Ads 468x60px

.

පුනරුත්පත්තිය කියන අවුරුදු තුනේ දැරියගේ කථාව.


අපේ ගෙදර ගාන්න තීන්ත ගේන්න තාත්තයි මමයි ගියා. 

අපි ගිය ත්‍රිවිල් එකේ ලොරියක් හැප්පිලා ත්‍රිවිල් එක කුඩු වුණා. 

ත්‍රිවිල් එක එළවපු මාමා එළියට පැනලා බේරුණා. මමයි තාත්තයි මැරුණා.

යැයි තුන් හැවිරිදි දැරියක වචන ගළපමින් පවසනවා. ඇය හිරිවඩුන්න ග්‍රේස්ලින් ජනපදයේ පදිංචි පවුලක දැරියකි.දුමින්දි චමෝදා හපුගොඩ එම දැරියයි.

ග්‍රේස්ලින් ජනපදයේ කුඩා දැරියක තමාගේ පෙර ආත්මය සම්බන්ධයෙන් පුනරුත්පත්තිය කීමට පටන් ගෙන තිබෙනවා  කෑගල්ල - රඹුක්කන මාර්ගයේ රන්දෙනිය හන්දියෙන් වමට ඇති පාර දිගේ කිලෝමීටරයක් පමණ යන විට ග්‍රේස්ලින් ජනපදය හමුවෙනවා.



සිඟිති අවුරුදු කුමාරිය ලෙස සැරසුණු දුමින්දි
එම චමෝදා හපුගොඩ එම දැරියගේ පුනරුප්පත්ති කතාව මෙසේයි.

“මම ඉගෙන ගත්තේ දෙකේ පන්තියේ. ඉස්කෝලේ ඇරිලා එනකොට අම්මයි අක්කලයි ත්‍රීවීල් එකේ ආවා. එයාලා බැහැලා ගියාම තාත්තයි මමයි ගෙදර ගාන්න තීන්ත ගේන්න ටවුමට ගියා. 

අපි ගිය ත්‍රිවීල් එක ලොරියක හැප්පුණා. ත්‍රීවිල් එක එලෙව්ව මාමා පැනලා බේරුණා. මමයි තාත්තයි මැරුණා. ත්‍රීවිල් එක කුඩු වුණා. තාත්තයි මමයි වැළලුවේ ගෙදර වත්තේ. තාත්තා අපේ සීයාගේ (අත්තාගේ) සොහොන ළඟ වැළලුවා. මගේ සොහොන තියෙන්නේ නයි බෙනය ළඟ.”

අපේ ගෙදරට රඹුක්කන ගිහිල්ලා තව යන්න ඕනැ. පාරේ බෝක්කුව ළඟ දම්වැලක් දාලා තියෙනවා. 
ගෙදර ළඟම ඉස්කෝලේ තිබුණා. මගේ ඇඳුම් 
ගොඩාක් ගෙදර තියෙනවා.

ඔබත් කොණ්ඩය ඩයි කරනවද..? එහෙමනම් මේ ගැනත් හිතන්න...

ඩයි ආලේප කර ස්නානය කිරීමෙන් පසුව සිහිසුන්ව ඇද වැටිලා... 

නෑමට වැඩි වේලාවක් ගත නොකර ඩයි පැකට්ටුවේ සඳහන් උපදෙස් අනුව ක්‍රියා කරන්න...

මහව කයිකාවල ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි ඇය අලව්වේ කැප්පටි වලානේ පිහිටි තම දියණියගේ නිවසට පැමිණ ඩයි ආලේප කර පැය 6 කට පසුව ස්නානය කිරීමෙන් පසුව සිහිසුන්ව ඇද වැටී මියගොස් තිබෙනවා.

කොණ්ඩය වර්ණ ගැන්වීමට ගන්නා ඩයි වර්ග විශවීමෙන් සිදුවූ මෙම මරණය වාර්තා වෙන්නේ අලව්ව ප්‍රදේශයෙන්.

මරණ පරීක්ෂණයේදී හෙළිවී තිබෙන්නේ කොණ්ඩය ඩයි කිරීමට යොදාගන ඇති ඩයි වල අසාත්මිකතාවය හේතුවෙන් හටගන්නා කම්පනය නිසා සිදුවූ මරණයක් බවයි.


පසුගිය මාර්තු මාසයේදීද හිසකෙස් ඩයි කිරීමට
ගොස්

2013 අය වැයෙන් පොඩි වාහන වල වැඩි වූ මිල තවත් වැඩි වෙයි.

