Ads 468x60px

.

හික්කඩුවෙන් අතුරුදන් වූ වෛද්‍යවරියගේ ඇත්ත කතාව

වෛද්‍යවරියගේ කතාව බෝධි පූජාවකහැරවුනේ කොහොමද...?

හික්කඩුවෙන් අතුරුදන් වූ වෛද්‍යවරිය අනුරපු‍රෙන් හමුවුනේ ඇයි...

මාතර මහ රෝහලේ නිරවින්දන වෛද්‍යවරිය දින තුනකට පසු අද (26) උදේ අනුරාධපුරයේ පිහිටි රත්නමාලි විශ්‍රාම ශාලාවේ සිටිය දී අනුරාධපුර පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතාට ලැබුණ තොරතුරක් මත ගොස් පොලිස් භාරයට ගත්තා. 

එරන්දි කුලසිංහ නැමැති මෙම තරුණ වෛද්‍යවරිය පසුගිය සිකුරාදා (23) සිට අතුරුදන් වී සිටියාය. මෙම අතුරුදන් වීම පිළිබඳ ගාල්ල සහ කළුතර පොලිසි හා ඒවායේ බුද්ධි නිලධාරින් පරීක්ෂණ ආරම්භ කර තිබුණා. 


අද උදේ එරන්දි කුලසිංහ මහත්මිය රත්නමාලි විශ්‍රාම ශාලාවේ කාමරයක් කුළියට ගෙන නැවතී සිටින බවට ලැබුණ තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් සමග ගොස් ඇය පොලිස් භාරයට ගත් බව පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතා පවසනවා. 


සුප්‍රීම් සැට් 1 ගැන රෝහිත කතා කරයි..

තාක්ෂණික දෝෂයක් නෑ...

ශ්‍රි ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව වන සුප්‍රිම් සැට් චන්ද්‍රිකාව නොවැම්බර් 27 වැනිදා යළිත් අභ්‍යවකාශගත කිරීමට සැලැසුම් කර ඇතැයි සුප්‍රිම් සැට් ශ්‍රී ලංකා ආයතනය පවසනවා.

එහි සභාපති ආර්. ඒ. මදිවානන් මහතා කියා සිටියේ සුප්‍රිම් සැට් චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවය.

මෙම චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීමත් සමඟ ශ්‍රී ලංකාවට ක්‍ෂේත්‍ර රැසකින්ම වාසි අත්වන බව සුප්‍රිම් සැට් ආයතනයේ ප්‍රධානියකු වන රෝහිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවැසීය. මෙමඟින් ලංකාව සිදුකරන්නේ මෙවැනි දෙයක් ලෝකයාට ප්‍රදර්ශනය කිරීමක්. මෙය පෞද්ගලික අංශයේ ලොකු අභියෝගයක් වන බවද ඔහු කීය.

මෙවැනි ආයෝජනයක් ලංකාවට පැමිණීම ඉතාමත් සාර්ථක දෙයක්! දැනට අප පාවිච්චි කරන්නේ පිටරටවල චන්ද්‍රිකාවන්. සල්ලි ඉතුරු කරගෙන අපගේ රටේ සමාගම්වලට ගන්න පුළුවන් සුප්‍රිම් සැට් චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීමට සැලැසුම් කර තිබුණේ නොවැ: 22 වැනි දින පස්වරු 3.43ටයි.

ඒ අනුව පසුගිය 22 වනදා කක්ෂගත කිරීමට තිබූ සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව දින 5කින් කල්දැමූ අතර එය නැවත හෙට දිනයේදී කක්ෂගත කිරීමට නියමිතයි.

එය කල්දැමීමට හේතුව ලෙස සුප්‍රීම් සැට් සමාගමේ සභාපති මනිවන්නන් පවසා තිබුනේ තාක්ෂණික දෝෂයක් හා අයහපත්

දිනකට භාණ්ඩ විසි ලක්ෂයක් විකිණෙන, ඒහෙත් එකම පාරිභෝගිකයකුවත් නැති අරුම පුදුම කඩයක්.

නියමිත මිලෙන් 40% වට්ටමක් සහිතව දින දෙක තුනකින්...

එකවර ගබඩා කර ඇති භාණ්ඩ සංඛ්‍යාව පනස් ලක්ෂයක්...

එංගලන්තයේ විශාලතම අන්තර් ජාල වෙළෙඳහලේ දිනකට භාණ්ඩ විසි ලක්ෂයක් විකිණේ. ඒත් එකම පාරිභෝගිකයකුවත් නැත.

”ඇමසන්” නමින් ඇමෙරිකාවේ පටන්ගත් සංකල්පයකට අනුව 2010 වර්ෂයේ එංගලන්තයේ ආරම්භ කළ ”ඇමසන් අන්තර්ජාල වෙළෙඳසල” මගින් දැන් ලෝකයේ නිපදවන බොහෝ දේ නියමිත මිලෙන් 40% වට්ටමක් සහිතව දින දෙක තුනකින් ලබාගත හැකිවෙනවා. මේ වෙළෙඳ භාණ්ඩ අතරට ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අත්කම්, පොත්පත්, ඇඳුම් පැළඳුම් සහ ගෘහ භාණ්ඩ ආදියද ඇතුළත් වෙනවා.

