Ads 468x60px

.

බඩෙන් එලියට එන්නත් කලින් අය්යා මලෝ ගෝරි (වීඩියෝ)

තමන් රැඳී  සිටීනා තැන ඉඩකඩ වැඩිකර ගැනිමට දෙදෙනා රණ්ඩු වෙනවලු...

මාස අටක් වයසැති නිවුන් දරුවන් දෙදෙනෙකූ මවගේ ගර්භාෂයේ   සිදුකරනා අරුම පුදුම  ක‍්‍රියාවලියක් ස්කැනර් වීඩියෝවක් මගින් ඵළිදැක්වීමට ලන්ඩනයේ ඵමිපිරියල් වෛද්‍ය වීද්‍යාලයේ වෛද්‍ය වරුන් පිරිසක් සමත් වී තිබෙනවා.

ඵහිදි ඵම වෛද්‍යවැන්ගේ මතය වනුයේ  රණ්ඩුවක වීලසින් අත්පා වීසිකරමින් දරුවන් දෙදෙනාගේ මෙම හැසිරිම තමන් රැඳී  සිටීනා තැන ඉඩකඩ වැඩිකර ගැනිමට ගන්නා උත්සහායක් බවයි.


එම වීඩියෝපහතින්...

පැය 48ක් ඇතුලත තට්ටු 10ක ගොඩනැගිල්ලක් හැදු හර්පාල් සිං

අවශ්‍ය අමුද්‍රව්‍ය පසුගිය මාස දෙක පුරාවට නිපදවලා... වානේ ටොන් 200ක්...

පැය 48ක් තුළදී මහල් 10ක ගොඩනැගිල්ලක් ඉදිකිරීම පිළිබඳ පුවතක් ඉන්දියාවේ පංජාබ් ප‍්‍රාන්තයේ මොහාලි නුවරින් වාර්තා වෙනවා.

මෙම ගොඩනැගිල්ල තනා ඇත්තේ සිනර්ජි ති‍්‍රස්ලිංටන් නම් යටිතල පහසුකම් සමාගමක් විසි
නුයි.

පසුගිය බ‍්‍රහස්පතින්දා ඉදිරිකිරීම් ආරම්භ වූ අතර, සිකුරාදා සවස් වරුව වන විට මහල් 07ක් ද, පැය 48 අවසන් වන විට මහල් 10 ගොඩනැගීමටද මෙම සමාගම සමත් වී තිබෙනවා.


මෙම ගොඩනැගිල්ල සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය පසුගිය මාස දෙක පුරාවට නිපදවා ඇති අතර, එලෙස නිපදවූ අමුද්‍රව්‍ය හා වානේ ටොන් 200ක් මේ සඳහා යොදාගෙන ඇතැයි විදෙස් වාර්තා වල දැක්වෙනවා.

ලෝකය විනාශ වන බව පවසමින් රැකියාවට නොගොස් සිටින මේසන් බාස්වරු...

2012-12-21 ලෝක විනාශය ගැන හරියටම දැනගන්නට තැනක්...

ඒ නාසා ආයතනයේ  www.nasa.gov වෙබ් අඩවියයි...
 
මේ වන විට ලෝකය පුරා තදින් පැතිර ගොස් ඇති ආරංචියක් වන්නේ 2012 දෙසැම්බර් මාසයේ එනම් මේ මාසයේ 21 වැනිදා හෝ ඊට ආසන්න දිනක කිනම් හෝ ස්වාභාවික ව්‍යසනයකින් පෘථිවිය විනාශ වී යන බවයි.
මායා ශිෂ්ටාචාරයට අයත් එක්තරා දින දර්ශනයක් 2012 දෙසැම්බර් 21 වැනිදායින් අවසන් වීම පදනම් කරගෙන ආරම්භ වූ මේ ලෝක විනාශ කතාව මේ වන විට බොහෝ දුර දිග ගොසිනි.

සමාජ විද්‍යාඥයන් නම් මෙසේ කලින් කලට ලෝක විනාශය පිළිබඳ ආරංචි පැතිර යාම සලකන්නේ ලෝක විනාශය නමැති සංසිද්ධියට මානවයා දක්වන භීතිය මුසු වූ ගුප්ත ආශාව නිසා සිදුවන්නක් ලෙසය. මීට පෙරද මේ ආකාරයටම ලෝක විනාශය සිදුවෙන්නේ යැයි දින නියම වූ අවස්ථා ගණනාවක්ම කිසිදු ආපදාවකින් තොරව ගෙවී ගොස් ඇති බවට ලෝක ඉතිහාසය සාක්ෂි දරයි.


