Ads 468x60px

.

මම කාටවත් කඩේ යන්නේ නැහැ - සනත් ජයසූරිය

අපි ආවේ මහේලව හෝ සංගක්‌කාරව ඉවත් කරන්න නෙමෙයි...

නව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය කියයි...

ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියේ වසර විස්‌සක අත්දැකීම් සමග ඕනෑම පීඩනයකට ඔරොත්තු දිය හැකි ලෙස පදම්වී සිටින තමා නව රාජකාරිය අකුරට ඉටුකිරීමට සූදානම් බව නව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපතිවරයා ලෙස පත්වූ හිටපු ක්‍රිකට්‌ නායක සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා පවසනවා. 


ඔහු මෙම අදහස්‌ පළ කර සිටියේ ඊයේ 30 දා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.  

එම විස්තරය පහතින්

"අපි මෙතනට ඇවිල්ල තියෙන්නෙ මහේලව හෝ සංගක්‌කාරව ඉවත් කරන්න නෙමෙයි. අපි ක්‍රීඩකයන්ගෙ නම් තුන හතරක්‌ ඉලක්‌ක කරගෙන තේරීම් කරන්නෙ නැහැ. අපිට ලොකු වගකීමක්‌ තියෙනවා ශ්‍රී ලංකාවේ ඉදිරි ක්‍රිකට්‌ ගමන සඳහා. එහිදී අපි ඉක්‌මනින් හොඳ නායකයකු පත්කළ යුතුයි. ඒ සඳහා තවම අපි සාකච්ඡා කළේ නැහැ. 


එහිදී සුදුසුම කෙනා කවුරුන්ද කියල තව දින කිහිපයකින් තීරණය කරනවා. අපි ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ අංක එකට තියල සියලු තීරණ ගන්නවා. අපිට මේ හැම දෙයක්‌ම ලැබිල තියෙන්නෙ

ලොව හොඳම කෘතීම අත අචලාට - සතියක් ඇතුළත දිවයිනට

ඉතා ඉහළ තාක්ෂණයක් පවතින්නේ ඊශ‍්‍රායලයේ...

සතියක් ඇතුළත දිවයිනට ගෙන්වීමට කටයුතු කරන්...

විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේ දී පැවැති සාකච්ජාවකින් පසු වෛද්‍ය වරයකුගේ වරදින් අත ඉවත් කිරීමට සිදු වූයේ යැයි කියන කොළඹ නීති පීඨයේ සිව්වැනි වසරේ ඉගෙනුම ලබන අචලා පි‍්‍රයදර්ශනී සිසුවියට කෘතිම අතක් ලබාදීම සඳහා වැයවන සම්පූර්ණ මුදල රජයෙන් ගෙවීමට තීරණය කර තිබෙනවා.

මේ අවස්ථාවට අමාත්‍ය ජී.එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන නාමල් රාජපක්ෂ සහ උදිත් ලොකුබණ්ඩාර යන මහත්වරු ද ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීහු පිරිසක් ද, විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ නියෝජිතයන් කිහිප දෙනෙක් ද සහභාගී වුනා.

කෘති‍්‍රම අත් නිෂ්පාදනයේ දී ඉතා ඉහළ තාක්ෂණයක් පවතින්නේ ඊශ‍්‍රායලයේ බැවින් එම රටෙහි මෙම ශිෂ්‍යාවට අවශ්‍ය කෘති‍්‍රම අත ලබාගැනීමට කටයුතු කරන ලෙසත්, එය

ජෝර්දානයේදී වධ හිංසාවලට ලක්වූ පොල්පිතිගම රේණුකාට සිහිය එනවිට ලේ විලක් මැද.

සිහිය ඇවිත් බලන කොට අතේ ඇඟිල්ලේ පුරුක් නෑ...

ජෝර්දානයේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කරමින් සිටියදී වධ හිංසාවලට ලක්වූ බව කියන කාන්තාවක, අතක ඇඟිලිවල කැපුම් තුවාල සහිතව ඉකුත් (26දා) කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

ඇගේ ඥාතීන් විසින් ජෝර්දානයේ සිට ලංකාවට ආපසු ගෙන්වා ගැනීමෙන් අනතුරුව මෙලෙස රෝහල් ගතකරනු ලැබුවේ පොල්පිතිගම, සාලියගම ප්‍රදේශයේ පදිංචි රේණුකා දමයන්ති හේරත් නමැති 32 හැවිරිදි තිදරු මවකි.


ස්ථීර නිවෙසක් සාදාගැනීමේ අරමුණින් යුතුව 2012 වසරේ ජූලි මස හත් වැනිදා කුරුණෑගල පිහිටි විදේශ රැකියා ඒජන්සියක් මාර්ගයෙන් ජෝර්දාන් රාජ්‍යයේ සේවය කිරීමට පිටත්වී ගිය බවත් සාමාජිකයන් අට දෙනකුගෙන් යුත් පවුලක් වෙසෙන තට්ටු නිවාසයක ගෘහ සේවිකාවක් ලෙස සේවය කිරීමට තමාට සිදුවූ බවත් ඇය කියන්නීය. 

මුල් මාස දෙක කිසිදු ගැටලුවකින් තොරව සේවයේ යෙදුණු නමුත් පසුව සෑදුණු බඩේ අමාරුවක් හේතුවෙන්, නිවැසියන් විසින් රෝහලක් වෙත රැගෙන ගිය බවත් එහිදී යම් එන්නතක්

මෙවර උසස් පෙළ ගණිත හා විද්‍යා අංශ දෙකෙහිම ප්‍රථම ස්ථානය රුසිරු හා කසුන්ට...

මෙවර ගණිත හා විද්‍යා අංශ දෙකෙහිම ප්‍රථම ස්ථානය හිමිව ඇත්තේ වීරකැටිය රාජපක්ෂ මාධ්‍ය මහා විද්‍යාලයටය.

ඒ අනුව රුසිරු ගාම්භීර ආරච්චි ගණිත අංශයෙන්ද කසුන් ලක්මාල් විද්‍යාව අංශයෙන්ද දිවයිනේ ප්‍රථමයන් වී තිබෙනවා.  

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ දින රාත්‍රීයේ අන්තර්ජාලයට නිකුත් කරනු ලැබු අතර ඔවුන්ගේ ප්‍රතිඵල සටහන පහතින් 

ඊයේ අලූයම මිනුවන්ගොඩ දී රන්දම්වැලක්‌ කඩා ගැනීමට ගොස් ජූඩ් නිශාන්ත වෙඩි කෑ හැටි.

තරුණයන් දෙදෙනා සමග ගුටිබැට හුවමාරුවක්..

කොල්ලකරුවන් පොලිසියට වෙඩි තබමින් පලා ගිහින්...

කොල්ලකරුවන් පිරිසක්‌ සහ මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරීන් පිරිසක්‌ අතර ඊයේ 30 දා අලුයම සිදුවූ වෙඩි හුවමාරුවකදී එක්‌ කොල්ලකරුවකු පොලිස්‌ වෙඩි පහරින් මරුමුවට පත්ව තිබෙනවා.

කටාන, නැරැකළුවාරිප්පුවේ පදිංචිකරුවකු වන කේ. ජූඩ් නිශාන්ත ප්‍රනාන්දු (32) නමැති අය මෙසේ මියගොස්‌
තිබෙනවා

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි

මිනුවන්ගොඩ නාලන්දා විදුහල අසල තරුණයන් දෙදෙනකු උපකාරක පන්තියකට අයත් පෝස්‌ටර් අලවමින් සිට ඇත. 

එම අවස්‌ථාවේ එම ස්‌ථානයට පැමිණි දෙදෙනකු පෝස්‌ටර් අලවමින් සිටි තරුණයකුගේ රන් දම්වැල කඩා ගැනීමට උත්සාහ දරා තිබෙනවා.

ටී 56 සහ ගල්කටස්‌ වර්ගයේ ගිනි අවි කොල්ලකරුවන් සන්තකයේ තිබී ඇතත් ඒවාට බිය නොවූ තරුණයන් දෙදෙනා කොල්ලකරුවන්ට පහරදී
තිබෙනවා.

සිරුරෙන් පිටත හදවතක් පිහිටි සිඟිත්තියක්...

වෛද්‍ය ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවක්..

උප්පත්තියෙන්ම සිය හදවත සිරුරෙන් පිටත පිහිටන සේ උපත ලැබූ සිඟිත්තියක් හට රෝස පැහැති ආවරණයක් යොදා යථා තත්වයට පත් කෙරූ පුවතක් ඇමරිකාවෙන් වාර්තා වෙනවා.

