Ads 468x60px

.

වැල්ලවායේ පිංකම නිමා වෙද්දි අහසින් ගිය රතු ආලෝකය කුමක්ද..?

රතු පැහැති ගිනි ගුලියක් නැගෙනහිර අහසේ සිට බස්නාහිර දෙසට...

වැල්ලවාය මාධ්‍ය ඒකකය මගින් ඊයේ (21) දිනයේ දී වැල්ලවාය නගරයේ බෞද්ධ මන්දීරය අසල ලෝක විනාශය වෙනුවෙන් ලංකාවාසි සැමට සෙත්පතා ස්වාමීන් වහන්සේලා 136 නමක් ඇතුළු පන්සල් 35ක නායක ස්වාමීන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් මහා සෙත් පිරිත් සජ්ඡායනාවක් හා බෝධි පූජා පිංකමක් පැවැත්වුවා. 

එයට මහා සංඝ රත්නය ඇතුළු විශාල පිරිසක් සහභාගී වුනා. එම බෝධි පූජාව නිමා වීමත් සමගම ඉහළ අහසේ රතු පැහැති ගිනි ගුලියක් නැගෙනහිර අහසේ සිට බස්නාහිර දෙසට ඉතා වේගයෙන් ගමන් කරන අයුරු රැස්ව සිටි ස්වාමීන් වහන්සේලා සහ සෙසු බැතිමතුන්ට පැහැදිලිව දකින්නට ලැබුණා. 

රතුපාටට දිලිසෙමින් කිසිදු හඬක් නොනගා මෙම අද්භූත වස්තුව අහසේ ගමන් කළ ආකාරයේ ජායාරූප කිහිපයක් පහතින්.

මට ගැහැනියක් වීමට කිසිදු වුවමනාවක් නෑ - මයික් ටයිසන්

මේක විකාර කතාවක්...

හිටපු හෙවිවේට් ශූර ලෝක පූජිත මයික් ටයිසන් ගැහැනියක් බවට පත්වීමට පැය 16ක සැත්කමකට භාජනය වූ පුවතින් පසුගියදා අන්තර් ජාතික ක්‍රීඩා පිටිය කැළඹුණා.

එසේ කාන්තාවක් බවට පරිවර්තනය වූ ඔහු තම නම මිෂේල් ලෙස වෙනස් කරගත් බවත් සඳහන් වුණා. නමුත් මේ පුවත දැඩිව ප්‍රතික්ෂේප කරන ටයිසන් තමාට කාන්තාවක් වීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ප්‍රකාශ කළා.

‘මට ගැහැනියක් වීමට කිසිදු වුවමනාවක් නෑ. මේක විකාර කතාවක්. ඔය සැත්කම කළා කියන දවසේ මම හිටියේ

ලෝක විනාශය දින නියමක් නැතිව කල් ගිහින්.

පැරණි දින දර්ශනය අවසන් වුවද එවැනි තවත් දින දර්ශනයක්...

ශ‍්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ සවස 4.41ට මත භේදාත්මක මායාවරුන්ගේ දින දර්ශනය අවසන් වු නමුත් ඇතැමුන් අනාවැකි පළ කළ පරිදි ලෝක විනාශයක් හෝ විශේෂ සිදුවීමක් ලොව කිසිදු තැනකින් වාර්තා නොවීය. 

එම වෙලාවේදී පෘථිවිය ඇතුළු ග‍්‍රහලෝක කිහිපයක් ද සූර්යා ද එකම රේඛාවක පිහිටීමෙන් දින 3ක් පෘථිවිය අඳුරේ ගිලෙන බවත් ඒ නිසා ලෝකය විනාශ වන බවද එක් පාර්ශ්වයක අදහස විය. 

සූර්යයාගේ ආලෝකය අඩුවී ලෝකය විනාශ වන බව තවත් පිරිසක් කී අතර කිසියම් ග‍්‍රාහකයක් පෘථිවිය හා ගැටීමෙන් ලෝකය විනාශ වන බවට තවත් අදහස් පළව තිබිණි. පිටසක්වලින් ප‍්‍රහාරයක් එල්ල වනු ඇතැයිද මේ අතර සාකච්චා විය.

කෙසේ වෙතත් ලෝක විනාශයට බියපත් වූ පිරිස් අධික මුදලක් ගෙවා භූගත බංකර් හෝ ආරක්ෂිත යැයි කියන නිවාස මිලදී ගත් බවට රටවල් රැසකින් වාර්ථා විය. ඇතැම් ව්‍යාපාරික සමාගම් සඳ මත සහ අඟහරු මත බිම් කොටස් ද