Ads 468x60px

.

අනෙක් අයට නැති දෙයක් අකලංකට තියෙනවා - උපේක්ෂා

උපෙක්ෂා ස්වර්ණමාලීගේ ආදර බලාපොරොත්තුව...

පසුගිය කාලයේ විවිධ ආන්දොලනාත්මක පුවත් රාශියකට මැදිවූ උපේක්ෂා ස්වර්ණමාලී සිය විවාහ දිවියේ කඩා වැටීමත් සමග ඉන් ඇතිවූ කළකිරීමත් සමග රංගන කටයුතු වලින් පවා බැහැර වී සිටියා.

විවාහ දිවියේ ලැබූ කටුක අමිහිරි අත්දැකීම් ගැන ඇය සැමවිටම කතා කළේ සැබෑම කළකිරීමෙනි. එහෙත් නැවතත් රංගනයට පිවිස සිටින උපේක්ෂා නැවතත් ඇගේ දිවියේ අලුත් බලාපොරොත්තුවක් ගැන සතිඅන්ත පුවත්පතකට පවසා තිබෙනවා.

ඒ ඇය නැවතත් විවාහ වීමට කැමති තරුණයා‍ කොයි වගේ කෙනෙක්ද යන්නය. ඒ ජනප්‍රිය ක්‍රිකට් තරුවක් වූ දක්ෂ නර්තන ශිල්පියෙක් මෙන්ම ගායන රංගන ශිල්පියෙක්ද වූ අකලංක ගනේගම ගැනය.

උපේක්ෂා අකලංක ගැන කී අදහස් පහතින්.
“මම විවාහ වෙන්න කැමති අකලංක වගේ කෙනෙක් එක්ක… මොකද මම රංගන ක්ෂේත්‍රය‍ට ආවට පස්සේ රංගන ශිල්පියෙක් එකක් සමීප වුණා නම් ඒ අකලංක එක්ක විතරයි…

අනෙක් අයට නැති දෙයක් අකලංකට තියෙනවා.. ඒ තමයි විනය .. එයා හොද විනයගරුක කෙනෙක්.. ඒ වගේම ප්‍රශ්න වලදී එයා හුගක් මට ඇහුම්කන් දෙනවා.. ඒ දේවල් එක්ක අකලංක මට හුගාක් සමීපයි .. ”

ඒ උපේක්ෂා තම නැවුම් බලාපොරොත්තුව ගැන කී අදහස්ය.

උදාවූ නව වසරේ උපෙක්ෂා ස්වර්ණමාලීගේ ඒ ආදර බලාපොරොත්තුව ඉටුවේවිද, අකලංක උපේක්ෂාගේ ආදරය පිළිගනියි ද කියා අප බලා සිටිමු.

 
Related Posts with Thumbnails