ඖඩ්‍රිනා කාඩනස් නම් මෙම දැරිය ඉතා විරල රෝගී තත්වයක් වන “එක්ටෝපියා කෝඩිස් (ectopia cordis)” තත්වයට මුහුන දුන් අතර මේ තත්වය මිනිසුන් මිලියන අටකින් එක් අයෙකුට වැලදෙන අතර ඉන් දහයෙන් නව දෙනෙකුම උපතේදීම හෝ උපතින් දවස් දෙක තුනක් ඇතුලත මියයෑම සිදුවෙයි.

නමුත් හාස්කමක් දක්වමින් මෙන් ඖඩ්‍රිනා ළදැරිය ජීවත් වූ අතර ඉන් පසු වෛද්‍යවරුන් මුහුන දුන් ගැටළුව වූයේ සිරුරෙන් පිටත තිබෙන්නාවූ හදවත ආරක්ෂා කරන්නේ කෙසේද යන්නයි.

මේනක රාජපක්ෂ ඇත්ත කතාව කියයි - අපි විවාහ ගිවිසගත්තා යැයි කියන කතාව අමූලික බොරු...

ඒකෙ ඇත්ත කතාව මේකයි... 

මගේ අම්මාගේ  60 වැනි උපන්දිනය යෙදිලා තිබුණේ පසුගිය 25 වැනිදාටයි

දැකපු කෙනෙක් ලබාදීපු වැරදි තොරතුරක්...

පුංචි තිරයේ ටෙලිනාට්‍යවලදී බොහෝවිට එක්ව දකින්නට ලැබෙන නළුනිළි දෙපළක් වන මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස්, සැබෑ ජීවිතයේදීද පෙම්වතුන්  වග දැන් රහසක් නොවේ. 

මාධ්‍යයන්ගේ නිරන්තර අවධානයට ලක්වන යුවළක් වන මේනක සහ නෙහාරාගේ නම් ඈඳාගනිමින් මේ දිනවල තවත් ආරංචියක් පැතිරයයි. ඒ, මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස්, හොර රහසේම විවාහ ගිවිසගෙන ඇති බවයි.

ඔබ නෙහාරා සමග විවාහ ගිවිසගත් බවට ආරංචියක් මේ දිනවල පැතිරෙනවා. එය ඇත්තක්ද ?

නැහැ. ඒක බොරු කතාවක් අපි තවමත් විවාහ ගිවිස ගෙන නැහැ.

නමුත් ඔබත් නෙහාරත් පසුගිය දිනෙක විවාහ ගිවිස ගත්බව ඇතැම් මාධ්‍යයන්හි පළකොට තිබුණා?

ඒකෙ ඇත්ත කතාව මේකයි. මගේ අම්මාගේ  60 වැනි උපන්දිනය යෙදිලා තිබුණේ පසුගිය 25 වැනිදාටයි. අම්මාගේ උපන්දිනය සැමරීමට හෝටලයක් තෝරාගන්න මමත් නෙහාරත් මගේ සහෝදරියත් හෝටල් සොයමින් ගියා. 

මෙන්න යනවනම් නියම තැනක්...

මිනිස්‌ ඇස නොගැසුණු මාළදොල මහඇල්ල...

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය දේශගුණික වශයෙන් අතරමැදි කලාපයට අයත් වෙනවා. මේ නිසා ම සොබා දහමෙන් උරුමවූ වටිනා පාරිසරික දායාදයන් රාශියක්‌ මෙම ප්‍රදේශයට හිමි වී තිබෙනවා.

මේ නිසාම ඉංගී්‍රසි ජාතිකයන් උඩරට තේ වගාව ආරම්භ කරන වකවානුවේදී හල්දුම්මුල්ල ඔවුන්ගේ ආර්ථික මධ්‍යස්‌ථානය කරගෙන
තිබෙනවා. බටහිරෙන් ගොම්මොලිකන්ද, උතුරෙන් ඉදල්ගස්‌හින්න, හපුතලේ කඳුවැටිය, ඊට පහළින් කොටුගොඩැල්ල කන්ද පිහිටා තිබෙනවා.

දකුණු බිම් තීරුව නිරාවරණය වීම නිසා අම්පාර, මොණරාගල, හම්බන්තොට, රත්නපුර, බදුල්ල යන දිස්‌ත්‍රික්‌ක ගණනාවක්‌ම එකම තැන සිට නැරඹිය හැකිය.

නැගෙනහිරෙන් කොස්‌ලන්ද දියලුම ඇල්ල ද බටහිරෙන් බඹරකන්ද දියඇල්ලද, ගලා යන අතර නවතම කිසිවෙක්‌ නුදුටු මාළදොල මහ ඇල්ල තවත් වටිනා සෞන්දර්යාත්මක ඇල්ලක්‌ වශයෙන් හැඳින්විය හැක.

හල්දුම්මුල්ල - හාල්අටුතැන්න මන්සන්දියේ සිට තිරවනාගම මාර්ගයේ 1 කණුව සීලතැන්න හංදියෙන් හැරී මාළදොල මාර්ගයේ ගමන්කර මාළදොලට ළඟා විය හැක.මේ වනවිට වාහන යැමට තරම් මාර්ගය ඉදිවී
තිබෙනවා.

නයි නළඟන පෙම්වතාට එරෙහිව දැමු පැමිණිල්ල ඇයම අස්කරගත්තේ තවත් තුරුම්පුවකටද.?

අනේ අපි දෙන්නා සමාදානෙන් ඉන්නම් මෙයා උසාවි දාන්න එපා

පෙම්වතා සමග අත්අල්ලාගෙන පැමිණ නයි නළඟන පැමිණිල්ල අස්‌කරගෙන...

නයි නළඟන ලෙස ප්‍රසිද්ධ වූ රත්නායක මුදියන්සේලාගේ නිරෝෂා විමලරත්න නොහොත් ඩිලානි නමැති තරුණිය වැල්ලම්පිටිය පොලිසියට පැමිණ ඇය විසින් කරනු ලැබූ පැමිණිල්ල ඉල්ලා අස්‌කරගෙන තිබෙනවා.

මෙම තරුණිය පසුගිය 23 වැනිදා අලුයම කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණය අසල හන්දියේ දමාගොස්‌ සිටියදී වැල්ලම්පිටිය පොලිසිය මගින් ජාතික රෝහලට ඇතුළත් කර තිබුනා.

එහිදී ඇය පොලිසියට පවසා ඇත්තේ තමාගේ පෙම්වතා වන සුල්තාන් අහමඩ් නමැත්තා තමාට පහරදී තුවාල සිදුකර මහමග දමාගිය බවයි.

මේ සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය පරීක්‌ෂණ ආරම්භ කර සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටියදී "නයි නළඟන" වැල්ලම්පිටිය පොලිසියට පැමිණ පැමිණිල්ල ඉල්ලා අස්‌කර ගැනීමට අවශ්‍ය බව පවසා
තිබෙනවා.

මේ හදිස්සියේ ජනාධිපතිවරයා පවිත්‍රාට විදුලිබල ඇමතිකම දුන්න හේතුව මොකද්ද?

වසරින් වසර මගේ මනාප වැඩිවෙනවා...

මම මගේ මහත්තයට ආරෙයි. මහත්තය මට ආදරෙයි. ඒවා තියෙන්නේ අපි දෙන්නගෙ හිතේ. ඒත් ආදරෙයි ආදරෙයි කිය කිය අපි දෙන්නා ඒ මත්තේ නැහෙන්නෙ නෑ. 

මම ජනතාව වෙනුවෙන් දේශපාලනය කරන්නත් වෙලාව වෙන්කරගෙන තියෙනවා. යැයි විදුලිබල ඇමතිනී පවිත‍්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය පවසනවා.

ඇය මේ බව කියා සිටියේ ඇහැලියගොඩ කිරිඇල්ල ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශවල උපාධිධාරීන් 70 දෙනෙකුට පත්වීම් ප‍්‍රධානය කිරීමට පැවැති උත්සවයකදීය.

එසේම තමා ආදරයත් දේශපාලනයත් හොඳින් වටහාගෙන සිටින බවත් ඒ දෙක පටලවා නොගන්නා බවද ඇය කීවා. මේ කාරණාව ජනතාව දන්නා බැවින් තමාට වසරින් වසර මනාප වැඩිවන බවද ඇය පැවසුවා.

හැංගි හැංගි වෙස් බැන්දට නටන්නේ එළිපිටනේ - මේනක-නෙහාරා ප්‍රසිද්ධියේම කියයි..

