Ads 468x60px

.

ලොව ප්‍රීතිමත්ම මිනිසා බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක්

අපි ‍ඕනෑම කෙනෙකුට සතුටින් ඉන්න පුලුවන්...

කරන්න තියන්නේ තියෙන්නේ එක දෙයයි...

උන්වහන්සේගේ මුවග නැගෙන ශාන්ත සිනහවත්, හිමාල කදුවැටිය සිප එන නැවුම් සුළගින් රැළි නැගෙන ගුරු වර්ණයෙන් යුතු සිවුරත් ලෝකයේ සතුටින්ම සිටින පුද්ගලයා සොයාගැනීම සදහා මෙතෙක් සිදුකල පර්යේෂණ අභිභවා ප්‍රංශ ජාතික මැතිව් රිචඩ් භික්ෂුව තෝරා ගැනීමට විද්‍යාඥයන්ට එතරම් අපහසු වන්නට නැත.

භාවනාව තුළ මිනිස් මොළය වෙනසකට භාජනය වන බවත්, එය බර ඉසිලීමෙන් මස්පිඩු වර්ධනය වන්නාක් මෙන්, මිනිසාගේ සතුට වැඩි කරන බවත් උන්වහන්සේ පෙන්වා දෙති. 


"මෙය පර්යේෂණය කිරීමට අතිශය සුන්දර අවස්ථාවක්, භවනාව කියන්නේ, අඹ ගසක් යට සිටීමෙන් ලැබෙන ප්‍රීති ප්‍රමෝදය ඉක්මවා ගිය දෙයක් බව ඉන් අපට ප්‍රත්‍යක්ෂ වෙනවා. 

අගවිනිසුරුවරියට එල්ල වී ඇති දෝෂාභියෝග යෝජනාවේ චෝදනා 14 මෙන්න...

අග විනිසුරු තනි වෙයි, විනිසුරන්ගේ සංගමය පිටුපායි... 

අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ඉදරිපත් වන දෝෂාභියෝගය සම්බන්ධයෙන් කිසිදු අන්දමේ ප්‍රකාශයක් හෝ ක්‍රියා මාර්ගයක් නොගැනීමට විනිසුරුවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

විනිසුරුවරුගේ සංගමය ඊයේ පස්වරුවේ හමු වී පැවැත් වූ විශේෂ රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.

උමයංගනාගෙයි උදයගෙයි දික්කසාදයට හේතුව මෙන්න

පසුගිය මාර්තු මාසයේ සිටම ඔවුන් සිට ඇත්තේ වෙන්වයි...

රැටවත් රූගත කිරීම්වලට උදය මගේ රැකවරණයට එන්නේ නෑ...

ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළි උමයංගනා වික්‍රමසිංහ, දික්කසාදය ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ ඊයේ (05) නඩු පවරා තිබුනා.

ඇය දික්කසාදය ඉල්ලමින් දක්වා තිබුණේ තමාට සැමියාගෙන් හිමිවිය යුතු ආදරය හා රැකවරණය නොලැබෙන බවයි.

එමෙන්ම තමා නිළියක් හෙයින් දුරබැහැර ප්‍රදේශවල රූගත කිරීම් මෙන්ම රාත්‍රී කාලයන්හි පවා රූගත කිරීම්වල යෙදෙද්දී තමාගේ රැකවරණය සඳහා සැමියා වන උයද කුමාර පතිරණගේ නොපැමිණෙන බවත් ඒ සෑම අවස්ථාවකම තමන්ගේ ළඟින් සිටින්නේ තම පියා බවත් උමයංගනා වික්‍රමසිංහ දක්වා තිබෙනවා.

දෙසැම්බර් මාසයට පමණක් සංචාරක නිවහන් තිස්හය වතාවක් නොමිලේ බුක් කල නියෝජ්‍ය ඇමැති...

රුපියල් ලක්‌ෂ ගණනක ආදායමක්‌ වතුරේ...
සංචාරකන්ගෙන් වනජීවී සංරක්‌ෂණයට දෝෂාරෝපණ...

යාල, විල්පත්තුව, උඩවලව සහ හෝර්ටන් තැන්න වනෝද්‍යානවල ඇති සංචාරක නිවහන්වලට වැඩිම ඉල්ලුම ඇති දෙසැම්බර් මාසයේදී වනජීවී හා ගොවිජන සේවා නියෝජ්‍ය ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන මහතාගේ නමින් 36 වතාවක්‌ නොමිලේ වෙන්කරවා ගෙන ඇතැයි වාර්තා වෙනවා. 

මෙම වාර 36 සිදුකර ඇත්තේ විල්පත්තුව වනෝද්‍යානයේ කොක්‌මොටේ සහ යාල උද්‍යානයේ බුතව යන බංගලා දෙකද අසීමිතව අමාත්‍යංශ නිලධාරීන් වෙත වෙන්කර තිබීමට අමතරවය. 

මේ අනුව වනජීවී දෙපාර්තමේන්තුවට දෙසැම්බර් මාසයේදී ලැබිය යුතු රුපියල් ලක්‌ෂ ගණනක ආදායමක්‌ අහිමි වන බවද උද්‍යාන බංගලා මිලදී ගැනීමට බලාපොරොත්තුව සිටින පරිසර ලෝලීන්ට එම අවස්‌ථාව අහිමි වී ඇතැයිද චෝදනා නැගෙනවා.

