Ads 468x60px

.

ලොව පුරා අන්තර්ජාල වේගය අඩපණ කළ නෙදර්ලන්ත ජාතිකයා කොටුවෙයි...

සයිබර් ආක්‍රමණිකයා අල්ලයි...

ස්පෑම් හවුස් සයිබර් ආක්‍රමණ මඟින් ලොව පුරා අන්තර්ජාල වේගය අඩපණ කළ නෙදර්ලන්ත ජාතිකයා පසුගියා දා නීතියේ දැලට කොටු විය.

ස්පාඤ්ඤයේ සිට සයිබර් ආක්‍රමණ මෙහෙයවූ තිස්පස් හැවිරිදි ‍මොහු අන්තර්ජාල ඉතිහාසයේ මෙතෙක් සිදු වූ විශාලතම සයිබර් ප්‍රහාරයේ නියමුවා ලෙස ඉතිහාස පොතට එක්වී හමාරය.

පොලිස්කාරයන් සුනඛයන් වීම...

පොලිස්කාරයා යනු මහජන හතුරෙකි. නමුත් පොලිස්කාරයා පීචන් වීම ගැන මහජනයා එතරම් කැමති නැත. ඊට හේතුව නාමිකව හෝ ලංකාවේ නීතියක් විනයක් තිබිය යුතු බැවිනි.

පසුගිය කාලය පුරා ආණ්ඩුවේ හෙන්චයියන් බත් බැලයන් වලං හෝදන්නන් දිගට හරහට පොලිස් කාරයන්ට පහර දී නිල ඇඳුම් ඉරා තිබුණි. හෙට අනිද්දා ඔළුවට මුත්‍රාද කරනු ඇත. 

නමුත් මේ පහරදීම් හමුවේ පොලිසියේ ඉහල නිලධාරීන් තම තරු පටි රැක ගැනීම සඳහා පොලිස්කාරයන් බිල්ලට දී තිබුණි. මේ නිසා දැන් පොලිස්පති ඇතුළු පොලිසියේ ඉහල නිලධාරීන් නිල ඇඳුම ගලවා  චීත්ත තනපට ඇඳ ගත්තාට කමක් නැත.

පෙම්වතියගේ කැමැත්ත නොලැබුනයි පිහියෙන් ඇන තාප්පයක්‌ මතට නැගී ගෙල වැලලාගෙන.

පෙම්වතිය මියයයිපෙම්වතා කුලියාපිටිය රෝහලට...

වසර දෙකකට අධික කාලයක්‌ තිස්‌සේ පැවැති පෙම් සිහිනය බිඳවැටීමෙන් වියරු වූ පෙම්වතකු ඊයේ (29 දා) උදෑසන පෙම්වතිය එන මග රැක සිට ඇයට පිහිපාර කීපයක්‌ එල්ල කොට මරා දමා අසල ගසක එල්ලී ගෙල වැලලා ගැනීමේ ශෝකජනක පුවතක්‌ බම්මන්න කූඩළුපොත්ත ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ගෙල වැලලාගත් පෙම්වතා දුටු අසල්වැසියන් ලණුව කපා ඔහු බිමට ගෙන කුලියාපිටිය රෝහලට ඇතුළත් කොට
තිබෙනවා. මෙසේ මරා දමා ඇත්තේ බම්මන්න කූඩළුපොත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක වූ එච්. එම්. රසිකා චතුරානි (25) නමැති උපාධිධාරිනියකි.

සැකකාර පෙම්වතා වූ ජී. එම්. ආර්. නිර්මාල් බණ්‌ඩාර (25) නමැති අය යුද හමුදා සෙබළෙකි.

ගම්පොල පදිංචිකරුවකු වූ ඔහුත් මියගිය තරුණියත් අතර වසර දෙකකටත් අධික කාලයක්‌ තිස්‌සේ පෙම් සබඳකමක්‌ පැවති අතර මේ සබඳතාවට ඔවුන්ගේ දෙපාර්ශ්වයේ ඥතීන් ද කැමැත්ත පළකොට තිබී ඇත. පසුව

කාන්තාවන් සිව් දෙනෙකු විසින් සොල්දාදුවෙක් දුෂණය කරලා

අතවරය සිදුකල කාන්තාවන් සිව් දෙනා සොයා පොලිස් පරික්ෂණ...

25 හැවිරිදි හමුදා භටයෙකු පැහැරගෙන ගිය කාන්තාවන් සිව්දෙනෙකු විසින් ඔහුව සතියකට ආසන්න කාලයක් බලහත් කාරයෙන් රදවා තබාගෙන ලිංගික අතවරයට ලක් කොට කැලැබද පෙදෙසක දමාගොස් තිබියදි සොයාගත් පුවතක් සිම්බාබ්වේ දේශයෙන් වාර්තා වෙනවා.

සිම්බාබ්වේ හි මුරාරේ නගරයට තරමක් දුරින් ගමන් කරමින් සිටි හමුදා භටයා අසල නැවැත්වු මර්සිඞීස් වර්ගයේ රථයක සිටි කාන්තාවන් පිරිසක් ඔහුව නගරය වෙත ගෙනයා හැකි බවට පවසා තිබෙනවා.


පසුව එම ආරාධනාව පිලිගත් හමුදා භටයා රථයට නැගි ටික දුරක් ගිය පසු එය නියමිත මාර්ගයෙන් පිට පැන වෙනත් මාර්ගයක ගමන් කරන බව හැගි ගිය හමුදා භටයා එම කාරණය රථය පැදවු කාන්තාවගෙන් විමසූවිට පිහියක් පෙන්වා තර්ජනය කර රෙදි කඩකින් දෑස් බැද නාදුනන නිවසකට ගෙන ගොස් දින 4 ක් පුරා ඔහුව ලිංගික

දුමින්ද නවලෝක රෝහලෙන් පිටව ගිය අයුරු...

කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දුමින්ද සිල්වා මහතා ඇප මත නිදහස්‌ කිරීමෙන් පසු එම රෝහලෙන් පිට වූ අවස්‌ථාවේ ඔහු පිළිගැනීමට විශාල ජනකායක්‌ රැස්‌ව සිටියා.

ආධාරකරුවන් විශාල පිරිසක්‌ දුමින්ද සිල්වා මහතා පිළිගැනීමට පැමිණ සිටීම නිසා ඔවුන් පාලනය කිරීමට පොලිසිය මහත් පරිශ්‍රමයක්‌ දැ
රුවා.

කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයේ රෙජිස්‌ටාර්වරයකු වන ඉන්දික ගුණසේකර මහතා කොළඹ පෞද්ගලික රෝහලට ගොස්‌ ඇප බැඳුම් කරවලට දුමින්ද සිල්වා මහතාගේ අත්සන ලබාගැනීමෙන් අනතුරුව මුදාහරිනු ලැ
බුවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති වෘත්තීය සමිති උපදේශක භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු ඉකුත් පළාත් පාලන මැතිවරණ සමයේ කොළොන්නාව ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවකුව සිටි දුමින්ද සිල්වා මහතාට අධිකරණය මගින් ඇප නියම කරනු ලැබුවේ ඉකුත් 24 වැනිදාය.

ෆේස්බුක් පෙම විශ්වවිද්‍යාල පෙම්වතා ඔහුම සෑදූ සයනයිඩ් වලින් ඉවරවු අභිරහස...

පෙම්වතියගේ ෆේස්බුක් එකේ මිතුරන් සංඛ්‍යාව වැඩි නිසා සැක හිතලා...

මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ උපාධි අපේක්ෂිකාවකට කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය පෙම්වතා වස වර්ගයක් කිරි පැකැට්ටුවක දමා බොන්නට දී මරා දමා, පසුව ඔහුද විෂ එන්නත් කරගෙන සිය දිවි හානිකර ගැනීම විශාල අවධානයක් දිනාගත් සිද්ධියකි.

මෙම ඝාතනයටත් , සිය දිවි හානිකර ගැනීමටත් මුල් වූ සැබෑ සිද්ධිය කුමක්දැයි තවමත් නිශ්චිතවම අනාවරණය වී නැතත් තුන්වැන්නෙකු මේ පෙම් යුවළ අතරට පිවිසීම  හේතුවෙන් ඇතිවූ මත ගැටුමක්  ඊට හේතුවන්නට ඇති බවට සැක පළ කෙරිණි. 


අනාවරණය වී ඇති ආකාරයට අනුව මේ දෙදෙනා පෙම්වතුන් බවට පත්ව ඇත්තේ මෙයට වසර තුන හතරකට පෙරය. ඒ විශ්වවිද්‍යාලයට ඔවුන් තේරුණු මුල් කාලයේදීය. 

ඒ විශ්වවිද්‍යාල ප්‍රේමයක ප්‍රතිඵලයක් නිසා නොව , ප්‍රකට සමාජ වබේ අඩවියක් වන 'ෆේස්බුක් ' හරහා දැන හඳුනා ගැනීමකින් අනතුරුවය.

සමහරු කටකතා හදලා, අපි දෙන්නා හොඳටම රණ්ඩු වුණාය කියලා - ජැකලින්

ඇත්තටම එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. 

ඒක බොරුවක්...

ජැකලින් ෆර්නැන්ඩස් ගැන වගතුග නිතර දැනගන්න අපේ රසික රසිකාවියන් වඩාත් කැමැතියි. එයට හේතුව ඇය ශ්‍රී ලාංකේය යුවතියක් නිසා ජැකලින් මේ දවස්වල රඟපාන චිත්‍රපට, ඇගේ ගමන්බිමන් ගැන රසිකයන් නිතරම සොයා බලනවා.

පසුගිය සති කිහිපය තුළ ඈ ගැන අලුත් ආරංචියක් දැනගන්නට ලැබුණේ නැහැ. ඒත් පසුගිය සතියේ අගදී දැනගන්න ලැබුණේ ජැකලින් ඉතාම කාර්ය බහුලව සිටි බවයි.

ආසියාවේ මයිකල් ජැක්සන් ලෙසින් සමහරු හඳුන්වන සුපිරි නළු ප්‍රභූදේවා අධ්‍යක්ෂණය කරන ‘රමයියා වස්තාවයියා’ චිත්‍රපටයේ රූපගත කිරීම්වලට ජැකලින් යොමුවී සිටියා. එහි ඇතුළත් වන ගීතමය ජවනිකාවක ද ඇය රඟපෑවා.

එය නර්තන ජවනිකාවක්. ප්‍රභූදේවාගේ අපූර්වතම නර්තන දැක පුරුදු ඔබට ඔහු යටතේ ජැකලින් කෙලෙස ඒ නර්තනය නිරූපණය කළාදැයි හිතාගන්න පුළුවන්. සැබැවින්ම ජැකලින් ඒ රංගනය සාර්ථකව නිරූපණය කළා. ඒ නිසයි ඈ තෘප්තිමත් හඬින් මෙලෙස කීවේ.

හාස්කමකින් සුව වූ දුමින්ද රෝහලින් නිවසට..

නවලෝක රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත‍්‍රී  දුමින්ද සිල්වා මහතා අද දිනයේ රෝහලින් නිවසට යාමට නියමිත බව අප වෙත වාර්තා වෙනවා.

මේ අතර ජනාධිපති වෘත්තිය සමිති උපදේශක භාරත ලක්ෂමන්  ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු තිදෙනකු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වූ අදාල ඇප ලියවිලි වලට මන්ත‍්‍රිවරයා
ඊයේ නවලෝක රෝහලේදී අත්සන් තබා තිබෙනවා.

හිරු ගුවන් විදුලි කෙටි පණිවිඩ සේවය විසින් දන්වා ඇත්තේ හාස්කමකින් සුවය ලැබූ මන්ත‍්‍රිවරයා හෙට නිවසට යනු ඇති බවයි. එම හිරු ගුවන් විදුලි කෙටි පණිවිඩ සේවය විසින් දන්වා ඇත්තේ

මොරටු වැසියෝ කුපිත වී හිමි නම ඝාතන සැකකාර උප නගරාධිපති සුජිත් පුෂ්ප කුමාර එලවා දමයි

පැය දෙකකට ආසන්න කාලයක් බන්ධනාගාර රියේ හිරවෙලා...

මාසික රැස්වීමට සහාභාගී වීමට බන්ධනාගාරයේ සිට ආ මොරටුව උප පුරපති සුජිත් පුෂ්ප කුමාර මහතාට ඊයේ (25) සංඝයා වහන්සේ ලා ප‍්‍රමුඛ පිරිසක් විසින් මගඇහිරීම නිසා සහභාගිවීමට නොවුණි.

ඔහු පැය දෙකකට ආසන්න කාලයක් බන්ධනාගාර රියේ හිරවී සිට දැඩි ආරක්ෂාව මධ්‍යයේ යළි බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය. මහා සංඝරත්නය ඇතුළු මහජනයාගේ විරෝධය නිසා ඔහුට බන්ධනාගාර රියෙන් බැසීමට පවා නොහැකි වූ බවද අප වාර්තාකරු පැවසීය.



මොරටුව එගොඩ උයනේ සුනන්දෝපානන් දාරාමයේ විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමියන් කපා කොටා ඝාතනය කළ සිද්ධියේ පළමු සැකකරු වන්නේ මොරටුව උප නගරාධිපතිවරයාය.

අපුරු නිවුන් සහෝදරියෝ...

උපතේ සිට දෛවය  තමන්ට සරදම් කළත්  එයින් හඩා නොවැටී දෙපයින් නැගී සිටින මේ දෙදෙනා ඇබී සහ බ්‍රිටිනිය. භද්‍ර යෞවන යේ 23 හැවිරිදි හුරු බුහුටියෝය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රදේශයේ ජීවත්වන එක් සිරුරකින් සිටියද ඔවුන්ට හිස් දෙකකි. හදවත් දෙකකි. නිවුන් සොහොයුරියෝය.

ඔවුන්ට මිතුරන් සිටිති. නිවාඩුවකට ගමන් බිමන් යති. මෝටර් රථ පදවති. සෙල්ලම් කරති. සාමාන්‍ය මිනිසෙක් ජීවිතයේ කරන සියළුම දේ ඔවුන්ට කළ හැකියි.

අන්තර්ජාලය, අන්තර් ජංජාලයක් වූ හැටි...

ආයුෂ්මාන් කුර්නා පණ පිටින් මරා දමයි...

අන්තර්ජාලය, ජංජාලයක් ඇති කරන්නේ අදක ඊයෙක නොවෙයි. මිනිසා හෘදයාබාධ යකට ක්ෂණිකව ගොදුරු කිරීමට තරම් බියජනක පුවත් මේ මායා ජාලය ගෙන එයි. 

මෝඩයාගේ මාසය බොලිවුඩය නොබෝදා කම්පනයට පත් කළේ එවන් වූ හද ගැස්ම වේගවත් කරන පුවතකිනි. හිම ක්‍රීඩාවේ යෙදී සිටියදී ආයුෂ්මාන් කුර්නා මිය ගියා.