යාළුවො පෙම්වතුන් වෙන එක සාමාන්‍යයිනේ...

පෙම්වතුන් විවාහ වෙන එක අහන්නත් දෙයක්ද...?

හැංගි හැංගි වෙස් බැන්දට නටන්නේ එළිපිටනේ. ඔන්න දැන් මේනක-නෙහාරා සුපෙම්වතුන් කියලා දෙන්නා දැන් ප්‍රසිද්ධියේම කියනවා. ඔය කතාව අපි දන්නේ අද ඊයෙ නෙවෙයිනේ. 

දන්න දේ කියන එක යුතුකමක් නිසා මීට අවුරුද්දකට කලින් අපි ඒ යුතුකම ඉටු කළා. සහ සුද්දෙන් දැනගෙන හිත හොඳින් කළත් අපි ලිව්ව නිසා දෙන්නාටම ඩෝං ගියා.

එදා ඉඳන් ඒ දෙන්නා අපි එක්ක තරහයි. අපේ නම් තුන් හිතකවත් කහටක් නෑ... යාළුවො පෙම්වතුන් වෙන එක සාමාන්‍යයිනේ. පෙම්වතුන් විවාහ වෙන එක අහන්නත් දෙයක්ද? 

සමහරු ජනපි‍්‍රය වෙන්න ප්‍රවෘත්ති මැව්වාට මට එහෙම වුවමනාවක් නෑ - චතුරිකා පීරිස්

මම වරදක් නොකළ බව මගේ හිත දන්නවා

චතුරිකා පීරිස් පසු ගිය සති කීපයේ මාධ්‍යයන් හි වඩාත් ම කතා බහට ලක්වුණු තැනැත්තියක බවට පත් වූවාය. ඒ චතුගේත් රොෂාන් ගේත් වෙන් වීම පිළිබඳ ලියැවුණු ප්‍රවෘත්ති නිසාය. 

චතුරිකා අපට සිටින දක්ෂතම රංගන ශිල්පිනියකි. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ සම්මාන ගණනාවක් ම හිමිකර ගැනීමට චතුරිකාට මේ වනවිට හැකියාව ලැබී ඇත. එසේම ඇය කිව යුතුදේ ඍජුවම කියන තැනැත්තියකි. මේ චතුරිකා සමඟ කළ කතාබහක්

රොෂාන්ගේත් ඔබේත් වෙන්වීම ගැන පසුගිය දිනවල මාධ්‍ය තුළ විශාල වශයෙන් කතාබහට ලක්වුණා. ඒ සිදුවීම ගැන දැන් මොනවද ඔබට හිතෙන්නේ?

ඒ ප්‍රශ්නය ඇතිවුණු දවස්වල මාධ්‍යයට අදහස් දැක්වූවේ අපරාදේ කියල දැන් මට හිතෙනව. ඒ අවස්ථාවේ මා වටා හිටිය පිරිස මට වැඩිය කලබල වුණා. මම ඒ දවස්වල සිටියේ රූපගත කිරීමක. පත්තරයක් බලන්නවත් මට නිදහසක් තිබුණේ නෑ. ඉතින් මා වටා සිටි සමහර අය මෙහෙම කියන්න, මෙහෙම කරන්න කියල මට කිව්ව. 

අචලා ප්‍රියදර්ශනීගේ අත කැපීම අත් වැරැද්දක් - මෙහෙම අතවැරදීම් වෙන්න පුලුවන්ද...?

ඕනෑම රටක ඔය වගේ අත්වැරදි සිදුවෙනවා...- වෛද්‍යවරයෙක් කියයි

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අවසන් වසරේ ඉගෙනීම ලබන අචලා ප්‍රියදර්ශනී ශිෂ්‍යාව මාතර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇයගේ වම් අත කපා දැමූ අතර මාතර රෝහලේ වරදින් වම් අත කපා දැමීමට සිදුවී ඇති බව හෙළිවී තිබෙනවා.

‘ඕනෑම රටක ඔය වගේ අත්වැරදි සිදුවෙනවා. පරීක්‍ෂණවල ප්‍රතිඵලවලින් පසු වම් අත කපා දැමූ අචලා ප්‍රියදර්ශනී සිසුවියට වන්දි මුදලක්‌ පවා ගෙවීමට සිදුවෙනවා’ යයි මාතර රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියෙක්‌ පැවසුවා.

මෙම සිසුවියගේ අතට ප්‍රතිකාර කළ මාතර රෝහලේ වෛද්‍යවරයාගෙන් දැනටමත් ප්‍රකාශ සටහන් කරගෙන යන බවද හෙතෙම පවසා සිටියා.

රෝගීන් දහදෙනකුට මේ ආකාරයේ ප්‍රතිකාර කිරීමට නියමිතව තිබියදී සීමාව ඉක්‌මවා රෝගීන් සියයකට වැඩි පිරිසකට ප්‍රතිකාර කිරීමෙන් අත්වැරදි සිදුවිය හැකි බවද පැවසූ ඔහු මෙවැනි අත්වැරදි ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව ඕනෑම රටක සිදුවෙන අතර එම වැරදි හිතාමතා සිදුකරන ඒවා නොවේ යයිද සඳහන් කළා.

එහි සම්පුර්ණ විස්තරය පහතින්

සේමිනි පොළොවේ ගැසුවා සේ හතරමුණින් වැටුනේ ඇත්තටම සූර් වෙලාද..?

ඉකුත් සතියේ සති අන්ත පුවත්පතක ටැබ්ලොයිඩ් අතිරේකයක සඳහන් වූ ප්‍රසිද්ධ හෝටලයක පැවැති සාදයකදී සූර්වී පෙරේතයා පොළොවේ ගැසුවා සේ හතරමුණින් වැටුණු නිළිය සේමිනි ඉද්දමල්ගොඩ බව මේවන විට හෙළිවී තිබෙනවා. 

ඇය මෙසේ සූර්වී ඇත්තේ සිය සැමියා හා දරුවන්ද සමග පැමිණ බවද එහි සටහන්ව තිබුනා.කෙසේවුවද මෙසේ සිහිය විකල්වීමට මත් පැන් පානය කර ඇත්තේ පසුගිය කාලයේ ඇය සම්බන්ධයෙන් අන්තර්ජාලේ පළවුණු විවිධ කතා වලට දුක සිති බවද එහි දැක්වුණා.

එසේම දුකට හතරවැනි සිල් පදය කඩන්නම අවශ්‍ය නැති බවත්, කකුල පැටලිලා වැටුණත් කයි කතන්දර හදන්න කැමැති අය එක එක තාලෙන් කතන්දර හදන බවද එහි දක්වා
තිබුනා. හේතුව කුමක් වුණත් නිළිය වැටුණු බව ඇත්ත බවද එම ටැබ්ලොයිඩ් අතිරේකය ප‍්‍රත්‍යක්‍ෂකර තිබුනා.

අම්මට සිරි අරු මාර වැඩක්නෙ කරල තියෙන්නෙ - ජිප්සීස් නායක සුනිල් කියයි

දේශපාලනය? පිස්සුද මල්ලි? 

මල්ලි... ඔයා මගෙත් එක්ක අමනාප වෙන්න එපා...

ප‍්‍රශ්නෙ අහන්න ඕන අදාළ දේශපාලනඥයගෙන්ම තමයි..

ලංකාවේ සංගීත රසික ප‍්‍රජාවගෙන් ‘‘ජිප්සීස්’’ කියන්නෙ කවුද කියල ඇහුවොත් ඒ අය කියන්නෙ ‘‘අහිගුණ්ඨික’’ ජන කොට්ඨාශය පිළිබඳ නම් නොවෙයි. ඔවුන් ‘‘ජිප්සීස්’’ නමින් හඳුන් වන්නේ සුනිල් පෙරේරා ප‍්‍රමුඛ ‘‘ජිප්සීස්’’ සංගීත කණ්ඩායම. මේ සංගීත කණ්ඩායම ගීත ඇල්බමයක් නිකුත් කරන්නෙ වසර හය හතක කාල පරාසයක් අතරතුර. 

නමුත් ඔවුන්ගේ ගීත හැමදාමත් විඳින පිරිසක් ලාංකේය සංගීත රසික ප‍්‍රජාව අතරේ ඉන්නවා. එම සංගීත ප‍්‍රජාව සහ සමස්ථ ලාංකේය සංගීත රසික ප‍්‍රජාව වෙනුවෙන් අපි අදහස් කළා ‘‘ජිප්සීස්’’ කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වන්න.

