Ads 468x60px

.

නොවැම්බර් මස 22 වැනිදා ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකා සිහිනය මල්ඵල ගැන්වේ...

ශ්‍රී ලංකාවේ ප්‍රථම පණිවිඩ හුවමාරු චන්ද්‍රිකාව නොවැම්බර් මස 22 වැනිදා චීනයේ ෂී චෑන්ග් චන්ද්‍රිකා නිකුතු මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශ ගත කිරීමට නියමිතව පවතී. 

ශ්‍රී ලංකා‍ වේලාවෙන් රාත්‍රී 9.30 ට ගුවන්ගත කෙරෙන මෙය එම වේලාවෙන් විනාඩි 7 කට පසු දිවයිනට ඉහළින් අභ්‍යවකාශයේ ස්ථානගත වන්නට නියමිතව ඇත.

චන්ද්‍රිකා තාක්ෂණයේ පියා දිවංගත ශ්‍රී ලාංකික විද්‍යාඥ ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් මහතා ලොවට හදුන්වා දුන් චන්ද්‍රිකා තාක්ෂණය ජයගැනීමට ශ්‍රී ලංකාවටත් හැකිවීම සැබවින්ම ආශ්චර්යමත් දෙයකි.

මෙය ඇ.ඩො. මිලියන 320 ක ව්‍යාපෘතියක් වන අතර සුප්‍රීම්සැට් ( SupremeSAT)  සමාගම චීන රජයට අයත් චයිනා ගේට් වෝල් ඉන්ඩස්ට්‍රී කෝපරේෂන් හා එක්ව මෙම චන්ද්‍රිකාව නිෂ්පාදනය කර ඇත. 

එමෙන්ම මෙම ව්‍යාපෘතිය පසුපස සිටිමින් තම සිහිනය ජයගැනීමට වෙරදරන නියමුවා වන්නේ අභ්‍යවකාශ ඉංජිනේරුවකු වන රෝහිත රාජපක්ෂ මහතායි.

ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු වන ඔහුගේ එකම සිහිනය වූයේ කවුරුත් නොකල දෙයක් කර ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන යෑමයි.සුප්‍රීම්සැට් සමාගම සමග ඔහු සිදුකල සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම චන්ද්‍රිකාව කක්ෂගත කෙරෙන්නේ ලංකාවට විශාල ප්‍රතිලාභ රැසක් අත්කර දෙමිනි.

මාධ්‍යට රහසක්වූ තෙවෙනි පස් නිවුන් දරු උපතේ ඇත්ත විස්තරය...

පසුගිය නොවැම්බර් පළමු වනදා කොළඹ පෞද්ගලික රෝහලකදී පස් නිවුන් දරු උපතක් සිදුවූ පුවතක් අප ඔබ වෙත ගෙන ආවා. 

මොවුන් අතරින් තිදෙනෙක් ගැහැණු දරුවන් වන අතර දෙදෙනෙක් පිරිමි දරුවන් වන බවයි අප වෙත වාර්තා වුයේදෙමව්පියන්ගේ කැමැත්ත පරිදි මෙය රහසින් සිදු වුනද ඔවුන් දැන් එය ප්‍රසිද්ධ කිරීමට අකමැත්තක් නොමැති බව අපට වාර්තා වුණා.

එම පස් නිවුන් දරු උපත පිලිබඳ සම්පුර්ණ විස්තරය පහතින්...

මගේ ඒ බලා‍පොරොත්තුව ඉටුවුණා - ජනප්‍රිය නිළි ඕෂධී.

ආරංචිය ලැබුණ හැටියේ හිමාලි සයුරංගි ආවා...

අපි දෙන්නම බලාපොරොත්තු වුණේ පුතෙක් අපේ පැතුම ඉටුවුණා...

ජනප්‍රිය නිළි ඕෂධී හේවා මද්දුම පිළිබඳ සුබම සුබ ආරංචියක් පසුගියදා අපට දැනගන්නට ලැබුණා. ඒ ආරංචිය ඇගේ රංගන ජීවිතය හා සම්බන්ධ එකක් නමෛයි.  පුද්ගලික ජීවිතය පිළිබඳ ආරංචියක්.

ඕෂධීට මව් පදවිය නම් ඉහළම සම්මානය හිමි වූ බව තමයි ඒ සුබාරංචිය.ගෙදරට ආපු අලුත් අමුත්තා ගැන සතුට උතුරා යන මොහොතක සිටින ඕෂධීව කතාබහට එකතු කරගන්නයි අපි හිතුවේ.

මේ මව් පදවිය ලැබූ ඕෂධී සමග කතාබහක්...

ඕෂධී පිළිබඳ මේ සුභාරංචිය ඔබේම මුවින් රිද්ම හිතවතුන්ට කියන්න
පහුගිය ඔක්තෝබර් 24 වැනිදා අපේ කුළුඳුල් පුතා ඉපදුනා. මගෙයි මගෙ සැමියගෙයි ජීවිතයේ අලුත් පිටුවක් පෙරළුණා. ඒක තමයි සුබාරංචිය

ඕෂධී බලා‍පොරොත්තුවෙන් හිටියේ දුවෙක්ද පුතෙක්ද?
පුතෙක්. මගේ ඒ බලා‍පොරොත්තුව ඉටුවුණා.

ඕෂධීගේ සැමියා...?

නයනාගේ සැලෝන් එකෙන් තරුණයන්ට ඕන හැමදේම කරගන්න පුළුවන්ලු...

