Ads 468x60px

.

පි‍යාගේ දත් කඩා ගැබිනියක් ප්‍රසිද්ධියේ නිරුවත් කරයි.

“දැලි පිනි සමන්” උමතුගව රෝගයෙන් නිවසකට පැන යකා නටයි...

මන්න පිහියකින් හිසට පහර දී පි‍යාගේ යටි ඇන්දේ දත් කිහිපයකුත් කඩලා...

සන්නද්ධව වෑන් රථයකින් පැමිණ මිහින්තලය පොලිස් වසමේ මාතලේ හංදිය ප්‍රදේශයේ නිවසකට වැදුණු මැර කණ්ඩායමක් එම නිවසට පහර දී නිවසේ බඩු බාහිර ආදියට අලාභ හානි සිදු කර නිවසේ හිමිකරුටද බරපතල තුවාල සිදු කර පළා ගොස් තිබෙනවා.

අංක 09 ඒ සමඟිපුර මාතලේ හංදිය අනුරාධපුර පිහිටි නිවසට පැමිණි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි දැලි පිහි සමන් නැමැත්තා ඇතුළු දහදෙනෙකුගෙන් පමණ යුතු මැර කණ්ඩායමක් මෙම පහරදීම සිදු කර පලා ගොස් තිබෙනවා. 

19 වන දා අළුයම පැමිණි මැර කණ්ඩායමක් තේක්ක ලීයෙන් තැනූ ඉදිරිපස දොර පො‍රවකින් ගසා කඩා නිවසට ඇතුළු වී සියලු දෙනාගේම ගෙලට පිහි තබා මරා දමන බවට තර්ජනය කළ බවත් නිවෙස් හිමිකරුට මන්න පිහියකින් හිසට පහර දී ඔහුගේ යටි ඇන්දේ

ලංකාව හැරදා ගිය සුමනා ගෝමස් වසර දහයකට පසුව නැවතත් ලංකාවට...

ඊයේ එයාර් පොර්ට් ගාර්ඩන් හෝටලයේ නවාතැන් අරගෙන...

විවාහ වී තිබෙන්නේ ඇමරිකානු ජාතිකයකු සමගයි...

චිත්‍රපට ඉතිහාසයේ පෙරළියක් ඇතිකල ජනප්‍රිය නිළි සුමනා ගෝමස් ලංකාව හැරදා ගියේ වසර 15 කට පමණ පෙරය.

ඇමරිකානු ජාතිකයකු සමග විවාහ වී දැනට නිව්යෝර්ක් නගරයේ ජීවත්වන ඇය ඊයේ සවස ලංකාවට පැමිණ තිබෙනවා. ඇය ලංකාවට පැමිණ ඇත්තේ වසර දහයකට පසුවය.


පෙරේදා උදෑසන ජෝන් කෙනඩි (ජේ එෆ් කේ) ගුවන් තොටුපලින් එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත් වූ ඇය ලංකාවට පැමිණ තිබෙන්නේ ඊයේ සවසයි.

ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව හෙට (22) ගුවන්ගත කිරීමට සියල්ල සුදානම්...

මෙහි අයිතිය ශ්‍රී ලංකාව සහ චීනය යන රටවල් දෙකම සතුයි... 

රටවල් දෙකේම ජාතික කොඩි ප්‍රදර්ශනය වෙනවා...

එහෙත් චන්ද්‍රිකාවේ වැඩි අයිතිය හිමි වන්නේ ශ්‍රී ලංකාවටයි...

චන්ද්‍රිකා තාක්ෂණය අද අපට නැතුවම බැරිය. වර්තමාන මිනිසාගේ සියලු සන්නිවේදන කටයුතු චන්ද්‍රිකා තාක්ෂණය හා බැඳී පවනවා. 

ලොව විවිධ ධනවත් රටවලින් උඩු ගුවනට යවන ලද චන්ද්‍රිකාවලින් ශ්‍රී ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටවල් බොහෝමයක් යැපෙනවා. ඒ සඳහා වූ සේවා ගාස්තු විශාල වශයෙන් ධනවත් රටවල් කරා ඇදී යනවා.
  
මෙතෙක් කල් ශ්‍රී ලංකාවද අනෙකුත් රටවලට සේවා ගාස්තු ගෙවමින් තම සන්නිවේදන කටයුතුවල යෙදුනා. එහෙත් තවත් නොබෝ දිනකින් තමන්ගේම චන්ද්‍රිකාවකින් සන්නිවේදන කටයුතු සිදුකරන ලොව 45 වැනි රට බවට ශ්‍රී ලංකාව ඉතිහාසගත වෙනවා.

ශ්‍රී ලංකාව සිය පළමු සන්නිවේදන චන්ද්‍රිකාව නොවැම්බර් මස 22 වැනි දින
එනම් හෙට ගුවන් ගත කරනවා. එදින රාත්‍රී 9.30ට චීනයේ ෂින්චෑන්ග් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී මෙය ගුවන්ගත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. 

මෙය ගුවන් ගත කිරීම සිදු කෙරෙන්නේ චීනයට අයත් රොකට්ටුවක් මාර්ගයෙනි. ශ්‍රී ලංකාවට ඉහළ අභ්‍යවකාශයේ

හූනියමක් කැපීමේ මුවාවෙන් තරුණිය නිරුවත් කර කරන්න ඕනේ දේ කරලා...

පේනයක් බැලීමෙන් පසු ඇයට හූනියමක් කරලාලු...

පියා කාමරයෙන් එළියට යවලා.. තරුණියගේ මවගේ දෑස් බැඳලා..

ආගමික ගීතිකා අඩංගු සංයුක්ත තැටියක් වාදනය කරලා..

