Ads 468x60px

.

අම්මගෙයි දුවගෙයි දෙන්නගෙම පහස ගන්න ගිය තරුණයාට වැඩ වරදියි...

ඔයා හරි හොඳයි අනේ. හරි කරුණාවන්තයි...

ඔයාට එහෙමද පෙනෙන්නේ..?

දැරණියගල පැත්තේ අපූරු ඉළන්දාරියෙක් අම්මයි දුවයි දෙදෙනාම නීත්‍යනුකූලව විවාහ කර ගැනීමේ අරුම පුදුම සිද්ධියක් අප වෙත වාර්තා වෙනවා. සිද්ධිය මෙසේයි.

මේ කියන ඉළන්දාරියා සැමියා මියගිය අවුරුදු 44ක් වන වැන්දඹු කාන්තාවක සමඟ ඇසුරක් පවත්වා පසුව ඇය නීත්‍යනුකූලව විවාහ කරගෙන තිබෙනවා. ඔහුගේ වයස අවුරුදු විසිපහකි. මේ කියන වැන්දඹු කාන්තාවට විසි හැවිරිදි ලස්සන දුවක්ද සිටියා. 


අර තරුණයා වැන්දඹුව කසාද බැන්දත් වැඩිපුර ගෙදර සිට නැත. ඔහු ඇගේ දියණිය සමඟ එහේ මෙහේ රවුම් ගසා අන්තිමේ ඔහුගේ නිවෙසට කැඳවාගෙන ගොස් තිබෙනවා. මව දියණිය අතුරුදන් වී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇති අතර දියණිය දුරකතන ඇමතුමක් මවට දී තමා ඇයගේ සැමියා සමඟ ඔහුගේ නිවෙසේ සිටින බව පවසා තිබෙනවා.

අන්තිමේ දෙගොල්ලන්ම පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීමේදී තරුණයාගේ මවුපියන් දියණිය කැඳවාගෙන යෑමට කැමැති වී
තිබෙනවා. අර කාන්තාව දෙවැනි වරටද වැන්දඹුවක් වී අඬ අඬා ගෙදර ගොස් තිබෙනවා.

දැන් ප්‍රශ්නය වී ඇත්තේ විවාහ දෙකක් කර ගැනීමේ චෝදනාවට අර තරුණයාට නඩු දැමීමය. පොඩ්ඩක් ඉවසලා සිටියා නම් ඔහු අමාරුවේ වැටෙන්නේ නැත. අපේ භික්ෂුන් වහන්සේ නමක්

මුස්ලිම් ජාතිකයන්ට මෙන් සිංහල බෞද්ධයන්ටද විවාහ පහක් කර ගැනීමේ නීතිරීති සකසන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා

එය සම්මත වනතුරු ඉවසුවා නම් අර තරුණයාට නඩු නැත. නඩු බඩු දෙකම රැකගෙන ඔහුට අම්මයි දුවයි දෙදෙනා සමඟම පවුල් කෑ හැකිව තිබිණි.

තදියන් කාරයන්ට ඉවසිල්ලක් නැත. කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ කීම හැර අපට වෙන කරන්නට දෙයක් නැත. සමහර විට බහු විවාහ නඩුවෙන් ඔහු හිරේ ගියොත් අර තරුණියට ගෙදර ගොස් අනේ අම්මේ උඹයි මමයි දෙන්නම අමාරුවේ කියමින් හඬන්නට පුළුවන.
මෙවැනි සිද්ධි අප රටේ ඕනෑ තරම් සිදුවේ. 


සුනිල් රජයේ රැකියාවක් කළ ගමේ තරුණයෙකි. ඔහුට කොළඹට මාරුවක් ලැබුණේය. ඔහු නතර වුණේ බොරැල්ලේ බෝඩිමකය. ඒ බෝඩිමේ හිමිකාරිය සැමියා මියගිය ලස්සන කාන්තාවකි. ඇයට තරුණ දියණියක්ද සිටියාය.

බෝඩිමේ සිටියේ හතර දෙනෙක් පමණි. සුනිල් හැර අන් අය වයසක පප්පලාය.සුනිල් පැමිණ ටික දවසකින් අර බෝඩිම හිමි කාන්තාව ඔහුට අමුතු සැලකිල්ලක් දක්වන්නට පටන් ගත්තාය.ඔයා හරි හොඳයි අනේ. හරි කරුණාවන්තයි.


ඔයාට එහෙමද පෙනෙන්නේ? ඔයින් මෙයින් දෙදෙනා අතර ලිංගික සබඳතාවක්ද හට ගත්තේය.මේ අතර සුනිල් සහ බෝඩිම හිමිකාරියගේ දියණිය අතරද ප්‍රේම සම්බන්ධතාවක් හට ගත්තේය.

