Ads 468x60px

.

නදීෂා හේමමාලි ඇගේ කුළුදුල් විවාහය සඳහා සුදානම් වෙන හැටි

යසීන් පෙර විවිහයේ බිරිදව දික්කසාද කිරීමට සදහා නීතිමය පියවර අරන්ලු...

නදීෂා හේමමාලි හට නිවසක් සහ ලිසිං කර කාර් එකක්...

නදීෂා හේමමාලි නිලියක් ලෙස ජනතාව අතරට පැමිණ දිගු කාලයක් ගත නොවුවද ඇය සතු සහජ කුසලතා හේතුකොටගෙන මේවනවිට සිංහල සිනමාවේ වඩාත් සරාගී මෙන්ම ධනවත්ම නිළිය ලෙස ඇය පත්ව සිටිනවා. ඇය දැන් ටෙලි නාට්‍යය නිෂ්පාදනකාරණයේද නියැලී සිටියි.

කලකට පෙර විශාල වියදමක් කර නිෂ්පාදනය කර විකාශය වූ ඇත්කඳ ලිහිණියා නම් ටෙලි නාට්‍යයද ඇගේ නිෂ්පාදනයකි. මේ දිනවල ඇය, ඇගේ කුළුදුල් විවාහය සඳහා සුදානම් වනබව වාර්තාවේ.

එලෙස ඇය සමග විවාහ ගිවිස ගැනීමට සුදානම් වන්නේ "මොහොමඩ් හෆීස් යසීන්" නම් තිස් දෙහැවිරිදි මුස්ලිම් ජාතිකයෙකු සමගය.



නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි Yaseen’s Computerised Graphics නම් ව්‍යාපාරය හිමි ඔහු නදීෂා හේමමාලිගේ පිවිතුරු ආදරය හමුවේ පෙර විවිහයේ බිරිදව දික්කසාද කිරීම සදහා නීතිමය පියවර ගනිමින් සිටියි.

ඔහු පෙර විවාහයේ දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. ඔහු දැනටමත් නදීෂා හේමමාලි හට නිවසක් සහ ලිසිං කර කාර් එකක් ලබාදී තිබේ.

ආමර්වීදියේ තිදෙනාගේ මරණයට හේතුව මෙන්න...

මියගිය පියාගේ හා දරුවාගේ මෘත ශරීර කාමරයක ඇඳක්‌ මත...

මවගේ සිරුර කාමරයේ විදුලි පංකාවක ගැටගසා තිබූ රෙද්දකින් එල්ලෙමින්...

පෙරේදා (26 වැනිදා) රාත්‍රී කොළඹ ආමර්වීදියේ තෙමහල් ගොඩනැඟිල්ලක අබිරහස්‌ ලෙස මියගොස්‌ සිටි එකම පවුලේ තිදෙනාගේ සිරුරු පොලිසියෙන් සොයා ගන්නා විට සිරුරු නරක්‌වී ඉදිමී තිබූ බවත්, දැඩි දුර්ගන්ධයක්‌ හැමූ බවත් පොලිසිය කියනවා.

මෙලෙස මියගොස්‌ තිබුණේ කොළඹ අමාර් වීදියේ තාවකාලිකව පදිංචිව සිටි පියා - සිවලිංගම් ශ්‍රීකාන්ත (38), මව - සිවරාම් කෝකිලවානි (24) සහ පුතා -_ ශ්‍රීකාන්තන් සර්වේස්‌ (02) යන තිදෙනායි.

මියගිය පියාගේ හා දරුවාගේ මෘත ශරීර කාමරයක ඇඳක්‌ මතද, මවගේ සිරුර කාමරයේ විදුලි පංකාවක ගැටගසා තිබූ රෙද්දකින් එල්ලෙමින්ද තිබුනා.

මුලින් බිරිඳ සිය සැමියාට හා දරුවාට වස දී මරා පසුව ඇය එල්ලී දිවිනසා ගන්නට ඇතැයි පොලිසිය සැකකරනවා. මෙම මරණවලට හේතුව

පොහෝය දිනය ඊයේ (27) සමරනු ලැබූයේ ලංකාවේ පොහෝය කමිටුවේ උවමනාවටද..?

