Ads 468x60px

.

පින්තුර කථාව - විනයක් නොමැති ගෝත්‍රික රටක්.

මේ ශ්‍රී ලංකාවේ උත්තරීතර  පාර්ලිමේන්තුවයි -  මෙහි බහුතරය  මිනී  මරුවන් , ස්ත්‍රී හා ළමා දූෂකයන් , කොමිස්කාරයන් , කසිප්පුකාරයන් සහ මැරයන් වෙති. රාජ්‍ය තාන්ත්‍රික උගතුන් නැත.

ශ්‍රී ලංකාවේ අධිකරණය - ගේම් කාරයන් හොරුන් සහ තමන්ගේ මඩිය වෙනුවෙන් පෙරට එන කළුකෝට් කාරයන් මිසක් නිතිය සාධාරණය වෙනුවෙන් පෙනී සිටින්නන් ඉතා අඩුය.

ලංකාවේ පුජ්‍ය පක්ෂය - බහුතරය නූගත් අන්තවාදී තමන්ගේ ආගමේ පාඨ දෙක තුනක් එහා මෙහා කොට කීමට හැකි පිරිසක්  මිසක් ගැඹුරු අධ්‍යාත්මික මාර්ගෝපදේශනයක් ජනතාවට ලබා දීමට නුපුළුවන.

ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන - මේවා තුල කිසිම ප්‍රජතන්තවාදයක් නැත, අන්තර්ජාතිකව සලකා බැලීමේදී අධ්‍යාපන ගුණාත්මකභාවය බින්දුවය. ගහමරාගැනීම්, උද්ඝෝෂණ පොලු හරඹ මිස බුද්ධිමත් සාකච්ඡා මේවා තුල නැත.


විශ්ව විද්‍යාල සිසුන් - වෙනත් රටවල නම් රටක අනාගතය වේ. ලංකාවේ මොවුන් පාරේ උද්ගෝෂණය කරන උපවාස කරන පිරිසකි. බහුතරයට විදේශ භාෂා හැසිරීම,පරිගණක දැනුම, ක්‍රම සම්පාදනය පිලිබඳ දැනුමක් නැත.


ලංකාවේ මහාමාර්ග - යනු ලෝකයේ භයානක ස්ථාන වලින් එකකි. රථ වාහන එළවන්නන්ට පදිකයන්ට කිසිදු විනයක් නැත.



අධිකරණය - පොලිසිය වල් වැදුණු රටක ගිජුලිහිණියන් රජ කරති. ජුලම්පිටිය අමරේ වැනි මැරයන් අපගේ සමාජ සංස්කෘතියේ නිෂ්පාදනයන් වේ.



ආසියාවේ ආශ්චර්ය - මහමග දෙනෝදාහක් බල සිටියදී අතපය කපා යති.




ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණ වලට පිළිතුර - පොලු ගත් මැරයන් පොලිසිය බලා සිටිති. ශිෂ්ඨ සංස්කෘතියක් ඇති රටවල මේවා දකින්නට අසන්නටවත් ලැබේද ?



- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails