Ads 468x60px

.

ලෝක විනාශ කතාව බොරුවක් - නාසා කියයි...

ජලය මත පාවි හැකි ගෝලාකාර කුටියක්...

මෙම මස 21 වැනිදා සිදුවේ යැයි කියන ලෝක විනාශය පදනම් විරහිත ප්‍රකාශයක් බව ඇමෙරිකාවේ ජාතික ගුවන් හා අජටාකාශ ආයතනය (නාසා) පවසනවා.

එදිනට ඇතිවන විශේෂ ග්‍රහ පිහිටීමක් නිසා ලොව පුරා ස්වභාවික ව්‍යසන ඇතිවී පෘථීවිය විනාශ වනු ඇතැයි ඇතැම්හු විශ්වාස කර
නවා. තවත් අය විශ්වාස කරන්නේ හිරුගේ ආයු කාලය ඉක්ම ගොස් හිරු මරණයට පත්වීමෙන් පෘථීවියත් සමග මුළු සෞරග්‍රහ මණ්ඩලයම විනාශ වනු ඇති බවයි. 

මෙම මතයට පාදක වී ඇත්තේ ලොව දියුණුතම ශිෂ්ඨාචාරයක් වූ මායාවරුන් සකස් කළේ යැයි සැළකෙන දින දර්ශනයේ ඔවුන් දින සටහන් කර ඇත්තේ 2012 දෙසැම්බර් මස 21 වැනි දින දක්වා පමණක් වීමයි.

දෝරෙ ගලන මර්වින්ගේ සත්ව කරුණාව...!

අප හිතවත් ආචාර්ය මර්වින් සිල්වා ඇමැතිවරයා ප්‍රවෘත්ති මවන්නකු බව කවුරුත් දන්නා දෙයකි. කලකට උඩදී මුන්නේශ්වරම් කෝවිලට ගොස් බිලිදීමට ගෙනැවිත් තිබුණු ගවයන් මරණයෙන් නිදහස් කර ගත් ඔහු එහි කපුවන්ගේ දොෂදර්ශනයට ලක්විය. එහෙත් ගවයෝ ජීවිතදානය ලැබූහ.

මෙවර ඔහු අලුත් ගේමකට සැරැසෙන බව පෙනේ. ලබන ජනවාරි පළමු වැනිදා සිට කැලණිය ආසනය තුළ කුකුළන් සහ එළුවන් මැරීම නතර කිරීමට මර්වින් සිල්වා සැරැසෙන බවට පුවත්පත්වල පළවූ ආරංචි දුටුවේ නම් ඒ සතුන්
ප්‍රීතියෙන් උඩ පනිනු සිකුරුයි.

මර්වින් සිල්වා ඇමැතිවරයා කියන දේ කරන, කරන දේ කියන කෙනකු බව මුළු රටම දනී. ඔහු කැලණිය මන්ත්‍රිවරයා වශයෙන් පත්වූ පසුවයින් ස්ටෝර්ස් හෙවත් තැබෑරුම්වලට නීති දැම්මේය. ඔහුගේ ගෝල බාලයන් ඒවායෙන් කප්පම්ගත් එක වෙනම ප්‍රශ්නයකි. 


රොෂාන් කියලා තියෙනවා එයා මෛත්‍රී කරනවා කියලා. නමුත් ඒක බොරුවක් - චතුරිකා

ඇතුළේ ප්‍රශ්න තියාගෙන බොරුවට පිටට පේන්න විතරක් පවුල් කන්න මට බැහැ...

මෙවර ලක්ස් සුමති සම්මාන උළෙ‍ලේ හොඳම සහාය නිළියට හිමි සම්මානය දිනා ගත්තේ චතුරිකා  පීරිස්ය. 

එම සම්මානය පිළිබඳ උණුසුම මැකී යන්නට මත්තෙන් ඇය හා සංවාදයකට එක්වූ අවස්ථාවේදී ඇය ඒ පිළිබඳවත් ඇගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ පැතිරයන කටකතා සම්බන්ධයෙනුත් මෙසේ අදහස් දක්වා සිටියාය.