උදේ හවස සාප කිරීම විනා ජනතාවට විකල්පයක් කොයින්දා...

පසුගියදා ඉදිරිපත් කල අය වැයෙන් ගෙනා යෝජනා නිසා රේසින් කාර් වල බදු අඩු වුවද සාමාන්‍ය ජනතාව පාවිච්චි කරන කුඩා වාහන වල කලින් වැඩිවූ මිල තවත් වැඩිවී තිබෙනවා. 

මේ නිසා අලුතින් මෝටර් රථ ලියාපදිංචි කිරීම් 66% කින් අඩුවී තිබෙන අතර ගෙන්වූ වාහන 5,000ක් ආපසු පැටවීමට සූදානම් කර තිබෙනවා.

එමෙන්ම වාහන හිමියන් ලංකාවේ ව්‍යාපාර කිරීම නවතා මියන්මාර
යේ වාහන සේල් දමා විකිණීම ආරම්බ කොට තිබෙනවා. එබැවින් වාහනයක් ගැනීමට සිහින මවමින් අය වැයෙන් බදු අඩුවේ යැයි සිතා සිටි බොහෝ දෙනාගේ එම සිහින බොඳව ගොස් තිබෙනවා.

රේගු අධ්‍යක්ෂවරයා පවසන ආකාරයට

ඇත්තටම වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූයේ කුමක්ද…? ජේලර් කෙනෙකුගෙන් නිර්නාමිකව ලිපියක්...

තමුසෙනම් හෙට අනිද්දට රිටයර් වෙන්න ඉන්නෙ....

නමුත් අපි ඉන්න ඕනෙ... 

තමුසේ මුළු පොලිස් දෙපාර්තමේන්තුවේම.... ගෑවා...

එස්ටීඑෆ් නිලධාරීන් පැමිණ රැඳවියන් සිව් දෙනෙකුගේ නම් කියා රැගෙන ඔවුන් ගෙනා මාංචු දමා රැඳවියන් පිටතට ගෙන ඒ අතරේ ප්රශ්ණයක් ඇතිකරගෙන එම රැඳවියන්ට වෙඩි තබා මරා දැමුවේ යයිද මෙය සැලසුම් සහගතව කළ ඝාතනයක් බවද බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාර කොමසාරිස්වරයාටත් පොලිස්පති වරයාටත් නිර්ණාමික ලිපියක් යවමින් පවසා තිබෙනවා.

ඒ අනුව මුල සිටම ඩීඅයිජී රණවන සහ ඒඑස්පී සිල්වෙස්ටර් එස්ටීඑෆ් නිලධාරීන් පැමිණ ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් සමග ගැටුම් ඇති කරගෙනය. 


ඒ පරීක්ෂාවට අදාල අධිකරණ නියෝග ඉල්ලු නිසා සහ බන්ධනාගාර නිලධාරීන්වත් පරීක්ෂා කිරීමට යාම හේතුවෙනි. ඉන්පසු එල් වාට්ටුවේ සිටින දඬුවම් නියම කර නැති රිමාන්ඩ් රැඳවියන්ගෙන්

වැලිකඩට ආරක්‍ෂක හමුදා කැඳවූවේ කවුද...? අනුර කුමාරගෙන් ප්‍රශ්න 9ක්..

කිසිම ගැටුමක්‌ හෝ නොසන්සුන්තාවක්‌ නොපැවතී වැලිකඩ බන්ධනාගාරය

අනවශ්‍ය ගැටුමක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය කුමක්ද...?

වැලිකඩ බන්ධනාගාරයේ ගැටුමට ආරක්‍ෂක අංශ නිලධාරීන් විශාල ප්‍රමාණයක්‌ මැදිහත් කරවීමේ තීන්දුව ගත් නිලධාරීන් කවුරුන්ද යන්න පාර්ලිමේන්තුවට හෙළි කරන්න..!

යනුවෙන් අනුර කුමාර දිසානායක මහතා ඊයේ (12 දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්‌ කරමින් ආණ්‌ඩුවෙන් ප්‍රශ්න කර සිටියා. ස්‌ථාවර නියෝග 23/2 යටතේ ප්‍රකාශයක්‌ කරමින් දිසානායක මහතා මෙසේ ද කියා සිටියා.

පසුගිය 09 වැනි දින බන්ධනාගාරයේ රැඳවියන් හා පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ මැදිහත්වීමක්‌ හේතුකොටගෙන බරපතළ ගැටුමක්‌ ඇති වී තිබෙනවා.

