Ads 468x60px

.

You Tube බැලුව‍ට මේවා දන්නවද..?

ගුගල් යනු ඔබ බොහෝ දෙනා අතර ජනප්‍රිය අන්තර්ජාලයේ ලොව පුරා මිලියන ගණනක් භාවිතා කරන අන්තර්ජාල සේවාවන් ලබාදෙන සමාගමකි.

ගුගල් සෙවුම් යන්ත්‍රය, යු ටියුබ්, බ්ලොගර්, ගුගල් ප්ලස් ඔවුන්ගේ වඩාත් ජනප්‍රිය සේවාවන් වේ.

මෙම සියලු සේවාවන් ක්ෂණික ලොව පුරා මිලියන ගණනක් අන්තර්ජාල පරිශීලකයන් වෙත ලබාදීම සඳහා ගුගල් විසින් ලොව පුරා දත්ත මධ්‍ය
ස්ථාන අටක් පවත්වාගෙන යනු ලබනවා.

එහි යු ටියුබ් පිළිබඳව ඔබ නොදත් කරුණු කීපයක් පහතින් ... 

රමණි බර්තොලමියුස්ගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණයේ නොලියවුණ කතාව...

මගේ වාහනය හරවාගෙන ආපහු එන්න හදද්දී රමණි වාහනේ එල්ලිලා ඉන්න ඇති...

වැටෙන සද්දයක් ඇහිලා මම වාහනය නවත්තලා ගිහින් බලද්දී රමණි බිම වැටිලා හිටියා...

අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳව පුහුණුව ලැබූ අධිකරණ වෛද්‍ය විශේෂඥ ආනන්ද සමරසේකර, අධිකරණ වෛද්‍ය ක්‍ෂේත්‍රයේ නිරත වී දැනට දශක තුනකි. 

දීර්ඝ කාලීන සේවා අත්දැකීම් ඇති ඔහු විසින් සිදුකරනු ලැබූ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණ ගණන 12,000කට අධිකය. ඒ අතර රටේ නම ගිය සුපතල අයගේ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණද ඇත. 

මීට පෙර අප විසින් ඉදිරිපත් කළ ගංගොඩවිල සෝම හිමි, ජනප්‍රිය නළු විජය කුමාරතුංග, හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස, හිටපු අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක, ප්‍රවීණ නළු ගාමිණී ෆොන්සේකා, හිටපු අමාත්‍යවරයකු වන ගාමිණී දිසානායක යන අයගේ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණ සිදුකළේ අධිකරණ වෛද්‍ය විශේෂඥ ආනන්ද සමරසේකරය.

1999-2001 වනතුරු ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවේ යුද අපරාධ පිළිබඳව වෝහාරික වෛද්‍ය නිලධාරියකු ලෙස කටයුතු කළ අධිකරණ වෛද්‍ය විශේෂඥ ආනන්ද සමරසේකර 2004-2009 කාලය එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් පරිපාලනය කළ කොසෝවා දේශයේ (යුගොස්ලාවියාව ලෙස පෙර හැඳින්වූ) ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා ලෙස ද කටයුතු කළේය. 


ඒ මහතා වර්තමානයේදී ඔහු කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙයි.

Ramani-2අද අපි ඉදිරිපත් කරන්නේ ඔහු විසින් සිදුකළ තවත් සුවිශේෂී අයකුගේ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණයක තොරතුරු පිළිබඳවය. ඒ ජනප්‍රිය නිළියක වූ රමණි බර්තොලමියුස්ගේ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණය පිළිබඳවය.


රමණි බර්තොලමියුස් ගැන නොදන්නා අය මේ යුගයේ සිටිය හැකි වුවද, “ආජු තපර ලාහිලා” යන ගීතය ගැන නොදන්නා කෙනකු අදටත් සොයාගත නොහැකි තරම්ය. ඒ, එකී ගීතය දශක 2කටත් වැඩි කාලයක් මුළුල්‍ලේ තවමත් ජනප්‍රියත්වයෙන් වැජඹෙන නිසාය. 


උදයන්තිගේ ගෙදරට හොරු පැනලා කියන කතාව ඇත්තද...?

ගෙදරට හොරු පැනලා,  ගෙදර තිබුණු හැමදෙම අරගෙන ගිහින්...

රත්තරං බඩු, සල්ලි, ලැප්ටොප්....?..ලක්ෂ දොළහකටත් වඩා වැඩියිලු...

පුංචි තිරයේ ජනප්‍රිය සම්මානනීය නිළියක වන උදයන්ති කුලතුංගත් පසුගියදා ටෙලි නාට්‍ය ඉතිහාසය තුළ වාර්තාවක් තැබුවා. ඒ දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කරන භව සරණ ටෙලි නාට්‍යයේ රංගනයට එකතුවෙමිනුයි.

