Ads 468x60px

.

බිරිඳගේ ලිංගික අවයවය සදාතනික සිහිවටනය ලෙස සොහොන් කොතේ කෙටු මිනිසෙක්...

සර්බියානු ජාතිකයෙකු වන මිලාන් මරින්කොවික් තම බිරිඳගේ රහසිගතවූ අවසන් කැමැත්ත ඉටුකර ඇත්තේ සොහොන් කොතෙහි තම බිරිඳගේ ලිංගික අවයවය කැටයම් කිරීමෙනි.

වසර තුනකට පෙර මියගිය බිරිඳ මෙම ඉල්ලීම කර ඇත්තේ අවසන් කැමැත්ත ලෙසය.

ඇය මෙම ඉල්ලීම කිරීමට හේතුව වී ඇත්තේ අයගේ සැමියා කෙදිනක හෝ වෙනත් ගැහැනියක් දෙස බැලීම වලක්වා ගැනීමය. ඔබ තවත් ගැහැනියක් පසුපස යනවට මම අකමැතියි. මේ විදිය ඔයා මම ගැන මතකය හැමදාම තියා ගනීවි යනුවෙන් ඇය විසින් ලියන ලද ලිපියක සඳහන්ව ඇත.

මෙය නිවැරදිව ඉටුකිරීම පහසු කිරීම සඳහා ඔහුගේ බිරිඳ මිලෙනා විසින් ලිංගික අවයවයේ චායාරුප සහිත සවිස්තරාත්මක තොරතුරු ඉතිරිකර මියගොස් ඇත. බොහෝ ගල්වඩුවන් මෙම කටයුත්ත දෙවියන්ට එරෙහිවීමක් ලෙස සලකා ප්‍රතික්ෂේප කර ඇත.

නමුත් අවසානයේදී ඔහුට ගල්වඩුවකු මේ සඳහා එකඟ කරගැනීමට හැකි වී ඇත.

වැලිකඩට ගහන වෙලාවේ මම හිරෙන් පැන්නේ මෙහෙමයි - සිරකරුවෙක් කතා කරයි...

ලේ ගලන තුවාල එක්ක ජේලර් වරයෙක් හිරගෙදර මිදුලේ සිට එලියට දුවගෙන ආවා...

ඔහු පිටුපස්සේ මා ආවේ ඔහුගේ ආරක්ෂාවට පැමිණෙන කෙනෙක් විදිහටයි...


වැලිකඩ බන්ධනාගාරයේ හටගත් ගැටුම අවස්ථාවේ පළා ගිය රිමාණ්ඩ් සිරකරුවකු වූ හේවාබැට්ටගේ තුෂාන් සාරද නොහොත් චන්දන නැමැත්තා රුවන්වැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු පාපොච්චාරණයක් කර තිබෙනවා. 

එම පාපොච්චාරණය අනුව මෙම සිරකරු වැලිකඩ සිර ගෙදරින් පැන ගිය ආකාරය දිග හැරෙන්නේ මෙසේය. 

සිරකරුවන් විසින් ගල්මුල් වලින් පහර දීමේ දී ගල් පහරක් ජේලර් වරයකුගේ හිසට වැදී තිබෙනවා.ලේ ගලන තුවාල සහිතව ජේලර්වරයා සිරගෙදර මිදුලේ සිට පිටතට දිව එද්දී ඔහු පිටුපස්සේ සිරකරුවා පැමිණ ඇත්තේ ජේලර්වරයාගේ ආරක්ෂාවට පැමිණෙමින් සිටින අයකු ලෙස ඇ‍ඟවන ආකාරයටය. 

සිරගෙදර ප්‍රධාන දොරටුවෙන් පිටතට ජේලර්වරයා පැමිණි අවස්ථාවේ සිරකරුවා සිය ගණනක් ආරක්ෂක හා බන්ධනාගාර නිලධාරින් අතරට වැදී මහ පාරට පැමිණ තිබෙනවා. අනතුරුව කිසිවකුට සැක නොසිතෙන ආකාරයට

ශිහාන් තමන්ගේ ගීත තියෙද්දී අනුන්ගේ ගීත ගායනා කරන හේතුව පහදයි...

අපිට රජයෙන්  විශ්‍රාම වැටුපක් ගෙවන්නේ නැහැ... 

ඒ ගීතවල මුල් ගායකයො කරන්නෙත් ඒවා විකුණන එක... 

මම කරන්නෙත් මගේ හඬ  විකුණන එක...

වෙන කිසිම හේතුවක් නෑ සල්ලි බලාගෙනයි එහෙම කරන්නේ...  

ඒක ලංකාවේ වැරැද්ද...

