Ads 468x60px

.

සන්ධාන ආණ්ඩුවේ අටවැනි අයවැය සාරාංශය - 2013


ගෙන්වන වාහන බදු 10%-20% දක්වා ඉහලට...

මෝටර් රථ ආදයම් බලපත්‍ර ගාස්තුව ඉහලට...

2013 වසරේ සිට රුපියල් 1500ක රජයේ සේවකයන් සඳහා ජීවන වියදම් දීමනාවක් ලබාදීමට මෙවර අයවැයෙන් යෝජනා වී තිබෙනවා .

විශ්‍රාමිකයින්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් රුපියල් 500 කින් වැඩි කිරීමටත් අවුරුදු 65ට වැඩි ස්ථීර ආදායමක් නැති ජූලි වර්ජකයින් සඳහා සඳහා රුපියල් 5000ක මුදලක් ලබාදීමටත් අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ අටවැනි අය-වැය මේ මොහොතේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.

දැනට ප්‍රකාශිත එහි සාරාංශය මෙසේය.

ඈතින් බලා රාජසිංහ රජුගේ බිසවකගෙන් පැවත එන කෙනෙක් දැයි බලන ක්‍රමයක් සූරියප්පෙරුම සොයාගනී

මම දන්නවා රජ්ජුරුවෝ මිදුල මැදින් ගිහින් තියනවා කියළා...

ජේ ආර් පී සූරියප්පෙරුම මහතා අලුතින් පුවත් මවන්නන් අතරට දැන් දැන් එකතු වී තිබෙන හැඩක් දකින්නට තිබෙනවා.

ඔහු විසින් පසුගියදා මහනුවර ප්‍රදේශයේදී කල කතාවකුත් පාලිමේන්තුවේදී වයසට නොහොබිනා හැසිරීමකුත් ප්‍රදර්ශනය කල
අයුරු අපට දැනගන්නට ලැබුනා.
 
එම කතාවල කොටස් කීපයක්‌ අපගේ රසිකයෙක් අප වෙත ඒවා තිබුනා. එහි ව්‍යාංජන වලට එක්කරනා තුන-පහ ගැන කාන්තාවන්ට ඉගැන්වීමට ගොස් ඔහුට ඒවා අමතක වී තිබුණේ අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයාට කවිපද අමතකවූ ආකාරයටමයි.

එම කතාව පහතින්..

යූටියුබ් හි වැඩිම පිරිසක් නරඹූ ගැන්ග්නම් නර්තනය ඔබාමා හා රොම්නි නටපු හැටි..

ලොව පුරා පැතිර යන ගැන්ග්නම් නර්තනය බොහෝ දෙනා අනුකරණය කරන අතර ලංකාවේ තරුණයන් හා බැන් කි මූන් ද එම නර්තනයේ යෙදෙන අයුරු මීට පෙර ඔබ දකින්නට ඇති.

දකුණු කොරියානු රැප් ගායක PSYගේ එම නර්තනය යූටියුබ් හි වැඩිම පිරිසක් නරඹූ 11 වෙනි තැනට තිබූ අතර මේ වනවිට එය මිලියන 668ක් නරඹා යූටියුබ් හි දෙවන තැනට පත්වී තිබෙන්නේ මාස 4කටත් අඩු කාලයකදීය.

එය දෙවැනි වන්නේ මිලියන 797ක් නරඹා ඇති Justin Bieber ගේ Baby ft. Ludacris ගීතයට පමණි.


ඊයේ අවසන් වූ ඇමරිකානු ජනාධිපතිවරනය සමයේ බැරක් ඔබාමා හා මිට් රොම්නි සිය බිරිඳ සමඟ එම නර්තනයේ යෙදෙන බව හැඟවෙන අයුරින් නිර්මානය කළ වීඩියෝද ජනප්‍රියත්වයට පත්වෙමින් තිබෙනවා.


බැරක් ඔබාමාගේ ගැන්ග්නම් නර්තනය පහතින්.


වෙබ් පිටුවක තිබුණා මං චන්නව ඊළඟ ආත්මයේ පතන්නේ නැහැයි කියලා - ගයාත්‍රි

තවමත් එදා වගේම දෙන්නා හරිම ආදරයෙන් ඉන්නේ...

මෙයා ඉතින් එයාගේ චිත්‍රපටවලට මාව ගන්නේ නැහැනේ...
 
මං කොච්චර චාන්ස් ඉල්ලුවත් ‘නෝ චාන්ස්’

ලංකාවේ ජනප්‍රිය නළු නිළි යුවළක් වන චන්න,ගයාත්‍රි දෙපොළ විවාහ වී මේ වන විට වසර පහළොවක් පමණ ඉක්ම වී ගොසිනි. 