කොල්ල ආණ්ඩුවේ රස්සාවක් කරන නිසා මගේ කෙල්ල බැන්දට කමක්නෑ එතකොට මගේ වැඩත් කරගන්න පුළුවන්නේ යැයි සිතූ කාන්තාව දෙදෙනාගේ විවාහයට කැමැත්ත පළ කළාය.ඒ අනුව සුනිල්ගේ සහ තරුණියගේ විවාහය සිදුවිය.දුව බැන්දට කමක් නෑ මං ගැනත් බලා ගන්න ඕනෑ. කාන්තාව සුනිල්ට කීවාය.

හරි හරි මං ඒවත් බලාගන්නම්.ඇගේ දියණියට සැකයක් ඇති විය. රාත්‍රියට තම සැමියා අතුරුදන් වන බවත් මවගේ කාමරය පැත්තෙන් කසු කුසු හඬක් ඇහෙන බවක් ඇයට දැනෙන්නට වූවාය.දිනක් සැමියා අතුරුදන්වූ රැයක තරුණිය නැඟිට මවගේ කාමරය පැත්තට ගියාය. ‍ෙදාර ඇර බැලූවිට දුටු දර්ශනයෙන් ඇගේ ගත සිත දැවී ගියේය.


අම්මා බදාගෙන සුනිල් සිටින දර්ශනය දුටු ඇයට ක්ලාන්ත ගතියක් දැනෙන්නට වූවාය.සුනිල් අම්මාගේ කාරිය නිම කොට තම කාමරයට විත් බලද්දී දුටු දර්ශනයෙන් ඔහුට සිහිසුන් නැති විය.වහලේ යට ලීයේ සාරියකින් බෙල්ල වැලලාගෙන මියගොස් සිටි තම තරුණ බිරියගේ දර්ශනය දුටු ඔහු මොර ගසන්නට විය.

අම්මා සහ දුව සමඟ හවුලේ දීග කන්නට ගියොත් සිදුවන්නේ ඔය අකරතැබ්බයමය.මෙයත් ඊට නොදෙවෙනි කතාවකි. කොළඹ කිට්ටුව සිටින ඇමැතිවරයකුට සල්ලාල පුතෙක් සිටී. ඔහුගේ රාජකාරිය රාත්‍රියට ක්ලබ් ගාණේ ගොස් බීමත්ව ගණිකා මඩම්වලට යෑමය. 


මෙසේ ගිය දිනක ඔහුට වයස හතළිහක පමණ රූමත් කාන්තාවක් හමුවිය.අපි මේ ක්ලබ් ගාණේ යන්න ඕනෑ. අපේ ගෙදර ඉඩ තියෙනවා. මීට පස්සේ එහෙදී හමුවෙමු. කාන්තාව කීවාය.එතකොට ඔයාගේ හස්බන් දැන ගන්නවනේ.

එයා මැරිලා දැන් අවුරුදු 5ක් වෙනවා.ඊට පසු ඇමැති පුතා බත්තරමුල්ලේ පිහිටි ඇගේ නිවෙසට යන්නට එන්නට පටන් ගත්තේය.මේ කාන්තාවට රූමත් දුවක් සිටියාය. ඇය අම්මාට වඩා ලස්සනය. ඇමැති පුතාගේ සිත ඇය කෙරෙහිද ඇදී ගියේය. ඇය සමඟද ලිංගික සබඳකම් පවත්වන්නට වූ ඔහුට දිනක් ලොකු අකරතැබ්බයකට මුහුණ පාන්නට සිදුවිය.

ගමනක් යන බව කියා පිටත් වූ කාන්තාව ඉක්මනින් ආපසු පැමිණියාය. ඇමැති පුතත් තම දියණියත් හැසිරෙන ආකාරය ඇගේ අතටම අසුවිය.
තමුසෙ මගේ කෙල්ලත් විනාශ කළා. ඇය කෑ ගසන්නට වූවාය.අනේ අනේ කෑ ගහන්න එපා.එහෙනම් මට ලක්ෂ 5ක් දෙනවා.


ඔහුගේ ගිණුමේ තිබුණේ ලක්ෂ 4ක් පමණි. ඇය සමඟ බැංකුවට ගිය ඔහු ඇයට එම මුදල ලබා දුන්නේය.අම්මයි දුවයි දෙන්නම ගන්න යන මෝඩ වාහෙලාට සිදු විය යුත්තේ ඔවැනි දේ පමණි.
 
Related Posts with Thumbnails