Ads 468x60px

.

සෙවනගලට, මනම්පිටියට රතු වැසි - වහාම පරීක්ෂණ අරඹයි...

සංවහනයත් සමග ඇල්ගී විශේෂයක් වායුගෝලයට මුසු වුනාද...

දිගින් දිගටම රතු පැහැති ද්‍රාවණයක් සහිත වැසි ඇද හැලීම සම්බන්ධයෙන් පරික්ෂණ...

පොළොන්නරුවේ ස්ථාන කිහිපයකට ද අද (15) පෙරවරුවේ රතු වැස්සක් වැටී ඇතැයි ප්‍රදේශවාසීන් පවසනවා.

මනම්පිටිය, සීලපුර ප්‍රදේශයටත් දිඹුලාගල ඇල්ලේවැව සහ හිඟුරක්ගොඩ ප්‍රදේශවලටත් මෙසේ රතු වැසි වැටී ඇතැයි එම ප්‍රදේශවාසීහු පවසනවා. දිඹුලාගල මනම්පිටිය ප්‍රදේශ‍යට උදෑසන රතු වර්ෂාව වැටී ඇත්තේ  පෙ.ව 7.00 සිට 8.00 දක්වා කාලයේය.


සෙවනගල - ඉදිකොලපැලැස්ස ප‍්‍රදේශයටද ඊයේ මෙවැනි වැස්සක් ඇද හැලුණා. වර්ෂාවත් සමග රතු පැහැති ද්‍රාවණයක් පොළවට වැටුණු බව කියන මෙම සිද්ධින් සම්බන්ධයෙන් වෛද්‍ය පර්යේෂණායතනය විශේෂ පරික්ෂණය ක් ආරම්භ කර තිබෙනවා.

එම ප‍්‍රදේශවලට ඇදහැලූනු වර්ෂා ජලයේ පර්යේෂණ නියැදි වෛද්‍ය පර්යේෂණායතනය වෙත යොමු කරන ලෙස අදාල දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරිවරුන් වෙත මේ වනවිට දැනුම් දී ඇති බව කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් සමරනායක සඳහන් කළා.

මෙවැනි වැස්සක් මෙරටින් වර්තා වූ පළමු අවස්ථාව මෙය බවත් ලෝකයේ යම් යම් ස්ථානවළින් මෙවැනි වර්ෂාවන් වාර්තා වී තිබෙන බවත් ඔහු පවසනවා.

නාලක වෙදමුල්ල මහතාගේ බිරිඳ පැහැරගෙන යන්න හැදුවේ අයුතු යෝජනා වලට එකඟ නොවූ නිසාද..?

මිරිහාන පොලිසිය "ඔබට කරදරයක් නැතුව ඉන්නට තිබුණානම් ඇති නේද" කියල ඇහුවලු...

පසුගියදා හදිසි අනතුරකින් මියගිය ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ නාලක වෙදමුල්ල මහතා ගේ  බිරිඳ වන චන්දි රණසිංහ මහත්මිය, අද දින උදෑසන රාජකාරියට යමින් සිටිද්දී ජනාධිපති කාර්යාලයේ  නිලධාරියකු විසින් බලහත්කාරයෙන් පැහැරගෙන යාමට උත්සාහ කර තිබෙනවා.

බත්තරමුල්ල ප‍්‍රදේශයේදී  පැහැර ගැනීමට ගත් එම උත්සාහයේ දී  ඇය ඉන් බේරි පැන ගෙන තිබෙනවා.

චන්දි රණසිංහ මහත්මිය මේ සම්බන්ධයෙන් තලංගම පොලිසියට පැමිණිල්ලක්  කර ඇති අතර

ලග්ගලින් අපුරු පාසලක් අපුරු විදුහල්පතිවරයෙක්...

මුළු පාසලටම දරුවන් දෙන්නයි...  
ගමෙන් සොයාගත් තවත් වයස අවුරුදු හතරක දරුවෙක්....

අවුරුදු හතරේ දරුවාට පෙර පාසල් අධ්‍යාපනය...
ලබන වසරේ ඒ දරුවා පළමු වසරට... 