මෙවර ලක්ස් සුමති සම්මාන උළෙ‍ලේ හොඳම සහය නිළියට හිමි සම්මානය දිනාගත්තේ ඔබයි. ඒ ගැන ඔබට ඇත්තේ මොන වගේ හැඟීමක්ද?
සම්මානය හිමිවීම ගැන මට ගොඩක් සතුටුයි. ස්වයංජාත ටෙලිනාට්‍යයේ මම රඟපාපු ඒ චරිතයේදී මට වයස අවුරුදු 20 සිට 65 දක්වා දිගහැරෙන චරිතයකුයි නිරූපණය කරන්න සිදුවුණේ. එය බොහොම ප්‍රවේශමෙන් නිරූපණය කළ යුතුව තිබූ චරිතයක්. මම ඒ චරිතය මට හැකි උපරිමයෙන් රඟපෑවා. 


ඒ නිසා වෙන්න ඇති සුමති සම්මාන උළෙ‍ලේ හොඳම සහය නිළියගේ චරිතය මට ලැබුණා වගේම, තවත් සම්මාන උළෙලවල් දෙකකදීත් ඒ චරිතය වෙනුවෙන් මගේ නම නිර්දේශ වුණේ.

හොඳම සහය නිළිය සම්මානය සඳහා ඔබේ නමත් සමග නිර්දේශයේ තිබුණු අනෙක් නිළියන් දෙදෙනාගෙන් ඔබට වඩාත්ම අභියෝගයක් වුණේ කවුරුන් කියලද ඔබ හිතන්නේ?
අපි තුන්දෙනා රඟපාපු චරිත තුන එකිනෙකට වෙනස්. ඒ නිසා මට ඒ ගැන හරියටම කියන්න බැහැ.

ඔබ සහ රොෂාන් පිලපිටිය අතර ප්‍රේම සම්බන්ධය කලා ක්ෂේත්‍රයේ පමණක් නොවෙයි, මුළු රටේම පාහේ ජනතාව අතරේ ප්‍රසිද්ධ කාරණයක්.


නමුත් ඒ සම්බන්ධය බිඳී ගොස් ඇති බවට දැන් තොරතුරු පැතිර යනවා. ඒ ආරංචිය ඇත්තක්ද?
ඔව්, ඒක ඇත්ත. නමුත් ඒකට හේතුව රොෂාන් අන්තර්ජාලයේ සඳහන් කරලා තියෙන විදිහේ තුන්වැනි පාර්ශ්වයක බලපෑමක් නිසා නම් නමෛයි.

එහෙනම් ඇත්තටම සිදුවුණේ මොකක්ද?

මගේ හැටි උඹ දන්නේ නැත්නම් පොලිසියෙන් අහගනින් - කොස්‌තාපල්වරියක්‌ ඩේඟා නටයි...

අපේ මුළු පවුලම ඉන්නේ පොලිසියේ...
උඹලා සේරටම වෙඩි තියලා මරණවා...


කොස්‌තාපල්වරිය රැකියාවට යමින් සිටියදී
සැමියා අශෝභන ක්‍රියාවක්‌ කරලා... 

තවත් නාඳුනන පුද්ගලයන් දෙදෙනකුත් එයි...

අපේ මුළු පවුලම ඉන්නේ පොලිසියේ. මගේ හැටි උඹ දන්නේ නැත්නම් බණ්‌ඩාරගම පොලිසියෙන් අහගනින්. උඹලා සේරම වෙඩි තියලා මරනවා..." 


යෑයි හොරණ මූලස්‌ථාන පොලිසියේ කාන්තා පොලිස්‌ කොස්‌තාපල්වරියක තමාට මරණීය තර්ජනය කළ බව පවසමින් දෙදරු මවක්‌ මිල්ලනිය පොලිසියට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කර ඇතැයි උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසුවා.

මෙසේ පැමිණිලිකර ඇත්තේ මිල්ලනිය, ලෙනවර, නව ලෙනවර උයන පදිංචි නිලීකා දමයන්ති නමැති කාන්තාවකි.