හූනියමක් කැපීමේ මුවාවෙන් දහඅට හැවිරිදි තරුණියකට අතවරයක් සිදුකළේ යැයි කියන මීගමුව ප‍්‍රදේශයේ දේවගැතිවරයෙක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

කොළඹ ප‍්‍රදේශයේ පදිංචි තරුණියකගෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම වැටලීම සිදුකෙරිණි. අත්අඩංගුවට ගැනුණු තිස්නව හැවිරිදි සැකකරු දෙදරු පියෙකු යයි ළමා හා කාන්තා කාර්යාංශය කියනවා.

දිගු කලක් තිස්සේ දැඩි හිසරදයකින් හා බඬේ අමාරුවකින් පෙළුණු බව කියන මෙම තරුණිය මෙම ස්ථානයෙන් පේනයක් බැලීමෙන් පසු ඇයට හූනියමක්

හිස නැති කඳක් ඇවිදී, වැලිකඩ හිරගෙදර හොල්මන්ලු.

විවිධ ශබ්ද ඇසීමත් හිස නැති පුද්ගලයකු සැරිසැරීමත් නිසා නිලධාරීන් රාති‍්‍ර කාලයේ රාජකාරී කිරීමට බියෙන්...

මේ නිසා ඉහළ නිලධාරීන් සමග සාකච්ජා කර බන්ධනාගාරය තුළ පිරිතක් කීමට කටයුතු සුදානම්...

පසුගියදා වැලිකඩ හිරගෙදර තුළ ඇති වූ කැරැල්ලේදී හමුදාව සමග ඇති වූ වෙඩි හුවමාරුවෙන් සිරකරුවන් මිය යාමෙන් පසුව රාති‍්‍ර කාලයේදී වැලිකඩ හිරගෙදර හිස නැති ඇවිදින සිරුරක් නිලධාරීන් දැක ඇතැයි ප‍්‍රචාරයක් නිසා නිලධාරීන් රාති‍්‍ර කාලයේදී හොල්මන්වලට බියෙන් රාජකාරී කිරීමට බියෙන් පසුවන බව වාර්තා වෙනවා.

රාති‍්‍ර වැඩමුරය භාරව සිටි  ඕවර්සියර්වරයකු විසින් හිස නැති කඳක් දැක ඇතැයි ගිය ප‍්‍රචාරයක් මත බන්ධනාගාරය තුළ හොල්මන් භීතිය හටගෙන තිබෙනවා. වැලිකඩ වයි. ඕ. ගොඩනැගිල්ල ආසන්නයේ රාති‍්‍ර රාජකාරි නිරත වූ

මොකද්ද මේ පාසල් වල පැතිරිලා යන අලුත්ම රෝගය.

සිසුහු 119 ක්‌ ඊයේත් රෝහල්ගත කරලා...

ඇඟ කැසීම්, පළු දැමීම් සහ ක්‌ලාන්තය වැනි රෝග.

පාසල් වලට විතරක් මේක පැතිරෙන්නේ ඇයි...? 

දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඊයේ (20 දා) අධ්‍යාපනය ලබමින් සිටි පාසල් සිසුන් 119ක්‌ හදිසියේ රෝගිවීම නිසා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.

අධ්‍යාපනය ලබමින් සිටියදී ඊයේ දහවල් ඇඟ කැසීම්, පළු දැමීම් සහ ක්‌ලාන්තය වැනි රෝග ලක්‍ෂණ මතුවීමෙන් පසු මෙම සිසු දරුවන් රෝහල් කරා ගෙන ගොස්‌ තිබෙනවා.

අම්පාර ගාමිණී මහ විදුහලේ සිසුහු 28 ක්‌ද, මොණරාගල බඩල්කුඹුර නිශ්ශංක මහා විද්‍යාලයේ සිසුහු 19 ක්‌ද මිනුවන්ගොඩ පොල්වත්ත මහ විද්‍යාලයේ සිසුහු 34 සහ පින්නවල උඩගම විදුහලේ සිසුහු 25 ක්‌ද මීගමුව ශාන්ත පීතර මහා විදුහලේ සිසු 13 ක්‌ මෙලෙස හදිසියේ රෝගි වී රෝහල්ගත කර සිටිනවා.

ගණිකා වෘත්තිය නීතිගත කරන්න - මන්ත්‍රී අජිත් ඉල්ලයි.

ගණිකා වෘත්තිය නීතිගත කල යුතුයි, වටිනාකම දැනුනේ රට ගියාමයි... 

ලංකාවේ කාන්තාවන් කැමැති නැතිනම් කාන්තාවන් පිටරටින් ගෙන්වමු...

ඔය විකාර මේ සභාවේ කියවන්න එපා - සභාපති කෝදාගොඩ...

ලංකාවේ ගණිකා ව්‍යාපාරය නීතිගත කරවන ලෙස තමා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් ඉල්ලන බවද දකුණු පළාත් සභා සන්ධාන මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා ඊයේ (20 වැනිදා) පළාත් සභාවේ මාසික රැස්‌වීමේදී පැවසුවා.

මේ සඳහා ලංකාවේ කාන්තාවන් කැමැති නැතිනම් ඒ සඳහා කාන්තාවන් විදේශයෙන් මෙරටට ගෙන්වා ගණිකා ව්‍යාපාරය ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස දකුණු පළාත් සභා මාසික රැස්‌වීම අමතමින් ඔහු කියා සිටියා. 


මුහුදු හිරුඑළිය, ලිංගිකත්වය මත පදනම් වූ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට හැකියාව තියෙනවා. පසුගිය දිනෙක පළාත් සභාවේ මුදලින් විදේශ සංචාරයක