Ads 468x60px

.

හාම් පුතාගේ සිත හදුනන රොබෝවෙක්.

සිය ස්වාමියාගේ සිතැගි තේරුම් ගෙන කි‍්‍රයාත්මක විය හැකි රොබෝ ‘‘බොටලේරුවකු‘‘ නිපදවීමට ඇමරිකාවේ කොර්නෙල් විශ්වවිද්‍යාලයේ සිසුහු පිරිසක් සමත්ව තිබෙනවා.

පිපාසයෙන් සිටී නම් බීමක් ගෙන දීමටද,කුසගිනිව සිටී නම් මයික්‍රොවේව් (ක්ෂුද්‍ර තරංග) උදුනට ආහාරයක් දමා රත් කර පිළිගැන්වීමටද මේ රොබෝ බොටලේරුවා සමත්ය. 


සිය ස්වාමියාගේ මුහුණේ සටහන් වන හැගීම් දෙස බලා ඔහු කුසගිනිව සිටීද, පිපාසයෙන් සිටීද, යන්න තීරණය කර අවශ්‍යතාව අනුව කි‍්‍රයාත්මක වීමට මේ රොබෝවාට හැකි බව සදහන්ය.

මගේ පසුපස එලවන මාධ්‍යවලට නියම තැන අංගොඩ පිස්සන් කොටුවයි - ඇමති මර්වින්

අටමස්ථාන වල අඩුපාඩු තියෙනවා...

මගේ පස්සේ එලවන මාධ්‍යවලට කියන්න තිබෙන්නේ එක දෙයයි. එයාලට නියම තැන අංගොඩ පිස්සන් කොටුවයි" ඇමති මර්වින් මාධ්‍ය වලට පෙරේදා (29) යළිත් වරක් ගෝරනාඩු කළේය. "මාධ්‍ය තිබෙන්නේ අතිගරු ජනාධිපතිතුමා මේ ආණ්ඩුව ගත්ත නිසයි. එහෙම නොවුනානම් මාධ්‍ය නැහැ. ඒක හොඳට මතක තබා ගන්න.

මම ඉන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගේ රාජත්වය ආරක්ෂා කරන්නයි. ඒ රාජත්වය තිබෙන තුරු බෙලිඅත්තේ මිනිහෙක් විදිහට මම කොන්ද කෙළින් තියාගෙන කතා කරනවා. මේ රාජත්වය තව වසර 40 ක යනතුරු අවසන් වන්නේ නැහැ."ඇමති මර්වින් මිහින්තලේදී පෙරේදා (29 ) පැවැතී උත්සවයකදී මෙම ගෝරනාඩුව කරමින් පැවසිය.

මීට අමතරව ජොතිෂ්‍යවේදීන් අනාවැකි පහල කල 'දියසේන කුමාරයා' වෙන කවුරුත් නොව, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ම බව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමැති මර්වින් සිල්වා මහතා අවධාරණය කර සිටියි.

අචලාට කෘතිම අතක් දෙන දේශපාලන පොරොන්දු සිහිනයක් වේ.

පඩිපෙලකින් ඇද වැටී අතක් බිඳී ගියේ ජනවාරි 17 වැනිදා...

තමන්ට කෘතිම අතක් ලබාදෙන බවට රටේ බලවත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් දුන් පොරොන්දු සිහිනයක් බවට පෙරලී ඇතැයි කොළඹ නීති විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන අචලා ප්‍රියදර්ශනී මෙනෙවිය කියයි. 

ඉකුත් ජනවාරි 17 වැනිදා මාතර පිහිටි සිය නිවසේදී අචලා ප්‍රියදර්ශනී පඩිපෙලකින් ඇද වැටී අතක් බිඳී ගියේය. ප්‍රතිකාර සඳහා ඇය මුලින්ම ඇතුලත් කරනු ලැබුවේ මාතර මහ රෝහලටය.

මෙහිදී වගකිවයුතු අංශවලින් සිදුවූ බලවත් නොසැලකිල්ල නිසා ඇගේ අත මිය ගියේය. මේ නිසා ඇගේ අත කොළඹ මහ රෝහලේදී ඉවත් කරන්නට සිදුවිය. 

