Ads 468x60px

.

ජනතාවට පිදුරු කවන ජනමාධ්‍ය...

ශ්‍රී ලංකාවේ ජනතාව යනු පහසුවෙන් ඇන්දිය හැකි මෝඩ හරක් රැලක් ලෙසට ජාතික පුවත්පත් ඇතුළු ජනමාධ්‍ය සලකති. 

රටේ ප්‍රධාන දැවෙන අර්බුධ මතු වූ අවස්ථාවලදී මේ ජනමාධ්‍ය හැසිරෙන හැටි දෙනෙත් විවර කොට බලන්න. 

රටේ ප්‍රශ්න ජනතාවගේ අවධානයෙන් ඈත් කිරීම සඳහා මේ ජනමාධ්‍යවේදීන් ඔබලාට පිදුරු කවති. ජනතාවගේ ජිවිතයට බලපාන ප්‍රශ්න මතු වූ විට මර්වින් සිල්වාගේ ගොන්පාට් මාධ්‍යට ප්‍රධාන පුවත් සිරස්තල වේ. 

මේ දවස් වල නම් 2012 ලෝක විනාශය පිලිබඳ  හෑලි , පිටසක්වල ප්‍රහාර, ලංකාවේ තැනින් තැන  අද්භූත එළි පෙනීම , ප්‍රධාන  මාතෘකා වන අතර ජිවන වියදම , දේශපාලකයන් විශාල කුට්ටි හොරකම් කොට රට තවත් හිඟනභාවයට ඇද දැමීම ඒකාධිපති පවුල් වාදය  මාධ්‍ය  වලට වැදගත් නොවේ. 

ලෝක විනාශයට සියල්ල සුදානම්...

ඔබ ලෝක විනාසෙට ලෑස්තිද?”...

සමහර බ්‍රිතාන්‍ය වැසියන් ලෝක විනාශයට මුහුණ දීමට සූදානම් වන ආකාරය සිත් ගන්නාසුළුය. 

මේ කියන විනාශය කෙසේ සිදුවේදැයි හරියටම කිසිවෙකු නොදනිතත්, ගංවතුර හෝ සුනාමි තත්ත්වයකින්, අභ්‍යවකාශයෙන් කිසියම් වස්තුවක් ‍පොළවට වැටී එය ගිනි ගැනීමෙන්, සූර්ය ගිනි දැල්ලකින්, සුළි සුළඟකින් හෝ භූමි කම්පාවකින් ලෝකය විනාශවනු ඇතැයි මෙම පුද්ගලයෝ සිතති. එම නිසා ඔවුන් බොහෝ වියදම් කර බඩු භාණ්ඩ රැස්කරගෙන ඇත්තේ කෝකටත් සූදානමිනි.

ලෝක විනාශයට වඩා විනාශකාරී ප්‍රශ්නවලින් වටවී සිටිය දී වුවත් “ලෝක විනාසෙට ලෑස්තිද?” යන්න මේ දිනවල කවුරුන් මුණ ගැසුණත් ඇසෙන ප්‍රශ්නයකි. දෙසැම්බර් 21 වනදාට ලෝකයම විනාශ වී යන්නේ නම් අදහන ආගමක් සිහි කරගෙන බලා සිටිනු මිස ඊට අමුතුවෙන් කියා සූදානම් වීමට දෙයක් නැතැයි අප සිතුවත් සැවොම එසේ නොසිතති.

හාල් මුට්ටියේ සිට උපත් පාලන කොපුව දක්වා අවශ්‍ය සියලු දේ රැස් කරගෙන ලෝක විනාශයට මුහුණ දීමට සැරසෙන එවැනි මිනිසුන් පිළිබඳව ලොව දස දෙසින් අසන්නට ලැබේ. එවැනි පුද්ගලයන් පිළිබඳව නැෂනල් ජියොග්‍රැෆික් නාලිකාවේ විශේෂ වැඩසටහනක් ද විකාශය විය.

සේමිණී නළඟනක්‌ කියා එවූ නිර්නාමික ලිපිය...


සේමිණී කියන්නේ නිළියක්‌ නොව නළඟනක්‌.............. 
වැදගත් නිර්මාණවලට නළඟනන් ගන්න එපා...

මේ ලියුම එවපු කෙනා මම හොඳාකාරවම දන්නවා...