කෙසේ වුවද නූතන සන්නිවේදන දියුණුවට පින්සිදුවන්නට මුළු ලෝකය පුරාම මේ සීතල දෙසැම්බරයේ සිදුවෙතැයි කියන ලෝක විනාශය පිළිබඳ කතාව

දේවවරමක්‌ ලැබී ඇතැයි පවසමින් ආවේශ වී දැරියගේ උගුරට පිහියක්‌ ඔබලා තියෙන්නේ නිධානයක්‌ හින්දාලු..

මමත් හංසිකා හිරුණි කුමාරි දුවත් හොඳටම පිච්චුනා...
සාලයේ වාඩිවි සිටි අමන්දා ප්‍රභාසරි බිම වැටුනා... 

නිරෝෂා පිහියක්‌ කට ඇතුළට දාලා පිහිය කරකවා කරකවා බඩ උඩ කකුල තියලා තද කෙරුවා...

රාත්‍රි 12 ට නිරෝෂා හොඳටම ආවේශ වෙලා අමන්දාදුව තල්ලු කරදාන කොට ඔළුව පිටුපස බිමට වැදුනා. ඊට පසු අමන්දා දඟල දඟල ඉන්න කොට යටි බඩ උඩට කකුල් දෙක තබා බඩ තදකර ගෙන අමන්දාගේ කට ඇතුළට නිරෝෂා පිහියෙන් අනිනවා දැක්‌කා ඒ මොහොතේ මට කර ගන්න කිසිම දෙයක්‌ තිබුණේ නැහැ.

දෙහිඅත්තකණ්‌ඩිය කදිරපුර 30 වැනිදා පැවැති මහෙස්‌ත්‍රාත් පරීක්‌ෂණයේදී දෙහිඅත්තකණ්‌ඩිය මහෙස්‌ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා ඉදිරිපිට සාක්‌ෂි දෙමින් දෙහිඅත්තකණ්‌ඩිය කදිරපුර පදිංචි එම්. එම්. චන්ද්‍රනි (47) එසේ පැවැසුවා.


මම කදිරපුර අංක 148 නිවසේ පදිංචි වී සිටිනවා. එම සිද්ධියෙන් පසු මම හොඳටම බය වුණා. දෙහිඅත්තකණ්‌ඩියේ පොලිසියේ 119 පොලිස්‌ කණ්‌ඩායම හා පොලිස්‌ මහත්වරු ආවා. පොලිස්‌ නිලධාරීන් ආවේ නැතිනම් මීට වඩා විනාශයක්‌ වීමට ඉඩ තිබූ බව පැවැසුවා. සිද්ධිය පිළිබඳ කදිරපුර පදිංචි චන්දිමා මධුමාලි (19) එක්‌ දරු මව මෙසේ කීය. 

නිරෝෂා හා ප්‍රදීප් බණ්‌ඩාර යන දෙදෙනා මට මාමා හා නැන්දා වෙනවා. මේ දෙදෙනා ගොවිතැන් බත් කරමින් සතුටින් ජීවත් වුණා. මාස 02 කට පෙර නිරෝෂා නැන්දා විදේශ රැකියාවකට යැමට සූදානම් වුණා. 

එයට සෙත් ශාන්තියක්‌කර ගැනීමට පසුසැල්ලාව ප්‍රදේශයේ දේවාලයකට ගියා. මෙම ස්‌ථානයේ නිධානයක්‌

රජවරු ඉන්න කාළේ මමත් යුවරජ කෙනෙක් වෙන්න ඇති - ඇමැති මර්වින්

මම දැන් මේ මනුෂ්‍ය ලෝකයේ හිටියා ඇති..

දැන් මම දිව්‍ය ලෝකයේ යන්න  ඕනෑ.... 

මං දිව්‍ය ලෝකේ යනවාමයි...

මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ බම්බලපිටියේ ගාලූ පාර අයිනේ පිහිටි ඔහුගේ නිල කාමරය දෙවොලක් බඳුය. බුද්ධ රූපද, දේව රූපද එක් පසෙකය. අමාත්‍යවරයාගේ දකුණු පසින් දුටුගැමුණු රජතුමාගේ යෝධ සිතුවමක්ද වම් පසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක්ද වෙයි.

මේ ඔහු එක්තරා සති අන්ත පුවත්පතක් සමඟ කල පිළිසඳරකි.

ඔබ මේ ගැනත් දන්නවාද..!!!

විදේශයෙන් ආනයනය කරන ලද පලතුරු හා එළවලු වල ඇති කුඩා ස්ටිකරයෙන් කියවෙන දේ කුමක්දැයි ඔබ සිතා බැලුවාද ..? එම කරුණු ඔබේ නීරෝගී බවටද වැදගත් වනු ඇත.
ඔබත් දැනුවත් වී අන් අය දැනුවත් කිරීමට SHARE කරන්න.

එම ස්ටිකරයෙන් කියවෙන දේ පහතින්...