Ads 468x60px

.

වසර 19 කට පසු බිරිද පිරිමියෙක් බව හෙළිවුනු හැටි..

අඹුසැමියන් සේ ජීවත් වූවද තමන් අතිනත ගෙන සිටින්නේ පිරිමියෙක්...

ශල්‍යකර්මයක් මගින් ලිංගික විපර්යාසයක් කරගෙනලු... 

වසර 19 ක් පුරාවට තමන් සමග පවුල් කෑ තම බිරිද පිරිමියෙක් බව හෙළිවීමෙන් පසු තම විවාහය අවලංගු කල යුතු යැයි පවසමින් අධිකරණය හමුවට ගිය පුද්ගලයෙකු ගැන බෙල්ජියමෙන් වාර්තා වෙනවා.

64 හැවිරිදි බෙල්ජියම් ජාතිකයෙකු වන ජෙන් නැමැති මෙම පුද්ගලයා සිය 48 හැවිරිදි මොනිකා නැමැති ඉන්දුනීසියානු ජාතික බිරිද සමග වසර 19 ක් පුරාවට අඹුසැමියන් සේ ජීවත් වූවද තමන් අතිනත ගෙන සිටින්නේ පිරිමියෙකු සමග යැයි දැන සිටියේ නැතැයි පවසනවා.

මට පෙර විවාහයේ දරුවන් සිටි නිසා අප නැවත දරුවන් නොවැදීමට තීරණය කලා. නමුත් අප අඹුසැමියන් සේ එක්වූ සෑම විටම ඇය තම පිරිමිකම සගවා ගන්නට සමත්වී තියෙනවා. 

මනස විකෘති කරන ලෝක විනාශ භීතිකාව...

කොස්මොෆෝබියා හෙවත් විශ්වභීතිකා රෝගය ලෝකය පුරාම පැතිරිලා...

මේ වසරේ දෙසැම්බර් 21 දා සමස්ත ලෝකයම විනාශ වන බවට අන්තර්ජාලය ඔස්සේ පැතිර ගිය මතය ගැන දැන් යළිත් ජනතාවගේ අවධානය යොමු වී තිබෙනවා. ඒ පිළිබඳව තවමත් බොහෝ දෙනා විවිධ මත පළ කරනවා

එබැවින් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සමග එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව එක්තරා පුවත්පතකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකි.

2012 දී ලෝක විනාශය ඇතිවන බවට අන්තර්ජාලයෙන් පළ කෙරුණු මතය ගැන දැන් යළිත් වැඩි අවධානයක් යොමු වෙලා. 


මේ ගැන ඔබේ අදහස කුමක්ද?
මේ වසරේ දෙසැම්බර් 21 දා ලෝකය මුළුමනින්ම විනාශ වන බවට පළකෙරුණු මතයම තමයි දැන් යළිත් මතුවෙලා තියෙන්නේ. ලංකාවේ වෙලාවෙන් එදින පස්වරු 4.41ට ලෝකය විනාශ වන බවට ඔවුන් මත පළ කරනවා.


මේ සමගම ඔවුන් තව අලුත් දෙයක් ප්‍රචාරය කරනවා. එනම් දෙසැම්බර් 23,24,25 දිනවල අහස මුළුමනින්ම අඳුරු වෙනවා කියන කතාව.

ඒ දින තුනෙහිම කිසිදු විදුලි බල්බයක්වත් දැල්වීමට බැරි බවත් ‍පොළව හෙලවිලා විශාල පිරිසක් මියගොස් ඉතිරිවන අයට අලුත් ලෝකයක් උදාවන බවත් ඔවුන් කියා තිබෙනවා.

එහෙත් මේ කිසිවකට බියවිය යුතු නැහැ. මොකද මේ හැම කතාවක්ම අන්තර්ජාලය හරහා පතුරුවා හරින සම්පූර්ණ අසත්‍යයන් පමණයි. මේ දේවල් වන බවට ඔප්පු කිරීමට කිසිදු විද්‍යාත්මක සාධකයක් නැහැ.


දින තුනක් එකදිගට අඳුරු වන බවට මතයක් පළ වී ඇත්තේ කුමක් පදනම් කරගෙනද?

කොළඹ කච්චේරියේ හදිසි ගින්නක් - ලක්‍ෂ 22ක තොරතුරු ගින්නෙන් විනාශයි...

කඩාකප්පල්කාරී ක්‍රියාවක්‌දැයි පරීක්‌ෂණ...

ආදායම් බදු ලිපි ලේඛනත් අළුවෙයි...


කොළඹ වේල්ලවීදියේ පිහිටි කච්චේරි ගොඩනැගිල්ලේ ඉහළ මාලය ඊයේ (26 වැනිදා) රාත්‍රියේ ඇති වූ ගින්නකින් මුළුමනින්ම විනාශයට පත් වුනා.