පළමුවෙන් ම ඔහු අපෙන් විමසුවේ දේශපාලනික කාරණත් සාකච්චා කරන්න බලාපොරොත්තු...මේ වාක්‍ය අවසන් කරන්න ඔහු ඉඩ දුන්නේ නැහැ.

මට ටිකක් කේන්ති යන හින්දා මට ගැලපෙන්නේ ඉවසීම තියන කෙනෙක් - ශලනි තාරකා

ගොඩාක් අය කලාව දිහා, නිළියන් දිහා වපර ඇසින් බලනවා...

සංකේත් අභිලාෂ් වික්‍රමගේ හා ශලිනි තාරකා පිළිබඳව පසුගිය කාලයේ කටකතා පැතිර තිබුණා.

සිරස කුමරිය ලෙස තේරී පත්වීමෙන් පසු නිළියක් ලෙස කලා ලෝකයට පැමිණි ශලනි තාරකා ඩාන්සින් ස්ටාර් තරඟයේදී කැපී පෙනෙන නර්තනයක යෙදුනා.

කෙසේ වුවද ශලනි තාරකාගේ අනාගත සහකරුවා කෙබඳු අයෙකු විය යුතුද යන්න ඇය පවසා තිබෙනවා. ඒ අනුව සුදු අයට අකමැති බවයි ඇය පවසන්නේ.

"මම එච්චර උස නැති හින්දා උස අය ගැන පුංචි විශේෂත්වයක් මගේ හිතේ තිබුණා. ඒ වගේම සුදු අයට මම කැමති නැහැ. ඒ හින්ඳා මගේ හිතේ ඇඳුනු රූපයක් තිබුණා.

මාධ්‍යට හෙළිනොකළ ශිරෝෂිගේ පෙම්වතා මෙන්න

 පෙම්වතුන් වූයේ පිනි වැස්සක් හරහාලු...

ටෙලි නිළියක් නර්තන ශිල්පිණියක් හා රූපවාහිනී වැඩසටහන් නිවේදිකාවක් වූ ශිරෝෂි රොමේෂිකාගේ පෙම්වතා ජනපි‍‍්‍රය ගායකයෙකු වන අමල් පෙරේරා බව මේවන විට ප‍‍්‍රසිද්ධ රහසකි.

මේ කතාව මුළු ක්ෂේත‍‍්‍රයේම අය දැන සිටියද සිය පෙම්වතාගේ නම මාධ්‍යට හෙළි කිරීමට ශිරෝෂි නිතරම මැලිවන බවද පැවසෙනවා.

මේ සතිඅන්තයේ පුවත්පතක ටැබ්ලොයිඞ් අතිරේකයකට සම්මුඛ සාකච්ජාවක් ලබාදෙමින්ද ශිරෝෂි පවසා තිබුණේ තමාගේ පෙම්වතා ජනපි‍‍්‍රය ගායකයෙක් බව පමණකි.

කෙසේවුවද මේ හාදකම දැන් වසරක් පමණ පැරණි බවද පැවසෙනවාඅමල් පෙරේරා ප‍‍්‍රවීන ගායක මර්වීන් පෙරේරාගේ පුත නුවන්ය. ශිරෝෂි දිගුකලකට පසුව නැවත පසුගියදා රංගනයට අවතීර්ණ විය.

ඇය එසේ රංගනයට අවතීර්ණ වූයේ ජයප‍්‍රකාශ් සිවගුරුනාදන්ගේ අධ්‍යක්ෂණයක් වන පිනි වැස්සක් ටෙලි සිතුවම තුලිනි.එහි ශිරෝෂි රගනු ලැබුවේ වෙනුරි නම් වු නර්තන ශිල්පිනියකගේ චරිතයකි.අමිල අබේසේකර ඇගේ පෙම්වතා ලෙස රංගනයේ යෙදුනි.

නයි දෙන්නයි සුල්තාන් පෙම්වතයි අතරට මැදිවුණ නයි නළඟනගේ කතාව

ගැහැව්වයි කියලා එයාට තිබුණ ආදරය පොඞ්ඩක්වත් අඩුවෙලා නැහැ. 

එයා ඇයි මේ විදිහට පහර දුන්නේ කියලා මට හිතාගන්නවත් බැහැ.

නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි නයි නළඟනක් ලෙස ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ නාගයෙකු හා ඇය අතර පවතින අසීමිත බැඳීම හා ඒ නාගයා සමග එක්වී කරන රැඟුම් නිසාය.

දෙවැනි වරටත් ඇය පුවත් මවන චරිතයක් වූයේ ද හදිසියේ සිදුවූ මේ අකරතැබ්බය නිසාය. ඇයට පහර දී මහ මඟ දමා යාම එම සිදුවීමයි.

පිටකොටුව ප‍්‍රදේශයේ විදේශීය රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන යන සෞදි අරාබි ජාතිකයෙක් සමඟ පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති නිරෝෂාට පහරදීම් කර ඇත්තේ ඇයගේ එම අරාබි ජාතික පෙම්වතා විසින් බව ඇය පොලීසියට කියා තිබෙනවා.

අරාබි ජාතික පෙම්වතා ඇයට පහරදී මීතොටමුල්ලේ පාරක දමා ගොස් සිටියදී වැල්ලම්පිටිය පොලීසියට හමුවීමෙන් පසු ඇය කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කරනු ලැබුවා.

මේ කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන නයි නළඟන සමඟ කල කතා බහක්

මගේ පෙම්වතාගේ මීතොටමුල්ලේ ගෙදර තමා අයියේ පදිංචිවෙලා ඉන්නේ. එයා මාව විවාහකර ගන්න බවට පොරොන්දු වෙලා ඉන්නේ. අපි දෙන්නට දෙන්නා පුදුම ආදරයකින් හිටියේ. මගේ ළඟ නයි දෙන්නෙක් ඉන්නවා. ඒ නයි දෙන්නව දේවාලයකින් මම අරගෙන ආවේ. 

වෙබ් අඩවියක් තමන්ගේ පාලනයට ගන්නේ මෙහෙමයි (හැක් කිරීම)

සයිබර් ‘අපරාධකරුවෝ’ ලංකාවටත්...

අනුන්ගේ වෙබ් අඩවි වලට හෝ පරිගණකයට ඇතුලූ වීම හෝ වෙබ් අඩවි වලට ඇතුලු වී ඒවා අවශ්‍ය ලෙස පාලනය කිරීම ”හැක් කිරීම” ලෙස හඳුන්වයි. පසුගිය කාලයේ එවැනි ”හැක්” කිරීම් ගැන නිතර නිතර වාර්තා වුනා.

ඇතැම් පුද්ගලයෝ තමන් ලොව පුරා ප‍්‍රචලිත වෙබ් අඩවි හැක් කළ බවට ප‍්‍රචාර ද ගෙන යති. ශී‍්‍ර ලංකාවේ තත්ත්වය ද එයයි. විටින් විට විවිධ ආකාරයේ වෙබ් අඩවි හැක් කළ බවට විශාල ප‍්‍රචාරයන් කෙරුණි. මේ අතර ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන පෙලේ වෙබ් අඩවියක් වන ශී‍්‍ර ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ වෙබ් අඩවිය ඇතුලු තවත් වෙබ් අඩවි රාශියක් හැක් කළ බව වාර්තා කෙරුණි

වෙබ් අඩවි හැක් කිරීමෙන් ලෝකයේ වඩාත් ම ප‍්‍රසිද්ධියට පත්වූ තැනැත්තා ජුලියන් ඇසෙන්ජ් නමැති පුද්ගලයාය. ඇමෙරිකාවේ රාජ්‍ය රහස් වෙබ් අඩවි එකක් හෝ කිහිපයක් විවෘත කරන ජුලියන් ඇමෙරිකාවේ රහස් තොග ගණනේ ලෝකයට හෙළි කළේය. ඔහු වෙබ් අඩෙවි වලට අනවසරයෙන් ඇතුළු වී හැක් කළ අයෙකි.

මෙසේ වෙබ් අඩවියක් හැක් කරන්නේ හෙවත් තමන්ගේ පාලනයට නතු කරගන්නේ කෙසේ ද යන්න පිළිබඳ සොයා බැලීම අපහසු කාර්යයක් නොවේ. මෙවැනි හැකර් ලා ලෝකයේ

නෙහාරායි මේනකයි රහසේම විවාහ වෙලාලු..

නෙහාරා හා මේනක පෙම්වතුන් ලෙස මෙතෙක් කලක් දිවි ගෙවූ අතර ලඟ දීම විවාහයට සූදානම් වන බව මීට දින කිහිපයකට පෙර ඔවුන් මාධ්‍යයට හෙළි කර තිබුණා.

