Ads 468x60px

.

නයි නළඟන නයි පැටියා ගැන කියන කතා...

නයි පැටියාගේ ඔළුවේ නිය‍පොතු පාරක් තිබුණා..

හොම්බත් ‍පොඩ්ඩක් තුවාල වෙලා...

බලහත්කාරයෙන් කවන්න ‍පොවන්න හදන විට වුණු තුවාල වෙන්න ඇති...

මගේ පෙම්වතාටත් සතුන් සමග ඉන්න පුරුදු වෙන්න වේවි... 

නාගයින් ආරක්ෂා කිරීම මිසක් වඳකර විනාශයට පත් කිරීමේ අරමුණක් තමාට නැතැයි “කොල්ලුපිටිය නයි නළඟන” හෙවත් නිරෝෂා විමලරත්න පවසනවා

අගෝස්තු මාසයේ අවසාන දිනයකදී නයෙක් සමග අත්අඩංගුවට පත් වූ ඇය ළඟ සිටි නාගයා අධිකරණ නියෝගයක් මත දෙහිවල සතුන්වත්ත භාරයට පත් කර තිබුනා. නාගයා මැයගෙන් වෙන්කර සතුන් වත්තට භාරදුන් දිනයේ කෙසේ හෝ තමාගේ නාගයාද නැවතත් තමන් භාරයට ගන්නා බව මාධ්‍ය අමතමින් ඇය කීවා.

ඒ සඳහා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ අතර පසුගිය 06 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවා තිබුණු එම නඩුවෙන් තීන්දු වූයේ දෙහිවල සතුන්වත්ත භාරයේ සිටින නාගයා රුපියල් පනස් දහසක බැඳුම් කරයක් මත අයිතිකාරිය යැයි පවසන නළඟනට මුදාහරින ලෙසයි. ඒ අනුව පසුගිය 11 වැනිදා දෙහිවල සතුන් වත්ත භාරයේ සිටි නාගයා නැවත ඇයට හිමිවුනා.

දේශීය සත්වයන් ළඟ තබාගැනීම වරදක් බවට නීතියෙන් දක්වා තිබියදී පරිසර සංවිධාන හා සත්ව සංවිධාන සමග සටන් කර තම සුරතල් නාගයා තමන් ළඟට ගත් ඇය සමග මොහොතක් කතා කිරීමේ අවස්ථාව අපට හිමිවිය. ඒ ඇය නර්තනයේ යෙදෙනවා යැයි කියන සමාජ ශාලාවේදීය.

නයි පැටියාට සතුන් වත්තේදී කුකුල් පැටව් පවා කෑමට දුන් බව කීවත් සිය නයි පැටියා කුකුළු පැටියෙක් ආහාරයට ගැනීමට හැකි තරම් විශාල නොවන බව ඇය පවසයි. නයි පැටියාට සතුන්වත්තේදී

ලෝක විනාශය මර්වින් සිල්වාගේ ඇසින්...

ලෝක විනාශයක් සිදුවන බව කොතැනකවත් සඳහන් කර නැහැ...

අද්භූත වස්තුව මීගහකිවුලේදී අත ළඟටම එයි...

දැක්කොත් කියන්න,අල්ලන්න එපා... 
වඩිනාගල යළි හෙල්ලේ... 

පාකල් අධිරාජ්‍යායා කියූ  අනාවැකි හත...

දෙසැම්බර් 21දා සමස්ත ලෝකයම විනාශ වන බවට අන්තර්ජාලය ඔස්සේ පැතිර යන මතය සත්‍යතාවෙන් තොර ප‍්‍රකාශයක් බවත් ඉන් මහජනතාව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවත් ආචාර්ය මර්වින් සිල්වා ඇමැතිවරයා මාධ්‍යයට ප‍්‍රකාශයක් නිකුත් කරමින් පවසනවා.

විවිධ පුද්ගලයන් අන්තර්ජාලය ඔස්සේ දෙසැම්බර් 23,24 සහ 25 දිනවල අහස මුළුමනින්ම අඳුරුවන බවත්, පොළොව සෙලවිලා විශාල පිරිසක් මියගොස් ඉතිරිවන අයට අලූත් ලෝකයක් උදාවන බවත් කරන ප‍්‍රකාශ පට්ටපල් බොරු බවත් ඔහු එම ප‍්‍රකාශයෙන් පවසනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සහ නාසා ආයතනයත් කරන ප‍්‍රකාශවලින් මහජනතාවට කිසිම හිරිහැරයක් නොවන බව තහවුරු වී තිබෙනවා. බියෙන් සිටින ජනතාවගේ බිය දුරු කිරීම සඳහා මාධ්‍ය මඟින් දැනට වඩා කළ යුතුයි.

2012 වර්ෂයේ දෙසැම්බර් 21 වැනි දින ලෝකය විනාශ වන බව මුලින්ම මතයක් පළවුණේ මායාවරුන්ගේ කැලැන්ඩරයක් පදනම් කරගෙනයි.
මායාවරුන් කියන්නේ

2012.12.21 ලෝක විනාශය ඇත්තක්ද..?