හරි පොහොය අදයි (28)...

පොහොයක් නොවන අද චන්ද්‍රග‍්‍රහණයක් සිදුවන්නේ කෙසේද...?

තාරකා විද්‍යාවට අනුව ඉල් පුරපසලොස්වක පොහෝය යෙදී තිබෙන්නේ අදට (28) බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.

එම පොහෝය දිනය ඊයේ (27) සමරනු ලැබූයේ ශී‍්‍ර ලංකාවේ පොහෝය කමිටුව විසින් ගනු ලැබූ විශේෂ තීරණයක් අනුව බවය ඒ මහතා වැඩිදුරටත් පවසා තිබෙනවා. මෙම වසරේ අවසන් චන්ද්‍රග‍්‍රහණය අද සිදුවනවා. සාමාන්‍යයෙන් චන්ද්‍රග‍්‍රහණයක් සිදුවන්නේ පුරපසලොස්ව පොහෝය දිනකයි. 

එසේ නම් භාවිත දින දර්ශනයට අනුව පුරපසලොස්වක පොහොයක් නොවන අද චන්ද්‍රග‍්‍රහණයක් සිදුවන්නේ කෙසේදැයි. මහාචාර්ය චන්දන ජයරත්න මහතා ඉහත අදහස් පළ කර ඇත්තේ නෙත් නිවුස් කළ විමසීමක දීය.

එමෙන්ම අද (28) දිනයේ සිදුවන ඡායා චන්ද්‍රග්‍රහණයක්  ශ්‍රී ලංකාවාසීන්ට දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.

ලෝක විනාශය දින දෙකක් කල් ගිහින්, දෙසැම්බර් 23ලු

එහෙත් ලෝක අවසානය ගැන සඳහන් වන්නේ නැතිලු...

මෙක්‌සිකෝවේ මායා ප්‍රදේශයේ සංචාරක හෝටල් වෙන් කරවාගෙන...

මායාවරුන්ගේ දින දර්ශනය අවසන් වන්නේ 2012 දෙසැම්බර් 21 නොව දෙසැම්බර් 23 යයි පුරාවිද්‍යා ගවේෂකයෝ පවසනවා.

ගෝතමාලාවේ එල් ටෝට්‍රගුවේරෝ ප්‍රදේශයේ තිබී හමු වූ ශිලා ලේඛණයකින් මේ බව හෙළිවී තිබෙනවා. ඉන් ලෝක අවසානය ගැන සඳහන් වන්නේ නැතැයි ද ඔව්හු කියා සිටිනවා.

මේ අතර ලෝක විනාශය සිදුවන බවට පල වී ඇති ප්‍රකාශයන් සමගම සංචාරකයන් මෙක්‌සිකෝවේ මායා ප්‍රදේශයේ සංචාරක හෝටල් වෙන් කර ගෙන ඇතැයිද වාර්තා වෙනවා.

මිසයිලයක් ආධාරයෙන් හඳ පිපිරවීමට ඇමරිකාවෙන් රහස් සැලසුමක්...

රහස් ස්ථානයක සිට මිසයිලයක් ආධාරයෙන් න්‍යෂ්ඨීක උපකරණය සඳ මත ගැටීමට...

මෑතකදී අනාවරණය වූ පරිදි 1950 ගණන් වල රහස් ව්‍යාපෘතියක් මගින් අභ්‍යවකාශ තරඟයේදී බලය පෙන්වීම සඳහා හඳ පුපුරවා හැරීමට ඇමරිකාව සැලසුම් කර තිබෙනවා. 