උදයන්ති භව සරණ ටෙලි නාට්‍යයේ සුභද්‍රා, සමනලී, මුදිතා , වත්සලා සහ අවතාරයක් ලෙසින් චරිත පහක් රඟපානවා. ඒ වගේම එම ටෙලි නාට්‍යය භව තරණ ලෙසින් සිනමාවටත් නැගුණා. 

එහිදී ඇය එම චරිත 5 ම රඟපාමින් මාලිනීගේ වාර්තාව සම කළා. තමන් රඟපාන කවර චරිතයටත් සාධාරණය ඉටුකරන නිළියක් ලෙස ප්‍රකට උදයන්තිගේ රංගන ජීවිතයේ මේ සුවිශේෂ අවස්ථාව ගැන වගේම ඇගේ ජීවිතයෙහි නවතම තොරතුරුත් දැනගන්න අපි උදයන්ති කුලතුංගට කතා කළා.

මේ ඇයගේ හඬින්...

එකවර 1000 කට කම් සැප විදිය හැකි ගණිකා නිවාසයක්

දැවැන්ත ගණිකා නිවාසය පිහිටා ඇති ස්ථානය දැන්ම කියන්න බෑලු...

යුරෝපයේ විශාලතම ගණිකා නිවාසය ඔස්ටි‍්‍රයාවේ ආරම්භ කිරීමට එරට ව්‍යාපාරිකයෙකු සැරසෙන බව වාර්තා වෙනවා.

ඔස්ටි‍්‍රයාවේ වියනා නගර මධ්‍යයේ ආරම්භ කිරීමට නියමිත මෙම ගණිකා නිවාසය නිදන කාමර 147 කින් සමන්විත වන අතර ගණිකා වෘත්තියේ යෙදෙන තරුණියන් 150 කගේ සේවය ලබාගැනීමට මෙහි අයිතිකරු වන පීටර් ලැස්කාරීස් තීරණය කර තිබෙනවා. 

මෙය ඇත්තටම ගණිකා නිවාසයක් පමණක්ම නෙවෙයි

අරණකට පෙම් බැඳ හොරාට මුද්‍රණය කරලා...

චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මහත්මිය විසින් පරිවර්තනය කරන ලද විභුතීභූෂණ බන්දෝපාධ්‍ය නම් බංගලි කතුවරයාගේ අරණකට පෙම් බැඳ නමැති ග්‍රන්ථය  කතෘභාග කිසිවක්  නොගෙවමින් පසුගිය දෙවසර පුරා වංචනිකව මුද්‍රණය කොට පාඨකයන්ට විකුණා ඇති බව වාර්තා වෙනවා.

අරණකට පෙම් බැඳ නමැති ග්‍රන්ථය සිංහල පාඨකයන් අතර මහත් සේ ජනප්‍රිය  වූ අතර මේ වන විට ඉතා විශාල  පිරිසක් මේ පොත මිලදී ගෙන තිබෙනවා. 

මෙම ජනප්‍රිය ග්‍රන්ථයේ කතුවරිය වූ චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මහත්මිය 2000 වසරේ මිය ගියාය. ඇයගේ මරණින් පසු ඇය විසින් ලියන මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය වැනි කෘතීන් පවා මෙසේ වංචා සහගතව විකුණා තිබෙන බව හෙළි වෙනවා.

පසුගියදා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී විකිණීම සඳහා  කතුවරයාගේ  කිසිදු ඥාතියෙකුගේ අවසරයකින් හෝ  අනුදැනුමකින් තොරව අරණකට පෙම් බැඳ ග්‍රන්ථයෙන් පිටපත් ඉතා විශාල ප්‍රමාණයක් මරදාන ප්‍රදේශයේ මුද්‍රණාලයකදී මුද්‍රණය කොට කෙලින්ම  බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලව වෙත ගෙනගොස් තිබෙනවා. 

ආණ්ඩුවට මඩ ගැසු, කැලුම්,ශානිකා අතේ මාට්‍ටු - ආයතනයෙන් නෙරපයි..!

ආණ්ඩුවට එරෙහිව අසත්‍ය ප්‍රචාරයන් පැතිරවිම හේතුවෙන් නව කළමණාකාරිත්වය විසින් මිරර් වෙබ් අධවියේ කතෘ ලෙස කටයුතු කල කැලුම් ශිවන්ත සහ උප කතෘ ලෙස කටයුතු කල ශානිකා ජයසෙකර වහාම එම තනතුරු වලින් සහ ආයතනයෙන් ඉවත් කර ඇති බව වාර්තා වෙනවා.