ඉන් දින කිහිපයකින් පසු මේනක හා නෙහාරා හොර රහසේම විවාහ ගිවිසගෙන තිබෙනවා.

නෙහාරාගේ දික්කසාද නඩුවේ තීන්දුව ලැබෙන්න ඔන්න මෙන්න කියා තිබියදීම තමයි මේනකත් දික්කසාද නඩුවක් දමා තිබුනේ.

පසුගිය කාලය පුරා නයි නළඟන රඟපෑ අපූරු ජවනිකාව

මගේ පෙම්වතා එක්‌ක මම මත්පැන් පානය කරමින් සිටියා... 

අපි දෙන්නා අතර බහින්බස්‌ වීමක්‌ සිදුවුණා...

එයා මට පහර දීලා, තුවාල කරලා පාරේ දාලා ගියා...

පසුගිය කාලය පුරා අපූරු ජවනිකාවක්‌ රඟපාමින් එක්‌ රැයින් තරුවක්‌ බවට පත් වූ සුරූපිනියකි. 

ඇය මේ රටේ ප්‍රමුඛ පෙළේ නළඟනකි. මේ රටේ මාධ්‍ය ඇය පසුපස හඹා ගියේ පැපරාසින් ද පරදවමිනි. ඇය 'නයි නළඟන'යි. නමින් ඇය නිරෝෂා විමලරත්න වන්නීය.

ඇයගේ ප්‍රථම රංගනය සමාජ ශාලාවක සිදුවිණි. එහි උච්චතම අවස්‌ථාවේදී පොලිසිය පැමිණ ඇය පොලිස්‌ අත්අඩංගුවට ගනු ලැබීය. ගතින් ද සිතින් ද ඇයට ළං ව සිටි නාගයා දෙහිවල සත්වෝද්‍යානයට භාර කෙරිණි. කතාව ආරම්භ වන්නේ එතැන් සිටය.

මිනිසුනේ ගංගාරාමයේ ගංගාට පිහිටවෙනු...

වේදනාව ගංගා දිනපතා අත් දකියි...

නිසි පෝෂණයක් ලැබෙන්නේද නැත. 

අලියා යනු බුද්ධිමත් නිදහස ප්‍රිය කරන සංවේදී සතෙකි. 

රඳවාගෙන සිටින අලියෙකුට වූවද අලියෙකුට එහා මෙහා යාමට තරමක  විශාල ඉඩකඩක් අවශ්‍ය ය. නමුත් කොළඹ ගංගාරාම විහාරයේ  සිටින ගංගා නමැති අලි  පැටියාගේ ගේ ඉදිරි සහ පසු පාද යදමින් බැඳ චලනය වීමට අසීරු වන අන්දමට රඳවාගෙන තිබේ.

කරුණාකර සිතන්න ඔබව පැය 24 ම යදමින් බැඳ චලනය වීම අඩි දෙක තුනක් පමණක් සිමා කරහොත් ඔබට කොතරම් වේදනාවක් දැනේද? එම වේදනාව ගංගා දිනපතා අත් දකියි. මෙම අලි පැටියා නිදාගන්නේ තමන්ගේම අසුචි මතය. මේ සත්වයාට නිසි පෝෂණයක් ලැබෙන්නේද නැත. 

තමන්ව මරා දැමීමට පැමිණි නාලාගිරි ඇතාට පවා මෙත පැතිරූ මහා කාරුණික බුදුන්වහන්සේ ගේ නාමයෙන් කැප කොට තිබෙන බොදුනු පන්සලක මෙවැනි සත්ව හිංසාවක් සිදුවීම අපට පිළිගත හැකිද?

කරුණාකර පහත වීඩියෝව බලන්න.

ඩොලර් කිහිපයක්‌ උපයාගැනීම වෙනුවෙන් 'නිර්වානය' ආහාරවේලක්‌ කර දුන් අධමයින්

අනේ පිස්‌සුද..? අපි මෙහේ එහෙම දේවල් කරනවද..? 

අපිත් බෞද්ධයෝ... එහෙම දෙයකට අපි ඉඩදෙනවද...?

දිනය - ජනවාරි 21 දාය
වේලාවරි රාත්‍රි 10 පසුවී විනාඩි 30 ට පමණය

බොදු බල සේනා සංවිධානයට දුරකථන ඇමතුමක්‌ ලැබිණි. ඉන් කියවුණේ බේරුවල එක්‌තරා තරු හෝටලයක (හෝටලයේ නම, හිමිකාරිත්වය සහිත සමාගම යන තොරතුරු සියල්ල අප සතුව ඇතත්, මානුෂික හේතූන් මත මේ මොහොතේ ඒවා හෙළි නොකිරීමට අපි තීරණය කළෙමු)

පැවැත්වෙන මත්පැන් සාදයක්‌ 'බුද්ධ බාර්' ලෙසින් නම් කර ඇති බවත් එහි මෙනුව නම් කර ඇත්තේ 'නිර්වානය' ලෙසින් බවත් එම ඇමතුමෙන් කියවිණි.

'වෙලාවේ හැටියට හොඳම දේ තමයි මේ ගැන ළඟම තියෙන පොලිසියට දැනුම් දෙන එක' යෑයි ඇමතුම දුන් තැනැත්තාට බොදු බල සේනා සංවිධානයේ නියෝජිතයා උපදෙසක්‌ දුන්නේය.

'පොලිසියට කිව්වා කියලා වැඩක්‌ වෙයි කියලා හිතන්න බෑ. පුළුවන්නම් දැන්ම ආවොත් හොඳයි'.

ජීවිතේ කිසි දෙයක්‌ නිකන් ලැබෙන්නේ නැහැ - කලකට පසු මහානාම සමග කළ කතා බහක්‌

උපන් රට ලෝකේ අන් සැම රටකටම වඩා වටිනවා... 

1996 ක්‍රිකට්‌ ලෝක කුසලානය මව්බිමට රැගෙන ආ කණ්‌ඩායමේ ප්‍රබල භූමිකාවක්‌ හෙතෙම රඟ දැක්‌විය. මෙරටින් බිහිවූ දක්‌ෂතම පන්දු රකින්නෙකු වූ හෙතෙම දැනට අන්තර්ජාතික ක්‍රිකට්‌ කවුන්සිලයේ නිත්‍ය තරග තීරකවරයකු ලෙස කටයුතු කරයි. 

සෘජු තීරණ ගන්නා තීරකවරයකු ලෙස ප්‍රචලිත ඔහු නමින් රෝෂන් සිරිවර්ධන මහානාම වෙයි. මේ බේබි ෂෙරමි බිග් හාර්ට්‌ "නැණදිරිය" වැඩසටහන සඳහා එක්‌වී ඇති මොහොතක ඔහුත් සමඟ කල කතා බහක්

රොෂාන් ඉතිං කොහොමද?
හොඳින් සතුටින් ඉන්නවා. 

කාලෙකට පස්‌සෙ දැක්‌කෙ...
ඔව්. රාජකාරි බහුල නිසා ලංකාවේදී දකින්න ඉන්නවා අඩුයි. 

ඒ කියන්නේ දැන් පදිංචිය පිටරටද?
අපෝ නැහැ. ලංකාව දාලා කොහේවත් යන්නේ නැහැ. රටවල් කිහිපයකම ඉන්න යාළුවන්ගෙන් ආරාධනා ලැබුණා එහි පදිංචියට එන්න කියලා. නමුත් පවුලේ සැමදෙනා සමග සාකච්ඡා කර එම ඉල්ලීම් සුහදව ප්‍රතික්‌ෂේප කළා. උපන් රට ලෝකේ අන් සැම රටකටම වඩා වටිනවා. 

ළගදි බැන්ද නුවන්ගීට ප‍්‍රසන්නගෙන් නිතර බැණුම්ලු - මම වැරදි හදාගන්නවා නුවන්ගී කියයි..

ඒකට තමයි ඔහු බනින්නේ... 

මං දැන් දැන් ඒ අතපසුවීම හදාගන්න උත්සාහ කරනවා...

මට සැලකුවේ ශිෂ්‍යයකු හැටියට පමණයි..

ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිළි නුවන්ගී ලියනගේ ප්‍රවීණ වූෂු සටන් ශිල්පියකු වු ප්‍රසන්න ජයවීර සමග පසුගිය සිකුරාදා (18) යුගදිවියට යුගදිවියට එළඹි බව මේවන විට ප‍්‍රසිද්ධ රහසකි.