පවුලේ සාමාජිකයන් හා හිත මිතුරන් සමඟ ස්විස්ටර්ලන්තයේ නිවාඩු සමය ගත කරද්දී සීමට්වල ඔහු හිම ක්‍රීඩාවේ යෙදී තිබෙනවා. ආයුෂ්මාන්ට හිම පුවරුව පාලනය කළ නොහැකි වී ඉතා වේගයෙන් ගසක වැදීමෙන් ක්ෂණිකවම මිය ගොසින්. වහාම ළඟම ඇති රෝහල කරා ගෙන ගියත් ඒ වන විට ඔහු මිය ගොස් අවසානයි.

ආයුෂ්මාන් හිස් ආවරණයක් පැලඳ සිටියත් අනතුරට ගොදුරු වෙලා. ක්‍රීඩා කරන අවස්ථාවේ ඔහු මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පානයකර තිබුණු බවට සාක්ෂි ලැබී නැහැ.’ මේ පුවත සමාජ වෙබ් අඩවි ගණනාවකම ප්‍රධාන පුවත බවට පත් වී තිබුණි.

ට්විටර් ප්‍රවෘත්තියෙන් ධවල මන්දිරය කැලඹෙයි..

පිපිරීම් දෙකකින් ජනපති ඔබාමා තුවාල ලැබූ බව පළ කරලා...

ඇසෝසිඒටඩ් ‍‍ප්‍රෙස් ට්විටර් ජාලයේ ධවල මන්දිරයේ සිදුවු පිපිරීම් දෙකකින් ජනාධිපති ඔබාමා තුවාල ලබා ඇතැයි පළ වු ප්‍රවෘත්තියක් නිසා මහත් කලබැගෑනියක් ඇතිවි තිබෙනවා.

කෙසේ වෙතත් ඒ සමඟම එය ව්‍යාජ ප්‍රවෘත්තියක් බවට සඳහන් කරමින් ප්‍රවෘත්ති මාධ්‍ය සමාව
අයැද තිබෙනවා. සිරියන් ජනාධිපති බෂා අල් - අසාද් ට පක්ෂ පාතිත්වය දක්වන අන්තර්ජාල ක්‍රියාකාරින් කණ්ඩායමක් ප්‍රවෘත්තිය පළ කිරීමේ වගකිම බාරගෙන තිබෙනවා.

අම්බලන්තොට තැඹිලි පැළයක තැඹිලි ගෙඩි...

තැඹිලි පැළ තවානක තැඹිලි පැළයක තැඹිලි ගෙඩි හටගෙන තිබෙනවා. කුඩා ලෙස මල් සැදී තැඹිලි ගෙඩි රැසක් මේ පැළයේ හටගෙන තිබෙන අයුරු කැමරාවට හසුවූයේ අම්බලන්තොට බැරගම බෝගහ හන්දිය පී.එම්. ඩේවිට් මහතාගේ ගෙවත්තෙනි.

හත් හැවිරිදි දරුවා විකෘති කාමාතුරයෙක් ගෙල ටයිපටියෙන් සිරකර සාහසික ලෙස මරා දමලා...

වයස 7 යි තවම 2 වසරේ...

ටයි පටිය බෙල්ලේ ඔතලා මගේ පුතා මරා දමලා තිබුණා - දරුවාගේ මව හඬමින් කියයි
 
කෑගල්ල වලගම්බා විදුහලේ දෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි හත් හැවිරිදි ශිෂ්‍යයකු පැහැරගෙන ගොස්‌ ඇති නාඳුනන පුද්ගලයකු කෑගල්ල උඩකරඬුපොන නිල්මල්ගොඩවත්ත ප්‍රදේශයේදී එම ශිෂ්‍යයාගේ ගෙල ටයිපටියෙන් සිරකර සාහසික අන්දමින් ඝාතනය කර තිබෙනවා.


පෙරේදා (23 වැනිදා) දහවල් සිදුවී ඇති මෙම ඝාතනයෙන් කෑගල්ල ප්‍රදේශයේ ජනතාව දැඩි කම්පාවට පත්ව සිටිනවා. මෙසේ ඝාතනයට ලක්‌වූ පුෂ්පකුමාර විඡේකෝන් ශිෂ්‍යයාගේ සිරුර පොලිසිය මගින් පෙරේදා රාත්‍රී සොයාගෙන ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පිහිටි පාළු නිවසක තිබියදීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ කෑගල්ල පොලිසිය ශිෂ්‍යයා ඝාතනයට ලක්‌ව තිබූ පාළු නිවස ආසන්නයේ පදිංචිකරුවකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුද හමුදාවෙන් විශ්‍රාම ගොස්‌ සිටින මෙම සැකකරු විකෘති ආශාවන්ගෙන් පෙළෙන පුද්ගලයකු බව පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළිවී තිබෙනවා. මොහු සිය බිරිඳ සහ දරුවන්ගෙන් වෙන්වී හුදකලා ජීවිතයක්‌ ගත කරන පුද්ගලයකු බව පොලිසිය පවසනවා.

තොප්පි දාන තරඟයෙන් විතරක් නෙමෙයි ගෝනි පැනලා දින්නෙත් මමයි - විනූ උදානි

විනූ උදානි කියන්නේ පුංචි තිරය හැඩකරන්න අලුතෙන් ආපු මූණක්නේ. දෙරණ මිස් වීට් ශ්‍රී ලංකා තරඟයෙන් සම කිරුළු ලබා ගත්තු විනූට හොඳට තොප්පි දාන්න පුළුවන් කියලා අපිට ආරංචි වුණා.

ඉතින් අපි අද එයා ගැන චුට්ටක් විතර හොයලා බලන්න හිතුණේ ඒ නිසයි. අපි ඒ ගැන විනූගෙන් ඇහුවා.

මම මේ ගැන පස්‌සෙ බලාගන්නම් - ගීතා බෙන්තර ප්‍රා:සභා මන්ත්‍රීවරයකුට මරණීය තර්ජන කරලා..

ඒ වෙලාවෙ මට මරණ බිය දැනුණා...

මම තමයි ප්‍රංශයේ එංගලන්තයේ ගිහින් රූපලාවණ්‍යය පටන්ගත් එකම නිළිය

මේකප් කරන්න එපා කියලා ‘පඟරනැට්ටෝ’ කීවට රූපලාවණ්‍ය අත්‍යවශ්‍යයි 

බෙන්තර ඇල්පිටිය ශ්‍රී ල.නි.ප. ප්‍රධාන සංවිධායක ගීතා කුමාරසිංහ මහත්මිය විසින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරයකුට මරණීය තර්ජන එල්ල කළේ යෑයි කියන සිද්ධියකට විරෝධය දක්‌වා ඊයේ (23 දා) පැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභා රැස්‌වීමට එ.ජ.නි.ස. සියලුම මන්ත්‍රීවරු කළුපටි පැළඳ සහභාගි වී තිබුණා.

එහිදී විශේෂ ප්‍රකාශයක්‌ කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. ජී. සාගරතිලක මහතා මෙසේ කීවේය. "බෙන්තර ඇල්පිටියේ දේශපාලන නායකත්වය දිනෙන් දින පිරිහෙනවා. ඇල්පිටිය සහ බෙන්තර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් මේ ගැන කියන්න ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා හමුවීමට අප්‍රියෙල් 20 දා ගියා."

චතුරිකාගේ පෞද්ගලික ජීවිතයේ ඇති ගැටුම් නිසා නෙස්ටමෝල්ට්’ තානාපති ධූරයෙන් ඉවත් කරයි...

2008 ඉඳන් මේ දක්වාම තානාපතිනිය ලෙස කටයුතු කරලා...

ජනපි‍්‍රය සිනමා හා ටෙලි නිළියක වන චතුරිකා පීරිස් ‘නෙස්ටමෝල්ට්’ ලාංඡන තානාපති ධූරයෙන් ඉවත්කර ඇතැයි අප වෙත වාර්තා වෙනවා.