වාර්තා වන පරිදි එහිදී මිනිස්‌ ඝාතන විශාල ප්‍රමාණයක්‌ සිදුවී තිබෙනවා. තවත් 13 ක්‌ තුවාල ලබා තිබෙනවා. එපමණක්‌ නොව පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ආර්. ඩබ්. එම්. පී. රණවන මහතා සහ පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ සෙබළුන් 13 ක්‌ ද ආරක්‍ෂක නිලධාරීන් 04 දෙනෙක්‌ ද තුවාල ලබා තිබෙනවා. 

මීට අමතරව බන්ධනාගාර

මම දැන් අටමහ කුසල් වලට අයිති කෙනෙක් - මර්වින්.

අපි සාකච්ඡා මාර්ගයෙන් නිදහස ලබා ගත්තා.... 

ඒත් ඒ ලබා ගත්ත නිදහස සම්පූර්ණ නිදහසක් නෙමෙයි...

අද මම ප‍්‍රසිද්ධියේ නම් කරනවා පෙබරවාරි 04 වෙනිදා වෙනස් කල යුතුයි...

බියගම උතුර දකුණ යා කෙරෙන ප‍්‍රධාන මාර්ගය මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා හා බියගම ප‍්‍රාදේශීය සභා සභාපති ආනන්ද ගනේපොල මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කළා.

මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍යාංශය කි‍්‍රයාත්මක කරනු ලබන දුෂ්කර ගම්මාන ආශි‍්‍රත ප‍්‍රජා සංවර්ධන කටයුතු නංවාලීමේ වැඩසටහන යටතේ මෙය කි‍්‍රයාත්මක වුනා.

‘‘අට මහ කුසල්වලින් එකක් තමයි පාරවල්, ඇල දොල, බෝක්කු, වැව් පොකුණු, චෛත්‍ය ,බුදු මැදුරු සංවර්ධනය කිරීම, මේ සියල්ලම අයත් වන්නේ අටමහ පිංකම් හැටියට, මම දැන් අටමහ කුසල් වලට අයිති කෙනෙක්, උතුරයි දකුණයි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට යා කරන්න පුළුවන් වුණා
’’ යැයි මර්වින් සිල්වා මහතා පැවසුවා.


මර්වින් සිල්වා මහතා වැඩිදුරටත් මෙසේද පැවසුවා.

අපි ජීවත් වෙන්නේ අමාරුවෙන් බිස්නස්වලින් තමා ඔළුව උස්සගත්තෙ – සරණ කියයි

දේශපාලනඥයො වුණාට අපට සල්ලි ලැබෙන්නේ නෑ...නෝනා අඳින සාරියට 75,000ක් යනවා...

මිනිස්සු හිතනවා අපිට හොඳට සල්ලි තියෙනවා කියලා...ඉතින් එකම ගානේ ඒවා ඇන්දම හරිනේ නේද...

ජාතික පුවත්පතක මාධ්‍යවේදියෙකුගේ උපන් දින සැමරුමක් පසුගිය සෙනසුරාදා රාති‍්‍රයේ කඳානේ පිහිටි ඔහුගේ නිවසේදී පැවැත්වුනා. 

එම උත්සවයට පියංකර ජයරත්න, සරණ ගුණවර්ධන, උදිත් ලොකුබණ්ඩාර, ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල, චන්ද්‍රනි බණ්ඩාර ඇතුළු මැතිඇමැතිවරු පිරිසක් ද ඒ සඳහා එක්ව සිටියා.

මෙහිදී සරණ ගුණවර්ධන අමාත්‍යවරයා දේශපාලඥයන් මුහුණ දී සිටින අපුරු ගැටලූවක් පිළිබඳ පිරිස හමුවේ මෙසේ අදහස් දක්වන්නට වුනා.

‘‘මිනිස්සු හිතනවා අපිට හොඳට සල්ලි තියෙනවා කියලා. දේශපාලනඥයො වුණාට අපට සල්ලි ලැබෙන්නේ නෑ. අපි ජීවත්වන්නෙත් අමාරුවෙන්. බිස්නස්වලින් තමා අපිත් ඔළුව උස්සගත්තෙ.’’ 

සරණ ගුණවර්ධන නියෝජ්‍ය ඇමැතිවරයාගේ අදහසට එහි සිටි අනෙකුත් පිරිස ද හිස වනා අනුමත කළා. ඉන් දිරිමත් වූ නියෝජ්‍ය ඇමැති සරණ යළිත් කටහඬ අවදි කළා.

‘‘මේ ළඟදි අපේ නෝනා සාරියක් ගන්න ගියා. ගාණ රුපියල්