Ads 468x60px

.

Face book එකෙන් ආදරයේ උණුසුම සොයා ගිය අමන්දා ජීවිතයෙන් වන්දි ගෙවූ හැටි...


ඇගේ නිරුවත් ළැම සහිත රූප රාමු වීඩියෝ ගත කරලා...

ඇගේ නිරුවත් රූප ඇගේ ප්‍රදේශයේත් පාසල් මිතුරු මිතුරියන් අතරත් බෙදා හැරලා...

අමන්දා ටොඩ් බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ ජීවත් වූ නව යොවුන් සුන්දර යුවතියක්‌. ඇය කාලයක පටන් අන්තර්¨ජාලයේ සයිබර් අවකාශයේ නිදහසේ පියාසර කරන්නේ හරියට පුංචි කිරිල්ලියක වගේ.

ඇය එසේ අන්තර්ජාලයට පිවිසීම ආරම්භ කරන විට ඇගේ වයස අවුරුදු 11 ක්‌. ඒ වනවිටත් ඇය මුහුණු පොතේ (Face book) කැපී පෙනෙන සාමාජිකාවක වී සිටියා.


මුහුණු පොතේ ඒ මේ අත සැරිසරමින් ඇය තමාට ගැළපෙන ආදරවන්ත මුහුණක්‌ ඇත්දැයි සොයා බැලුවා. ඇත්තෙන්ම ඇය සෙව්වේ නෑඹුල් ආදරයක උණුසුම.

දිනක්‌ ඇයට හදිසියේම තමාගේ මනදොළ සපුරා ගැනීමට ලැබුණේ අහම්බෙන් වාගේ. ඈ වෙනුවෙන් මුහුණු පොතේ පෙනී සිටි තරුණයෙක්‌ ඇගේ සුන්දර යොවුන් ලෝකයට ඇතුළු වීමට අවසර ඉල්ලා සිටියා. ඇයට එවේලේ කරන්නට තිබුණේ පරිගණකයේ මවුසයේ වම් පස තීරුවට ඇඟිල්ල තැබීම පමණයි.

මමත් වැරදි කෙනෙකුටයි ආදරය කලේ - කුමුදු ප්‍රියංගිකා

ජීවිතයේ එකම එක වැරදි තීරණයක්‌ අරගෙන තියෙනවා. ඒ ගැන තවමත් පසුතැවෙනවා...

මම කැපිලි කෙටිලිවලට බය නැහැ. ජීවිතයේ අභියෝගවලට බය කෙනෙක්‌ නෙමෙයි...

ආදරණීය පූර්ණිමාහි සලා සලා නෝනා මතකද? නැතිනම් වාසනා වේවාහි ලෝචනා .මේ දිනවල ඇය සිහින තාරකාහි මාධවී ලෙසද, අරුන්දතී හි චින්තා ලෙසින්ද ඔබ හමුවට එනවා. ඇය කුමුදු ප්‍රියංගිකා.කලකට පසු කුමුදු  අපිත් එක්ක මෙලෙස හඬ අවදි කළා.

කුමුදු කොහොමද ඉතිං ?
මේ දවස්‌වල නිදහසේ මගේ වැඩකටයුතු කරගෙන ඉන්නවා.

පසුගිය කාලේ මොනවද කළේ ?
බොහොම මෑතකදී අරුන්දතී ටෙලිනාට්‍යයේ රූගත කිරීම් අවසන් වුණා. ඊට පසුව ඉසුරු අයියාගේ කෙටි නාට්‍යයකට සම්බන්ධ වුණා.

හැමදාම පවුල් ප්‍රශ්නවලට මුහුණ දෙන චරිතද රඟපාන්න සූදානම ?
එහෙම විශේෂයක්‌ නැහැ. මට චරිතයක්‌ ලැබුණහම මුලින්ම බලන්නේ ඒ චරිතය කළුද සුදුද කියලා නෙමෙයි. ඒ චරිතය තුළ මට මොනතරම් දුරට හැකියාවන් ඉදිරියට ගෙනඑන්න පුළුවන්ද කියලා විතරයි. මට ලැබෙන චරිතවල රංගන පරාසය තමයි වැදගත්. ඒක කළු චරිතයක්‌ වුණත් කමක්‌ නැහැ. 

කැබිලිත්ත දේවාලයට යන්න ලඟම පාර මෙන්න...

බුත්තල පාරේ  ගල්ගේ ලඟ ඉඳලා  කිලෝ මීටර 30යි...
කුඹුක්කන් ඔය ලඟ වනජීවී කාර්යාලයකුත්...  

කැබිලිත්ත දේවාලයට යන වන්දනා කරුවන්ගේ පහසුවත් ආරක්ෂාවත් සඳහා නොමිලයේ පිවිසුම් පතක් නිකුත් කිරීමටත් කුඹුක්කන් ඔය අසල වනජීවී කාර්යාලයක් පිහිටුවීමටත් යන බව ඌව පළාත් භාර සහකාර වනජීවී අධ්‍යක්ෂ සිසිර කුමාර ද සිල්වා මහතා කියනවා. 

ඉංගිරියවත්ත දේවාලේ පූසාරියා සෞම්‍යපුරයේ කිරිසප්පයා බිලිගත්තේ මෙහෙමයි...

ආවේසෙන් පොඩිඑකීව අරගෙන අත්දෙකෙන් උස්‌සලා දේවරූපෙ ඉස්‌සරහ කීප සැරයක්‌ හෙලෙව්වා....

