Ads 468x60px

.

වැලිකඩදී මැරුන මාලන් එක්ක විවාහ වුනු එක ඇත්ත ඒත් ඒක නීත්‍යානුකූල එකක් නෙමෙයි - අනුෂා සොනාලි

එයයි මමයි මැරී කරනකොට එයා මැරී කරලා හිටියේ...

පසුගිය සිකුරාදා වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේදී මියගිය අය අතර මරණීය දණ්ඩනය නියමව සිටි මිනීමැරුම් චූදිතයෙකු වූ මලින්ද නිලේන්ද්‍ර පැල්පොල නොහොත් මාලන් නමැත්තකු සිටියා.

ඔහු ප්‍රකට සිනමා නිළි අනුෂා සොනාලිගේ පෙර විවාහයක ස්වාමි පුරුෂයකු වන බවට විවිධ මාධ්‍ය ඔස්සේ ආරංචි පළවීමෙන් පසුව සිනමා නිළි අනුෂා සොනාලි ඒ ගැන පැහැදිලි පැහැදිලි කිරීමක් කර තිබුනා.

ඇය කියා සිටින්නේ  ඔහු සමග ඇගේ විවාහයක් සිදුව තිබූ බව ඇත්තක් වන නමුත් එය නීත්‍යානුකූල එකක් නොවූ බවයි.

අනුෂා සොනාලි ඒ ගැන පැහැදිලි කර සිටියේ පහත පරිදිය..

ජනපතිට අපහාස කරන්න ගිහින් ජිප්සීස් සුනිල් ගුටිනොකා බේරෙයි...

සිනමන්ඞ් ග‍්‍රෑන්ඞ් හෝටලයේ උත්සවයත් අතරමග නවතී...

ඇතිවූ  සිද්ධියට සුනිල් පෙරේරා සමාව ඉල්ලයි...

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා පසුගිය සිකුරාදා සිනමන්ඞ් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී ජනපතිට ගැයූ ගීයට විරුද්ධව පිරිසක් කෝලහාල කිරීම නිසා උත්සවයක් අතරමග නතර කර තිබෙනවා.

සුනිල් පෙරේරා ජනපතිට පක්‍ෂව මෙන් ගැයූ ගීය ජනාධිපතිතුමා අපහාසයට ලක්කරන බවට චෝදනා කළ උත්සවයට පැමිණි ආරාධිතයන් ඊට විරුද්ධවීමත් සමඟ බහින් බස් වීමක්ද ඇතිව තිබෙනවා.

මෙම බහින් බස් වීම දුර දිග යෑම හේතුවෙන් සුනිල් පෙරේරා මහතා අදාල පාර්ශවයෙන් සමාව අයැද තිබෙනවා.

කෙසේ වෙතත් උත්සවය අලූයම පහන්වන

අම්බලන්ගොඩ තරංගා දවස් දෙකෙන් ඩෙංගු ‍හොඳ කරන බේතක් සොයාගනී...

මම ඒ ගැන කාලයක් තිස්සේ පර්යේෂණ කළා... 

ඒ පරීක්ෂණ සියයට සියයක්ම සාර්ථකයි...

මාරාන්තික ඩෙංගු රෝගය දින දෙකකින් නිට්ටාවටම සුවපත් කළ හැකි ආයූර්වේද ඖෂධයක් තමන් සොයා ගත් බවත්, මේ වනවිට ඉන් ඩෙංගු රෝගීන් සියයක පමණ පිරිසක් සුවපත් කර ඇති බවත් සර්වාංග රෝග ආයූර්වේද වෛද්‍යවරියක වන අම්බලන්ගොඩ තරංගා කුමාරි වික්‍රමසූරිය මෙනෙවිය පවසනවා. 

ඩෙංගු රෝගය සඳහා ඖෂධයක් සොයමින් ඇය පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ වෛද්‍ය සිසුවියක් හැටියට සිටි කාලයේදීය. ගෙවත්තේ වැවෙන ඖෂධ ශාඛ වියලා කුඩුකර මෙම ඖෂධය සාදා තිබෙනවා. 

විජය නන්දසිරිට රිලව් රැලක් නිසා වෙච්ච හදියක්...

ප‍්‍රවීන නළුවෙකු වන විජය නන්දසිරිට රිලව් රැලක් නිසා අකරතැබ්බයක් සිදුව ඇතැයි වාර්තා වෙනවා.

‘දෙයියොත් දන් නෑ’ වේදිකා නාට්‍ය දර්ශනයක් සඳහා සහභාගිවීමට මහනුවර ප‍්‍රදේශයට යමින් සිටියදී විජය නන්දසිරි මේ අකරතැබ්බයට මුහුණදී තිබෙනවා.