අවස්ථා ගණනාවකදිම වත්මන් ජනාධිපතිවරයා ඇතුලු රජයට විවිධ උපක්‍රම භාවිතා කරමින් අන්තර්ජාලය හරහා අසත්‍ය පැතිරවිමට මෙම දෙදෙනා සෘජුවම සම්බන්ධ බවට අනාවරණය විමෙන් පසුව පසුගියදා නව කළමනාකාරිත්වයට පත්වු දුමි ඉන්ටර්නැෂනල් ආයතනය මෙම තින්දුව ගෙන ඇති බව වාර්තා
වෙනවා.

මේ රටට තවත් දේශප්‍රේමී ‘කන්ගැට්ටන් ' අවශ්‍ය කොට තිබේ.

කොළඹ ජාතික කෞතුකාගාරය කඩා    නුගවෙල අදිකාරම්ගේ කඩුව ඇතුළු තවත් කෞතුක භාණ්ඩ 221ක් සොරා ගත බවට පාපොච්ඡාරණය කරන ‘කන්ගැට්ටා’’ සහ එම කතාව සහසුද්දෙන් විශ්වාස කරන දේශප්‍රේමී කන්ගැට්ටන් ඉදිරි කාලයේ තව තවත් මේ පසුගාමී නූගත් ගෝත්‍රික සමාජයට තව තවත් අවශ්‍ය කොට තිබේ.

කටුගේ සොරා සුමාන දෙකෙන් අල්ලන බව කී පොලිස් නිලධාරියා සහ පිරිස මුලින්ම   ස්‌ටැන්ලි ලියනගේ නම් කලාභවනේ ආරක්‍ෂක ස්‌ථාන භාර නිලධාරියා අත්අඩංගුවට ගෙන ඔහුගේ ඇටකටු  තලා   "කටුගේ කඩුව උඹ ගත්තා කියපන්. එතකොට මේ කරදර ඔක්‌කොම ඉවරයි. අපි උඹේ පරම්පරා හතක්‌ බලාගන්නම්" යැයි පැවසිය. 

නමුත්  දේශප්‍රේමී ‘කන්ගැට්ටෙකු වීමට අකමැති වූ ස්ටැන්ලි එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය. ඉන්පසු පොලිසිය හොඳම විසඳුමට ගියේය. කොහේ හෝ මුල්ල  සිටි සික් එක හැදුනු  කුඩ්ඩෙකු අල්ලාගෙන ඌට නොමිලේ හෙරොයින් පැකට් එකක් දී කඩුව හොරකම් කලේ මමයි කියන්නට කීවේය.    

හෙරොයින් ෂොට් එකට ඕනෑම පාපොච්ඡාරණයක් අපේ මහත්තයා  වෙනුවෙන්  කීමට ලෑස්තිව සිට කුඩ්ඩා මෙසේ කීවේය.

ගාල්ල ඩික්මන් හන්දියේ කුමාර මැරූ පලිය ගත් හැටි..

මරණයට හේතුව ලක්ෂ පහක් පමණ වටිනා රත්රන් මාලයක්ලු...

ගාල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක වන මැර කණ්ඩායම් දෙකක් අතර සිද්ධ වන වසර ගණනාවක ගැටුමක් පිලිබඳ අප වාර්තා කරනු ලැබුවා.

එම ලිපිය අප අවසන් කරනු ලැබුවේ පොලිසිය මෙයට මැදිහත් නොවුවහොත් තවත් මෙවැනි මරණ සිදුවිය හැකි බවයි. එසේ කියා වැඩි කලක් ගතවීමට මත්තෙන් තවත් තරුණයන් සිව් දෙනක් වෙඩි තබා ගාල්ල පෝද්දල ප්‍රදේශයේදී සාහසික අන්දමින් මරා දමා තිබෙනවා. 

ඊයේ (04)උදෑසන ගාල්ල,පෝද්දල, බලංගොඩ පාරේ පිහිටි මහසොහොන් බෝක්කුව නමින් හදුන්වන ස්ථානයේ තිබී වෙඩි තබා මරා දමන ලද අනේකපුර පදිංචි ජානක පුෂ්පකුමාර, වැලදෙණිය ප්‍රදේශයේ පදිංචි අමිල නිශාන්ත සහ ජයසේකර මොහොට්ටි‍ගේ ජානක යන තරුණයන්ගේ සිරුරු හමුවී ඇත. අතපය ගැටගසා,දෑස්බැද මෙම ඝාතන සිදුකර තිබෙනවා.

පසුගිය 25 වන දින ගාල්ල ඩික්සන් මංසන්ධියේදී කුමාර සෙනවිරත්න මරා දැමුණු පසු එම ඝාතනයේ වගකීම බාරගෙන පොලිසියට බාර වීමට තැත්කොට ඇත්තේ එලවලු ව්‍යාපාරිකයෙකු වන මොහොට්ටිගේ ජානක නොහොත් තලේබාන් නමින් හදුන්වන පුද්ගලයාය.