සිරස සුපර්ස්ටාර්ස් වේදිකාවේ ගී ගැයූ ඔබ එහි පස්වැනි අදියරේ දී විනිශ්චයකරුවෙකු බවට පත්වෙලා. මොකක්ද මේ වෙනස.

සිරස සුපර් ස්ටාර්ස් විනිශ්චය මණ්ඩලයට ඇතුළත් වෙන්න කියලා මට ආරාධනාවක් ලැබුණා. මට බොහොම සතුටුයි ඒ ගැන.මම ආධුනිකයෙක් විදියට ඒ වේදිකාවේ ගායනා ඉදිරිපත් කළා. දැන් ඊට අවුරුදු අටකට පසුව ඒ වැඩසටහනේම විනිශ්චය මණ්ඩලයේ ඉන්න ලැබෙන එක ලොකු ආඩම්බරයක්. 

සිරස මා ගැන ලොකු විශ්වාසයක් තැබිම ගැන මම ස්තූතිවන්ත  වෙනවා.  අනෙක් කාරණය තමයි , නිරෝෂා විරාජිනි කියන්නේ

සංජුගේ කුස තුල වැඩුණු අසාමාන්‍ය ජීවියෙක් !

මගේ බියටත් පුදුමයටත් වගේ කුස තුළ සිටි යමෙකුට මට තව ‍පොඩ්ඩෙන් අතට අතට දෙන්න සිදුවෙනවා. 

මට ඒ අත්දැකීම දරාගන්න අමාරු තරම්...

ඉන්දියාවේ නාග්පූර් ප්‍රදේශයේ විසූ 36 හැවිරිදි සංජු භගත් වෘත්තියෙන් ගොවියෙකි. ඒ පළාතේ මිනිසුන් අතර භගත් කැපී පෙනුනේ ඔහුගේ අසාමාන්‍ය ලෙස විශාලව තිබූ උදරය නිසාය. 

ඔහු කුඩා කල පටන්ම උදරය විශාලව තිබූ අතර ඔහුගේ වයසින් වැඩීමත් සමග උදරයද ප්‍රමාණයෙන් විශාල වී අවසානයේ නවමස් පිරුණු ගැබිනියකගේ කුස මෙන් දිස්වන්නට විය. උදරය විශාල වීම හේතු කොටගෙන සිරුරේ ඉහළ කොටසට ඇතිවූ තෙරපුම හේතුවෙන් ඔහු හුස්ම ගත්තේද අපහසුවෙනි.

1999 ජුනි මස ඔහුගේ තත්ත්වය හදිසියේම බැරෑරුම් වූයෙන් ඔහුට රෝහල් ගත වීමට සිදුවිය. සංජුව පරීක්ෂා කළ වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ ඔහුගේ කුස තුළ විශාල ගෙඩියක් ඇති බවත් එය වහා සැත්කමක් මගින් ඉවත් කළ යුතු බවත්ය.


මුම්බායි ටාටා රෝහ‍ලේ වෛද්‍ය අජේ මෙහෙතා සැත්කම කිරීමට සූදානම්ව, කුස තුළ ඇති ගෙඩියේ අධික විශාල බව හේතුකොට ගෙන සැත්කමේදී බරපතළ තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ඊටද සූදානමින් සිටිය යුතු යැයි සැත්කම සිදුකරන කාර්ය මණ්ඩලයට කල්තියා උපදෙස් දුන්නේය.

වෛද්‍ය මෙහෙතා පැවසුවේ, ගෙඩියක් කපා ඉවත් කරන සැත්කමකදී සාමාන්‍යයෙන් ඔහුට ගෙඩිය ඇති ස්ථානය කපා බැලූ සැනින්ම දැක ගත හැකිවන බවය. එහෙත් සංජුගේ සැත්කම සිදුකිරීමේදී ඒ තත්ත්වය වෙනස් විය. සංජුගේ උදරය ටිකින් ටික ගැඹුරටම කපා බැලුවද ඔහු දුටු ගෙඩියක් නොවීය. ඒ වෙනුවට උදරයේ කැපුම තුළින් එක්තරා දියරයක් විශාල ප්‍රමාණයෙන් පිටතට ගලා ගියේය.

ඊළඟට සිදුවූයේ ඔවුහු කිසිවෙකුත් බලා‍පොරොත්තු නොවූ පුදුමාකාර සිදුවීමකි. “මගේ බියටත් පුදුමයටත් වගේ කුස තුළ සිටි යමෙකුට මට තව ‍පොඩ්ඩෙන් අතට අතට දෙන්න සිදුවෙනවා. මට ඒ අත්දැකීම දරාගන්න අමාරු තරම්” වෛද්‍ය මෙහෙතා පැවසුවේය.

එදා ශල්‍යාගාරයේ සිටි වෛද්‍ය මෙහෙතාගේ කණ්ඩායමේ වෛද්‍යවරියක් සිද්ධිය විස්තර කළේ මෙසේය. 