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල, විල්ගමුව අධ්‍යාපන කලාපයේ පිහිටි අතිශය දුෂ්කර පාසලක් වන මඩුමාන ප්‍රාථමික පාසලේ ඉගෙනුම ලබන්නේ සිසු දරුවන් දෙදෙනෙකි. ඔවුන්ට අකුරු උගන්වන්නේ එහි විදුහල්පති එම්.එම්.ඩී.ජයසිංහ මහතාය.

විදුහල්පති තනතුරට අමතරව මෙම දරු දෙදෙනාගේ ගුරුවරයා ද වන ඔහු ගමෙන් සොයාගත් තවත් වයස අවුරුදු හතරක දරුවෙක්ට ස්වේච්ඡාවෙන් පෙර පාසල් අධ්‍යාපනය ලබා දෙයි.

වයස අවුරුදු නවයක් වන දිනෙෂ්කා නිසංසලා විජේසිංහ සිසුවිය සහ සංජීව ප්‍රසන්න බණ්ඩාර ඉගෙනුම ලබන්නේ 4 වැනි වසරේය. 

මෙය ප්‍රාථමික පාසලක් බැවින් මෙම සිසුවා හා සිසුවිය ලබන වසරේ 5 වැනි ශ්‍රේණිය සඳහා වෙනත් පාසලකට ඇතුළත් විය යුතුය. එවිට සිසුන් නැති මෙම පාසල වැසී යයි.විදුහල්පතිතුමා ඊට කොහෙත්ම සතුටු නැත. 

කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ ඊයේ (14) සවස යළිත් කැළඹේ...

කාන්තාවන් කී දෙනකු නම් ඒ ඝාතකයන් ගේ ගොදුරු බවට පත් වූයේද..? 

තවත් කාන්තාවන් කොතරම් පිරිසක් ඊට ගොදුරුවේදැයි කාට නම් කිව හැකිද...?

ඊයේ සවස පිහියක් අතැති පුද්ගලයෙකු දැක බියට පත්වූ පනස් හැවිරිදි කාන්තාවක විසින් තමන් බේරා ගන්නා ලෙස කෑගැසීමට පටන්ගෙන තිබෙනවා. එවිට අදාළ පුද්ගලයා පළාගොස් ඇති අතර එම පුද්ගලයා යම් ඝාතනයක් සඳහා පැමිණ ඇතැයි ප්‍රදේශවාසීහු පවසනවා.

ඔහු සෙවීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව විශේෂ මෙහෙයුමක් සිදුකර ඇතත් ඔහු සොයාගැනීමට නොහැකිවී තිබෙනවා.

මේ වනවිට කොටකෙතන ප්‍රදේශයේ හමුදා කඳවුරක් සහ එස්.ටී.එෆ්. කඳවුරු දෙකක්ද ඉදිකර ඇති අතර ඒවායෙහි හමුදාවේ සහ පොලීසියේ 700 දෙනෙකු පමණ සිටින බවද වාර්තා වෙනවා.

දිගින් දිගටම කොටකෙතන හා ඒ අවට ප්‍රදේශවල කාන්තාවන් එක රැල්ලට ඝාතනය වෙද්දී කොතරම් වෙහෙසුණද මේ අපරාධ රැල්‍ලේ යථා ස්වරූපය නිසි අයුරින් හඳුනා ගැනීමට ‍පොලීසියට

නදීෂා හේමමාලිගේ පෙම්වතා විවාහකයෙක්ලු - දරුවන් දෙදෙනෙකුත් ඉන්නවලු...

ඇගේ පෙම්වතා ගෙන් නදීෂාට නිවසක් හා මෝටර් රථයක්...

පෙම්වතාගේ නම මොහොමඩ් යසීන්...  
ඔහු මුද්‍රණ කටයුතු වල නියැලෙන්නෙක්..