‘චන්ද්‍ර පර්යේෂණ යානා පිලිබඳ අධ්‍යයනය’ හෙවත් ‘A 119 ව්‍යාපෘතිය’ නම් වූ මෙය ක‍්‍රියාත්මක කර නැති මුත් සෝවියට් දේශය තම පලමු කෘතිම චන්ද්‍රිකාව වූ ස්පුට්නික් 1 ගුවන් ගත කල පසු ඔවුන් බිය වැද්දීමට මින් අදහස් කර ඇති බව DAILY MAIL වාර්තා කරනවා.

රහස් ස්ථානයක සිට මිසයිලයක් ආධාරයෙන් න්‍යෂ්ඨීක උපකරණය සඳ මත ගැටීමට සලස්වා පෘථිවියේ සිට දැකගත හැකි පිපිරීමක් ඇති කිරීමට සැලසුම් කර තිබුනා

හයිඩ‍්‍රජන් බෝම්බයක්  සැතපුම් 283000 ක දුරක් ගෙන යාමට බර වැඩි නිසා පරමාණු බෝම්බයක් මේ සඳහා යොදා ගැනීමට නියමිත වුනා.

සුප්‍රීම්සැට් චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතවන ජායාරූප..

චන්ද්‍රිකා රූපවාහිනී සේවාවන් සඳහා එළඹෙන වසරේ ජූලි මාසයේ සිට පහසුකම්...

අයහපත් කාලගුණය හේතුවෙන් අභ්‍යාවකාශ ගත කිරීමට ප්‍රමාද වූ සුප‍්‍රීම් සැට් වන් පළමු චන්ද්‍රිකාව චීනයේදී සාර්ථකව ඊයේ (27) කක්ෂගත කළ බව බලධාරීන් පවසනවා.

සුප්‍රීම් සමාගම් සමූහයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ විජිත් පීරිස් කියා සිටියේ 'ශී චැන්ග්' යානය යොදා ගනිමින් 'සුප්‍රීම් සැට් - 1' චන්ද්‍රිකාව  සුරක්ෂිතව කක්ෂගත කෙරුණු බවයි.

සන්නිවේදන චන්ද්‍රිකාව චීන රොකට්ටුවක් මාර්ගයෙන් උඩුගුවනට විද 87.5 භූ ස්ථායි කක්ෂයේ රැඳවීමට නියමිතව ඇති අතර අභ්‍යාවකාශ ගත කර මිනිත්තු හතකට පසුව ශ්‍රී ලාංකීය මුහුදු තීරයට ඉහළ අහසින් ගමන් කිරීමට නියමිතයි.

මෙම චන්ද්‍රිකාව මගින් චන්ද්‍රිකා රූපවාහිනී සේවාවන් සඳහා එළඹෙන වසරේ ජූලි මාසයේ සිට පහසුකම්ද සැපයීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතියේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 320 ක් වන අතර, වසර එකහමාරකට පෙර ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ මූලික අදහසේ හිමිකරු වන්නේ ජනාධිපති පුත් රෝහිත රාජපක්ෂ මහතායි.

අමාත්‍ය තිස්ස විතාරණ, රෝහිත රාජපක්ෂ ඇතුළු පිරිසක් චන්ද්‍රිකාව කක්ෂගත කිරීමේ අවස්ථාවට එක්විය.

අභ්‍යාවකාශගත කෙරුණු සුප‍්‍රීම් සැට් වන් චන්ද්‍රිකාව සම්බන්ධයෙන්, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ, මෙම ගනුදෙණුව සම්බන්ධයෙන් ආණ්ඩුව, පාර්ලිමේන්තුව සහ ජනතාව දැනුවත් කළ යුතු බවයි.

ChinaSat-12 හෙවත් SupremeSAT-1 චන්ද්‍රිකාව රැගත් 173 වැනි Long March III B රොකට්ටුව චීනයේ ජනමාධ්‍ය විසින් තම පුවත් වල මෙම චන්ද්‍රිකාව හඳුන්වා ඇත්තේ "中星十二号" හෙවත් Star No. 12 communications satellite ලෙසයි. 

අභ්‍යාවකාශ ගතවන අවස්ථාවේ ජායාරූප හා වීඩියෝ එකතුවක් පහතින්.