කෙසේවුවද ළගදි බැන්ද නුවන්ගීට ප‍්‍රසන්නගෙන් නිතර
නිතර බැණුම් ඇසීමට සිදුවන කාරණාවක් ගැන අප වෙත වාර්තා වෙනවා. එසේ ඇයට සැමියාගෙන් බැනුම් ඇසීමට සිදුවන්නේ ඇය වැඩකට යොමුවූ විට හෝ නිවසින් බැහැරව සිටින විට ප‍්‍රසන්නට දුරකතන ඇමතුම් ලබාදීම අතපසුකරන නිසා බව පැවසෙනවා.

කෙසේ වුවද දැන් දැන් ඒ අතපසුවීම හදාගන්න උත්සාහ කරන බව නුවන්ගී පවසා තිබෙනවා. නුවන්ගී, ප‍්‍රසන්න හා හාදවී ඇත්තේ බත්තරමුල්ලේ පිහිටි ප‍්‍රසන්නගේ වූෂු පන්තියට ගොස් වූෂු හැදෑරූ අවධියේදී බව
පැවසෙනවා.

ලිංගික අතවරවලින් බේරෙන්න ඉන්දියාවේ කාන්තාවන්ට පිහියා බෙදා දීලා...

වෛද්‍ය ශිෂ්‍යාව සමූහ අතවරයටත් පහර කෑමටත් ලක්වූ සිද්ධියෙන් පසුව...

ප‍්‍රාන්තය පුරා කාන්තාවන්ට පිහියා 21,000 ක් බෙදා දෙයි...

 ස්තී‍්‍ර දුෂණ දිනෙන් දින ඉහළ යෑම හේතුවෙන් ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ මුම්බායි නුවර කාන්තාවන්ට පිහියා බෙදා දීමට එරට අන්ත දක්ෂිණාංශික දැඩිමතධාරී ශිව්සේනා පක්ෂය ඊයේ (24) පියවර අරන් තිබෙනවා.

පිහියා බෙදා දීම සිදුවුණේ ඉකුත් නොවැම්බරයේ එම පක්ෂයේ නායක අභාවප‍්‍රාප්ත ලාල් තැකරේගේ ජන්ම දිනය නිමිත්තෙන් පැවැති විශේෂ ගුණ සමරු උත්සවයකදීය.

ශිව්සේනා පක්ෂය වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ සාමාජික අජේ චෞද්‍රි පිහියා බෙදා දෙමින් සිටියේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තය පුරා කාන්තාවන්ට පිහියා 21,000 ක් බෙදා දීමට තම පක්ෂය සූදානම් බවය.

කාන්තාවන්ට සිදුවන අපරාධ සහ ලිංගික අඩන්තේට්ටම් සම්බන්ධයෙන් මුළුමහත් ඉන්දියාවම කැළැඹී ගියේ ඉකුත් දෙසැම්බරයේ 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක නවදිල්ලි නුවර බස් රියක් තුළ සමූහ අතවරයටත් පහර කෑමටත් ලක් වී බරපතල තුවාල ලබා පසුව මියයෑමේ සිද්ධිය මුල්කොට
ගෙනයි. 

එහෙම කෙනෙක් මුණ ගැහිලා මගේ හිත ගියොත් මං එතැන නවතිනවා - චංචලා කියයි

බොහෝ දෙනෙක් මට කියන්නෙ මං නපුරුයි, ආඩම්බරයි කියලා... 

මට දුක දැනුණම හරියට රිදෙනවා...

සුදු හාමිනේ කියන්නෙ වලව්වක ඉපදිලා මවුපියන්ට හොරෙන් කළු අප්පුත් එක්ක පැනල ගිහින් කසාද බැඳලා දුක්විඳින ගැහැනියක්.

වලව්වක සැප සම්පත් වින්ද සුදු හාමිනේ කළු අප්පුත් එක්ක ඇවිත් දුකේ වැටුණා මදිවට කළු අප්පුගෙන් ගුටි බැට කන්නත් සිදුවෙනවා.

අගහිඟකම් මැද්දේ මොන දුක් ගැහැටක් වින්දත් ඇය කළු අප්පුට දක්වන්නේ පුදුම ආදරයක්. මේ ටෙලි නාට්‍යයේ දෙබස් තදින්ම හිතට වදිනවා. ඒ නිසා ඒ චරිතය ඇතුළෙ තියෙන සංවේදීකම මට තදින්ම දැනෙනවා. 

ඒ නිසාම මට දුක්බර අවස්ථාවලදී හැබෑවටම ඇඬුණා. කොයිම වෙලාවක වත් මට ග්ලිසරින් පාවිච්චි කරන්න වුණේ නෑ. චංචලා අපිත් එක්ක කිව්වේ එහෙමයි.

මේ 'සර් ලාස්ට් චාන්ස්, පායා එන්න හිරු සේ, මුතු සළඹ, සිහිනය දිගේ එන්න, සමනල සංධ්වනිය' චිත්‍රපටවල මං රඟපෑ චංචලා සමඟ කල කතා බහක්. එම කතාව පහතින්.

මං දැන් කට අරින්නේ කෑම කන්න විතරයි..! - මර්වින් කියයි..

පඤ්ඤාලෝක හිමියන් දුන් උපදෙස්‌ තමාට යළි සිහිවෙනවා - මර්වින්

කැලණියට මං ආදරෙයි...
- මාලිනි ෆොන්සේකා ජනපතිට කිය
ලා..

"මම දැන් කට අරින්නේ කෑම ගැනීමට පමණයි" යෑයි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා පවසනවා. ජනතා විමුක්‌ති පෙරමුණ භීෂණය පැවැති 88-89 කාලයේදී මහජන රැස්‌වීම් තහනම් කර තිබියදී තිස්‌සමහාරාමයේ රැලියක්‌ පැවැත්වූ තමාට සහෝදරයන් තිදෙනකුගේ ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවූ බව ද ඇමැතිවරයා පවසනවා.

මෙවැනි කාල වකවානුවලදී කෑමට පමණක්‌ කට අරින්න යෑයි තිස්‌සමහාරාම රජමහා විහාරාධිපති අපවත්වී වදාළ හක්‌මන පඤ්ඤාලෝක හිමියන් දුන් උපදෙස්‌ තමාට යළි සිහිවී ඇතැයි ද ඇමැතිවරයා
පවසනවා.

ශිෂ්‍යාවක් දුෂණය කල ආකාරයටම විජේරාමෙත් කාන්තාවක් පස් දෙනෙක් දුෂණය කරලා.

නුගේගොඩ දී කාන්තාවක් සමූහ දූෂණයකට...

නුගේගොඩ- විජේරාම ප‍්‍රදේශයේදී 47 හැවිරිදි කාන්තාවක් ඊයේ රාත‍්‍රියේ පුද්ගලයන් 4 දෙනෙකු විසින් සමූහ අපයෝජනයකට ලක් කර තිබෙනවා.

මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ මිදිගම - අහංගම පදිංචි කාන්තාවකි.ඇය ඊයේ සිය ව්‍යාපාරයට අවශ්‍ය රෙදි මිලදී ගැනීම සඳහා මහරගමට පැමිණිමට අවශ්‍ය වුවත්, මඟ වැරදී  රාත‍්‍රී 7.30 ට පමණ බැස ඇත්තේ විජේරාම මංසන්ධියෙනි.


පසුව, මෙම කාන්තාව විජේරාම මංසන්ධියේ සිටින ති‍්‍රරෝද රථ රියදුරෙකුගෙන් මාර්ගය විමසා ඇති අතර පසුව එම රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකු ඇයව ත‍්‍රිරෝද රථයේ නංවාගෙන ගොස් මෙලෙස සමූහ අපයෝජනයකට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.
 
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද ඇමතුමක් මත සැකකරුවන් දෙදෙනෙකු මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අවුරුදු 28 සහ 48 යන වයස්වල පසුවෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඇති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.දූෂණයට ලක්වූ කාන්තාව මේ වනවිට රෝහල් ගත කර
තිබෙනවා.

සිද්ධිය සැකෙවින් මෙසේයි.

බෞද්ධයන්ටත් කසාද 5ක්...?

මුස්ලිම් ජාතිකයන්ට කසාද තුන හතරක් කරගත හැකි නම්...

ඇයි අපට බැරි...

බෞද්ධයන්ටත් කසාද පහක් කරගැනීමට හැකිවන ලෙස මෙරට කසාද නීතිය වෙනස් කළ යුතු යැයි "බොදුබල සේනා" සංවිධානයේ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රකාශ කරනවා. 

