Ads 468x60px

.

ජාතික කොඩිය මැදට පැන්ඩෙකුගේ රූපයක් ඔබලා...

ජාතික කොඩිය මැදට පැන්ඩෙකුගේ රූපයක් යොදා මුද්‍රණය කරන ලද නත්තල් සුබපැතුම්පත් තොගයක් ගල්කිස්ස තැපැල් හලෙන් ජපානයට තැපැල්කිරීමට පැමිණි ජපන් ජාතිකයෙකු සමග සුබපැතුම් පත් 44ක් ගල්කිස්ස පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

10 දින සවස මෙම ජපන් ජාතිකයා සුබ පැතුම්පත් තොගය තැපැල්කිරීමට පැමිණි අවස්ථාවේදී ගල්කිස්ස පොලිසියේ ජාතික රහස් තොරතුරු අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම ජපන් ජාතික සැකකරු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු නැවතී සිටි ගල්කිස්ස ද සේරම්පාරේ පිහිටි බෙවරි හිල්ස් හෝටලයේ කාමරයක තිබී තවත් මෙවැනි සුබපැතුම් පත් 120ක් සොයාගෙන තිබෙනවා.

එක්තරා අනුවේදනීය කතා පුවතක් ඔබේ - නෙතඟට කඳුලක් නොඉනුවොත් පුදුමය...!

මම විභාගෙට ලිව්වෙ චූටි මල්ලිත් වඩාගෙන...

කිරි සප්පයන් දෙදෙනකුට අම්මා වුණ දස හැවිරිදි අක්කා... 


උඩුදුම්බර තෙල්දෙණිය කොට්ඨාසයේ රඹුක්වැල්ල කනිෂ්ඨ විද්‍යාලයේ පහ වසරේ ඉගෙනුම ලබන නිලූෂා දිල්ෂානි සිසුවිය පිළිබඳ සංවේදී පුවතක් එක්තරා සති අන්ත පුවත්පතක පලවී තිබු අතර එය අප මෙසේ ඔබ වෙත ගෙන එන්නේ හුදෙක් එය ඔවුන්ගේ මතු දියුණුව උදෙසා අපෙගෙනුත් දායකත්වයක් ලබාදීම අති මහත් පින්කමක් බැවිනි. 

කුඩා සහෝදරයන් දෙදෙනෙකු සමඟ මේ දියණිය තනිකර දමා ඔවුන්ගේ මව විදේශ රැකියාවකට ගොසිනි. පියා ද නිවස හැර ගොස් ය.

ආච්චි අම්මාගේත්, සීයාගේත් රැකවරණය ලබන මේ දරුවන් ගෙවන ජීවිතය ඉතාම කටුකය. පාසල් අවසන් වාර විභාගය පැවති පසුගිය දිනෙක ඇය වයස අවුරුදු දෙකක් තරම් වූ කුඩා සොහොයුරා ද වඩාගෙන ගියේ මල්ලී ගේ රැකවරණයට නිවෙසේ කිසිවකු නොසිටි නිසාය. 

විභාගය ලිවීමේ දැඩි අවශ්‍යතාවය ද නිසාය. පාසලේ ගුරුවරු පවසන්නේ අත දෙන්න කෙනෙක් සිටී නම් ඉගෙනීමට දක්‍ෂ මේ දියණිය බොහෝ දුර යන බවයි. මේ ඒ දිරිය දියණිය ගේ කතාවයි.

‘මම රට යන්නද පුතේ’ අම්ම දවසක් මගෙන් ඇහුවා. ඒ වචනවල තේරුම හරියට ම නොතේරුණත් මට මතක් වුණේ චූටි මල්ලි.

’එපා අම්මෙ. අම්ම රට ගියා ම චූටි මල්ලි බලාගන්නෙ කවුද?’ කියල මම අම්මට කිව්වා.


2013 ලෝකයට කොහොමද...? ජේ‍යාතිෂය ඇසුරින්...

වැසි ජලයත් විෂ වෙන කාලයක්... 
ලංකාව තුළ සිදුවන ක්‍රියා පිළිබඳ අනාවැකි කිහිපයක්...

ලෝකය වටා ඇති විවිධ සංස්කෘතීන්වල සඳහන් කර ඇති ආකාරයට මේ වන විට ලෝකය පුරා විවිධ වෙනස්කම් ඇතිවෙමින් පවතී. සමහර කරුණු ඉදිරියේදී ඇතිවන මහා විපත්තීන් වල පූර්ව ලක්‍ෂණ යැයි අයකුට සිතිය හැකිය.