ටියුනීසියාවේ කාන්තා උඩුකය නිරුවත් විරෝධයක්.

උද්ඝෝෂණය නැරඹීම සදහා විශාල ජනකායක්.

Femen යනු යුක්රේනයේ ආරම්භ කල කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් ආන්දෝලනාත්මක උද්ඝෝෂණ මෙහෙයවන සංවිධානයක් වේ.

මෙම සංවිධානයේ කාන්තාවන් තුන් දෙනෙකු ටියුනීසියාවේ ටියුනිස් අගනුවර උඩුකය නිරුවත්ව උද්ඝෝෂණයක් මෙහෙය වීමත් සමග අත්අඩංගුවට පත්ව ඇත. මෙය ඔවුන්ගේ අරාබි ලෝකයේ පළමු ආන්දෝලනාත්මක කි‍්‍රයා කාරිත්වයක් ලෙස හැදින් වේගනගරයේ ප‍්‍රධාන අධිකරණය ඉදිරිපිට සිදුකල මෙම උද්ඝෝෂණය නැරඹීම සදහා විශාල ජනකායක් ඒකරාශී විය.

ඉන්දරතන හිමියන්ගේ ආදාහන පූජෝත්සවයේ සම්පූර්ණ ඡායාරූප, හඬපට සහ වීඩියෝ එකතුව

බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ ආදාහන පූජෝත්සවයේ සම්පූර්ණ ඡායාරූප එකතුව / සම්පූර්ණ හඬපට එකතුව / වීඩියෝ දැක බලා අසා ගන්න පිවිසෙන්න....

http://www.facebook.com/media/set/?set=a.527168854007675.1073741828.123534534371111&type=3

කටාර් රටේ ගෑනුන්ට බුදු රුව ඇති බ්ලවුස් අන්දවලා.

බකට් වල අඩියේ බුදු රුව... 

කටාර් රාජ්‍ය තුළ බෙදා හැරෙන බුදු රුව සහිත කාන්තා බ්ලවුසයක් උකුවෙල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකඛාධිකාරි ශාස්ත්‍රපති මාඋස්සාවේ අග්ගධම්ම හිමියන් අතට පත්ව තිබෙනවා. 

කටාර් රාජ්‍යයේ කර්මාන්ත ශාලාවක කළමණාකරුවකු සතුව තිබූ එම බ්ලවුසය එහි සේවය කළ මාතලේ,රෙඩ්බානාගම,පදිංචි සමන් අසේල මහතාවිසින් ශාස්ත්‍රපති මාඋස්සාවේ අග්ගධම්ම හිමියන් වෙත 29 උදැසන බාරදී තිබෙනවා. සමන් අසේල මහතා එම බ්ලවුසය බාරදෙමින් කියා සිටියේ කටාර් රට තුළ බුදු දහමට නිගරු කිරීමේ මෙවැනි දේ  සිදු වෙන බවයි.

ප‍්‍රංශයේ පිරිමි දෙදෙනෙක් පෝරුවට නගී

සමලිංගික විවාහ නීතිය ප‍්‍රංශ පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් දින කිහිපයකට පසුව පළමු සමලිංගික යුවලගේ විවාහ මංගලෝත්සවය දකුණු දිග ප‍්‍රංශයේ මොන්ටිපිලර් නුවරදි දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ පවත්වන ලදි.

වින්සන්ට් ඔස්ටින් සහ බෲනෝ බොයිලියෙව් යන තරුණයන් දෙදෙනා මෙසේ ප‍්‍රංශය තුළදී නීත්‍යානුකූලව විවාහ දිවියට එක්වූ පලමු සමලිංගිකයන් ලෙස  වාර්තා පොතට එක්වූහ.


ප්‍රේමය බිඳී ගියෑයි වියරුවෙන් පෙම්වතා, පෙම්වතිය සහ ඇගේ මව මරා දැමු හැටි.

මම කඩුව රැගෙන ගියේ කවුරුත් මරන්න හිතාගෙන නොවේ. ඒ අයව බය කරන්න...

දර්ශනමාලිගේ තාත්තා මට කොටන්න කැත්තක්‌ අරන් ආවා...