“වෛද්‍ය මෙහෙතා රෝගියාගේ උදරයේ කැපුම තුළින් අත ඇතුළට දමා ඇටකටු ගොඩක් හසුවන බවක්

තව දින 8 කින් ලංකාවට අයත් චන්ද්‍රිකාව උඩුගුවනට - රෝහිත රාජපක්ෂ

මට පොඩි කාලේ ඉඳන් විෂන් එකක් තිබ්බා කවුරුත් කරපු නැති දෙයක් ශ්‍රී ලංකාවට කරලා දෙන්න...

අපි පොඩි රටක්. ඇයි අපි පොඩි වුනාට විශාල දෙයක් කරන්න පුළුවන්...

ජනපති බාලම පුත් රෝහිත රාජපක්ෂ ලංකාවෙ ප්‍රථම ගගනගාමියා වීමට යන බවටත් පුවත් ගනනාවක් ගෙන ආවත් මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීම හා අභ්‍යාවකාශ පුහුණු මධ්‍යස්ථානයට ඔහුගේ ඇති සම්බන්ධයක් මෙතෙක් වාර්තා වුනේ නැහැ.

නමුත් මේ සියල්ලගේම නිර්මාතෘ වන්නේ ජනපති බාලම පුත් රෝහිත රාජපක්ෂයි.
ලංකාවට අයත් චන්ද්‍රිකාව උඩුගුවනට යැවීමට තව ඉතිරිව ඇත්තේ දින 8ක් පමණක් වන අතර මේ සියල්ල පිළිබඳව අභ්‍යාවකාශ ඉංජිනේරු රෝහිත රාජපක්ෂයි හෙළිකර සිටින්නේ මෙලෙසින්.

"මට පොඩි කාලේ ඉඳන් විෂන් එකක් තිබ්බා කවුරුත් කරපු නැති දෙයක් ශ්‍රී ලංකාවට කරලා දෙන්න. දැනට අවුරුදු දෙකකට විතර කලින් සුප්‍රීම් සැට් කම්පැනි එක එක්ක කතා කළා මේ වගේ දෙයක් කරමු කියලා. ලංකාවෙ නම ස්පේස් වලට ගෙනියමු කියලා.

මට ආශාවක් තිබුණා. ඇත්තටම මම හැම වෙලෙම ස්පේස් ගැන අධ්‍යනය කරලා පුද්ගලයෙක් වශයෙන්. මම ඒ ගැන ස්ටඩීස් කර කර හිටියේ

වැලිකඩින් හමු වූ සිම් කාඩ් වලින් තමිල්නාඩුවේ ජයලලිතාටත් එස්‌. එම්. එස්‌. යවලාලු

සිරකරුවන්ට මත්ද්‍රව්‍ය, මත්පැන්, මුදල්, ජංගම දුරකථන, සිම්කාඩ් ආදිය ලැබුනේ කොහෙන්ද...?

ඉන්දීය සිරකරුවන් සතුව තිබූ දුරකථන කීපයක්‌ ද සොයාගෙන..

වැලිකඩ බන්ධනාගාරය තුළ තිබී සොයාගත් පාතාල නායකයන්ට අයත් ජංගම දුරකථනවල සිම් කාඩ් භාවිත කරමින් ඔවුන් නිරතුරුවම සබඳකම් පැවැත්වූ ඇතැම් දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් හා විවිධ පාර්ශ්ව ගැන තොරතුරු රැසක්‌ හෙළි වී තිබෙනවා.

මෙම ජංගම දුරකථන සිම්කාඩ්පත් ලබාගෙන ඇත්තේ ව්‍යාජ හැඳුනුම්පත් මගින් බව පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබෙන අතර මේ පිළිබඳ ක්‍ෂේත්‍ර කිහිපයක්‌ ඔස්‌සේ ආරක්‍ෂක අංශ පරීක්‍ෂණ ආරම්භ කර
තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාරය සමීපයේ ඇති ජංගම දුරකථන සම්ප්‍රේෂණ මධ්‍යස්‌ථානවල මෙම පාතාල නායකයන් විසින් සබඳතා පැවැත්වූවන්ගේ අංක සටහන් වී
තිබෙනවා.

ආරක්‍ෂක අංශ විසින් සැක නොකරන පාර්ශ්වයන් සමඟ ද දුරකථන සබඳතා පවත්වා ඇතැයි තවදුරටත් හෙළිවී
තිබෙනවා.ආරක්‍ෂක බලධාරීන් විසින් වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු කළ විමර්ශනයේදී ඉන්දීය සිරකරුවන් සතුව තිබූ දුරකථන කීපයක්‌ ද සොයාගෙන ඇත.

එම දුරකථනවලින් ඔවුන් තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා සහ