මෙරට කසාද නීතිය එලෙස වෙනස් කරන්නැයි උන්වහන්සේ ප්‍රකාශ කෙළේ පෙරේදා (22දා) සවස කොළඹ බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය. 

එකම රටක ජාතීන් දෙකකට නීති දෙකක් තිබිය නොහැකි බවත්, මෙරට මහ ජාතිය, සුළු ජාතියක් බවට පත්කිරීමට මුස්ලිම් බලවේග එළිපිට ක්‍රියාත්මක වුවද, එයට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට බලධාරීන් ක්‍රියා නොකිරීම රටේ පරිහානිය බවත් ඥානසාර හිමියෝ පැවසුවා.

මුස්ලිම් ජාතිකයන්ට කසාද තුන හතරක් කරගත හැකි නම් බෞද්ධයන්ටත් එයාකාරයෙන් විවාහ වැඩි සංඛ්‍යාවක් කරගත හැකිවන සේ

කටානම හැඬ වූ මාරක රිය අනතුර...

මගේ දූ කළු සායක්ම ඉල්ලුවේ මේ ගමන යන්න ද? 
- කඳුළු පිරි දෙනෙතින් මව විලාප තබයි...

කිසිවක් නොදන්නා ගානට ඩ්‍රයිවර් වහනෙත් හංගලා නනා ඉඳලා...
ගම්වාසීන් පහරදී ‍පොලීසියට භාර දීලා...

මම වැඩට යාමට සූදානම් වන විට දුව කිව්වා අම්මේ මට හවසට ටියුෂන් පන්තියට අඳින්න කළු සායක් දෙන්න කියලා. මම කිව්වා ඇයි දුවේ කළු සායක් අඳින්නේ, පාට සායවල් තියෙනවානේ, පාට එකක් අඳින්න කියලා. 


අනේ දෙයියනේ මගේ දුව මගෙන් කළු සායක් ඉල්ලුවේ මේ ගමන යන්නද? මේ මුළු ගේම එළිය කළේ ඔයා නේද ? ඇයි ජේසුනි, ඔබ වහන්සේ මගේ රෝස කැකුල උදුරා ගත්තේ ? ඇයි දෙයියනේ, කටාන, කඳවල ප්‍රදේශයේ වූ රිය අනතුරකින් මිය ගිය දියණියගේ දුක දරා ගත නොහැකිව රජිකා සේනානි මහත්මිය හැඩූ කඳුළින් පැවැසුවාය.

වෑන් රථයක් හා පාපැදියක් පෙරේදා 22 සවස එකින් එක ගැටීමෙන් පාපැදියේ ගමන් ගත් තිදෙනාගෙන් දෙදෙනෙක් මියගොස් එක් අයෙක් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබු
නා.

ජැකලින් සිප්එක ඇරගෙන ගත්තු ෆොටෝ දැක්කද

ජැකලින් සිප්එක ඇරගෙන පිංතූර අරං..!
සිපරය සම්පූර්ණයෙන්ම විවෘත කරලා...

ශී‍‍‍්‍ර ලංකා රූ රැජින (2006) සහ ජනපි‍‍‍්‍රය බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ඉන්දීය එෆ් එච් එම් (FHM) සගරාව ජනවාරි මාස කලාපයේ කවරයට සරාගී ලෙස පෙනී සිට තිබෙනවා.

ඇගේ තවත් සරාගී ජායාරූප කිහිපයක්ද එම කලාපයේ අන්තර්ගතව
තිබෙනවා.

ජැකලින් අදාල කවරයට පෙනී සිට ඇත්තේ ඩෙනිම් ජම්ප්සූට් (denim jumpsuit) එකක් ඇඳගෙන වන අතර එහි සිපරය සම්පූර්ණයෙන්ම විවෘත කර ඇය මෙම ජායාරූපය සඳහා පෙනී සිට
තිබෙනවා.

නයි නළඟනගේ අරාබි ජාතික පෙම්වතා ගැන පොලිසියට මොකුත් නොකියන්නේ ඇයි..?

පොලිසිය 'නයි නළඟනගේ' පෙම්වතා සොයයි... 

පෙම්වතා ගැන නිරෝෂා විසින් කිසිදු ප‍්‍රකාශයක් කරන්නේ නැතිලු...

'නයි නළඟන' හෙවත් නිරෝෂා විමලරත්නට පහරදුන් අරාබි ජාතික පෙම්වතා සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කළේ, අරාබි ජාතික පෙම්වතා පිළිබඳව නිරෝෂා විසින් කිසිදු ප‍්‍රකාශයක් පොලීසියට මෙතෙක් සිදුකර නොමැති බවයි.

අරාබි ජාතික පෙම්වතාගේ පහරකෑමට ලක්වූ නිරෝෂා විමලරත්න පෙරේදා රාත‍්‍රියේදී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුනා.

ජංගම දුරකථනය නාදවීමෙන් ඇඳ යට සිටි නිරුවත් පෙම්වතාට වැඩ වැරදී...

පොලිසියට බාරදෙන මොහොතේ මොහුගේ ඇඟේ නූල් පොටක්‌ තිබී නෑ...
- පෙම්වතා දෙදරු පියෙක්‌.....

පෙම්වතා සමග ආදරයෙන් වෙලී සිටියදී පෙම්වතාගේ ජංගම දුරකථනය නාදවීමෙන් මවත්, සොහොයුරාත් අවදිවී තරුණිය සිටි කාමරය පරීක්ෂා කරද්දී ඇඳ යට සිටි පෙම්වතා අල්ලා ගලගෙදර පොලිසියට බාරදීමෙන් පසු රිමාන්ඩ් කර තිබෙනවා.

මෙම පෙම්වතා දරු දෙදෙනකුගේ පියෙකු බවද පොලිස්‌ පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි ගලගෙදර පොලිසිය කියනවාමෙම පවුලේ මවත් දියණියත් ඇගේ බාල සොහොයුරාත් ජීවත්වී ඇති අතර ඔවුන්ගේ පියා අගනුවර ආයතනයක සේවය කරන බව හෙළිවී තිබෙනවා.

මෙම තරුණිය රවටා ගත් විවාහක තරුණයා ඉඳහිට රාත්‍රි කාලයේ ඇය හමුවීමට හොර රහසේම නිවසට පැමිණ තිබෙනවා.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි. 

නයි නළගන පිහි ඇණුම් කා රෝහලේ

නයි නළගන නමින් ප්‍රකට තරුණිය වැල්ලම්පිටියේදී පිහි ඇණුම් කා රෝහල් ගත කළ බව පොලිසිය කියනවා. 

වැඩි විස්තර බලාපොරොත්තු වන්න.

කසාද බඳිනවා කියලා පොරොන්දු වුන හින්දයි ලිංගිකව එකතු වෙන්න කැමති වුනේ...

විනෝද වෙන්න හෝටයකට යමුයි කිව්වා...

දෙදෙනාම හෝටල් කාමරයකට ගිහින් ලිංගිකව එකතු වුණා...

පස්සේ එයා පැනලා ගිහින්... 

- සිත් තැවුලට පෙට්රල් බෝතල් දෙකක් බිවූ පෙම්වතිය කියයි... 

විවාහ කරගන්නා බවට පොරොන්දු වී සිය පෙම්වතියව ලිංගික අතවරයට පත්කළ පෙම්වතා එම සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පලායෑම ගැන සිත් තැවුලට පත් අම්බලන්ගොඩ ප්‍රදේශයේ පෙම්වතිය පෙට්රල් බෝතල් දෙකක් පානයකොට කරාපිටිය රෝහලට ඇතුළත්කර සිටිනවා.

රෝහල් ගතකොට සිටින ඇය පොලිසියට පවසා ඇති පරිදි පෙම්වතා රත්ගම මාවඩවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පෙම්වතිය අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි. දුරකතන ඇමතුම් මගින් දෙදෙනා අතර පෙම් සබඳතාව ගොඩනැගී තිබෙනවා.

දිනක් තමා හමුවන ලෙස පෙම්වතියට පෙම්වතා පවසා ඇති අතර ඔවුන් හමුවී තිබෙනවා. තමාව විවාහ කරගන්නා බවට පවසා
විනෝද වීම සඳහා හෝටයකට

ලොව විශාලතම උකූළ හිමි තැනැත්තිය - මිකෙල්

තම අවශ්‍යතා සදහා විශාල ට‍්‍රක් රථයක්... 

මම කොහේ ගියත් මිනිසුන්ගේ අවධානය දිනා ගන්නවා...