ඒ කාලය අතරතුදී මේ යුවළ තරම් කටකතා වලින් බැටකෑ තවත් දෙදෙනෙකු අප කලා ක්ෂේත්‍රයේ ඇත්දැයි සැකසහිතය.කෙසේ නමුත් ඒවායින් නොසැලී අචල විශ්වාසයෙන් බැඳී අද වනතුරුත් ඔවුන් ගත කරන්නේ සුන්දරත්වයෙන් හෙබි පවුල් ජීවිතයකි.

මේ ඔවුන් හමු වී අලුත් විස්තර කතා කරන වෙලාවයි.

ගූගල් සෙවුම් පිටුව අළුත් වෙලා..?

ලොවපුරා බිලියන ගණනක් ජනතාව අතර ජනපි‍්‍රය ගූගල් සෙවුම් පිටුව (google search page) වෙනස් කිරීමකට ලක්වන බව විදෙස් වාර්තා වල දැක්වෙනවා.

මේ අනුව, කලින් ගූගල් සෙවුම් පිටුවේ වම් පසින් තිබූ ගූගල් සෙවුම් වඩාත් කාර්යක්ෂම කරගැනීමට ඇති උපාංග (filter menu) පිටුවේ උඩ කොටසට දමා ඇතැයි පැව
සෙනවා.

මෙම නව පිටුව වඩාත් සරල බවින් හා ඉඩකඩ ප‍්‍රමාණයෙන් වැඩි බව ගූගල් සර්ච් හි ප‍්‍රධාන නිර්මාණ ශිල්පී ජොන් වයිලි බ්ලොග් අඩවියක් ඔස්සේ පව
සනවා.

මාස 6යි දින 10කින් මෙලොව එළිය ලැබූ සුපිපි දෙව්මිණි

රාත්‍රී දහයට විතර මට ඇඟේ 
වෙනසක් දැනුණා...

මට ලොකු බයකුත් දැනුණා...
මං ඒ ගැන මහත්තයට කිව්වා...

ශ්‍රී ලංකා වෛද්‍ය ඉතිහාසයේ දුර්ලභ අවස්ථාවක් සනිටුහන් කරමින් පසුගිය ජූලි 08 සුපිපි දෙව්මිණි දියණිය මහියංගණ මූලික රෝහ‍ලේ දී උපත ලැබුවාය. 

ඒ අප රටේ වෛද්‍ය ඉතිහාසයේ නව පිටුවක් ද පෙරළමිනි. සුපිපි දෙම්මිණි උපත ලබා ඇත්තේ මාස 06 යි දින 10 ක් වැනි අඩු දින සංඛ්‍යාවකිනි. ඇගේ උපත් බර සටහන් වූයේ ග්‍රෑම් 820 වශයෙනි.
 
මේ වගේ රෝහලක අඩු පහසුකම් සහිතව මේ වගේ කටයුත්තක් කරන්න පුළුවන් කාර්ය මණ්ඩලයක් සිටිනවා කියන එක ඇත්තටම ආඩම්බරයට කාරණයක්. මගේ සේවා කාලය තුළ මේ වගේ අත්දැකීමක් ලැබි නෑ”. මූලික රෝහ‍ලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහ මහතා එසේ පවස
නවා.

කොල්ලකු දිහා බැලුවයි පියා දුවට ඇසිඞ් ගහලා මරයි..

තරුණයා හා මියගිය තරුණිය අතර ප්‍රේම සම්බන්ධයක්...

සිය දියණිය තරුණයෙකු දෙස බැලීම නිසා ඇයව ඇසිඩ් ගසා මරා දැමූවේයැයි සැකපිට ඇයගේ දෙමව්පියෝ පාකිස්තාන පොලීසියෙන් අත්අඩංගුවට අරන් තියෙනවා.

බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය හා පැවැති සාකච්ඡාවකදී දැරියගේ පියා පවසා ඇත්තේ මෝටර බයිසිකලයක ගමන් කළ තරුණයෙක් දෙස සිය දියණිය හැරී බලනු තමන් දුටු බවයි

පසුව ඇගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ඇය තමන් නොදැනුවත්වම එම තරුණයා දෙස බැලු බවත් නැවත එවැන්නක් නොකරන බවත් පැවැසූවද එය විශ්වාස නොකළ තමා ඇයට ඇසිඩ් ගැසූ බව ඔහු කියා තිබේ. 

පියාගේ විශ්වාසයට අනුව ඔහුගේ දියණිය මෙසේ මරණයට පත්වීම ඇගේ දෛවයයි. පාකිස්තාන බළධාරීන් සදහන් කරන ආකාරයට එම තරුණයා හා මියගිය තරුණිය අතර ප්‍රේම සම්බන්ධයක්ද තිබී ඇත.