හැමදේම කරන්නේ නයනාගේ  මූලිකත්වයෙන්මලු...
නවීන පන්නයේ උපකරණත් භාවිත කරනවලු...

නයනා කුමාරිට මේ දිනවල හරිම කාර්ය බහුලයි කියලයි ආරංචිය. ඒ වෙන හේතුවක්‌ නිසා නම් නෙමෙයි. ඇය විසින් බත්තරමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සැලෝන් එක නැවත මහරගම හයිලෙවල් ප්‍රදේශයට රැගෙන ගිහින්ලු. 

මහරගම ඉදිකළ නව රූපලාවන්‍යාගාරය මෙවර තරුණයන්ට විවෘතයි කියලයි ආරංචිය. තරුණයන්ට අවශ්‍ය සියලුම දෑ මෙහිදී සිදුකරගන්න පුළුවන්ලු. ඇගේ මූලිකත්වයෙන් තමයි මෙහි වැඩකටයුතු සියල්ලම සිදුවන්නේ. 

හැබැයි ඇය මනාලියන්ව මෙහිදී වෙනස්‌ම ආරකින් සරසනවා කියලයි කියන්නේ. නවීන පන්නයේ උපකරණ භාවිත කරමින් තමයි මෙහි වැඩකටයුතු සිදු කරන්නේ. 

බන්ධනාගාර යුද්ධයේ සජිවී විස්‌තරය...

බන්ධනාගාර ඇමැතිතුමනි
කොමසාරිස්‌ ජෙනරාල්තුමනි

එදා මොකද වුණේ...?
ඔබටවත් පිළිතුරක්‌ දිය හැකිද...? 

වැලිකඩ කුඩු කර මෙසේ කැඳ හැදුවෝ කවරහුද...?

බන්ධනාගාර කොමසාරිස්‌ ජෙනරාල්වරයා ප්‍රධාන බන්ධනාගාර පරිපාලන ප්‍රධානින් එක්‌ව තිර නාටකය ලියා අධ්‍යක්‍ෂණය කර ඉකුත් 09 වැනි සිකුරාදා පස්‌වරු 1.30 සිට වැලිකඩ බන්ධනාගාරයේ එළිමහන් පිටියේදී රඟ දැක්‌වූ "බන්ධනාගාර ජෝගිය""  නාටකයේ උණුසුම දැන් බිඳෙන් බිඳ මැකී යමින් තිබේ.

ත්‍රාසය, භීතිය සමග කුතුහලයද නොඅඩුව තිබූ එකී නාටකයේ රස්‌නය මෙසේ නිවී යමින් තිබෙනුයේද නිකම්ම නොවේ. එයට සම්මාන දෙන්නට බන්ධනාගාර ඇමැතිවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක්‌ පත් කරද්දී නාටකය අධ්‍යක්‍ෂණය කළවුන්ට අයත් තිරෙන් පිටුපස තිබූ කතා රැසක්‌ද සමගිනි.

අප මෙකී නාටකයේ තිර රචනය කිරීමේ සහ අධ්‍යක්‍ෂණයේ (අ) ගෞරවය බන්ධනාගාර පරිපාලන බලධාරින්ට ලබා දෙනුයේ ඇයි? එසේ කිරීමට සිදුව ඇත්තේ බන්ධනාගාර ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා විසින්ම එම කතාවේ ආරම්භය දැන් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරමින් සිටින බැවින් වේ.

ඇමැතිවරයා එය කරනුයේ කෙසේද? "බන්ධනාගාර බුද්ධි අංශයේ දැනුම් දීම මත කොමසාරිස්‌වරයා කළ ඉල්ලීමකට බන්ධනාගාරය පරීක්‍ෂා කිරීම සඳහා පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ සහාය ලබා ගත්තා. ඒ වගේම බන්ධනාගාර බුද්ධි නිලධාරින්ට තනිවම බන්ධනාගාර පරීක්‍ෂා කිරීමට නවීන තාක්‍ෂණය නැහැ. විශේෂ කාර්ය බළකාය කැඳවීමට ඒකත් හේතුවක්‌ වුණා" හෙතෙම එය කියමින් සිටිනුයේ එසේය.

ඇමැතිවරයාට අනුව නම් බන්ධනාගාර බුද්ධි අංශයට නැත්තේ නවීන තාක්‍ෂණය පමණි. එහෙත් කාලයක සිට සමස්‌ත බන්ධනාගාර පද්ධතියම වළපල්ලට යන අතරේ අවසානයට වැලිකඩ බන්ධනාගාරයද වැනසී යැම දෙස බැලීමේදී වැලිකඩ පරික්‍ෂාවට සන්නද්ධ එස්‌ටීඑෆ් නිළධාරින් සහායට ඉල්ලා ඇති බන්ධනාගාර බුද්ධි අංශයට නැත්තේ නවීන තාක්‍ෂණය පමණක්‌ද යන්න අපට ගැටලුවකි. 

අප එසේ කියන්නේ ලෝකයේ ප්‍රථම වතාවට තමන් බුද්ධි නිලධාරින් බව තමන්ගේම නිල ඇඳුමේ ලොකු අකුරින් ගසාගෙන රාජකාරියේ යෙදෙන අතරේ අටඅනූවක්‌ පිස්‌සු කෙළින බන්ධනාගාර බුද්ධි අංශයට මොලේ තිබේදැයි යන ප්‍රශ්නයද අපට තිබෙන බැවිනි.

වැලිකඩ බන්ධනාගාරයේ ඇති එල්ලුම් ගසේ තේක්‌ක ලෑලි ගිල දමා ඉන් නොනැවතී