ඇගේ ගිවිසුම් කාලය මේ වසරේ අවසන්වීමට නියමිතව තිබූ අතර එය දීර්ඝ නොකිරීමට නෙස්ලේ ලංකා සමාගම කටයුතු යොදා ඇති බවද
පැවසෙනවා. කෙසේවුවද චතුරිකාගේ ගිවිසුම් කාලය දීර්ඝ නොකිරීමට හේතුවී ඇත්තේ

කාන්තාව විලාසිතා කරන්න ඕනා තමන්ගේ ස්‌වාමියාට පේන්න විතරයි...

මිනිස්‌සු අපි දිහා බලන්නෙ වපරැසින්... 

ඒ අයට ඕන දෙයක්‌ කියන්න පුළුවන් අපේ ඇඳුම අපිට හොඳයි

මේ විදිහට අඳින එක අපේ හිතටත් සැහැල්ලුවක්‌...

මුස්‌ලිම්වරුන්ගේ ජීවිතවල බොහෝ දේවල් තීරණය වන්නේ ඔවුන්ගේ ආගමට අනුවය. මුස්‌ලිම් කාන්තාවන් ජීවත් විය යුතු ආකාරය අඳින පළඳින හැටි තීරණය කරන්නේද ඉස්‌ලාම් දහමට අනුකූලවය. 

එහෙත් මුළු සර්වාංගයම වසාගෙන සිටින මුස්‌ලිම් කාන්තාවන්ගේ ඇඳුම සමාජයේ විවිධ කතාබහට තුඩු දී තිබෙන විලාසිතාවකි. එහෙයින් මුස්‌ලිම් කාන්තාවගේ ඇඳුම් විලාසිතාව ගැන අපි මුස්‌ලිම් කාන්තාවන් කිහිප දෙනකුගෙන් මත විමසුවෙමු. 

පහතින් පෙළ ගැසෙන්නේ ඔවුන්ගේ අදහස්‌ය.

අඩෝ මේකේ පාලකයා මගේ තාත්තා තොපි පුළුවන් ඕනෑ දෙයක් කරපියව්...

නාවලපිටිය රෝහල් අධ්‍යක්ෂකගේ පුතා රෝහල ඇතුළේ බීමතින් යකා නටයි...

මහ මඟ දී රෝගියකු ගෙන ඒමට ගිය ගිලන් රථ රියැදුරුටත් පහර දෙන්න හදලා...

නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයාගේ පුතා ඇතුළු ඔහුගේ මිතුරන් කණ්ඩායමක් බීමත්ව මාර්ගය අවහිර කරමින් රෝගියෙකු රැගෙන ඒමට ගිය ගිලන්රථ රියදුරකුට බැණ වැදී පහරදීමට උත්සාහ ගැනීමේ සිද්ධියක් නිසා එම රෝගියා රැගෙන ඒමට නොහැකි වීමේ සිද්ධියක් සම්බන්ධව නාවලපිටිය පොලීසිය පරීක්ෂණ පවත්වන බවට අපට වාර්තා වුණා. 

අසාධ්‍ය රෝගියකු පිළිබඳව කොටගල රෝහලින් ලැබුණු දුරකථන ඇමතුමකට අනුව පෙරේදා රාත්‍රියේ 11.45 ට පමණ නාවලපිටිය රෝහලින් ගිලන් රථයක් යවා තිබෙනවා.

එම ගිලන්රථය නාවලපිටිය නගරයෙන් ගමන් කරන විට බීමත්ව පාර මැද සින්දු කියමින් කෑ කෝ ගසමින් සිටි තරුණ පිරිසක් නිසා පාර අවහිර වී ඇති අතර ගිලන් රථය එම ස්ථානයෙන් ගැනීමට නොහැකිව නවතා තිබෙනවා.

‘‘අනිත්‍යා” චිත්‍රපටයේ කෞෂිගේ නියම නම මැණික් නෙමෙයිලු (පින්තූර)...

‘‘අනිත්‍යා” චිත්‍රපටයේ කෞෂි ලෙස රගන  මැණික් විජේවර්ධනගේ නියම නම මැණික් නොවන බව වාර්තා වෙනවා.

ඇයට කුඩා කාලයේදී සිය මව හා පියා සුරතලේට යෙදූ නම මැණික් බවත්, ඇයගේ සැබෑ නම නිලංකා ලක්මිණි විජේවර්ධන බව පැව
සෙනවා.

ලක්මිණි ‘අනිත්‍යා’ගෙන් පසුව උදයකාන්ත වර්ණසූරියගේ ‘කොස්තාපල් සෝම’ මෙන්ම අනිත්‍යා අධ්‍යක්ෂකගේ දෙවැනි නිර්මාණයේ ආරාධිත රංගනයකද යෙදී
තිබෙනවා.

දියණියගේ සමලිංගික ඇසුර අහිමි වේ යැයි බියෙන් තරුණියක් පියා සහ මව කපා කොටා මරා දාලා...

පුල්මුඬේ මහසෙන්පුර ප‍්‍රදේශයේ පදිංචි යුවලක් කපාකොටා මරාදැමීමේ සිද්ධියට සම්බන්ධ කාන්තාව පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඝාතනයට ලක්වු යුවළගේ ගැහැණු දරුවන් දෙදෙනාද සැකකාරිය විසින් රැගෙන ගොස් සිටියදී සොයාගෙන
තිබෙනවා. මොවුන් ජා-ඇල ප‍්‍රදේශයේදී පොලිසිය විසින් කොටුකරගෙන තිබුනා.

සැකකාර තරුණිය ඝාතනයට ලක්වු ගෙහිමියා සමග නිවසට නුදුරින් වන ලැහැබක මත්පැන් පානය කර ඇති අතර, පසුව පොරවකින් කොටා ඔහුව එම ස්ථානයේ දීම ඝාතනය කොට නිවසට පැමිණ ගෙහිමි කාන්තාවට ද පොරවකින් කොටා නිවස තුළදීම ඝාතනය කර
තිබෙනවා.

සියත රූපවාහිනියේ දර්ශිට ජස්ටින්ලා පැටලිලා සිදුවූ ජංජාලය (පින්තුර)...

ජස්ටින් ටිම්බ්ලේක් වෙනුවට ජස්ටින් බිම්බර්...

නිවේදිකාවක් හා නිරූපන ශිල්පිනියක් වන දර්ශි සෙරන්ඩිබ්ට ජස්ටින්ලා පැටලිලා සිදුවූ ජංජාලයක් ගැන අපට වාර්තා වෙනවා.

ඇයට මේ පටලැවිල්ල සිදුවී ඇත්තේ සියත රූපවාහිනියේ හොලිවුඩ් ස්කී‍්‍රන් වැඩසටහනේ රූගත කිරීමක් අතරවාරයේදීය. දර්ශිකා මෙසේ පටලා
ගෙන ඇත්තේ ජස්ටින් බිම්බර් හා ජස්ටින් ටිම්බ්ලේක්වයි.

අදාළ වැඩසටහනේ පිටපත ද සකසන්නේ දර්ශිකා වන අතර ඇය ජස්ටින් ටිම්බ්ලේක් වෙනුවට ජස්ටින් බිම්බර් ගැන පිටපත සකසා එය රූගත ද කර
තිබෙනවා.

සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර...

අමතක නොකළ යුතු අලුත් අවුරුදු චාරිත්‍ර.

වසරක්‌ ගෙවී නව වසරක්‌ උදා වී අප්‍රේල් මාසය මැද වන විට සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වෙනු ඇත. සිංහල දෙමළ අලුත් අවුරුද්ද යනුවෙන් හැඳින්වෙන්නේ සූර්යාගේ සංක්‍රමණයයි. 

සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන අවස්‌ථාව සම්බන්ධකොට ගෙන සිංහල, දෙමළ, ජනතාවට, ආවේනික චාරිත්‍ර වාරිත්‍ර, ගති සිරිත්, සංස්‌කෘතික ලක්‍ෂණ ක්‍රියාත්මක කරවීමයි. සූර්යා මීන රාශියෙන් මේෂ රාශිය කරා සංක්‍රමණය වෙන වෙලාව නොනගතය නමින් හැඳින්වේ. 

නක්‌ෂස්‌ත්‍රානු කූලව මෙලෙස සූර්යාගේ සංක්‍රමණය සම්බන්ධ කොට අලුත් චාරිත්‍ර විධි ක්‍රියාත්මක කළ ද ඊට එහා ගැඹුරු චාරිත්‍ර ධර්ම පද්ධතියක්‌ සමග සිංහල අලුත් අවුරුද්ද අත් වැල් බැඳ, ගෙන තිබෙන බවක්‌ මතක්‌ කළ යුතුව ඇත.

ක්‍රම ක්‍රමයෙන් ගිලිහීගෙන යන එම චාරිත්‍ර සිරිත් විරිත් අලුත් අවුරුද්ද උදා වනවාත් සමගම මතක්‌ කර ගැනීම ඉතා වැදගත් වන්නේය. වසරක්‌ ගෙවී තව වසරක්‌ උදා වෙනවා යනු ළමයි තරුණ වීමත් තරුණයින් වැඩි හිටියන් වීමත්, වැඩිහිටියන් මරණයට ආසන්න වීමත් මෙහිදී වයස තුළ සිදුවන එම විපර්යාසයන් සමග පරණ ගති සිරිත් අමතකවී යැමක්‌ සිදු වේ. 

නිර්වස්ත්‍රාභරණයෙන් සැරසුණු වීනා...

සර්වාභරණයෙන් සැරසී සිටින තාරකා වකටත් වඩා උපන් ඇඳුමින් සැරසුණු තාරකාවකට එක් රැයකින් ලොවම දෑස් තමන් වෙත ආන්දෝ ලනාත්මක ලෙස රඳවා ගත හැකියි. 

වීනා මලික් චරිතය ලොවම හඳුනා ගත්තේ ඇය පුංචි තිරයේ සහ රිදී තිරයේ තාරකාවක වී බොහෝ කලකට පසුය. ඒ ‘ෆෝ හිම් මැගසින්’ (එෆ් එච් එම්) කවරයට නූල් පොටක් හෝ නැතිව පෙනී සිටීම නිසාය. එෆ් එච් එම් යනු පිරිමින් සඳහා නිකුත්වන ජනප්‍රිය අන්තර් ජාතික සඟරාවකි.

2012 දී එෆ් එච් එම් සඟරාවෙන් ඇය ලොව සරාගී කතුන් සිය දෙනා අතර විසිහය වැනියා ලෙස ශ්‍රේණිගත කෙරුණි. ඒ ඇන්ජලිනා ජොලී, මෙගන් ෆොක්ස්, පැරිස් හිල්ටන්, කිම් කාඩෂියන් යන සුපතළ තාරකාවන් සමඟ තරග වදිමිනි.

නෙහාරගෙයි මේනකගෙයි ලව් එක මාධ්‍යට වසන් කල හේතුව මෙන්න...

වෙලාවකට නෙහාරාගේ ආදරය මට කරදරයක්...මේනක

මේනක වෙනත් නිළියන් එක්ක රඟපාද්දී මට ලොකුම ලොකු ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා...නෙහාරා

මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් පුවත් මවන්නේ බොහෝ කලක සිටය. වරින්වර ඔවුන් දෙපොළ ගැන විවිධ කටකතා ක්ෂේත්‍රය පුරා පැවතිණ. ඒවාට මේනක, නෙහාරා පිළිතුරු බඳින්නට ද පසුබට නොවූහ.

මේනක - නෙහාරා විවාහයට සූදානම් වනවා...මේ ඔවුන් පිළිබඳ දැන ගන්නට ලැබුණු අලුත්ම පුවතය. එහි සත්‍ය අසත්‍යතාවය ගැන අපි ඔවුන් ගෙන් සෘජුවම විමසුවෙමු. මේනක ඒ සඳහා පළමුව අදහස් දැක්වීමට ඉදිරිපත්
වුනා.

සිංහල මවුවරු අට ලක්‌ෂ අනුතුන්දහක්‌ වඳ සැත්කම කරගෙන - ගලබොඩඅත්තේ ඥනසාර හිමි...

රටේ උරුමක්‌කාරයෝ කරුමක්‌කාරයෝ වෙලා...

ඇතැම් කාන්තාවන් මිනි පෙට්‌ටියෙන් එවනවා... 

තරුණ කාන්තාවන් වඳ කර එවනවා...

අද අපේ රටේ අපේ ජාතිය වඳ කිරීමේ ව්‍යාපෘතියක්‌ තිබෙනවා. එය වන්ධ්‍යාකරන ව්‍යාපෘතිය ලෙස හඳුන්වනවා. 1973 අවුරුද්දේ පුංචි පවුල රත්තරන් කියන සංකල්පය ගෙන ආවා. 

මේ ගැන පාලකයෝ සොයා බැලුවේ නැහැ. එදා ගෙනා අන පනත් අදටත් ක්‍රියාත්මක වෙනවා. අවුරුදු විසි හය සම්පූර්ණ නම් ඕනෑම කාන්තාවකට එල්. ආර්. ටී. සැත්කම කර ගන්න පුළුවන්. 2012 ට එහා පැත්තේ දස අවුරුදු කාලය තුළ සිංහල මවුවරු අට ලක්‌ෂ අනුතුන්දහක්‌ වඳ සැත්කම කරගෙන තිබෙනවා. මේවා කරන්නේ ගානක්‌ ගෙවලා ගමේ ඉන්න පවුල් සෞඛ්‍ය සේවිකාව හරහා. එය ජාතියට කරන හරිම අපරාධයක්‌.

කැකිරාව මහජන ක්‍රීඩාංගණයේ පසුගිය 28 දා පැවැති බොදුබල සේනා දහම් කථිකාව. අමතා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩ අත්තේ ඥනසාර හිමියෝ එසේ
පැවසුවා.

කැකිරාව, පලාගල පලුගස්‌වැව, තිරප්පනේ ශාසනාරක්‌ෂක බල මණ්‌ඩලය සහ කැකිරාව කේ. ටුවෙන්ටි සංවිධානය විසින් මෙම බොදු බල සේනා දහම් කථිකාවත සංවිධානය කර
තිබුණා.

පූජ්‍ය ගලබොඩ අත්තේ ඥනසාර හිමියන් මෙසේද
පැවසුවා.

අද මේ රටේ ජමෙයිතුල්ලා උලමාවරු ෂරියා නීතිය ගෙනැල්ලා මේ රටේ අරාබියේ කොටසක්‌ කරන්න හදනවා. ඒවගේම අපේ රටට මත්කුඩු ගෙන්වන එකොළොස්‌ දෙනෙක්‌ ඉන්නවා.බොහොම දෙනෙක්‌ මුස්‌ලිම්වරු ඒ කුඩු ගෙන්නන එවුන් ඔවුන්ගේ ජාතියට කුඩු බොන්න දෙන්නේ නැහැ.

දොළුකන්ද හාමුදුරුවන්ට වෙඩි වැදිලා...

ස්වාමීන් වහන්සේ වහාම ශල්‍යකර්මයක...

