Ads 468x60px

.

පියා සමඟ නිදා සිටි දැරිය උස්සාගෙන ගිහින් මරණීය තර්ජන කර රහස් ප්‍රදේශ අත පත ගාලා..

යට ඇඳුම් කිසිවක් නැති මාමා කෙනෙක් කැලයට එක්ක ගියා 

මරනවා කියල මගේ යට පැත්ත ඇල්ලුවා...

අලුයම් කාලයේ නිවෙසට ඇතුළු වූ පුද්ගලයකු පියා සමග නිදා සිටි සත් හැවිරිදි දැරියක් ඔසවාගෙන අතවර කිරීමට අසල කැලයට රැගෙන ගොස් ආපසු නිවෙස වෙත රැගෙන විත් දමා ගිය සිද්ධියක් බණ්ඩාරගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මව අත දරුවා සමග වෙනත් කාමරයක නිදා සිට ඇති අතර අලුයම 5.00 ට පමණ නිවෙසේ ජනෙල් කූරු ඈත් කර මෙම පුද්ගලයා නිවෙසට ඇතුළු වී දැරිය ඔසවා ගෙන කුස්සියේ දොරෙන් මීටර් 500ක් පමණ ඈත කැලෑවට රැගෙන ගොස් කෑගැසුවොත් මරණ බවට තර්ජනය කර තිබෙනවා.

උදෑසන අවදි වූ පියා තමා අසල නිදා සිටි දැරිය නොමැති නිසා මවගෙන් විමසීමේදී කලබල වී දැරිය සොයන්නට වූ අවස්ථාවේ නිවෙස පිටුපස සිට හඬමින් දැරිය පැමිණෙනු දැක තිබෙනවා.

යට ඇඳුම් කිසිවක් නොමැතිව කහපාට ටීෂර්ට් එකක් පමණක් ඇඳ සිටි නොහඳුනන මාමා කෙනෙක් තමාව ඔසවාගෙන කැලයට

07 දෙනකුට මරු කැඳවූ තිස්‌සමහාරාම බෝට්‌ටු අනතුරට හේතුව

10 ක්‌ ගමන් කළ හැකි බෝට්‌ටුවේ 22 ක්‌ ගිහින්...

ජීවිතාරක්‍ෂක කබා 9 ක්‌ තිබුණත් කිසිවකු ඒවා පැළැඳ නෑ...

වැව් කණ්‌ඩියේ හිටපු අය කළේ වීඩියෝකර පින්තූර ගහපු එකයි...

අපේ ජීවිත බේරාගන්න ඔවුන් කිසිවක්‌ කළේ නැහැ
අනතුරින් දිවි බේරාගත් රොමේෂ් කියයි...


වගකීම මම භාරගන්නම් කට්‌ටිය එක පාර නැගලා යමු බෝට්‌ටු හිමිකරු කියලා... 

07 දෙනකුට මරු කැඳවූ තිස්‌සමහාරාම බෝට්‌ටු අනතුරට හේතු වී ඇත්තේ දස දෙනකුට පමණක්‌ ගමන් කළ හැකි බෝට්‌ටුවේ ඉතාම අනාරක්‍ෂිත ආකාරයට අධික බීමතින් පුද්ගලයන් 22 දෙනකු ගමන් කිරීම බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබෙනවා.


මෙම බෝට්‌ටුවේ ජීවිත ආරක්‍ෂක කබා 09 ක්‌ තිබූ නමුත් එහි ගමන් කළ කිසිවකු ඒවා පැළඳ නොසිටි බවද හෙළිවී තිබෙනවා. මේ අතර බෝට්‌ටුව පැදවූ පුද්ගලයාද අධික ලෙස බීමත්ව ඉතාම නොසැලකිලිමත් ආකාරයට බෝට්‌ටුව පදවා ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළිවී තිබෙනවා.

ඒ අනුව ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන
තිබෙනවා.පෙරේදා (22 වැනිදා) සවස 3.00 ට පමණ සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයන් 07 දෙනකු ජීවිතක්‍ෂයට පත් වූ අතර ප්‍රදේශවාසීන් හා පොලිසිය එක්‌ව දැඩි වෙහෙසක්‌ දරා සෙසු පිරිස බේරාගෙන තිබෙනවා.

බෝට්‌ටු චාරිකාවේ යෙදුණු පුද්ගලයන් අධික ලෙස බීමත්ව ඉතාම අනාරක්‍ෂිත ආකාරයට බෝට්‌ටුව තුළ හැසිරෙන්නට පටන් ගෙන ඇති අතර ඒ අවස්‌ථාවේ බෝට්‌ටුවේ

විනාශ නොවූ ලෝකයේ සිට - දැන් ඉතින් දෑස් ඇර බලන්න.

දැන් ඉතින් ලෝක විනාශය මිථ්‍යාවක්

 ”ලෝක විනාශය” සිදුවී දින කිහිපයක් ගෙවී ගොසිනි. එහෙත් තවමත් අපි හොඳින් හුස්ම ගනිමු. ආහාර පාන ගනිමු. සුපුරුදු පරිදි පත්තරයද කියවමින් සිටින්නෙමු. රූපවාහිනී නාලිකා එහාට මෙහාට කරමින් ලෝක ප‍්‍රවෘත්තිද ටෙලිනාට්‍යද තවත් ලට්ට ලොට්ටද නරඹන්නෙමු.

පෘථිවි ගෝලයද පුරුදු විදිහටම ඉර වටා පරිභ‍්‍රමණය වෙයි. හිරු එළිය එදා මෙන්ම පෘථිවියේ ගහකොලද එදා සේම ප‍්‍රභාසංස්ලේෂණය කරයි. කුරුල්ලෝ ගී ගයති. කියන්නට තරම් කිසිදු වෙනසක් සිදුව නැත්තේය. එසේනම් 2012.12.21 දින සිදුවන බව කී ලෝක විනාශය තවත් කී කාලයකට නම් කල් ගොස් ඇත්ද?


එහෙත් තවමත් ලොව බොහෝ දෙනෙක් සිතා සිටින්නේ අද නැත්නම් හෙට ලෝක විනාශය සිදුවනු ඇති බවකි. මේ නිසාම ලංකාවේ බොහෝ දෙනෙක් සංචාරයේ යෙදීම නතර කර ඇත්තාහ.

වෙනදා අනුරාධපුරයේ, පොළොන්නරුවේ, සීගිරියේ, දඹුල්ලේ, මහනුවර,ති‍්‍රකුණාමලයේ, ගාල්ලේ ආදී වශයෙන් විවිධ සංචාරක ඉසව්වලට ගිය දේශීය උදවිය මේ දවස් ටික ගතකළේ ගෙවල්වලමය.

තවමත් ඔවුහු ගෙවල්වලට වී උඩ බලාගෙන සිටිති. මේ විශ්වයේ කොතැනකවත් නැති නීබ්රූ නම් ග‍්‍රහලෝකය පැමිණ පෘථිවියේ ගැටෙනු ඇතැයි ඔවුහු බලාපොරොත්තුවෙන් සිටිති.

මේ නීබ්රූ ග‍්‍රහලෝකය පිළිබඳ මිථ්‍යාව සත්‍යයක් සේ විශ්වාස කරන සෙනඟ ලංකාවටත් වඩා සිටින්නේ බටහිර දියුණු යැයි කියන රටවලය. ඈත අතීතයේ පටන්