මේ වන විට සිදුවන ක්‍රියාදාමයන් දෙස බැලීමේදී මහා විනාශයක් අත ළඟ යැයි දැනේ. 2012 වර්ෂය පිළිබඳ විවිධ අය විවිධ මත ඉදිරිපත් කර ඇති අතර, ඒවා සුළුකොටද තැකිය නොහැක. මේ නිසා 2012 වර්ෂයේ දෙසැම්බර් 21 වැනිදා සිට සිදුවන සිදුවීම් පිළිබඳව වඩාත් අවධානයකින් යුතුව බැලිය යුතුය. 

මේ වන විට පෘථිවිය තුළ ඇතිවෙමින් පවතින ඛනිජ තෙල් හිඟයත්, ජීවී විශේෂයන් වඳවී යෑම, දරුණු සුනාමි, ලෝකයේ නොයෙක් රටවල ආර්ථික කඩාවැටීම් සේම, රට රටවල් අතර ඇතිවන යුද්ධ, න්‍යෂ්ටික බලය යොදාගෙන කරන පරීක්‍ෂණ, රතු වැසි, අයිස් කැට වැසි, නගර පිටින් වැළලී යෑම්, භූ කම්පන, උල්කාපාත කඩාවැටීම, ආගමික ගැටලු, තදබල උෂ්ණත්ව වැඩිවීම්, ආහාර හිඟවීම් ආදී තත්ත්වයන් දෙස බලද්දී ඉදිරි කාලයේ සිදුවීමට යන ක්‍රියාදාමයන් පිළිබඳ සැලකිලිමත් විය යුතුය.

ගෝලීය උෂ්ණත්වය වැඩි වීම නිසා අයිස් කඳු දියවී සාගර ජල මට්ටම ඉහළ යා හැකිය. නව සොයා ගැනීම් ගැන පරීක්‍ෂණ කිරීමට විකිරණශීලී මූලද්‍රව්‍යයන් උපයෝගී කරගැනීම නිසා ඇතිවන විනාශයන් ආදියට හේතුවන්නේ අප මිනිස් ජාතීන්ගේ නොහික්මුණු ක්‍රියාවන්ය. මේ පිළිබඳ අපට අපේ අනාගතය පිළිබඳ සිතන්නට යමක් ඉතිරි වේ.


අප කිනම් දේ සිතුවත් ලෝකය පුරා විවිධ අයුරින් අප්‍රසන්න සිදුවීම් සිදුවෙමින් පවතී. මේ සිදුවන සිදුවීම් බොහොමයකට වගකීමට සිදුවන්නේ මිනිසුන් වන අපටමය. මේවාට මූලික හේතුව වන්නේ පරිසර පද්ධතිවල හා සාගරයේ සිදුවන වෙනස්වීම්ය. 


සාගරවල උෂ්ණත්වය ඉහළ යෑම නිසා සාගර ජීවීන් සහ මත්ස්‍යයන් ගොඩබිම කරා ළඟාවේ. මෙම සිදුවීම් දෙස පරීක්‍ෂාකාරීව බැලීමේදී පෙනී යන්නේ පුරාතන ශිෂ්ටාචාරයන් වන මායාවරුන් ප්‍රකාශ කළ කරුණුවල යම් සත්‍යතාවක් ඇති බවයි.

පෘථිවියේ භ්‍රමණය හේතුවෙන් අපට අහසේ තාරකා දිස්වන ආකාරය කාලයත් සමඟ වෙනස් වේ. මෙම වෙනස්වීම් ලෝකය තුළ ප්‍රසන්න හා අප්‍රසන්න සිදුවීම්වලට හේතු වේ. 


මේ ගතකරන කාලය තුළ සිදුවන ග්‍රහ වෙනස්වීම් හේතුවෙන් යම් යම් නරක දෑ සිදුවිය හැකිය. මෙම ග්‍රහ චාරය දෙස බැලීමේදී ලංකාව තුළත් ලෝකයේ බොහෝ රටවලත් සිදුවිය හැකි දේ පිළිබඳ බොහෝ අනාවැකි පළ කළ හැකිය.

එම අනාවැකි පහතින්... 