අනුරාධපුර පරණ නුවර පාරේ අභයපුර ප්‍රදේශයේ නිවසකට පෙරේදා (28 දා) රාත්‍රි කඩා වැදුණු තිස්‌ හැවිරිදි තරුණයකු විසින් එකම පවුලේ මවක සහ දියණියක කැත්තකින් කපා කොටා ඝාතනය කොට ඇත.

මෙහිදී කැති ප්‍රහාරයට ලක්‌ව මියගිය තරුණියගේ හැට දෙහැවිරිදි පියා බරපතළ කැපුම් තුවාල සහිතව ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‌ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම ද්විත්ව ඝාතනය පෙරේදා (28 දා) රාත්‍රි 8.00 ත් 8.30 ත් අතර කාලයේ සිදුකොට ඇති බව පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇත.

සිද්ධියෙන් මියගොස්‌ ඇත්තේ හැට දෙහැවිරිදි පින්හාමිගේ ශීලා කරුණාරත්න සහ විසිතුන් හැවිරිදි තක්‌ෂිලා දර්ශනමාලි කරුණාරත්න යන දෙදෙනාය.

ජයලත් ජයවර්ධන මහතා අභාවප‍්‍රාප්ත වෙයි.

අද දිනය ඇතුලත ඒ මහතාගේ දේහය මෙරටට...

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එහි නියෝජ්‍ය මහ ලේකම් දොස්තර ජයලත් ජයවර්ධන මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා.

අද පෙරවරුවේ සිංගප්පූරුවේ මවුන්ට් එලිස බෙත් රෝහලේදී ඒ මහතා මෙසේ අභාවප‍්‍රාප්ත වී ඇති අතර හෘද
යේ අබාධයක් හේතුවෙන් ඒ මහතාට ශාල්‍යකර්මයක්ද එහිදී සිදු කර තිබුණා.

ඉන්දියාවේ මුම්බායි : ආකෘතික නිරූපිකාවන්ට යට ඇදුම් පමණක් අන්දවා තැබිම තහනම්

යට ඇදුම් මගින් ජනතාවගේ මනස විකෘති වනවා...

මුම්බායි රජය කඩ පීලී වල එළියට ප‍්‍රදර්ශණය වන්නට දක්වා ඇති ආකෘතික නිරූපිකාවන්ට යට ඇදුම් පමණක් අන්දවා තැබිම තහනම් කිරීමට තීරණය කොට ඇත. වර්ධනය වෙමින් පවතින් ලිංගික අතවර රැල්ල මැඩපැවැත්වීම මෙහි අරමුණ ලෙස දක්වා ඇත.

ඉන්දියාවේ දැනට දුෂණ අපරාධ සිදුවන නගර අතරින් මුම්බායට දෙවන තැන ලැබි ඇත. ඉන්දියාවේ පොහොසත්ම නාගරික සංවිධානය බි‍්‍රහාන් මුම්බායි නාගරික සංස්ථාව මෙයට සම්බන්ධව කටයුතු කරන අතර පක්ෂ බොහෝ ගණනක මන්ති‍්‍රවරුන් 227ක් ශිව සේනා පක්ෂයේ කාන්තා මන්ති‍්‍රවරියක් ඉදිරිපත් කළ මෙම යෝජනාවට එකමතිකව එකගතාවය පලකොට ඇත.

ඉන්දරතන හිමිගේ ආදාහන පූජෝත්සවයේදී ජනතාව ඇමැති ජෝන්ට ‘හූ’ කිව්වේ ඇයි.?

ඇමැතිවරයා සිය කතාව අතරමග නවතා දමයි...

බලංගොඩ, බෝඅත්තේ ඉන්දරතන හිමියන්ගේ ආදාහන පූජෝත්සවයේ දී ගිහි කතාවක් පැවැත් වීමට සූදානම් වූ ස්වදේශ කටයුතු ඇමැති ‍ ජෝන් සෙනෙවිරත්න මහතාට බාධා කරමින් රැස් වී සිටි විශාල පිරිසක් ‘හූ’ කියන්නට පටන් ගත්හ. 

ඒ හේතුවෙන් ඇමැතිවරයාට සිය කතාව අතරමග නතර කරන්නට සිදුවිය. ඇමැතිවරයාට ප්‍රථම ආචාර්‍ය ඕමල්පේ සෝභිත, මහාචාර්‍ය කෝංගස් තැන්නේ ආනන්ද යන හිමිවරුන් ඇතුළු තවත් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් අනුශාසනා කතා පැවැත්වූහ. 