පසුගිය සිකුරාදා (7 වැනිදා) රාත්‍රි සැමියා අවශ්‍යතාවයක්‌ සඳහා නිවසින් පිටවී ගොස්‌ තිබූ අවස්‌ථාවේ ඇය දරු දෙදෙනා සමග නිවසේ දොර වසාගෙන සිට ඇත. එහිදී පොලිස්‌ කොස්‌තාපල්වරිය පැමිණ දොරට තට්‌ටු කර කතාකර තිබෙනවා. එම අවස්‌ථාවේ

හෙට්‌ටියාවල සාමාන්‍ය පෙළ සිසුවා ලිඳට පනින්න හේතුව

ෆෝන් එකෙන් කතා කර කර මල්ලි තරහින් එළියට ගියා...

"ගෙදර ආවම මම මල්ලිට කිව්වා කෑම කන්න කියලා. මල්ලි කිව්වා කෑම නෙමෙයි මට වහ කන්න තමයි වෙලා තියෙන්නෙ" කියලා. මම ඇහුවා ඔයාට මොනවයින්ද අඩුපාඩු. 

අපි අවශ්‍ය හැමදේම දෙනවනේ" කියලා. ඊට පස්‌සෙ එයා ඇඳේ හාන්සිවෙලා ෆෝන් එකෙන් කතා කරනවා දැක්‌කා" යෑයි හෙට්‌ටියාවල පැලවත්ත පදිංචි ලියනපතිරණගේ ලහිරු කුමාර (16) නමැති ශිෂ්‍යයාගේ මරණ පරීක්‌ෂණයේ දී මියගිය අයගේ සොහොයුරිය වන ලියන පතිරණගේ නිලූකා දමයන්ති සාක්‌ෂි දෙමින් පැවසුවාය.

මරණ පරීක්‌ෂණයේ දී සාක්‍ෂි දුන් ලියනපතිරණගේ නිලූකා දමයන්ති..


 "මියගියේ මගේ බාල සොහොයුරා මාස පහක හයක සිට මගේ නිවසේ සිට මල්ලී ඉගෙනීමේ කටයුතු කළා. මල්ලී හෙට්‌ටියාවල පැලවත්තෙ පදිංචියි. සෙනසුරාදා ඉරිදා දිනවල ඔහු හෙට්‌ටියාවල මහ ගෙදරට යනවා. එයා දහම් පාසලට යන්නෙත් හෙට්‌ටියාවල මහ ගෙදර සිටයි.

මල්ලී හෙට්‌ටියාවල මහ ගෙදර අසල පාසල් යන ගැහැනු ළමයකු හා ප්‍රේම සම්බන්ධයක්‌ ඇති බව අප දැනගත්තා. අපේ පවුලේ අය මේ සම්බන්ධයට වැඩි කැමැත්තක්‌ දැක්‌වූයේ නැහැ. මල්ලී 11 දා අ.පො.ස. (සා.පෙළ) විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටියා. 


09 දා මල්ලී ගෙදර සිට පන්ති යැමට කිරින්දට ඇවිත් පන්ති නැහැ කියල ගෙදර යන්න පාරෙ ඉන්නකොට මගේ දෙවැනි මල්ලි තරිඳු චින්තක ත්‍රීවිලයෙන් මගේ ගෙදරට එක්‌ක ආවා. මම මල්ලීට කිව්වා කෑම කන්න කියලා, කෑම නෙවි මට වහකන්න තමයි වෙලා තියෙන්නෙ" කියලා මල්ලි කිව්වා.

මම මෙච්චර දඟලන්නේ නාග මාණික්‍යය හින්දයි - නයි නළඟන කියයි...

මම නයා නැතිව හිටියේ පාලුවෙන්...

මට නයයි නයාගේ අම්මයි එක්ක දේවාලෙට ගිහින් බාරයක් ඔප්පු කරන්න තියෙනවා...

කොල්ලුපිටිය ක්ලියෝපැට්රා හෝටලයේදී නාගයකු සමග සිටියදී අත්අඩංගුවටපත් එම හෝටලයේ සේවිකාවට නාගයා යලි බාරදෙන ලෙස  කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂක විජේරත්න මහතා පසුගිය 06 වැනිදා කළ නියෝගයට අනුව ඇය ඊයේ (11) සත්වෝද්‍යානයෙන් එම නයා ලබාගෙන තිබුනා.