සාලියවැව - විළඳගගොඩ රාජමහා විහාරගේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ‍වෙඩි වැදීමකින් තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. අද (09) වැනි දින දහවල් මෙම සිදුවීම සිදුවී තිබෙනවා

තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ විළඳගොඩ රාජමහා විහාරගේ විහාරාධිපතිව වැඩ විසූ අනුරාධපුර චන්දවිමල ස්වාමීන් වහන්‍සේය. තුවාල ලබා ඇති ස්වාමීන් වහන්සේ කළක් දොළුකන්ද විහාරස්ථානයේද වැඩ සිට තිබෙනවා.

සමුහ මිනීවල ගැන මාතලේ මවකගෙන් විශේෂ හෙළිදරව්වක්...

1989 දෙසැම්බර් 13වැනි දින හමුදාව විසින් පැහැ‍රගෙන යන ලද තම පුතුන් දෙදෙනා මාතලේ රෝහල ආසන්නයේ පිහිටි 'රෙස්ට් හවුස්' කඳවුරේ රඳවා තිබූ බවත් දින 03කට පසු පෙන්වූ නාම ලේඛනයේ තම පුතුන් දෙදෙනාගේ නම් රතු පෑනෙන් කපා දමා තිබූ බවත් මාතලේ කේ.ජී. කමලාවතී නම් මව විසින් හෙළි කර තිබෙනවා.

පුල්මුඩේ පදිංචිව සිටි ඇය එල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදීන්ගේ තර්ජන හේතුවෙන් මාතලේට පැමිණ ඇත්තේ මෙම සිදුවීමට මාස 04කට පෙරය. සැමියා මියයෑමෙන් පසු තම දරුවන් සිව්දෙනා රැකබලා ගැනීමට ඇයට සිදුව තිබුනා.


එවක‍ට මාතලේ විද්‍යා විද්‍යාලයේ හා විජය විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි 18 හැවිරිදි සුසන්ත ජනක සහ 17 හැවිරිදි රෝහන නිශාන්ත නම් ඇයගේ පුතුන් දෙදෙනා උකුවෙල, වරාකන්දවත්ත පිහිටි නිවසින් පැහැරගෙන ගොස් ඇත්තේ, හමුදාව විසින් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීය.

ඇත්තටම කොටකෙතන සිදුවූයේ කුමක්ද?

කහවත්තේ ධර්මසිරි නිදහස් වූ හැටි... 

පසුගිය කාලයේදී රටේ වැඩියෙන්ම කතාබහට ලක්වූ ගම කොට කෙතනය දිගින් දිගටම සිදුවූ කාන්තා ඝාතන රැල්ල ඊට හේතුව විය. 

ආන්දෝලනාත්මක කොටකෙතන පළමු ද්විත්ව ඝාතනයේ තෙවැනි හා සිව්වැනි සැකකරුවන් නීතිපති උපදෙස් මත නිදහස් කිරීම පසුගිය 2 වැනිදා සිදුවිය.වසරකුත් දෙසතියක පමණ කාලයක් අඛණ්ඩව බන්ධනාගාරගත කර සිටි ලොකුගම්හේවගේ ධර්මසිරිට ද මෙහිදී නිදහස ලැබුණි. 

ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගොඩකවෙල ප‍්‍රාදේශීය සභාව නියෝජනය කළ මන්තී‍්‍රවරයෙකි. අඛණ්ඩව මාස ගණනාවක්ම ප‍්‍රාදේශීය සභා රැස්වීමට සහභාගි නොවූ නිසා ඔහුගේ මන්තී‍්‍රධුරය අභියෝගයට ලක්විය.

කොටකෙතන පළමු ද්විත්ව ඝාතනය ධර්මසිරිගේ නම ඈඳීමත් ඔහු සැකකරුවකු බවට පත්වීමත් නිසා දේශපාලනය ද මේ සිදුවීමට ඇඳුණි. පසුගිය 2012 ජනවාරි මස 31 වැනිදා  නයනා නිල්මිණි (51) සහ කාවින්ද්‍ය චතුරංගි සෙල්ලහේවා (18) යන මවත් දියණියත් ඝාතනය කිරීම කොටකෙතන ඝාතන රැල්ලේ නමවැනි සහ දහවැනි ඝාතන සිදුවීම් බව පොලිස් පොතේ ලියැවිණි.

අහිංසක පාසල් සිසුවියක් කොටකෙතන ඝාතන රැල්ලට බිලිවීම නිසා එම ද්විත්ව ඝාතනය රටේම අවධානයට ලක්විය. එම ද්විත්ව ඝාතනයෙන් දින 35කට පමණ පසුව සැකකරුවන් දෙදෙනකු හා සැකකාරියක් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්හ.

පරීක්ෂණ කණ්ඩායම් 16ක් එකවර යොදවා මිනිස් ඝාතන සිදුවීමක් ගැන මෙරට සිදුවූ පුළුල්ම පොලිස් පරීක්ෂණය එය විය.2012 මාර්තු 7 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේ

මෙදා සැරේ හෂිනිගේ ඩාන්සින් පාට්නර් වෙන්නේ උදාරලු...

සුරාජ්ගේ කකුල් දිගේ කූඩැල්ලෝ යනවා හෂිනි දැකලා...

රියැලිටි වැඩසටහනකින් ආපු හෂිනි ගෝනගල කියන්නේ ලස්සනට නටන්න පුළුවන් දක්ෂතා තියෙන කෙනෙක්නේ. වැඩිය සද්දයක් බද්දයක් නැති හින්දම අද අපිට හිතුණා හෂිනි ගැන හොයලා බලන්න.

හෂිනි මේ දවස්වල ආයෙම නටන්න පුරුදු වෙනවලු. ඒ දෙරණ සිටි ඔ‍ෆ් ඩාන්ස් එකට. දුෂ්‍යන්ත්ගේ ඩාන්සින් පාට්නර් විදිහටනේ හෂිනිව අපි දැන ගත්තේ. මෙදා සැරේ හෂිනිගේ ඩාන්සින් පාට්නර් වෙන්නේ උදාරලු.

ඒ දේවල් එහෙම වෙද්දි සනත් ගුණතිලක මහත්මයාගේ චිත්‍රපටියකටත් හෂිනිට ආරාධනා ලැබිලා තියෙනවා කියලයි අපිට නම් දැනගන්න ලැබුණේ.

“අම්මෝ මං රඟපාද්දි හරියට වරදිනවා. ඒකයි මං කැමති නැත්තේ” හෂින් වැඩිය රඟපාන්නෙ නැත්තේ ඇයි කියලා ඇහුවම එයා දුන්නේ ඔන්න ඔය වගේ උත්තරයක්. හැබැයි ඒකෙන් එයා අදහස් කරපු දේනම් ටිකක් හිතාගන්න අමාරුයි. 

පබාත් හිටපු සැමියාත් සමඟි වෙයි - නඩුව අවසන්.

හිංසා නොකරන බවට සැමියාගෙන් පොරොන්දුවක්...

පාර්ලිමේන්තු මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියට පහර දුන්නේ යැයි ඇගේ හිටපු සැමියාට පවරා ඇති නඩුව සමථයකට පත් කර ගැනීම සඳහා දෙපාර්ශ්වය අධිකරණයේදී ඊයේ එකඟ වුණා.

නඩුව සමථයකට පත් වීම සඳහා පැමිණිලිකාරිය
වන උපේක්ෂා ස්වර්ණමාලිට යළි හිංසාවක් නොකිරීමට හිටපු සැමියා එකඟ වුණා. සමථයකට පත්වීම නිසා නඩු කටයුත්ත අවසන් කෙරුණා.