අනතුරුව සබරගමුව පළාත් සභාවේ පළාත් මාර්ග ඇමැති අතුල කුමාර රාහුබද්ධ,අමාත්‍ය පාඨලී චම්පික රණවක යන මහත්වරුන්ද කතා පැවැත්වූහ.

පසුව අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා රැස්ව සිටි පිරිස අමතන්නට සූදානම් වූ අවස්ථාවේ ජනතාව ‘හූ’කියන්නට වූහ. ඒ නිසා ඇමැතිවරයා සිය කතාව අතරමග නවතා දැමුවේය. 


මේ 'හූ' හඬ මධ්‍යයේ තමන්ගේ කතාව කරගෙන යෑමට ඇමැතිවරයා උත්සාහ දැරුවද එය අසාර්ථක වූ අතර, ඇමැතිවරයාගේ එම උත්සාහය නිසා ජනතාවගේ විරෝධය තවත් වැඩි විය.

උමං මාර්ගයක් තුළ ප්‍රසිද්ධියේ සිප ගත් තරුණ යුවලකට විරෝධය පෑවට උද්ඝෝෂණයක්.

සදාචාර ධර්ම වලට හානි නොවන ලෙස හැසිරෙන්නයි නියෝග...

තුර්කියේ තරුණ පිරිසක් පසුගියදා වෙනස්ම ආකාරයක උද්ඝෝෂණයක නිරත වී ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.

ඔවුන් මෙම උද්ඝෝෂණය පවත්වා ඇත්තේ එරට උමං මාර්ගයක් තුළ ප්‍රසිද්ධියේ සිප ගත් තරුණ යුවලකට උමං මාර්ග නිලධාරීන් විසින් විරෝධය පෑමට එරෙහිවයි.

මෙම යුවළ සිපගන්නා අයුරු ආරක්ෂක කැමරා පද්ධති වලින් දැකීමෙන් අනතුරුව , ' සදාචාර ධර්ම වලට හානිනොවන ' ලෙස හැසිරෙන්නයි නියෝගකරමින් උමං මාර්ග නිලධාරීන් විසින් ප්‍රසිද්ධියේ ආදරය කිරීම කිරිමට එරෙහිව නිකුත් කල නිවේදනයක් ද පළ කර තිබුණි.

ඉන්දරතන හිමි ජීවිතය පූජා කළේ හරකෙකුටද?

සිය දිවි නසා ගැනීම සතර මහා අකුසලයක් - එල්ලාවල මේධානන්ද හිමි

ඉන්දරතන හිමියන් ගිනි තබාගැනීමෙන් රටට හා සසුනට දුන්නේ නපුරු පූර්වාදර්ශයක් යැයි පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියෝ පවසති.

එසේම ගිනිතබාගෙන දිවි හානිකර ගැනීමෙන් ප්‍රශ්න විසඳිය නොහැකි යැයිද උන්වහන්සේ අවධාරණය කරති. මුළු ලොවම කරුණාවෙන් තෙත් කළ සම්බුදු පියාණන්ගේ තෙමඟුල සිහිකරන වෙසක්දා භික්ෂුවක් සිරි දළදා මාලිගාව ඉදිරිපිට ගිනිතබාගෙන කළේ සසුනටත් රටටත් හානියක්. 

මේ රටේ අතීතයේ සිට ජාතික, ආගමික හා සමාජයීය ප්‍රශ්නවලදී ඉදිරියට එන රැඩිකල්වාදී අදහස ඇති තරුණ භික්ෂු පරපුරට මේ සිද්ධියෙන් ලැබුණේ ඉතාම නරක පූර්වාදර්ශයක්. 

ඒ නිසා මෙවැනි උගුල්වලට හසු නොවන ලෙස මා ඉතා කාරුණිකව තරුණ භික්ෂූන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. බෝධි සත්වයන් වහන්සේ ජීවිතය පූජා කළේ සතුන්ගේ ආහාරය පිණිසයි. 