පිටසක්වළ ජීවීන්ගෙන් ළඟදීම පෘථිවියට ප්‍රහාරයක් එයිද.

ළැව් ගිනිවලට හේතුව ඇමෙරිකාවේ පර්යේෂණය කරන පිටසක්වළ ජීවියාලු...

පිටසක්වළ ජීවින් යනුවෙන් හඳුන්වන අපේ ග්‍රහ වළල්ලට එහා ලෝකවල වාසය කරන ජීවී විශේෂය පිළිබඳ මෑතක සිට මාධ්‍ය තුළින් කතාබහට ලක් වෙමින් තිබෙනවා.

පෘථිවියෙහි වාසය කරන ජීවීන් වෙනත් ග්‍රහ ලෝක පිළිබඳ අධ්‍යයනයට යොමුව ඇත්තේ දශක ගණනාවකට පෙරය. එසේම පිටසක්වළ වාසය කරන ජීවීන්ද පෘථිවිය ඇතුළු අනිකුත් ග්‍රහ ලෝක නිරීක්‍ෂණයේ යෙදී තිබෙන බවට යම් යම් සිද්ධීන් ලෝකය පුරා වාර්තා වුනා.

ශ්‍රී ලංකාවෙහිද පිටසක්වළ ජීවීන් පිළිබඳ පරීක්‍ෂණ කරන විශේෂඥ කණ්ඩායම්
සිටිනවා. එයට අමතරව මෙම ජීවීන් පිළිබඳ පෞද්ගලිකව අධ්‍යයනය කරන පිරිස්ද සිටිනවා.

2012 වසර පිටසක්වළ ජීවීන් අනෙක් කාලයන්ට වඩා පෘථිවියට සමීප වෙමින් තිබෙන කාලයක් බවත් ඉතා නුදුරු දිනෙක පිටසක්වළ ජීවීන්ගේ යම් ප්‍රහාරයකට පෘථිවිවාසීන් ලක්වීමේ අවදානමක් තිබෙන බවත් ඇතැම් විටෙක ස්වාභාවික විපත්වලදී එය මැඬපවත්වා පෘථිවියට සිදුවන විනාශය අවම කරගැනීමට මෙම පිටසක්වළ ජීවීන් යම් මෙහෙවරක යෙදීමට පවා කටයුතු කරනු ඇතැයි 1993 වසරේ සිට පිටසක්වළ ජීවීන් පිළිබඳ විශේෂ අවධානයක සහ අධ්‍යයනයේ යෙදෙන සුදත් චන්දන මහතා පැවසුවා.
 
සුදත් චන්දන ඉලෙක්ට්‍රෝන විද්‍යාව පිළිබඳ දැනුමැත්තෙකි. ඔහු 1988-89 වසරවලදී ශ්‍රී ලංකා පොලිසියේ රාජකාරි කළ නිලධාරියෙකි. පොලිසියෙන් ඉවත්ව නැවත 1990 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳී තිබෙනවා.

ඔහු ගුවන් හමුදාවේ සේවය කරමින් සිටියදී 1993දී අම්පාර අරන්තලාව ගොනාපල ආසන්න කඳුවැටියක පිහිටා තිබූ ගුවන් හමුදා බංකරයක රාජකාරිවල නිරතව සිටියදී රාත්‍රි 10.30ට පමණ මීටර් 1600-2000 ආසන්න උසකින් අහසේ ගමන් කරමින් තිබූ අද්භූත යානාවක් එම බංකරයේ රාජකාරි කරමින් සිටි ගුවන් හමුදා නිලධාරීන් හයදෙනාගේම අවධානයට ලක්වූ බව සුදත් කියනවා.

මෙම යානය එකල ගුවන් හමුදා රේඩාර් පද්ධතියට පවා හසුව නැත. තමන් දුටු අද්භූත යානය අන් කිසිවක් නොව පිටසක්වළ ජීවීන් රැගත් යානාවක් බව සුදත් චන්දන මහතා සැක හැර දැනගෙන ඇත්තේ ඔහු එකලද පිටසක්වළ ජීවින් පිළිබඳ යම් මට්ටමක දැනුමක් ලබා තිබීමත්, ඉලෙක්ට්‍රෝන විද්‍යාව පිළිබඳ නිසි අධ්‍යනයක් තිබීම නිසාත් බව ඔහු පවසයි.

මේ ඒ පිලිබඳ සුදත් චන්දන මහතා සැල කරන දේ පහතින්.