා කරන ඇතෙක්...

හෙලෝ, නෑ, ඉඳගන්න, ඇලවෙන්න හා හොඳයි වචන හොඳින් කතා කරනවලු

මේ ඇතාගේ නම කොෂික්...

මිනිස් බසින් කතා කරන ඇතෙකු පිළිබඳ පුවතක් දකුණු කොරියාවෙන් වාර්තා වෙනවා.

මෙම අපූරු හැසිරීම් රටාව ඉදිරිපත් කර ඇත්තේ දකුණු කොරියාවේ එවර්ලන්ඞ් සත්ත්ව උද්‍යානයේ
වෙසෙන කොෂික් නම් ඇතාය.

හොඬවැල සිය මුව තුළට ගැනීමෙන් මිනිස් හඬ ට සමාන හඬක් නැගීමට මෙම ඇතා සමත් බව විදෙස් වාර්තා වල දැක්වෙනවා.

කොෂික් ගේ මෙම අසාමාන්‍ය භාෂා හැකියාව පිළිබඳව සිදුකරන ලද පර්යේෂණයක් මේ වන විට ’කරන්ට් බයොලොජි’ නම් සඟරාවක පළ කර තිබෙනවා.

ලෝකල් ඇඩ් ක්ලික් වලට මොකද වෙන්නේ...

ලක්ෂ ගණන් වැය කල පුද්ගලයන්ට සත පහක්වත් ලැබී නෑ...

සිව්දෙනෙකු අත්අඩංගුවට...

ලෝකල් ඇඩ් ක්ලික්වෙබ් අඩවියේ පවසන අන්දමට $500 (ලංකා මුදලින් රුපියල් 60000 පමණ) ගෙවා ලියාපදිංචි විය යුතු අතර එම වෙබ් අඩවිය විසින් සතියකට $50 වැඩ ලබාදීමක් සිදුකරනු ලබන බව පවසයි. (මෙම සතියේ ගෙවීම සිදුකරනු ලබන්නේ වෙබ් බැනර් 5 ක් නැරඹීම සඳහාය).


පසුගිය මැයි මාසය අප පල කල ලිපිය මගින් පැහැදිලිවම පෙන්වා දුන්නේ මෙය පිරමිඩ ක්‍රමයක් බවත් මුලින් එකතුවන්නන්ගේ මඩිය තදකොට අවසානයේ එකතුවුවන් හට කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන තත්වයට පත්වන බවයි. 

මාධ්‍යයට රහසක් වූ ඊයේ (1) කොළඹ සිදුවූ පස් නිවුන් දරු උපත...

කොළඹ පෞද්ගලික රෝහලකදී ඊයේ පෙරවරුවේ පස් නිවුන් දරු උපතක් සිදුවූ පුවතක් අප ඔබ වෙත ගෙන ආවා.

මොවුන් අතරින් තිදෙනෙක් ගැහැණු දරුවන් වන අතර දෙදෙනෙක් පිරිමි දරුවන්ය.

මීරිගම ගනේගොඩ ත්‍රිරෝද රියක්‌ දුම්රියේ හැපේ - තරුණයෝ දෙදෙනෙක්‌ අවසන් ගමනේ...

හූ හඬ දීගෙන නුවර සිට ශීඝ්‍රගාමී දුම්රිය ආවා...

වීල් එක නැවතුණා. මම කෑ ගහගෙන පැන්නා.

මා ඇදගෙන වැටුණා. මට එපමණයි මතක....

ඊයේ (1 දා) උදැසන මීරිගම ගනේගොඩ දුම්රිය හරස්‌ මාර්ගයේදී ත්‍රිරෝද රථයක්‌ දුම්රියේ ගැටීමෙන් තරුණයන් දෙදෙනකු මියගොස්‌ එක්‌ අයෙකුගේ ජීවිතය බේරී තිබුනා. මියගොස්‌ සිටින්නේ මරදගහමුල හුණුමුල්ලේ පදිංචිව සිටි ජනක සම්පත් (28) හා කේ. ඒ. එස්‌. වීරසිංහ (38) නමැති දෙදෙනායි. 