ඊයේ (05 දා) මෙම සංචාරක නිවහන් මිලදී ගැනීමට පැමිණ සිටි බොහෝ දෙනකුට මෙනිසා දැඩි අපහසුතාවකට ලක්‌වන්නට සිදුවුනා. ඔවුහු වනජීවී සංරක්‌ෂණයට දෝෂාරෝපණය කරමින් දැඩි අප්‍රසාදයද පළ කළා.


X Files හි ස්කලිගේ ලංකාවේ වළව්වේ හොල්මන් කරන වතු අධිකාරීවරයා...


වතු අධිකාරිවරයා ගේ අවතාරය මහ දවාලේ පවා හොල්මන් කරනවලු...

පුවක් කඩන්නට ගිය පුද්ගලයෙකු දෙකට පැලූණු පුවක් ගසේ දෙබලට ඔහුගේ ලිංගේන්ද්‍රිය අහුවෙලා...

ඔබේසේකර පරපුරට අයත් නිට්ටඹුව පස්යාල නුගේදොල වතුයායේ පිහිටි පිළිමතැන්න වලව්වට ඒ නම ලැබුණේ ද පෞරාණික පිළිම රැසකින් සමන්විත කුඩා කෞතුකාගාරයක් එහි තිබූ නිසාය.

අක්කර එක්දහස් තුන්සිය ගණනක් විශාල වූ නුගේදොල වතු යාය හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂිකර්ම ඇමැතිවරයාගේ ඉඩම් ප‍්‍රතිසංස්කරණ පනතින් අනතුරුව අක්කර පනහකට සීමා විය. 

මෙම අක්කර පනහේ සීමාවට පිළිමතැන්න වලව්වද අයත් වූ අතර එහි හිමිකරු වූයේ හිල්ඩා ඔබේසේකර මැතිණියගේ හා අධිකරණ විනිසුරු පෝල් ඊ. පීරිස් මහතාගේ පුත‍්‍රයා වූ ජස්ටින් පීරිස්ය. අනතුරුව මීට වසර කිහිපයකට පෙර මෙම වලව්ව මිලදී ගත්තේ සුප‍්‍රකට ඇමරිකානු නිළියක වන ගිලියන් ඇන්ඩ‍්‍රසන්ය.

කූඩා දරුවන් දෙදෙනෙක් රිය අනතූරකින් බේරාගත් බැල්ලියට සැත්කමක්...

පශූ වෛද්‍යවරු පිරිසක් ඩොලර් වීසිදහසක අරමුදලක් ඇති කරලා..

කබාන්ග්  පිලිපිනයේ  මැනිලා නුවර දිළිදු පැලක සිටීන බැල්ලියකි.  

නිවසේ කූඩා දරුවන් දෙදෙනාගේ ජිවීත බිහිසුණු රිය අනතූරකින් බේරා ගැනිමට කබාන්ග්ට හැකි වුවත් ඵහිදි ඇගේ මුහුණේ කොටසක් ඇයට අහිමි වුනා.

පශූවෛද්‍යවරුන් දැඩි පරිශ‍්‍රමයක් දරමින් කබාන්ග්ගේ ජිවීතය ගොඩ ගත්තා. ඇගේ මෙම වීර ක‍්‍රියාව ඵක් වෛද්‍යවරයෙකූ වීසින් අන්තර් ජාලයට මුදාහැරිමත් සමග ඇමරිකා පශූ වෛද්‍යවරු පිරිසක් ඩොලර් වීසිදහසක(රුපියල් 264000) අරමුදලක් ඇති කලා.බැල්ලියට සැත්කමක් කිරිමට ඉදිරිපත් වුනා.

රියෑලිටි වැඩසටහන්වලින් දමිතාට පොලු තියලා..

රියෑලිටි වලින් තවමත් දමිතලාට මුදල් ගෙවලා නැතිලු...

ආයෙමත් රියෑලිටි වලට සම්බන්ධවෙන්නේ නැහැලු...

දමිතා අබේරත්න මේ දවස්‌වල විදෙස්‌ සංචාර කිහිපයකට සූදානම් වෙනවලු. කොරියාව, කැනඩාව, ඕමාන්, කුවේට්‌ කියන රටවල පැවැත්වෙන ප්‍රසංග කිහිපයකට සහභාගිවෙන්න යනවා කියලයි ආරංචිය. 

ඔය අතරේ ගීත දෙකතුත් එළිදක්‌වන්න සූදානමින් ඉන්නවලු. මේ වැඩ කළාට හරියන්නෙම නැහැනේ. අනාගතය ගැනත් හිතන්න එපායෑ. ඒ හින්දා ළඟදීම විවාහ ගිවිසගැනීමත් සිදුකරන්න යනවා කියලයි අපට නම් දැනගන්න ලැබුණේ.

ඇය ඉදිරියේදී නම් රියෑලිටි වැඩසටහන්වලට සම්බන්ධවෙන්නේ නැතිලු. ඒ වෙන හේතුවක්‌ නිසා නම් නෙමෙයි රියෑලිටි වැඩසටහන් කරන පිරිස්‌ ප්‍රසිද්ධ කලාකරුවන්ව යොදාගෙන ඒ වැඩසටහන ප්‍රසිද්ධ කරගෙන තමන්ට හිමි නිසි මුදලවත් ගෙවන්නේ නැතිලු.