ඔවුන් එම නාට්‍ය දර්ශනයට සහභාගිවීමට යමින් සිටියදී නාට්‍ය කණ්ඩායමේ ගිමන් වෙහෙස නිමා ගැනීමට අතර මග හෝටලයක නවත්වා තිබෙනවා.

පසුව එම හෝටලයෙන් සප්පායම්වී නාට්‍ය කණ්ඩායම නැවත ගමන ආරම්භ කිරීමට බසයට නැගීමට පෙර ගසක සිටි රිලව් රංචුවක් පාන් කෑල්ලක් කන දෙස විජය බලා සිට තිබෙනවා.

එතැනට ආ කුමාර තිරිමාදුර දැන් හැදෙන රිලවු කන්නෙත් කුරක්කන් පාන් නේද? යැයි විජයගෙන් විමසා තිබෙනවා. එයට හූ මිටි තැබූ විජය ඒකනේ මුන්

ලන්ඩන් සරසවියේ ආචාර්ය උපාධියක් හිමි විනිසුරුවරිය ගේ චෝදනා විමර්ශනයට අට පාස් විමලේ,

එක වේලකට වියදම් කරන මුදලට පාසල් ළමුන් දස දෙනෙකුට මාසයක් කන්නට පුළුවන්...

ලෝක බැංකුවේ ප්ලග් ගැලවීම, ගුගල් තහනම, කොකාකෝලා තහනම වැනි විහිළු කතා මතකද...

නීතිය පිළිබඳව  ලන්ඩන් සරසවියේ ආචාර්ය උපාධියක් හිමි අග‍්‍රවිනිශ්චයකාර ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ආණ්ඩුව විසින් ඉදිරි පත්කර තිබෙන දෝෂාභියෝගය වෙනුවෙන් චෝදනා විමර්ශනය සඳහා හරි හැටි සාමාන්‍ය පෙළ වත් සමත් නොමැති විමල් විරවංශ වැනි හිටපු ගල් කටස් ත්‍රස්තවාදීයෙකු පත් කිරීම මගින් ශ්‍රී ලංකාව නැවතත් නුගත් ගෝත්‍රිකයන්ගේ පාරාදීසයක් බවට සනාථ කොට තිබේ. 

නුගත්කම කට හැකරකමින් වසා ගැනීමට හැකි බවට අදහන මේ බුරු වන්සයා හිරු පුවත්පතේ වැඩ කරන කාලයේ බොරැල්ලේ සීතක්කාගේ කඩේ උදේට ඉඳි ආප්ප දහය නයට කෑමට පුරුදුව සිටි නමුත් දැන් එක වේලකට වියදම් කරන මුදලට පාසල් ළමුන් දස දෙනෙකුට මාසයක් කන්නට දිය හැකිය. 

ඒ කාලයේ නිර්ධනයන්ගේ විප්ලවය ගැන කතාකළ මොහු දැන් පාගා කොමිස් මගින් උපයා ගත මුදල් ප්‍රමාණය මිලියන ගණනකි.  

කඩුවකින් පහර දී ඝාතනය කිරීමට තැත්කල කහවත්තේ තරුණ යුවළ නුලෙන් බේරේ...

පහර දෙන අවස්‌ථාවේ සිව් හැවිරිදි දියණියත් නිවසේ නිදාගෙන ඉඳලා...

දරුණු ලෙස තුවාල ලැබූ තරුණ යුවළ කහවත්ත රෝහලට...

කහවත්ත දිවුල්වල ප්‍රදේශයේ ඕපාත වත්තට යාබදව පිහිටා තිබූ නිවසකට පෙරේදා (10 දා) රාත්‍රියේ ඇතුළු වූ සාහසිකයකු එම නිවසේ පදිංචිව සිටි තරුණ යුවළකට ඉතා දරුණු ලෙස කඩුවකින් පහර දී පලාගොස්‌ තිබෙනවා. 

මෙම දෙදෙනා ඝාතනය කිරීමට සාහසිකයා ගත් උත්සාහය ව්‍යර්ථ වී ඇති බව මූලික පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබෙනවා.
 
මේ සිද්ධියෙන් දරුණු ලෙස තුවාල ලැබූ ජී. ඩී. අමරසිරි (28) නමැති අය සහ ඔහුගේ බිරිඳ කේ. එල්. දිල්හානි (27) දෙදෙනා ප්‍රදේශවාසීන් එක්‌ව කහවත්ත රෝහලට ද අනතුරුව රත්නපුර මහ රෝහලට ද ගෙන ගොස්‌ තිබේ. ඔවුහු මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මේ දෙදෙනා හට පහර දෙන අවස්‌ථාවේ