පෙට්‍රල් වලට තිත - වේගවත් බැටරි කාරය මෙන්න

බැටරියෙන් සැතැපුම් 190 ක් දුර යා හැකියි

විද්‍යුත් මගින් ධාවනය වන ලොව වේගවත්ම මෝටර් රථය පසුගිය දා එළිදැක්වුණා.

ඇමරිකාවේ ඩිට්‍රොයිට් ඉලෙක්ට්‍රික් නම් සමාගමක් විසින් නිපදවා ඇති මේ මෝටර් රථයේ නම සදහන් වන්නේ එස්.පී 01 ලෙසය. මේ මෝටර් රථය 999 ක් වැනි සීමිත ප්‍රමාණයකින් නිපදවීමට නිෂ්පාදකයන් තීරණය කර
තිබෙනවා. මෝටර් රථයේ මිල සදහන් වනුයේ ඇමරිකානු ඩොලර් 135”000 ක් ලෙසටය.

එන්ජිමක් වෙනුවට විදුලි මෝටර පද්ධතියක් ඇති සම්පූර්ණයෙන්ම වියළි කෝෂ ආධාරයෙන් ජව ගැන්වෙන මේ මෝටර් රථයේ උපරිම වේගය පැයට සැතැපුම් 155 කි. තත්පර 3.7 ක් ඇතුළත 0 සිට පැයට සැතපුම් 60 ක් දක්වා වේගය අත්කර ගැනීමටද මේ කාරය සමත් බව  සදහන්ය.

ජේ. ආර්. ගෙ පේ‍්‍රමදාසගෙ පුත්තු වගේ නෙවෙයි - මහින්ද රාජපක්ෂගෙ පුතා නාමල් හොඳ කෙනෙක්

නාමල් මහත්තයා රගර් සෙල්ලම් කරලා ඉන්නේ

ජේ. ආර්. ගෙ පේ‍්‍රමදාසගෙ පුත්තු වගේ නෙවෙයි අපේ රාජපක්ෂ ජනාධිපති තුමාගෙ පුතා නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීතුමා. එතුමා උම්බලකඩ කෑල්ලක්වත් කන්නෙ නැති හොඳ කෙනෙක්. 

නාමල් රාජපක්ෂ හොඳ දර්ශනයක් වැඩපිළිවෙළක් තියෙනවා. නාමල් මහත්තයා ගැන මේ වගේ වැරදි වැටහීම් විපක්ෂය අද සමාජගත කරලා තියෙනවා.

දවසක් මගෙන් තරුණයෝ පිරිසක් අහනවා නාමල් මහත්තයා වැඩිපුර බොන්න කැමැති මොනව ද කියලා. මම ඇහුවා ඒ මොනවා ද කියලා. දන්නවා ඇතිනේ නාමල් මහත්තයා බොන්නෙ මොන වර්ගයේ අරක්කු ද කියලා කියනවා. 

ගීතා බෙන්තොට ප්‍රා.සභා උප සභාපතිට කෝපි කෝප්පයෙන් ගහලාලු...

දෙදෙනා දැඩි අසභ්‍ය වචන වලින් එකිනෙකාට බැනගෙන...

සිද්ධියෙන් පස්සේ රැස්වීම අතරමඟ නැවතිලා...

ආයතන සංග්‍රහයට එරෙහි වූ නිසා කෝපි වලින් නාවලා...

බෙන්තොට ප්‍රාදේශීය සභාවේ ඊයේ (04 දා) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය, බෙන්තොට ප්‍රාදේශීය සභාවේ උප සභාපති (එ.ජ.නි.ස.) රංජිත් වික්‍රමසිංහ මහතාට කෝපි කෝප්පයකින් පහරදී තිබෙනවා.

බෙන්තොට ප්‍රාදේශීය සභා ගොඩනැඟිල්ලේ පැවැති මෙම රැස්වීමේදී දෙදෙනා අතර බහින් බස්වීමක් ඇති
වුණා. ගීතා කුමාරසිංහ මහත්මිය මීට පෙර දිනක

බිරිඳගේ අනියම් සම්බන්ධතාවය විසඳා ගන්න දරුවාට වසදී මව සහ පියාද වස බීලා...

පළමුව පැණි බීම යෑයි කියා තම පුතුට දී තිබෙනවා...

පවුලේ අඹු සැමියන් අතර ඇතිවූ සැකයක්‌ විසඳාගත නොහැකිව සිය දරුවාටද වස පොවා සිය දිවි හානිකර ගැනීමට ගත් උත්සාහයක්‌ ව්‍යර්ථවී තිදෙනාම මාතලේ දිස්‌ත්‍රික්‌ මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධියෙන් මාතලේ දුම්කොලවත්ත ප්‍රදේශයේ පදිංචි මව, පියා සහ තුන් හැවිරිදි දරුවා රෝහල්ගත කර
තිබෙනවා. මාස කීපයක සිට සැමියා තුළ ඇතිවූ බිරිඳගේ ඥතියකු සමඟ ඇතැයි කියන අනියම් සම්බන්ධතාවක්‌ පිළිබඳව ඇතිවූ සැකයක්‌ මෙම වස පෙවීමට හේතුවී තිබෙනවා.

සැමියාගේ සැකය දුරුකිරීමට අවස්‌ථා ගණනාවකදීම බිරිඳ ගත් උත්සාහය නිෂ්ඵල වීම නිසා දරුවාටද වස පොවා අපි දෙදෙනාත් වස බී එකට මිය යමු යෑයි තීරණය කර මෙසේ වස පානය කර
තිබෙනවා.

එයා ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි – දමිතා , ඒකට දැන් ප්‍රමාද වැඩියි - සේමිණී...

එතකොට මේක සේමිණීගේ බොරු සැකයක්?

එක්තරා පෞද්ගලික ගුවන් විදුලි නාළිකා වක් ඔස්සේ ප්‍රචාරය වූ වැඩ සටහනකින් දමිතා අබේරත්න මට සහ මගේ පවුලේ උදවියට අපහාස වන ප්‍රකාශයක් කර තිබෙනවා. කෙනකු තව කෙනකුට ඇඟිල්ලක් දිගු කරන කොට ඒ කෙනා හිතන්න ඕනෑ තවත් ඇඟිලි හතරක් තමන් වෙත දිගු වී ඇති බව. 

ඇය මට විරුද්ධව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මම නීතිමය පියවර අරගෙන තිබෙනවා. එකම ක්ෂේත්‍රයේ එකම වෘත්තියේ නියැළෙන අය අතරේ මෙවැනි ආරාවුල්, අමනාපකම් සිදු විය යුතු නැහැයි කියන තැන මම ඉන්නේ.

නමුත් එය එසේ සිදුව තිබෙනවා. දැන් මෙය අධිකරණය හමුවේ පවතින ගැටලුවක් නිසා වැඩිදුර අදහස් ප්‍රකාශ කරන්න මම කැමැති නැහැ. නීති මාර්ගයෙන් මේ ගැටලුවට ඉදිරියේදී සාධාරණ විසඳුමක් ලැබෙයි.

ක්ෂේත්‍රයේ ප්‍රවීණ, ජ්‍යෙෂ්ඨ කෙනෙකුගෙන් මේ ප්‍රශ්නය ගොඩින් බේරා ගන්න කියලා ඔබට ආරාධනයක් ලැබුණොත්?

චන්ද්‍රිකා - සනත් ඉලක්ක කර මඩ ප්‍රහාරයක් !

චිත්‍රපට නිෂ්පාදනය කර මුදල් ගසා කාලාලු....