ඇය මෙම නයා නිදහස්කරගනු ලැබුවේ රුපියල්  පනස්දහසක බැදුම්කරයක් මතයි. නිරෝෂා විමලරත්න (ඩිලානි) වන එම සේවිකාවට සත්ව ආඥා පනත හෝ සතුනට වධ හිංසා කිරීමේ පනත යටතේ නඩු පැවරිය නොහැකි වීම හා ඇය නාගයා ආදරයෙන් රැකබලා ගැනීම යන කාරනා මත මෙම තීන්දුව මහේස්ත‍්‍රාත්වරයා ලබා දුන්නා.

මේ නාග නළගන හා නයා අත්අඩංගුවට පත්වූයේ ඉකුත් අගෝස්තු 28 වැනිදාය. පසුව නළගන ඇප මත මුදාහැර සිටි අතර නාගයා දෙහිවල සතුන් වත්තට බාර දී
තිබුනා.

ඇයට කිසිම මානසික ලෙඩක් නොමැති බව අධිකරණයට ඉදිරිපත් කළ මානසික වෛද්‍ය වාර්තා වේ දැක්
වුනා. එසේම ඇය ලිංගික තෘප්තියක් සඳහා එම නාගයා යොදාගෙන නැතැයිද එම වාර්තාව මගින් වැඩිදුරටත් අනාවරණය කර තිබුනා.

නයි නළඟන විසින් සිය නාගයා දෙහිවල සතුන් වත්තේදී පැහැදිලිව හඳුනා ගැනීමෙන් අනතුරුව නාගයා සමඟ සතුන් වත්ත ඉදිරිපිටට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් නයි නළඟන මෙසේ කීවාය.

'මම නාගයා ලබා ගන්න මාස තුනකට අධික කාලයක් කොල්ලුපිටිය පොලිසිය එක්ක සටන් කළා. මම රැයක් දවාලක් නැතිව, නින්දක් නැතිව සටන් කළේ නාගයාගේ ජීවිතය තුළ විශේෂත්වයක් තිබෙන නිසා.


නාගයා මට විශේෂයි. සමහරුන්ට එයා විශේෂ නැහැ. මාධ්‍යවල විවිධ දේ පළ වුණා. මම හිතුවේ මගේ නයා මාරු කරලා කියලා. මොකද මාධ්‍යවලින් නාගයා දැක්කේ විශාල විදියට.
නාගයා ලැබුණු එක මට ගොඩාක් සතුටුයි. 

ඒ වගේම ඉදිරියට තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේදීත් මට සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා මා සිතනවා. පොලිසියට අවශ්‍ය වෙලා තියෙන්නේ මාගේ කළමනාකරු එක්ක තිබෙන තරහ මිසක් මා සමඟ තරහක් නොවේ. පොලිසිය තමයි මේ සේරම කළේ.

නයෙක් තියාගත්ත කියලා මට මෙච්චර දඬුවම් දෙන්න තරම් පොලිසියට කිසිම අයිතියක් නැහැ. ලංකාවේ වගේම ලෝකයේ නයි ඇතිකරන මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා.

මා නාගයා දැක්ක ගමන් මගේ මූණ දිහා බැලුවා. මම මගේ නාගයා හඳුනා ගත්තා. මම නයා අරන් වැදුම් පිදුම් කිරීමට ‍ෙදාඩංවල දේවාලයට යනවා. නමුත් ඒක කඩුගන්නාව පොලිසිය මට අහිමි කරලා තියෙනවා.

මම ඉල්ලන්නේ මට දේවාලයට යන්න තිබෙන අයිතිය ලබා දෙන්න කියලායි. මම නයෙක් එක්ක මෙච්චර ඉන්නේ, නයින් සමඟ මගේ තිබෙන බැඳීම නිසායි. නයින්ගේ මාණික්‍යයක් තිබෙනවා. මට ඒක ආරක්‍ෂා කර ගන්න ඕනෑ. මම හොඳින් පරීක්‍ෂා කරලා බලලා තමයි සතුන් වත්තෙන් නාගයා ලබා ගත්තේ. නාගයාත් මාව අඳුර ගත්තා. නයෙකුගේ විෂ දළ කොච්චර ගැලෙව්වත්, නයාගේ විෂ දළ මාස 06න් එනවා.