මිකෙල් රුෆිනෙල්ලිගේ වසය අවුරුදු 38 කි. දරුවන් සිව් දෙනෙකුගේ දයාබර මවක් වන මිකෙල් ලොව පුරා ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ ලොව විශාලතම උකූළ හිමි තැනැත්තිය (World's Biggest Hips) වශයෙනි.

වාර්තා වන ආකාරයට මිකෙල්ගේ උකුළේ වටප‍්‍රමාණය අඩි 8 ටත් වඩා වැඩිය. මේ නිසා ඇයට සාමාන්‍ය දොරකින් ඇතුල් විය නොහැකිය.

ගුවන් යානයක යන්නේ නම් ආසන 2 ක් වෙන්කර ගත යුතුය. මෝටර් රථයකට ඇතුළු වීමටවත් නොහැකි මිකොල් විශාල ට‍්‍රක් රථයක් තම අවශ්‍යතා සදහා යොදා ගනි.

පුබුදු - ධනංජය ඩබල විහිළුවට කරපු වැඩේ වණවෙලා

මහ පාන්දර 1.00 ට විතර දෙන්නම හොරෙන් නැගිටලා...

පහුවෙනිදා උදේ හෝටලේ ඉස්සරහ අමර වලියක්...

පුබුදු ගමගේ කියන්නේ ක්ෂේත්‍රයේ ඉන්න දඩබ්බර වැඩ කරන චරිතයක්නේ. ඉතින් අපි අද වටින් පිටින් පුබුදු ගැනත් ටිකක් හොයලා බැලුවා. අපිට ආරංචි වුණ මේ සිද්ධිය වෙලා තියෙන්නේ ආදරණීය පූර්ණිමා රූගත කිරීම් අතරතුරේ දීයි.

ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට කට්ටියට නුවර යන්න තිබිලා තියෙනවා. හරියටම මේ සෙට් එක නුවර ගිහින් තියෙන්නේ වෙසක් කාලේදී. නුවර දී මේ අය නැවතිලා ඉඳලා තියෙන්නේ හොටලේක. වෙසක් කාලේ නිසා දකින දකින හැම තැනම සරසලා තිබිලා. නුවර කිව්වම ඉතින් සැරසිලි කොච්චර තියෙන්න ඇද්ද කියලා අමුතුවෙන් අහන්න දෙයකුත් නෑනේ. 

හැබැයි වැඩේ කියන්නේ ආදරණීය පූර්ණිමා රූගත කිරීම ගිය සෙට් එක නැවතිලා හිටපු හෝටලේ විතරක් මෙලෝ සැරසිල්ලක් තිබිලා නෑ. ආගම මොකක් වුණත් තමන්ගේ ගනුදෙනුකරු ගෙන්න ගන්න උපපරවැට්ටියක් විදිහටවත් මේ අයනම් හෝටලය සරසලා තිබුණේ නෑ.

ශ්‍රී ලංකාව දරුවෙකුට උප්පත්තිය ලබන්න අවාසනාවන්තම රටවල් අතරින් එකක්ලු...

නරකම රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි...

පරිපාලන නොහැකියාව නිසා ලංකාව කඩා වැටෙනවලු...

මුළු ලොවම පිළිගත් 'දි ඉකොනොමිස්ට්' ජාත්‍යන්තර ආර්ථික සංග‍්‍රහයේ පසුගියදා පළවූ සමීක්‍ෂණයකට අනුව, 2013 දී ලොව ඉපදෙන දරුවෙකුට උප්පත්තිය ලබාගත හැකි අවාසනාවන්තම රටවල් අතරින් එකක් ලෙස ශ්‍රී ලංකාව නම්කර තිබෙනවා.

ඒ අනුව නයිජීරියාව, සිරියාව, වියට්නාමය වැනි ලෝකයේ උපත ලැබීමට සහ වාසය කිරීමට නරකම රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක්වන බව එම සමීක්ෂණ වාර්තාවේ සදහන් වෙනවා.


'දි ඉකොනොමිස්ට්' සඟරාවට සම්බන්ධ ආර්ථික බුද්ධි තොරතුරු ඒකකය විශ්ලේෂණය කොට ඇති දත්ත අනුව මේ වසරේ දරුවෙකු උපත ලැබීමට සුදුසුම දේශය ස්විට්සර්ලන්තයයි.  උත්පත්තියක් සඳහා නුසුදුසුම රට  නයිජීරියාවයි.

රටවල් 80 ක් අතරින් ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ 63 වැනි ස්ථානයයි. ලංකාව හා සම තැන ගෙන සිටින්නේ පිලිපීනයයි. ලොව ධනවත්ම රටවල් වන ජපානය, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යයට මෙම දර්ශකයේ විස්සෙන් පහල ස්ථාන හිමිවෙද්දී

වම්බටු කිලෝව 300යි, බෝංචි කිලෝව 400යි - අපිට මොකද වෙන්නේ...

ලැම්බෝගිනිවලින් ගෙනැවිත් විකිණුවත් මෙතරම් මිල ඉහළ යා නොහැකියි..

ගෙවතුවලින් එකතු කොට ලැම්බෝගිනි කාර් වලින් ගෙනැවිත් විකිණුවත් එළවළු මිල මෙතරම් ඉහළ යා නොහැකි බව විපක්ෂ නායකවරයා පවසනවා. 

කුරුණෑගල, දොඩම්ගස්‌ලන්ද ප්‍රදේශයේ පැවැති සංවාදශීලී ජනහමු අමතමින් ඒ මහතා පෙරේදා (20 දා) මේ බව කියා සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ හෙතෙම මෙසේද පැවසුවා.

2014 එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ආණ්‌ඩුවේ කල් ඉකුත් වීමේ වර්ෂයයි. එම නිසා 2014 න් පසු මෙම රාජපක්‍ෂ රෙජීමය තබා ගැනීමෙන් පළක්‌ නැහැ. මේ ආණ්‌ඩුව තවදුරටත් තබා ගැනීමෙන් ජනතාවට ජීවත් වීමට හැකියාවක්‌ ලැබෙන්නේ නැහැ.

අද වම්බොටු කිලෝව රුපියල් 300 යි. බෝංචි කිලෝව රුපියල් 400 යි. එළවළු මිල එක වර වැඩි වු බව ආණ්‌ඩුව ප්‍රකාශ කරනවා. නමුත් ගෙවතුවලින් එකතු කරන එළවළු, ලැම්බෝගිනි කාර් එකකින් ගෙනැවිත් අලෙවි කළත්

පෙම්වතාගේ බල කිරීම මත දුරකථනයෙන් නිරුවත වීඩියෝ කර පෙම්වතිය අමාරුවේ වැටුණු හැටි.

ඔයාගෙ නිරුවත්  ඡායාරූප තියන වීඩියෝ  පටයක් අපි ළඟ තියනවා. 

අපි ඒක ඉන්ටර්නෙට් එකට දාන්නයි යන්නෙ..

තරුණියකගේ නිරුවත් ඡායාරූප සහිත වීඩියෝ පටයක් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කරන බවට බිය වද්දමින් ඇගෙන් රුපියල් ලක්ෂ ගණනක මුදල් සහ රන් ආභරණ ලබාගත් අඹු සැමි යුවළක් පසුගියදා මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්  රවීන්ද්‍ර ප්‍රේමරත්න හමුවට ඉදිරිපත් කර තිබුණා

මෙම සැකකරුවන් ලබන 22 වන දින දක්වා රක්ෂිත  බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මීට දින කීපයකට ඉහතදීය.
මෙම අකරතැබ්බට මුහුණ පෑ තරුණිය කටුගස්තොට  ආසන්නයේ වෙළෙඳ සලක සේවය කළාය. වයස අවුරුදු 21 ක් පමණ වන ඇය රූමත් තරුණියකි. 

මීට සති කීපයකට පෙර ඇයගේ ජංගම දුරකථනයට නන්නාඳුනන අංකයකින් ඇමතුම් ගලා එන්නට විය. නුහුරු නුපුරුදු අංකයක් නිසා ඇය එම ඇමතුම් වලට පිළිතුරු නොදී ඒවා විසන්ධි කරන්නට පියවර ගත්තාය. නමුත් දිවා රාත්‍රී එන එම ඇමතුම් කාගෙන්ද යන කුතුහලය නිසාම ඇය එක්වරක්  එයට පිළිතුරු දෙන්නට තීරණය කළාය.

ආ මිස් ඔයා ඉන්නෙ කටුගස්තොට නේද.....? දුරකථන ඇමතුම දුන් අය විමසීය. තරුණිය මදක් නිහඬ වූවාය. 

ඔයාගේ නම.....නේද?
ඔයා පදිංචි අහවල් තැන නේද.