දෙසැම්බර් 21 දා ලෝකයට සාමාන්‍ය දිනයක් වේවි...?

මේ යථාර්ථය හඳුනාගෙන ලෝක විනාශ සංකල්පය බැහැර කරමුද.?

දෙසැම්බර් මස 21 වැනිදා ලෝක විනාශය වන බවට සංකල්පයක් ලෝ පුරා ප‍්‍රචාරය වී දැනට බොහෝ කලක් ගත වී තිබෙනවා. 

මෙම සංකල්පය 2012-12-21 වැනිදා අවසන් වන මායා දින දර්ශනය පදනම් කොටගෙන කවුරුන් හෝ විසින් කරන ලද අනාවැකියක් වුවත් එය බොහෝ දීප දේශවල ජනතාවගේ සිත්වලට කා වැදීමට හේතුවන්නට ඇත්තේ එවන් මහා විනාශයක් තේමා කොට Day After Tomorrow චිත‍්‍රපටය නැරඹීම විය හැකිය. 

එහෙත් එවන් බියකරු සංකල්පයෙකින් සිදුවීමට තිබුණ විශාල මානසික හානිය මකාදැමීමට හේතු සාධක වූයේ ලොව පුරාම මෙම තේමාව පිළිබඳව සිදුවූ විද්‍යාත්මක කතිකාවන් ගොන්නය.

අප ලෝකයේ (හෝ විශ්වයේ) ආරම්භය, පැවැත්ම වගේම අනාගත සංසිද්ධි පිළිබඳව විද්‍යාත්මක කරුණු පහදා දුන් විදුධරයන් නොවන්නට මේ වන විට මහා විනාශයක් සිදුවීමට තිබුණි. සමහර පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනය පවා බොඳවීමට ලෝක විනාශ ප‍්‍රචාර සාධක වන්නට තිබුණු බව අධ්‍යාපන ක්ෂේත‍්‍රයෙන් ආරංචි විය. 


එවන් තත්ත්වයට හේතු වූයේ සංකල්පවලට ඇලී ගැලී කටයුතු කරන සමහර ගුරු භවතුන් විසින් දෙසැම්බර් 21 වැනිදා සිදුවිය හැකි ලෝක විනාශයක් පිළිබඳව ළමා සිත් තුළට විශ්වාසයන් ඇතුළු කිරීමයි. 

ළඟ එන මහා විනාශයක් හමුවේ අධ්‍යාපන කටයුතු සඳහා වෙහෙසවීමේ පලයක් නොමැති බවට අදහස් දැක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිබඳව අසන්නට ලැබේ නම් එය කෙතරම් බියකරු තත්ත්වයක් වන්නේ ද? කෙසේ හෝ මායා දින දර්ශනය මත පදනම් වී ලෝක විනාශ සංකල්ප ප‍්‍රචාරය කිරීම

සීබා ග්‍රහලෝකයෙන් පැමිණෙන පිටසක්වළ ජීවීන් පෘථිවියට ආක්‍රමණය කරයිද..?

මෙසේ සීබාවන් විසින් පෘථිවිය ආක්‍රමණය කිරීමට හේතුව...

මිනිසුන් අභ්‍යවකාශය දූෂණය කිරීමට කටයුතු කිරීමලු...

පිටසක්වළ ජීවීන් (Aliens) පෘථිවිය ආක්‍රමණය කරමින් සිටින බව අමෙරිකාවේ නාසා (NASA) ආයතනය මඟින් තහවුරු කොට ඇතැයි සඳහන් වෙනවා. මේ බව සඳහන් වන්නේ වෙබ් අඩවි වල පමණක් බොහෝ පුවත්පත් වල මේ වන විට පිටසක්වළ ජීවීන්ගේ පෘථිවි ආක්‍රමණයක් සම්බන්ධයෙන් බිය සැක පහළ කොට තිබෙනවා.

එසේම පිටසක්වළ ජීවීන්ගේ පෘථිවි ආක්‍රමණයක් පිළිබඳ අන්තර්ජාලයේ මෙවැනි වෙබ් අඩවි අනාවැකි පළ කිරීමට ගත්තේ 2008 වසරේ පමණ සිටය.


පිටසක්වළ ජීවීන්ගෙන් විය හැකි ආක්‍රමණයක් පිළිබඳ පවතින විශ්වාසය, කුහුල මෙන්ම උනන්දුව කොතරම්ද යත් අන්තර්ජාල වෙබ් අඩවි පවත්වාගෙන යන්නන් මෙන්ම සමහර රටවල ගුවන්විදුලි, රූපවාහිනි හා පුවත්පත් මාධ්‍ය පවා මෙම සංසිද්ධිය සම්බන්ධයෙන් පර්යේෂණ පැවැත්වීමට හා වාර්තා කිරීමට වෙනම මාධ්‍යකරුවන් පත්කොට තිබෙනවා.