එය පාරමිතාවක්. මේ හිමියන්ගේ ගිනි තබාගැනීම ජිවිත පූජාවක් ලෙස සලකන්න බෑ. මෙතනදී වී ඇත්තේ ප්‍රාණඝාත අකුසලයක් නොවේ. තමන්ගේ දිවිය හානිකර ගැනීම නිසා මෙය අත්ථඝාතක අකුසල කර්මයක් ලෙස හැඳින්විය හැකියි. යමෙකු මෙය ජීවිත පූජාකිරීමක් ලෙස හඳුන්වනවා. 

ජීවිතය ජයගන්න රටගිය රේණුකා මරා එල්ලුවාද එල්ලී මැරුණාද...!

ඇය එල්ලිලා මැරුණාද මරලා එල්ලුවාද...මරණය ගැන සැක සහිතයි..

දේහයවත් ගෙනවිත් දෙන්නැයි සැමියා ඉල්ලයි...

අගහිඟකම් මැදින් තම දරුවන් තිදෙනාත් සැමියාත් සමග පුංචි පැල්පොතක ජීවත් වූ ඇය දරුවන් වෙනුවෙන් මැවූ සිහින මාළිගාව ඉදිකරන්නට ඉසුරු සොයා ගිය ගමනක අවසන තම දරුවන් තිදෙනාත් සැමියාත් තනිකර නොයන ගමන් ගිය මවකගේ අනුවේදනීය කතාවක්‌ සව්සිරි උයන මිරිස්‌වත්ත බෙන්තොට ප්‍රදේශයෙන් ඉකුත්දා අපට අසන්නට ලැබිණි.

සැමියා කුලී වැඩ කරමින් හොයන මුදලින් තම කැදැල්ල කෙදිනකටත් ගොඩනැඟිය නොහැකි යෑයි ඇය කොතෙකුත් හිතන්නට ඇත. ඉකුත් 12 වැනි දින සවුදි අරාබියේ ගෘහ සේවය සඳහා රේණුකා මල්කාන්ති නමැති විසිහත් හැවිරිදි තිදරු මව පිටත්ව යන්නේ දහසකුත් සිහින ඉටුකර ගැනීමේ අරමුණ පෙරදැරි කරගෙනය. 


එහෙත් එම නිවසේ දින හතක්‌ වැනි කෙටි කාලයක්‌ සේවය කරමින් සිටියදී ඇය ජීවිතයෙන් සමුගෙන ඇත. ඇයගේ ජීවිතයේ අවසන් හුස්‌ම පොද වාතලයට මුසුවූයේ කෙසේදැයි අපි නොදනිමු. එහෙත් ඇයගේ මරණය ප්‍රශ්න රැසක්‌ ඉතිරිකර ඇති බව පමණක්‌ සටහන් තබමු.

මම කැමති නැහැ මගේ දරුවන්ගේ අයිතිය තවත් තාත්තා කෙනෙකුට බාරදෙන්න - මේරියන්ස් නලින්

මමයි ඒ දරුවන්ගේ තාත්තා. 
ඒ බැඳීම මා ළඟ තිබෙනවා... 

ජීවිතේ තිබෙන තුරු ඒක එහෙම්ම තමයි...

හැමදාමත් අලුත් අත්දැකීමක් ඔස්සේ ඉදිරියට එන්න උත්සාහ ගන්න සංගීත ශිල්පියෙක් තමයි නලින් පෙරේරා. මේ දවස්වලත් නලින් එහෙම වැඩකට වෙහෙස මහන්සි වෙනවා. ඒ වගේ වෙලාවක තමයි අපි නලින්ව කතාබහකට එකතු කරගන්නේ.

ලොකු වැඩකට ලෑස්තිවෙනවා කියලා දැනගන්න ලැබුණා...?


ඔව්... ජුනි මාසෙ 01 වෙනිදා මේරියන්ස්ලා තවත් අලුත් ප්‍රසංගයක් පටන් ගන්නවා. අපේ සංගීත කණ්ඩායමට අවුරුදු 25ක් නිමිති කොටගෙන තමයි මේ වෙනස කරන්නේ. මේ ප්‍රසංගයේ නම “Marians Acoustica” කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී තමයි රාත්‍රී 7.00ට මේ කොන්සට් එක පටන්ගන්නේ.