වර්ග අඩි පන්සියයකින් පමණ යුත් මෙම මහලේ දිසාපති කාර්යාලය, ආදායම් බදු කාර්යාලය, පාලන අංශය, සැලසුම් අංශය හා ප්‍රධාන රැස්‌වීම් ශාලාවද පිහිටා ඇති අතර ඒවායේ සියලු ලිපිලේඛන ගින්නෙන් අළු වෙන්නට ඇතැයි එම ස්‌ථානයේ සිටි පොලිස්‌ නිලධාරියෙක් ඊයේ (26 වැනිදා) රාත්‍රියේ පැවසුවා.

රාත්‍රි 7.40 ට පමණ ඇති වූ ගින්න පත්‍රය මුද්‍රණයට යන අවස්‌ථාව වන විටත් ඇවිළෙමින් පැවැති
තිබුනා.

බ‍්‍රහස්පති උපග‍්‍රහයාගෙන් පෘථිවියට ආ අද්භූත යානය..

අපි සූර්යයා වටා තවමත් සංචාරය කර ඇත්තේ තුන්වරක් පමණි...

සූර්යයා නොමැතිනම් ජීවයක් පවතින්නේ නැත... 

පෝල් ටෙ‍්‍රන්ට් තම නිවස තුළ ආහාර ගනිමින් සිටියේය ගොවිපලේ සිටි බිරිඳ හදිසියේම දුටු දෙයින් විස්මිතව තම සැමියා අමතා බෙරිහන් දෙන්නට වූවාය. බිරිඳගේ හදිසි කෑ ගැසීම අසා පෝල් එලියට එද්දී දුටුවේ තම ගොවිපළට ඉහළින් අමුතු ආකාරයෙන් ගමන් ගන්නා වස්තුවකි. ඔහු වහාම කැමරාව රැගෙනවිත් එහි ඡායාරූප කිහිපයක්ම ගත්තේය. ඒ 1950 මැයි මස 11 වැනි දිනයයි.

මදක් ඇලවී තිබූ මේ රවුම් තැටි ආකාර වස්තුව කිසිදු ශබ්දයක් හෝ දුමක් නොනගා දීප්තිමත්ව දිලිසෙමින් නොපෙනී යන ආකාරය ඔවුහු බලා සිටියහ. තමන් ලබාගත් මේ අපූරු වස්තුවේ ඡායාරූප පෝල් මිතුරන් කිහිප දෙනකුට පෙන්නුවේය. එහෙත් ඒ ගැන ඔහුගේ වැඩි උනන්දුවක් තිබුණේ නැත. 


මැක්මින්විලේ ග‍්‍රාමයේ සිටි පුවත්පත් වාර්තාකරුවකුට මේ ඡායාරූප ගැන අසන්නට ලැබිණි. ඔහු වහාම සිදුවීම පසු පස හඹා ගියේය. අවසානයේ ටෙ‍්‍රන්ට් ගේ දරුවන් සෙල්ලම් කිරීම සඳහා භාවිත කරමින් සිටි ඡායාරූප කිහිපයක් ඔහුට හමුවිය.

එය තම සගරාවේ පල කිරීමට ඔහු සමත් වූවේය. අවසානයේ මේ ඡායාරූප ලයිෆ් සගරා අතට ද පත්විය. එයින් වසර 14 ට පමණ පසු ඇමෙරිකාවේ

ඕස්ටේ‍්‍රලියානුවෝ ලෝක විනාශයට බයෙන් මේ නත්තලට මස් කන්නේ නැතිලු...

ඕස්ටේ‍්‍රලියා මහද්වීපය පැලී දෙකඩ වී යනවලු...

2012 දෙසැම්බර් මාසයේදී විවිධවූත් ස්වභාවික විපත්වලට මිහිතලය ගොදුරු වනු ඇතැයි  ඕස්ටේ‍්‍රලියානුවෝ තදින්ම විශ්වාසය පළකරනවා. මෙම හේතුමත ඔවුහු මෙවර නත්තලද සැමරීමට තීරණය කර ඇත්තේ නිර්මාංශවයි.

අපි‍්‍රකා මහද්වීපය ලිබියා කාන්තාරය හරහා උතුරේ සිට දකුණටත්, බටහිර සිට නැගෙනහිර දෙසටත්, පැලීයන බවත්, එමෙන්ම  ඕස්ටේ‍්‍රලියා මහද්වීපය දෙකඩ වී යන බවත් දැනට විවිධවූත් ස්වභාවික විපත්වලට ගොදුරුවන ක්වින්සිලන්ත ප‍්‍රාන්තයේ ත‍්‍රිකෝණාකාර බිමක් ඉතිරිවෙන බවත් (2012 ඉකුවේෂන් සොල්විඞ් අන්තර්ජාල වෙබ් අඩවිය) පසුගිය කාලය තුළ සිදුවූ දෑ සහ විද්‍යාත්මක කරුණුද ගෙනහැර දක්වමින් කියා සිටි
නවා.

ක‍්‍රිස්තියානින් පවසන්නේ බයිබලයේ කිසිදු තැනක නියත වශයෙන්ම ලෝක විනාශය සිදුවන දිනයක්