මෙම පිටසක්වළ ජීවීන්ගේ ප්‍රහාරය වඩාත් ත්‍රාසයට හා භීතියට පත් කරන්නක් බවට පත්ව තිබෙන්නේ දැන් එහි දින වකවානු ලෝක විනාශය සිදු වෙතැයි කියන මෙම දෙසැම්බර් මාසයේ දිනයන්හි සිදුවන බවට අනාවැකි පළකොට තිබීමය.

පිටසක්වළ ජීවීන්ගේ පෘථිවි ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට ලොව සියලුම රාජ්‍යයන් දැනුවත් බවද එසේ වුවත් ලෝකවාසීන් කලබලයට පත් නොවීම සඳහා රාජ්‍යයන් එම තොරතුරු මහජනතාවගෙන් වසං කරන බවද මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරන විදෙස් මාධ්‍ය කියා සි
ටිනවා.

විදෙස් නිළියන්ගෙන් විතරක් නෙමෙයි මෙහේ අයගෙනුත් යෝජනා ලැබුණා - රන්ජන්

හිතවතෙක් මෑතකදී මගේ හඳහන බලල රාජ යෝගයක් තියෙනවා කියල කිව්ව... 

අනිවාර්යයෙන්ම සිංහාසනයක වාඩිවෙනවා කියලත් කිව්ව...

මම සුදු පිරුවට ඇඳගෙන බොරු කියන කෙනෙක් නෙමෙයි... 

පෙම් බැන්ද නිළියො හිටියා. මටත් පෙම් හැඟීම් පහල වෙලා තියෙනවා..

සිංහල සිනමාවේ දැන් ජනප්‍රියම නළුවා රන්ජන්ය. ජනප්‍රිය නළුවා ලෙස හය වතාවක්ම සම්මානයට පාත්‍ර වූ රන්ජන් නිකම්ම නළුවකු නොව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වුවද ඔහු ජනතාව අතර සැරිසරන්නේ සරල මිනිසකු ලෙස සැහැල්ලුවෙනි.

දේශපාලනයේදී රාජ යෝගයක් තිබීම යනු අනාගත ජනාධිපතිකම ලැබීම ගැන ලකුණක් සේ විශ්වාස කරනු ලබයි. කලින් කලට විවිධ දේශපාලඥයන් විවිධ ජෝතිශ්‍යවේදීන්ගේ අනාවැකි මගින් මුලාවී තමාට රාජ යෝගයක් ඇති සිතා කටයුතු කරන ආකාරය පසුගිය කාලය පුරාවට දැකගැනීමට හැකි විය. 

මෙම රාජ යෝග සිහින මවන්න්නගේ අලුත්ම පුරුක වන්නේ සිනමා නළු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනයකයි. ඔහු පුවත්පතකට අදහස් දක්වමින් පවසා ඇත්තේ තමාට රාජ යෝගයක් ඇති බව ජෝතිශ්‍යවෙදියෙකු පැවසු බවයි.

ඔහුගේ ජනප්‍රියත්වයේ රහස ඔහු සතු නොනැසෙන රූප සොබාව පමණක් නොව හිත හොඳ මිනිසකු ලෙස ජනතාව අතර ගොඩනඟාගත් ප්‍රතිරූපයයි.


මේ ඒ පිලිබඳ රන්ජන් අදහස් දැක්වූ අයුරුයි...

අතීතයෙන් ඇසෙන අරුම පුදුම කතා...

ශෝක පවත්වන මනාලියන්... 

ඔස්ට්‍රියාවේ “අවු” නමැති දිස්ත්‍රික්කයේ වෙසෙන ජනතාව විවාහ මංගල්‍යයන්හිදී අනුගමනය කරනුයේ එහි ප්‍රීති සහගත බාවයට මුළුමනින්ම පරස්පර විරෝධී වූ ක්‍රියා පටිපාටියකි. 

එබඳු විවාහ උත්සවයන්හිදී මනාලිය සරසවනු ලබන්නේ සාමාන්‍යයෙන් සිදු කෙරෙන ආකාරයට මනාලියගේ රූමත් බව ඉස්මතු කොට පෙන්වන ආකාරයේ අගනා සළු පිළිවලින් නොව අවමංගල්‍යයක ශෝක පවත්වන්නන් විසින් අඳිනු ලබන දළ වස්ත්‍රයකිනි. 

එනම් වැන්දඹුවක විසින් සාම්ප්‍රදායිකව අඳිනු ලබන ඇඳුම් කට්ටලයකිනි. මෙම පිළිවෙත මගින් ‘අවු’ වැසියන් මනාලියට සිහිපත් කිරීමට උත්සාහ දරනුයේ ජීවිතයේ හා ප්‍රීතිමත් භාවයේ ඇති අනියත බවයි.

එනම් එදින උදාවූ ඇගේ දිවියේ ප්‍රීතිමත්ම දිනය මෙන්ම යම් දිනකදී ඇය වැන්දඹුවක බවට පත්වීමේ ශෝකයද විඳ දරා ගත යුතු බවට කෙරෙන සිහි කැඳවීමක් ලෙසය.