ඇමති මර්වින්ගේ ට්‍රේල් බයික් පැදිල්ල...

මර්වින් යතුරු පැදියෙන්, පාපැදි තරගයක..

රැස්ව සිටි පිරිස ඇමතිවරයාගේ බයික් පැදිල්ල බලා සිනහා වෙයි...


නිලධාරින් ඇමතිවරයා පසුපස ගමන් කිරීම නිසා මහත් කලබලයක්...

කැලණිය නගරයේ ඊයේ (25) පෙරවරුවේ පැවති පාපැදි තරගයක් ආරම්භ කිරීමේ අවස්ථාවට පැමිණි අමාත්‍ය මර්වින් සිල්වා මහතා, එම තරගය ආරම්භ කිරීමට සංඥාව දීමෙන් අනතුරුව මාධ්‍යයේ අවධානය දිනාගන්නටදෝ එතැන තිබූ ට්‍රේල් බයික් එකක නැගී එම තරග කරුවන් දිරිගන්වමින් කිලෝ මීටර් 4ක් පමණ දුරක් කිරිබත්ගොඩ නගරය වටා ධාවනයේ යෙදුනේය.ඔහු එසේ ගියේ හෙල්මටයක්ද නැතිවය.

‘කිරිබත්ගොඩ තරුණ කැල’ නමැති සංවිධානය වෙනුවෙන් දුමින්ද නිලන්ත පෙරේරා විසින් මෙම පාපැදි තරගය සංවිධානය කර තිබිණ.

තරගය ආරම්භයත් සමග ඇමතිවරයා අසළ සිටි තරුණයකුගේ යතුරු පැදියක් හිටිහැටියේ ඉල්ලා ගනිමින්

බුදු දහම තලෙබාන්කරණයෙන් මුදාගැනීම...

අතීත ඉන්දියාවේ සිදුහත් නම් රජ කුමරෙක් ජීවත් විය. ඔහු ගිහි ගෙය හැර දමා ගොස් මිනිසාට විමුක්තිය ලබා ගත හැකි දහමක් පිලිබඳ ගවේෂණය කළේය. 

ආත්ම ගවේෂණයෙන් පසු අහිංසාවාදී ප්‍රයෝගික දර්ශනයක් එම ශේෂ්ඨ මිනිසා විසින්  ජනතාවට හඳුන්වා දෙනු ලැබිය. 

මේ ධර්මය ලෝකයේ බුද්ධිමතුන් විසින් මනා සේ පිළිගනු ලැබිණ. එම දහම වතිකානුව මෙන් රටවල් අල්ලාගෙන ජන ඝාතන කිරීමට අනුබල දුන්නේ නැත, කුරානය මෙන් අල්ලාහ් නොඅදහන්නාගේ බෙල්ල කැපිය යුතු බව කීවේ නැත. මේ නිසා මෙම දහම මානවවාදී දහමක් ලෙසට ලෝකය පුරා පිළිගැනීමක් ලැබුණි. 

මේ ධර්මය ලංකාවට ලැබුණු නමුත් කාලයාගේ ඇවෑමෙන් එහි බොහෝ  විකෘති ඇති විය. දායකයන් විසින් ලබා දෙන සිව්පසේ ඇළුනු සමහර භික්ෂුන්  ගිහියන්ටත් වඩා තන්හා අධික වී කාමභෝගී ජිවිත ගත කරන්නට පටන් ගත්හ. 


එදා ඒ ෂෝ එක තිබුනේ සිනමන් ලේක් හෝටලයේ හින්දා මම මෙහෙම කිවුවා - ජිප්සීස් සුනිල් කියයි.

සතුට සොයා පොඩි පොඩි ගෙස්ට් හවුස්වලට ගියේ ඇයි...

ඒ ගියාම පොලීසියෙන් ඒවා රේඞ් කෙරුවෙ ඇයි...

සිනමන් ලේක් එකට පනින්නෙ නැත්තෙ ඇයි...
රාජපක්‍ෂ  ඕව දන්නෙ අයි ඩෝන්ට් නෝ වයි...

මං කිවුවෙ  ඕකයි...ඒකෙ කිසිම මඩ ගැහිල්ලක් තිබුනෙ නෑ.  

ඒක ලැජ්ජාවට කාරණයක් නෙමෙයි...

පසුගිය දිනෙක සිනමන් ලේක් හෝටලයේ පැවති සාදයකදී ජනාධිපති මහින්ද රාපක්‍ෂ මහතාට අපහාස කලේ යයි පවසමින් මන්ත‍්‍රී වී.කේ. ඉන්දික විසින් තමන්ට පහර දෙන්නට හැදු බවත් පසුව තමන් ඔහුගෙන් සමාව ගත් බවත් ජිප්සීස් නායක සුනිල් පෙරේරා පවසයි.

‘‘මෑතකදී පැවති සංගීත ප‍්‍රසංගයකදී එක මන්ත‍්‍රීතුමෙක් මට ගහන්න පැන්නා. අයි ඩෝන්ට් නෝ වයි සින්දුව කියන එක තැනකදී මම මෙහෙම කිවුවා.