පියයුරු පිළිකාවලින් පෙළෙන කාන්තාවන්ගේ බය නැති කරන්නයි මම එහෙම කිව්වේ - ඇන්ජලිනා

මම මේ කාරණය රහසක් හැටියට තබා ගත්තෙ නැහැ... 

මුළු ලෝකෙටම කිව්වා.
ඇන්ජලිනාට පැසසුම් ගලයි...

සුපිරි නිළි ඇන්ජලිනා ජොලීට පසුගිය සතියේ ඇමෙරිකානු වෛද්‍ය වෘත්තිකයන් රැසකගේ ප්‍රශංසාව හිමි වුණා. 

ඒ පියයුරු පිළිකා රෝගයෙන් පීඩා විඳි ඇය සැත්කමකට මුහුණ දී සුවය ලබා ඒ බව ලොවට හෙළිදරව් කිරීම නිසයි. ඇන්ජලිනාට පියයුරු පිළිකාවෙන් ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බව වෛද්‍යවරු පැවසූ විට ඇයට සිහිපත් වුණේ තම මව ද එවැනිම පිළිකාවකින් මියගිය අයුරුයි.

වෛද්‍යවරු ඇන්ජලිනාට දන්වා තිබුණේ ඇයගේ පියයුරු පිළිකාවෙන් ජීවිතයට ඇතිවී තිබෙන අවදානම 87% ක් තරම් වන බවයි.

”පහුගිය පෙබරවාරි මාසයේ ඉඳල මට ප්‍රතිකාර කෙරුණා. ඉන් පස්සේ ශල්‍ය කර්මයක් සිදු කෙරුණා. මම මේ කාරණය රහසක් හැටියට තබා ගත්තෙ නැහැ. මුළු ලෝකෙටම කිව්වා.

ඒ ආදරය මට ශක්‌තියක්‌ වුණා - අලු බඳුන ටෙලියේ සුගන්ධිකා (ආශා) කතා කරයි.

මගේ ජීවිතේ මෙතෙක්‌ හැමදේම හොඳින් සිදුවුණා...
විවාහයත් ඒ ආකාරයෙන් නිසි කාලයේදී සිදුවෙයි...

සුගන්ධිකා පවුලක බර කරට ගන්න තරමේ වයසක නෙමෙයි නේද ඉන්නේ?
 
නෑ සුගන්ධිකා එදිනෙදා ජීවිතේ වගකීම් දරන්න පුළුවන් වයසකයි ඉන්නේ. සාමාන්‍ය ජීවිතේදීත් අපිට ඔය වයසට යම් යම් වගකීම් බාරවෙනවනේ. මෙතනදී තාත්තගෙ වියෝවත් අම්මගේ අසනීප තත්ත්වයත් නිසා පවුලේ වැඩිමලා හැටියට සුගන්ධිකාට පවුල් බර ඉසිලීම අනිවාර්ය වීමයි වෙන්නේ.

ආදරයත් ඒ අතරට එක්‌වුණු ප්‍රධාන ප්‍රශ්නයක්‌ නේද?

මම හිතන්නේ ඒ ආදරය සුගන්ධිකාට ශක්‌තියක්‌. එයාගේ ජීවිතේ මතුවන හැම ප්‍රශ්නයකින්ම බේරෙන්න පුළුවන් මට්‌ටමකයි ඒ ආදරය පවතින්නේ.

සැබෑ ජීවිතේදී ආශාට මෙවැනි ප්‍රශ්න කන්දරාවකට මුහුණ දෙන්න සිදුවුණොත්?

තවත් ඇසිටරොයිඩයක් පොළොව දෙසට.

පෘථිවියත් හඳත් අතර දුර මෙන් 15 ගුණයක දුරකින්...

තවත් යෝද ඇස්ටරොයිඩයක් හෙවත් ග්‍රහකයක් පෘථිවිය දෙසට ඇදී එමින් තිබෙන බව නාසා ආයතනය කියයි.

‘කිව්ඊ 2‘ යනුවෙන් නම්කැර ඇති මෙම ග්‍රහකය සැතපුම් 1.7 ක විශ්කම්භයකින් යුතු බවත් එය පෘථිවිය හා ගැටුණහොත් මහත් විනාශයක් විය හැකි බවත් විද්‍යාඥයන්ගේ අදහසයි. 