නදීෂා හේමමාලිගේ නම ඇසු පමණින් අද කලා ලෝකයේ නොදන්නා කෙනෙක් නැති තරම්. මේ දිනවල ඇය ගැන අලුතින්ම වාර්තා වන පුවත නම් දැන් ඇය සුන්දර පෙම්වතියක් බවයි.

නමුත් මෙයට පෙර ඇය කියා සිටියේ ඒ වෙනුවෙන් කිසිම කැප කිරීමක් කිරීමට ඇය අකමැති බවයි.

තම පෙම්වතා පිලිබඳ හෙළි නොකළ නදීෂා පසුගියදා රුපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් තම පෙම්වතා පිලිබඳ පළමුවරට තොරතුරු කිහිපයක් හෙළිකොට සිටියා

එහිදී ඇය හෙළිකොට සිටියේ ඇගේ පෙම්වතා මුස්ලිම් ජාතිකයෙකු බවයි. නමුත් ඔහුගේ නම කීමට අකමැතිවූ ඇය ඔහුගේ නම ලෙස "මොහමඩ්" ලෙස පමණක් හෙළිකොට සිටියා.

නැට්ට නැති ගෙඩියට නැට්ටක් ඇවිත්...

කුකුළු බිත්තරයට අඟල් 3 ක නැට්‌ටක්‌... 

මුරුතලාව මංගලගම කුකුළු ගොවිපළක කිකිළියක අඟල් 3 ක්‌ පමණ දිගැති නැට්‌ටක්‌ ඇති බිත්තරයක්‌ දමා ඇති බැව් මංගලගමින් වාර්තා වෙනවා.

මෙම කුකුළු ගොවිපළ ආරම්භ කර මාස 5 ක්‌ පමණ කාලයක්‌ ගත වුවද, මෙම ගොවිපළේ කිකිළියකගෙන් හෝ වෙනත් ගොවි පළකින් හෝ මෙවැනි බිත්තරයක්‌ දැක නොමැති බව කුකුල් ගොවිපළ හිමිකරු වන කිංස්‌ලි කුමාර යන අය පවසනවා.

කාන්තා රන් පදක්කම් දිනූ පින්කි පිරිමියෙක් වූනාට ස්ත‍්‍රී දූෂණ කරන්න බැරිලු...

එතකොට පින්කි ඔහු සමග එකට හිටපු ක‍්‍රීඩිකාවකට මොකද කලේ...

එතකොට පින්කි නපුංසකද..? නැත්නම් සමලිංගිකද..?

තරුණියක දූෂණය කිරීමේ චෝදනාවකට හසුවී ලෝක මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ආන්දෝලනයකට ලක්වූ අන්තර් ජාතික රන් පදක්කම්ලාභී ඉන්දියා මලල ක්‍රීඩිකාවක් වන පින්කි ප්‍රමානික් පිරිමියකු බව වෛද්‍ය පරික්ෂණ මගින් තහවුරු වීමෙන් පසුව ඔහුට විරුද්ධව පසුගිය ජූනි මාසයේදී නඩු පැවරීමට එරට පොලිසිය පියවර ගත්තා.

පසුගිය ජූනි මාසයේ දී පොලිසිය විසින් අත් අඩංගුවට ගත් පින්කි පසුව වෛද්‍ය පරික්ෂණයට යොමු කෙරුණු අතර එහි වාර්තාව දිස්ත්‍රික් උසාවියට ඉදිරිපත් කළ බව ඒ සඳහා පත්කළ විශේෂ වෛද්‍ය කමිටුව සඳහන් කළා.


‘පින්කි කාන්තාවක් ‍නොවන බව වෛද්‍ය පරික්ෂණයෙන් තහවුරු වුණා. එම වෛද්‍ය වාර්තාව අපි දිස්ත්‍රික් උසාවියට ඉදිරිපත් කළා.’

ලිංග පරික්ෂණය සිදුකළ වෛද්‍ය කමිටුවේ සභාපති බී.එන්.කහාලි ඒ.එෆ්.පී.පුවත්සේවයට පැවසුවා. කෙසේවුවත් මේ සම්බන්ධව ඉන්දියා මලල ක්‍රීඩා බලධාරීහූ ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටියා.