Ads 468x60px

.

ලෝක විනාශ වුනත් අන්තිම විනාඩිය වෙනකන් මට ඕනේ සතුටයි - චතුරිකා

එදාටත් මං ෂුටිං...චතුරිකා
සුපුරුදු විදියට වැඩ කරනවා...කුසුම් රේණු

මේ දිනවල ලෝක විනාශය පිළිබඳ මාධ්‍ය ඔස්සේ විවිධ පුවත්, වාර්තා විවිධාකාරයෙන් යුතුව ප්‍රචාරය වෙනවා.

මේ මස 21 වැනිදා ලෝක විනාශය සිදුවන බව තවත් එක් මතයක්. මේ පිළිබඳ විවිධ විද්වතුන්, මතධාරීන් විවිධ අදහස් උදහස් දක්වනවා.

මොවුන් පවසන අන්දමට යම් හෙයකින් එවැනි ලෝක විනාශයක් සිදුවුව හොත් එදිනට පෙර දින අපේ ආදරණීය කලාකරුවන් කුමක් කරන්නේ දැයි ඔවුන්
දැක්වූ අදහස්.

ලෝක විනාශය සිදුවෙනවා නම් ඇත්තටම මම නම් ඒ ගැන හිතලා බයවෙලා මැරෙන්න කැමැති නැහැ. ලෝක විනාසෙ සිදුවන දවසට කලින් දවසෙත් මම නම් ෂූටින් කරයි.

සුනාමි ආවත් ලෝක විනාසෙ ආවත් මොන දේ ආවත් මම මගේ සුපුරුදු වැඩ කටයුතුවලම නිරතවෙයි. අවසන් විනාඩිය වුණත් සතුටින් ගත කරලා මැරෙන්න තමයි මම කැමැති.

මේ ලෝකෙ හැමදේම අනිත්‍යයි කියන දේ අපි දන්නවානේ. ඒ නිසා එදාට පවුලේ අය එක්ක ඉඳල එකට මැරෙන්න ඕන, ඒකට මුහුණ දෙන්න ඕන කියලා මම හිතන්නේ නැහැ.

මම හිතන්නේ මුළු ලෝකෙම විනාශ වෙනවා නම් අපි කවුරුත් ඉතුරු වෙන්නේ නැහැනෙ. ඒ නිසා ඒ ගැන වැඩිය හිතන්න දුක්වෙන්න ඕන නැහැනේ කියලයි. ඒ චතුරිකාගේ අදහසයි.


නිලන්ති ඩයස්ගේ අදහස් පහතින්

නොස්ට්‍රඩාමුස් ලෝක විනාශය ගැන කියූ අනාවැකි...

ගංග්නම් ගීතය බිලියනක් නරඹීමත් සමඟ ලෝක විනාශය වෙනවලු... 

නොස්ට්‍රඩාමුස් ලෝක විනාශය ගැන අනාවැකි පැවසුවේ ගංග්නම් ගීතය හරහා බව පවසමින් මේ දිනවල ලෝ පුරා ජනප්‍රිය ගංග්නම් ගීතයද ලෝක විනාශය සමඟ ඈඳා මේ දිනවල අන්තර්ජාලය හරහා මතයක් ගොඩ නගා තිබෙනවා.

ගංග්නම් නර්තනයේ අශ්වයෙකුගේ පිටේ යන දසුනක් තිබෙන නිසාත්, බින්දු නවයක කතාවක් කියවෙන නිසා බින්දු නවයකින් යුත් බිලියනක් එම ගීතය නරඹීමත් සමඟ ලෝක විනාශය වන බවයි එමඟින් කියවෙනවා.

එම වීඩියෝව පහතින්.

ලෝක විනාශ කතාව පට්ටපල් බොරුවක්...

මේක තනිකරම හුඹස් බියක්...

ලෝක විනාශයක් සිදුවෙන බවට විද්‍යාත්මක සාක්ෂි නැහැ...

නුදුරු දිනෙක විශ්වය විනාශ වේ ය යන අස්ථාන බිය දැන් ලෝකය පුරාම පැතිර තිබෙනවා. පෙරදිග රටවලටත් වඩා විශේෂයෙන් ඇමෙරිකාව මුල්කර ගත් අපරදිග රටවල ඒ මතය වඩාත් ප්‍රචලිත වූයේ ලෝකයේ විනාශය පෙන්වන චිත්‍රපට නිෂ්පාදනය කොට තිරගත කිරීමත් සමඟයි

අතීතයේ මෙක්සිකෝවේ ගෝතමාලාවේ විසූ මායාවරුන්ගේ දින දර්ශනයට අනුව 2012 දෙසැම්බර් 21 වැනිදායින් පසු ලෝකය ගැන අනාවැකි නොලියවී තිබීම ඊට ප්‍රධාන හේතුවයි. කෙනෙකුට බණ භාවනා කිරීමෙන් සිත එකඟ කොට විවිධ ධ්‍යාන උපදවා ගත හැකි බවත් එසේ, සිත දියුණු කර ගත් අයට අනාගතය ඇතුළු බොහෝ දේ දැකිය හැකි බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. 

 එදා ලෝකය ගැන අනාවැකි කී ඒ මායාවරුන්ගේ ප්‍රධානියා දෙසැම්බර් 21 වැනිදායින් පසු ලෝකයේ ඉදිරි අනාගතය ගැන නොලියන්නට ඇත්තේ උපදවා ගත් ධ්‍යාන බලය පිරිහීම නිසා හෝ රෝගාතුර වීම නිසා වීමට පුළුවන. එසේත් නැතිනම් ඔහු මියයාම නිසා වීමට පුළුවන. එසේ අනාගතය නොලියවී තිබීම පමණින් ලෝක විනාශයක් පිළිබඳ අද සමාජයේ ඇත්තේ හුඹස් බියක් පමණි.

කල්ප විනාශය පිළිබඳ දීර්ඝ විස්තරයක් සම්බුද්ධ දේශනාවේ අන්තර්ගතය. එය විමසීමෙන් විශ්වයේ ආරම්භයත් එහි විනාශයත් ගැන මනා අවබෝධයක් ලබා ගැනීම අසීරු වන්නේ නැත. බෝසත්වරු සම්බුද්ධත්වයට පත්වීම සඳහා පාරමී ධර්ම පුරණ කාලය හඳුන්වා ඇත්තේ කල්ප නාමයෙනි. එසේ කල්ප නාමයෙන් හඳුන්වා ඇත්තේ වර්ෂවලින් ගිණිය නොහැකි බැවිනි.

එෆ්. එම්. නාලිකාවක් කල හදියක්...

ඛේදවාචකයකින් අවසන් වූ එෆ්. එම්. නාලිකාවේ රාජකීය සෙල්ලම...

වෘත්තීය ජීවිතයේ දී අප අතින් සිදුවන සමහර අත් වැරදි හැඳින්වෙන්නේ “වෘත්තීමය සියදිවි නසාගැනීම්” ලෙසයි. වෘත්තියේ දී සිදු වූ එක් අතපසු වීමක් නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ හෙදියක පිළිබඳ දුක්බර කතාවක් පසුගියදා බ්‍රිතාන්‍ය දෙසින් වාර්තා වුනා. 

ඇයට මෙම ඛේදවාචකයට මුහුණ දීමට සිදු වූයේ වෘත්තීය ගෞරවය කෙළෙසෙන ලෙස හැසිරුණු තවත් පුද්ගලයන් දෙදෙනකුගේ ඇස් රතු වන ‘රාජකීය’ විහිළුවක් නිසාය. 

සිය කුළුඳුල් දරුවා පිළිබඳ පුවත නත්තල් දිනයේ දී ලොවට හෙළි කිරීමට බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳ වූ කේම්බ්‍රිජ්හි ආදිපාදවරිය කේට් මිඩ්ල්ටන් බලා සිටියහ. එහෙත් අකමැත්තෙන් වුවද එම පුවත ඊට පෙර හෙළි කිරීමට සිදුවූයේ කේට් ගැබිනි සමයේ මුල් භාගයේදීම අධික වමනය හේතුවෙන් රෝහල්ගත කරනු ලැබිම නිසාය. 


අලි මදිවාට හරක් කීවාක් මෙන් රාජකීය යුවළට තවත් ඇබැද්දියකට මුහුණ දීමට සිදු වූයේ කේට් ප්‍රතිකාර ලැබූ කින්ග් එඩ්වඩ් ද සෙවන්ත් (හත්වන එඩ්වඩ් රජ) රෝහ‍ලේ දී ජසින්තා සල්දන්හා නම් ඉන්දියානු ජාතික හෙදිය සියදිවි නසාගැනීම හේතුවෙනි.

මහ රැජින ඇතුළු රජ පවු‍ලේ සාමාජිකයන් ප්‍රතිකාර සඳහා යොමුවන කින්ග් එඩ්වඩ් ද සෙවන්ත් රෝහල බ්‍රිතාන්‍යයේ ඇති විශිෂ්ටතම රෝහලකි. ජසින්තා නම් 46 හැවිරිදි හෙදිය රාත්‍රී සේවයේ යෙදී සිටියදී පාන්දර 5.30ට පමණ රෝහලට දුරකතන ඇමතුමක් ලැබුණි. 


ලෝක විනාශය මිථ්‍යාවක්...

සෙනසුරු, රාහු හමුවීමෙන් ලෝකයේ පෙරැළියක්...

සියළු විනාශයන් හමුවේ ඔබ නොසැලී සිටින අයුරු ඔබම දැක සතුටු වන්න...

මේ දිනවල බෙහෙවින් අසන්නට ලැබෙන්නේ ලෝක විනාශයක් පිළිබඳව හටගෙන ඇති මතවාදය. සමහර මතවාද ”නියුස්ට‍්‍රඩන්” වැනි අනාවැකි කරුවන්ගේ ප‍්‍රකාශයන්ද නූතන විශ්වාසනීයම නිරීක්ෂකයන් සිටින නාසා ආයතනයේ ප‍්‍රකාශද යොදා ගනිමින් සමාජය ආන්දෝලනයකට ලක්වී තිබෙනවා.

එම සියලූ මතවාද ප‍්‍රසිද්ධියේ සිදුවන විට ඉතාමත් රහසිගතව හා අප‍්‍රසිද්ධියේ සංවිධානාත්මක මට්ටමෙන් ක‍්‍රියාත්මක වන, මිථ්‍යාව පතුරවා හරින මිථ්‍යා දෘෂ්ඨික ක‍්‍රියාකාරකම් අප ප‍්‍රසිද්ධියේ හෙළා දැකිය යුතුය.


විශ්වයේ සිදුවන වෙනස් වීම් සියලූම ජීවීන්ට මෙන්ම අජීවී වස්තූන්ට ද බලවේග කෙරෙහි ද එකසේ බලපෑමක් ඇති කරනවා. විශ්ව ක‍්‍රියාකාරකම් හා මිනිසා අතර සම්බන්ධතාව හඳුනා ගැනීම ජෝතිෂ්‍ය යැයි කියනු ලැබෙනවා

අහසේ පෑයූ දීප්තිමත් තරුවක් නිසා දෙවියන් වහන්සේගේ පුත් යේසුස් වහන්සේගේ පැමිණීම සනාතවූවා සේම සිදුහත් කුමරුගේ ජන්ම පත‍්‍රය පරික්ෂාකර ලොවටම ශ්‍රේෂ්ඨ ලොවේහි අග‍්‍රවන බවට ප‍්‍රකාශ කළේද ජෝතිෂ්‍ය යයි. 

එසේ නම් ජෝතිෂ්‍ය විද්‍යාවට අනුව ලෝක විනාශය ගැන කතා කිරීම සරල මාතෘකාවක් නොවන නිසා එය තේරුම් ගැනීමට හැක්කේ ජෝතිෂ්‍ය වේදීන්ට පමණක් නිසා එම විෂය හදාරා නොමැති ඔබගේ දැන ගැනීම පිණිස 2012.12.23 දින සිදුවන දෑ පිළිබඳව ඉතා සරලව මෙහි අන්තර්ගත තිබෙනවා

ලෝක විනාශයකට පෙර සිදුවන වෙනසකට ලක්වීමක් ලෙස මෙම සිදුවීම සඳහන් කළ හැක. එනම් 2012 දෙසැම්බර් මස 23 වැනි දින

රුසියානු කෙල්ලන්ගෙන් කලම්බු නයිට් රේස් 2012

නයි නළඟනගේ පච ජන මාධ්‍ය ඔබලාට බෙදුවේ මෙහෙමයි...!

කොල්ලූපිටියේ පිහිටි සමාජ ශාලාවක නාගයෙකු සමග රංගනයක නිරත වන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලක් මත අත්අඩංගුවට   ගත් නිරෝෂා විමලරත්න හෙවත් නයි නළඟන පිළිබදව කරුණු  මාධ්‍ය  විසින් හෙළි කරන ලදී. 