ඊර්ෂ්‍යාව දරාගන්න බැරිව තමයි ඒ දේ කළේ...

සේමිණී ඉද්දමල්ගොඩ රංගන ශිල්පිනියට විරුද්ධව පසුගියදා නිර්නාමික ලිපියක්‌ ඇවිත් තිබුනා. මේ ලිපිය ඇවිත් තිබෙන්නේ සුදත් රෝහණ අධ්‍යක්‍ෂවරයාටයි.

ඔහු අධ්‍යක්‍ෂණය කළ ස්‌වයංජාත, කළුවර ගෙදර නිර්මාණවලට සේමිණී ඉල්ලමල්ගොඩ රංගන ශිල්පිනිය සම්බන්ධ කරගත්තේ ඇයිද යන්න පවසායි මේ නිර්නාමික ලිපිය ඇවිත් තිබුනේ. මේ සිද්ධිය ගැන සේමිණී අපට මෙලෙස පවසා සිටියා. 

තුට්‌ටු දෙකේ වෙබ් අඩවි මම බලන්නේ නැහැ - අයෝමිට මල පනී


ඔය ප්‍රවෘත්තිය දැම්මේ මගෙන් කිසිම දෙයක්‌ අහන්නේ නැතිව...

ඒ අය හොයලා වෙන්න ඇතිනේ දාන්න ඇත්තේ... ඒ නිසා එයාලගෙන්ම අහන්න...

ජීවිතය ලස්‌සනයි නමැති ටෙලිනාට්‍යයේ සුදුනංගි නම් චරිතයෙන් වැඩිදෙනකු හඳුනාගත් අයෝමි ශානිකා දැනට ආයුර්වේද වෛද්‍යවරියක ලෙසද කටයුතු කරනවා. ඇය පසුගිය කාලයේ නම් පුවත්පත්වලට පවසලා තිබුණේ තවම ආදරයක්‌ සොයනවා කියලයි. 

ඔය අතරේ ඇය ගැන එක එක කතා ආරංචි වුණා. ඉන් කතාවක්‌ තමයි මාධ්‍යයට වගේම දේශපාලන ක්‍ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයෙක්‌ සමග විවාහවෙලා සිටිය අයෝමි දික්‌කසාද වෙලා කියලා.

ලෝක විනාශයට කලින් කියන වග නම්...!

පෘථිවියට කිමී 226000 ක්‌ ඈතින් ටව්ටාටිස්‌ ග්‍රහයා ගමන් කරනවා –නාසා

ශ්‍රී ලංකාව සහ ලෝකය මේ දිනවල අපූරු කතන්දරවලින් පිරී පවතී. එකක්‌ දෙසැම්බරයේ ලෝක විනාශයයි. අනික මේ දිනවල දිවයිනේ තැනින් තැන අහසේ දිස්‌වන විවිධ ආලෝක ධාරාවන්ය. ලෝකය වරින් වර මෙවැනි කටකතාවලින් නොසංසුන් වෙයි. අලුත්ම කටකතාව ලෝක විනාශයයි. මායාවරුන්ගේ දින දර්ශනය 2012 දෙසැම්බර්වලින් අවසන් වන බැවින් ලෝක විනාශය සිදුවන බවට ලෝක ජනතාව තුළ විශ්වාසයක්‌ හටගෙන ඇත.

මේ පෘථිවිය හැර වෙනත් ග්‍රහ ලෝක කීයක්‌ තිබේද? විශ්වයේ දිග පලල කොතරම්ද ආදී වශයෙන් ඉහ මොළ සූරන ප්‍රශ්න ගණනාවක්‌ වරක්‌ බමුණෙකු (බ්‍රාහ්මණයකු) විසින් බුදුන් වහන්සේගෙන් විමසීය.

බුදුන් වහන්සේ පිළිතුරු දෙමින් වදාළේ ඒවා පලක්‌ නැති බවය. ලෝකයේ උපත අවසානය ගැන කල්පනා කොට වෙහෙස වෙනවාට වඩා යහපත් ධාර්මික ජීවිතයක්‌ ගතකොට සසර කෙටි කර ගැනීම වඩා වැදගත් වන බව බුදුහු ප්‍රකාශ කළහ. 

එසේ වුවද මතු යම් දිනක විය හැකි ලෝක විනාශය ගැන විවිධ අදහස්‌ ද කතාන්දර ද අප්‍රමාණව තිබේ.