ප්‍රංශයෙන් මීට වසර දහයකට පමණ පෙර ආනයනය කළ අද වන විට රුපියල් ලක්ෂ විසිදහසක් පමණ වටිනා චිත්‍රපට සැකසුම් සහ නිෂ්පාදන උපකරණ තොගයක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන රජයේ ගබඩාවක ගොඩගසා තිබෙන බව ආණ්ඩුවේ 'දිනමිණ' පුවත්පත අද (04) විශේෂ හෙළිදරවුවක් යටතේ අනාවරණය කර තිබෙනවා.

හිටපු ජනාධිපතිනිය හා එකල ඇයගේ මාධ්‍ය උපදේශකව සිටි ජනප්‍රිය නළු සනත් ගුණතිලක මහතා ඉලක්ක කර ගනිමින් මෙම පුවත් වාර්තාව පළකර ඇති අතර, එහි වැඩි දුරටත් මෙසේද දැක්වෙනවා .

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ''මචං ඥානසාර'' කියලා...

'මචං ඥානසාර' ලියු පැපරාසියා සි.අයි.ඩි.යට...

'පැපරාසියා' හි කර්තෘ 4 වන තට්ටුවට....

ජනප්‍රිය පුවත් සඟරාවක් වන 'පැපරාසියා' හි කර්තෘ සේපාල් අමරසිංහ මහතාට අද (04) පෙරවරු 8.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවේ 4 වන තට්ටුවට එන්නයි පොලිසිය විසින් දැනුම් දී තිබෙනවා.

අමරසිංහ මහතා මේ සම්බන්ධයෙන් කල විමසීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියකු පවසා ඇත්තේ, පසුගිය 'පැපරාසියා' සඟරා කලාපයක  බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ''මචං ඥානසාර'' යන ශීර්ෂය යටතේ  පලකල ලිපියක් සම්බන්ධයෙන්  ප්‍රශ්න කිරීමට අවශ්‍ය වී ඇති බවයි.

ප්‍රජාතන්ත්‍රවාදයෙන් පලක් නෑ : ෂරියා නීතිය රටට හොඳයි - තරුණ පිරිසක් කියයි...

ප්‍රජාතන්ත්‍රවාදයට යොමුවීම පාවාදීමක්ලු

ප්‍රජාතන්ත්‍රවාදයෙන් පාකිස්තානයට යහපතක් සිදුව නැති බව පාකිස්තාන තරුණ පරපුරෙන් අඩකට වැඩි ප්‍රමාණයක් විශ්වාස කරන අතර 40% කට ආසන්න ප්‍රමාණයක් ඉස්ලාමීය ෂරියා නීතිය රටට වඩා යෝග්‍ය බව කියා තිබෙනවා.ඊයේ ප්‍රකාශයට පත් සමික්ෂණ වාර්තාවකින් මේ බව අනාවරණය කර තිබෙනවා.

පාකිස්තානය මැයි 11 දා ඓතිහාසික මහ මැතිවරණයක් පවත්වනු ලබන මුත් බ්‍රිතාන්‍ය මණ්ඩලයෙන් නිකුත් එම වාර්තාවෙන් දැක්වෙන්නේ පවත්නා දේශපාලන ක්‍රමය පිළිබඳව වයස අවුරුදු 18-29 අතර ඡන්ද දායකයන් අතර ඇත්තේ දැඩි අසුබවාදී මතයක් බවයි.

'ඉදිරි පරපුර මැතිවරණයට යොමු වෙයි' යන හිසින් නිකුත් මේ සමීක්ෂණ වාර්තාවෙහි පාකිස්තානය වැරැදි දිශාවකට ගමන් කරන බව 96% ක් විශ්වාස කරන බවත් 3/1ක් ම ප්‍රජාතන්ත්‍රවාදයට වඩා හමුදා පාලනය ප්‍රිය කරන බවත් සඳහන්ව
තිබෙනවා.

විමල්ගේ මඩ වෙබ් අඩවියට නඩු දානවා – බොදු බල සේනා...

'සි නිවුස්' වෙබ් අඩවියට එරෙහිව බොදුබල සේනා නඩු මගට...

නිවාස ඇමති විමල් වීරවංශගේ අධික්ෂණය යටතේ පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකට විරුද්ධව නඩු මගට බසින බවට බොදු බල සේනා සංවිධානය පවසනවා.

අනුරාධපුර නගරයේ පිහිටි මුස්ලිම් දහම් පාසලක් වැටලීමට බොදු බල සේනාව නැමැති සංවිධනයක් සැරසෙන බවට පොලීසියට තොරතුරු ලැබී ඇතැයි සදහන් ප‍්‍රවෘත්තියක් විමල්ගේ වෙබි අඩවියේ පලවී ඇති බවත් සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනි සිටින බව හගවා තමන්ගේ පෞද්ගලික වාසි වෙනුවෙන් කි‍්‍රයාකරන මෙවැනි මඩ වෙබි අඩවි කි‍්‍රයා කරවන්නන්ට එරෙහිව නඩුමගට බැසීමට තමන් තීරණය කර ඇති බවත් බොදු බල සේනා සංවිධානයේ නායකයෙකු වන දිලන්ත විතානගේ
මහතා අපත් සමග දුරකතන සංවාදයකට එක් වෙමින් පැවසුවා.

මෙතෙක් කලක් බොදු බල සංවිධානයට අන්තර්ජාල පුවත් වෙබ් අඩවි තුල විශාල මතවාදී සහයෝගයක් දැක්වූ විමල් වීරවංශගේ වෙබ් අඩවිය සහ බොදු බල සංවිධානය අතර ඇතිවී තිබෙන මෙම ඝට්ටනය සිංහල ජාතිවාදි කදවුරෙ මුදුනා වීමෙ අවශ්‍යතාවය මත සිදුවන්නක් විය හැකි යැයි දේශපාලන විචාරකයෝ
පවසනවා.

සේමිණී වෙනුවෙන් ඇගේ සැමියා කතා කරයි...

ඔය කතා ඇත්තද නැද්ද? කියලා හොඳටම දන්නේ මමයි - ධම්මික ඉද්දමල්ගොඩ

මින් ඉදිරියට දමිතාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වන්නේ නැහැ - සේමිණී ඉද්දමල්ගොඩ

රංගන ශිලිපිනී දමිතා අබේරත්න කළා යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔබේ බිරිඳ වන සේමිණී ඉද්දමල්ගොඩ ඇයට එරෙහිව නඩු පැවැරුවා. 

ඇයි එවැනි ක්‍රියාමාර්ගයක් සඳහා යොමුවූණේ?

මේ අවස්ථාවේ ගත හැකි වැදගත්ම ක්‍රියාමාර්ගය තමයි අපි ගත්තේ. නීතිය ගැන හොඳට දන්න මිනිස්සු විදියට නීතිමය රාමුවක් ඇතුළේ ගන්න පුළුවන් හොඳම පියවර අපි මේ අවස්ථාවේදී ගත්තා. මේ වගේ දේවල් මින් ඉදිරියට සිදුවීම නවතීවි කියන අපේක්ෂාවෙනුයි අපි මේ ක්‍රියාමාර්ගය සඳහා යොමුවුණේ.

සේමිණී නීතිමය ක්‍රියාමාර්ගයක් වෙත යොමුවුණේ ඔබේත් උපදෙස් ලබාගෙනද?

ඔව්. සේමිණීට ප්‍රශ්නයක් ඇතිවෙනවා නම් ඒක බලපාන්නේ ඇයට විතරක් නමෛයි. මම, අපේ දියණිය සහ සේමිණී යන තුන්දෙනාටම ඒක බලපානවා. ඒ වගේම අපේ ඥාතීන්ටත් ඒ ගැටලුව බලපානවා. ඒ නිසා ඇයට ගැටලුවක් ඇතිවුණු අවස්ථාවක