නමුත් මේ ජනමාධ්‍ය ජනතාවට කිසිම වගකීමකින් තොරව නයි නළඟනගේ පච ජනතාවට බෙදා තිබේ. නිරෝෂා විමලරත්න මාධ්‍යට හෙළි කලේ ඇයගේ මව ඉන්දියානු කාන්තාවක් බවයි. 

නමුත් එය පචයකි ඇයගේ මව ලංකික සිංහල කාන්තාවක් වන වික‍්‍රමසිංහ මුදියන්සෙලාගේ ශ‍්‍රියාණි වික‍්‍රමසිංහ වේ. නිරෝෂා ගැන මාධ්‍ය සඳහන් කළේ ඇය  ඉන්දියාවේ හයිද්‍රාබාද් හි අධ්‍යාපනය  ලැබූ බවය. එයත් පචයකි මේ කාන්තාව කිසි දින ඉන්දියාවට ගොස් නැත. 

ලෝක විනාශයක් නැහැ දිනදසුන අවසන් වීමක් පමණයි

පිටසක්වලින් උපදෙස් ගත් ”මායා” ශිෂ්ටාචාරය... 

අද ලෝකයේ කොතැනක වත් මායා වරුන් ගැන නොදන්නා අය නැති තරම්ය. 

විශේෂයෙන්ම මෙම වසරේ මායා වරුන් පිළිබඳ මුළු ලොවම ආන්දෝලනයට පත් කළේ ඔවුන්ගේ දින දර්ශනයේ නිමාව මෙම වසරේ යෙදී තිබුණ බැවිනි. 

ඇත්ත වශයෙන්ම මායාවරුන් පිළිබඳ අලූතෙන් දෙයක් ඉදිරිපත් කිරීමට නැති තරමට ඔවුන් ගැන ගවේශණය කොට සියලූම කරුණු දැනටමත් හෙළිවී හමාරය.

මායා යනු මධ්‍යම ඇමෙරිකාවේ දියුණු ශිෂ්ටාචාරයකි. මෙය කොලම්බස් ඇමෙරිකාව සොයා ගැනීමටත් පෙර ඉතා ඉහළ මට්ටමේ අක්‍ෂර විඥානය තිබූ ශිෂ්ටාචාරයකි. ක‍්‍රි.පූ. 2600 දී පමණ ආරම්භ වූ මෙම ශිෂ්ටාචාරය කි‍්‍ර.ව. 250-900 කාලපරිච්ඡේදයේදී ඉතාම උච්ච මට්ටමේ තිබී ඇති අතර 15 වැනි සියවසේ මැද බාගය වන විට විනාශයට පත්වී ඇත.


මෙම මායා ජාතීන්, ලෝකය තාක්‍ෂණ අතින් නොදියුණු යුගයක ගණිතය, අක්‍ෂරවිඥානය, චිත‍්‍ර හා මූර්තිකලාව, තාරකාවිද්‍යාව සහ වාස්තුවිද්‍යාව යන අංශවල අද විද්වතුන් මවිතයට පත්වන අන්දමට දියුණුවී සිටි බව හෙළිවී ඇත. 

ඔවුන්ගේ ගෘහනිර්මාණ ශිල්ප දැනුම ඉතාමත්ම ඉහළ මට්ටමේ තිබූ බවට හොඳම සාක්‍ෂිය ඔවුන්ගේ අහස උසට තනා ඇති පිරමීඩයමෙන් විශාල වූ සහ ඉතා සියුම් කලාත්මක භාවයෙන් යුත් ගොඩනැගිලිය.

ඇමෙරිකාවේ මධ්‍යම ප‍්‍රදේශයේ වසර 1000 කට පෙර ඉතා ආශ්චර්යමත් පුදුම සහගත ශිෂ්ටාචාරයක් සැඟවී තිබූ බව මෑතක වනතුරු කිසිකෙනෙක් නොදැන සිටීමද මායාවකි. 1939 දී අමෙරිකාවේ ලේඛකයකු වන ජෝන් ලොයිඞ් ස්ටීපන් (Jhon Loyd Stephan) මහතා මුලින්ම මායා වරුන්ගේ දක්‍ෂතාව ලෝකයාට හෙළි කළේය.