එදා රෑ දරුවගේ අතක්‌ ඉදිමුණා. පැය දෙකකින් විතර ඉදිමුම බැස්‌සා... 

පහුවදා උදේ පාන්දර දරුවා ලේ වමනෙ දැම්මා...

පොඩි එකී මියගොස්‌ය. ඒ කිරිසප්පයා මිය යනවිට වයස මාසයකුත් දවසකි. ඇය මිය යන්නේ ඇයගේ සිරුරට අරක්‌ගත්තා යෑයි කියනා මලපෙරේතයෙක්‌ පන්නා දැමීමට කරනු ලැබුවා යෑයි කියනා ශාන්තිකර්මයකින් අනතුරුවය. 

සංජානා මධුෂාණි නමැති මේ ළදැරිය මරා දැමුවාද මැරුණාද, ඒ මරණයට හේතුව අස්‌ථී භංගයක්‌ද, අභ්‍යන්තර අවයවවලට සිදුවූ හානියක්‌ද, එසේ නොවන්නේ නම් වෙනත් අභ්‍යන්තර රුධිර වහනයක්‌ ද යන්න පිළිබඳව අපට වැටහීමක්‌ නැත. 

වගවත්ත පෝරුවදණ්‌ඩ සෞම්‍යපුරයේ ඒ අන්ත දුගී නිවස අභියසදී අපට දැනෙන්නේ එකම එක කාරණාවක්‌ පමණය. එනම් මේ කිරිසප්පයාගේ මරණය එපමණම සරල ලෙස තේරුම් ගැනීම මරණය පිළිබඳව වන සංකල්පයටත් හානිකර බවය. 

මියගිය ළදැරියගේ මව චන්ද්‍රානි තවමත් විසි වයස්‌හි මුල් කාර්තුවේය. ඇයට දෙවසරක්‌ වූ තවත් දියණියක්‌ හිඳී. අන්ත දුර්භෝගම වළදමින් ජීවිතය දියකර හරිනා බව කියෑවෙනා කෙසග සිරුරක්‌ සහිත මේ තරුණ මව වචනයකුදු නොකියයි. ඇය බලාගත් අතම බලාගෙනය. 

පියා විසිපස්‌ හැවිරිදිය. නම රාජේන්ද්‍රන් දර්ශනය. ඔහුට මියගිය දියණිය වෙනුවෙන් ශෝක වෙමින් ගතකරන්නට ඉඩක්‌ නැත. බඩ වියත රැකගැනීමට දිනපතා කරන්නාක්‌ මෙන් හේ කුලියක්‌ සොයාගෙන ගොස්‌ය. 

දළු කැඩීමෙන්ම විඩාපත්ව වයසට ගිය චන්ද්‍රානිගේ මව කාලිඅම්මා ජීවත්වෙමින් ඉන්නා දෙහැවිරිදි දැරිය හා චන්ද්‍රානි සමග නිවසේ උන්නාය. පිහිට සොයාගෙන ගිය දේවාලය හිස මත කඩා වැටී මේ දුගී මිනිසුන්ගේ ජීවිත සියල්ල කුඩුපට්‌ටම් කර ඇති ආකාරය අප බලා ඉන්නේ කම්පනයකිනි.  

කාලිඅම්මා ආයාසයෙන් යුතුව මේ සිදුවීම ගැන අපට කියනා කතාව මෙසේය.

දරුව ඉපදිලා හරියටම මාසයයි දවසයි. ඒකි බොහොම හැඩට පිරිලා හැදිලා උන්නා. දැක්‌කොත් කාටවත් කියන්න බෑ මාසයයි කියලා. දෙයියන්ට කියන්න ඉහෙන් බහින ලෙඩක්‌

ඇල්පිටිය පොලිසියේ මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක මියගියේ ක්‍ෂණික කෝපය නිසාද...


පපුවට වෙඩි තබාගත් මූලස්‌ථාන පොලිස්‌ පරීක්‌ෂකවරයා...

ක්‍ෂණික කෝපය කෙතරම් දුරදිග යන්නේද යන්නට මෙය හොඳ සාක්‌ෂියක්‌ සපයන කතාවකි. ක්‍ෂණික කෝපය සමග ආයුධයක්‌ ද ළඟ තිබුණහොත් එය විනාශයට ඉතා ළඟ උදව්වකි.

බී. ඩී. එල්. එල්. බුදාගොඩ මහතා දක්‌ෂ පොලිස්‌ නිලධාරියෙකි. 

ඔහු නිල බලයට ධන බලයට හිස නොනැමූ නිලධාරියෙකි. නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඔහු අනුගමනය කළේ නීතියම මිස අනෙකක්‌ නොවේ. 

ඔහු සල්ලිකාරයන්ට යට වූ නිලධාරියකු නොවේ. එය ඔහු කලක්‌ සේවය කළ බේරුවල පොලිස්‌ බල ප්‍රදේශයේ ජනතාව දනී.

ඔහුගේ අලුත් රාජකාරි ස්‌ථානය වූයේ ඇල්පිටියයි. ඔහු ඇල්පිටියේ මූලස්‌ථාන පොලිස්‌ පරීක්‌ෂකවරයා විය. බුදාගොඩ මහතා පදිංචිව සිටියේ ඇල්පිටිය පොලිස්‌ නිවාසවලය. එදින ඔහුගේ බිරිඳ ද බිරිඳගේ මව්පියෝද දරුවෝද එම නිල නිවාසයට පැමිණ සිටියහ.

මූලස්‌ථාන පොලිස්‌ පරීක්‌ෂකවරයා එදින රෑ බෝවන තුරු සිටියේ