පස්‌යාල ඇල්ලී ආයතනයේ සේවය කරන මේ තිදෙනා උදැසන වීරසිංහ නමැති අයට අයත් ත්‍රිරෝද රථයෙන් රැකියාවට යමින් සිටියදී මෙම අනතුරට ලක්‌වී තිබෙනවා

නුවර කොළඹ නගරාන්තර දුම්රියේ ගැටුණු ත්‍රිරෝද රථය මීටර් 100 ක්‌ පමණ දුරට උඩින් ගොස්‌ වැටී ඇති අතර එහි සිටි තරුණයෝ දෙදෙනකු එතනම මියගොස්‌ තිබෙනවා. අනෙකා දිවිගලවාගෙන තිබෙනවා

සුසන්තිකා අතුරුදන්..?

ඇයගේ ජංගම දුරකථනය ද ඊයේ දිනයේ විසන්ධි වෙලා...

සම්මන්ත්‍රණයට සහභාගි වීම ඊයේ මධ්‍යහ්නය වන තුරුම කිසිදු දැනුම් දී නෑ...

ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ අධීක්‍ෂණය ඇතිව ඉන්දුනීසියාවේ පිහිටි ආසියානු මලල ක්‍රීඩා සංවර්ධන මධ්‍යස්‌ථානයේ මෙහෙයවීමෙන් ජකර්තා අගනුවර දැන් ක්‍රියාත්මක (නොවැම්බර් 1 සිට 5 දක්‌වා) ආසියානු කාන්තාවන් සඳහා වූ මලල ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘති සම්මන්ත්‍රණය නියෝජනය කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් නම් කරන ලද එහි උප සභාපතිවරියක්‌ වන ඔලිම්පික්‌ පදක්‌කම්ලාභී සුසන්තිකා ජයසිංහ අවසන් මොහොතේ කිසිවකුටත් නොදන්වා සහභාගිවීමෙන් වැළකී ඇති බව අප වෙත වාර්තා වෙනවා.

මෙම සම්මන්ත්‍රණයට සහභාගි වීම හෝ නොවීම සම්බන්ධව සුසන්තිකා ජයසිංහ ඊයේ මධ්‍යහ්නය වන තුරුම කිසිදු දැනුම් දීමක්‌ ජකර්තා සංවිධායකයන්ට හෝ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට දැනුම් දී නොතිබිණි. ඇයගේ ජංගම දුරකථනය ද ඊයේ දිනයේ විසන්ධි කර තිබුනා.

වරුණ - කාංචනා වෙඩින් එකෙන් පස්සේ මොකද කරන්නේ...

කාංචනා දැක්ක පළමු වතාවේම මට හිතුනා...
හැම දේකටම මගේ කාංචනා මට ශක්තියක්...

කවදා හරි විවාහ වෙන්නට පෙර ගෙදරක් හදලා වාහනයක් ගන්නවා හිතුවා...

ඔහු සුපිරි තරු පොකුරේ බැබළෙන තරුවක්. තරු අතර දිළෙමින් මියුරු ගී ඔබට තිළිණ කළ ඔහු වරුණ මධුසංඛ. 

කලක් නිහඬව ගත කළ වරුණගේ ජීවිතය දැන් අලුත් සුන්දර වෙනසකට ලක් වෙලා. 

කාංචනා මනෝරි සමඟ අතිනත ගත් වරුණ පසුගිය දා ජීවිතයේ සොඳුරු ගමනේ පියවර තැබුවා. මේ සරසවිය ඒ ගැන කළ පුංචි කතා බහක්.

වරුණගේ ජීවිතයේ සුන්දරතම කඩඉමකට එළැඹුනා නේද ?
ඔව්, ඇත්තටම ගොඩක් සතුටුයි. මම පසුගිය 24 වැනි දා විවාහ දිවියට එළැඹුනා. ඇය කාංචනා මනෝරි. එදාම තවත් සුවිශේෂී කටයුත්තක් සිදු වුණා. මගේ දෙවැනි ගීත එකතුවේ පළමු වැනි ගීතයත් එදා එළි දුටුවා. පසුගිය 25 වැනි දා අපි අපේ නව නිවහනටත් පදිංචියට ආවා.