පින්තුරයක කතාව.(වීඩියෝ)

බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් ගිනිතබා ගත් අයුරු...

බෝවත්තේ ඉන්ද්‍රසාර නමැති භික්ෂුවක් මහනුවර දළදා මාලිගය ඉදිරිපිටදී සිරුරට පෙට්‍රල් දමා ගිනි තියා ගත්තේය. විරෝධතාවන් උදෙසා  දිවි නසා ගැනීම බුදු දහමේ උගන්වා නැත. එම නිසා මෙම ක්‍රියාව බුදු දහමට පටහැනි ක්‍රියා පිළිවෙතකි. මෑත කාලයේදී තලිබාන් පන්නයේ වත් පිළිවෙත් බුදු දහමට එකතු කිරීමට අන්තවාදී පුද්ගලයන් තැත් කරති. 

දේශපාලනික සහ වෙනත් ආර්ථික වාසි සඳහා මෙන්ම තමන් තුල පවත්නා සමාජ වයිරය පිට කිරීමටද මොවුහු අන්තවාදය යොදා ගනිති. බුදුන්ගේ දහම විකෘති කරමින් මොවුන් සිදු කරමින් සිටින්නේ සමාජ වියසනයකි.   

ලංකාවේ පාතාලය ඉතාලියේ කප්පම් ගනිති.

දැනට ලංකාවෙන් ඉතාලියට පලා ගොස් සිටින පාතාලයේ මැරයන් විසින් ඉතාලියේ ජිවත් වන ශ්‍රී ලාංකිකයන්ගෙන් කප්පම් ගැනීම, කාන්තාවන් පැහැර ගැනීම වැනි ක්‍රියා සිදු කරන බව ඉතාලි ශ්‍රී ලාංකිකයෝ පවසති. 

බොහෝ දේශපාලකයන්ගේ සහ උසස් පොලිස් නිලධාරීන්ගේ සහයෙන් නීතියෙන් ගැලවී පලා ගොස් සිටින මේ පාතාල මැරයන් දරුණු පිළිලයක් වෙමින් සිටිති. මෙම පාතාල මැරයන් මිලානෝ හි ශ්‍රි ලාංකික ආපන ශාලාවකදී ස්විස්ටර්ලන්තයේ සිට ඉතාලියේ  සංචාරයකට පැමිණි ශ්‍රි ලාංකික  තරුණියකට බලහත්කාරකම් කිරීමට ද නොබෝදා උත්සහ දරා තිබුණි.

බෙග් මාස්ටර් ලයිට් බිල ගෙවා ගන්න බැරිව කළුවරේ පවා ඉඳලා තිබෙනවා - ඉෂාක් බෙග්

මම අදටත් ඉන්නෙ කුලී ගේක...
ඒත් පියාගෙ ගී නැතිවෙන එකක් නැහැ

අල්හාජ් මොහිදීන් බෙග් ගායකයාණන්ගේ ගීතයක් නෑසෙන වෙසක් උත්සවයක්, ‍පොසොන් උත්සවයක් නැත. රට පුරා ඉදිවන තොරන්, දන්සල් වෙසක් කලාපවල සාර්ථකත්වය වැඩිකර ගැනීමට පසුබිමින් ඇසෙන්නේ ඔහුගේ ගීතය. 

රට පුරා විහාරස්ථානවල බෞද්ධ වැඩසටහන්වලදී රැව් දෙන්නේ ඔහුගේ එම ගාම්භීර හඬය. තව වසර ගණනාවක් ගියද ඒ හඩින් ගැයූ බොදු ගී හෙළ බොදු සමාජය තුළ රැව්පිළිරැව් දෙනු ඇත. 

ඉස්ලාම් භක්තියකු වුවද මෙම විශිෂ්ට ශ්‍රී ලාංකීය පුරවැසියා මෙරට සංගීත ක්ෂේත්‍රය සහ බෞද්ධ ජන සමාජය වෙනුවෙන් ඉටු කළ උදාර මෙහෙයට කළගුණ සැලකීමක් ලෙස මේ වෙසක් සමයේ අපි ‘බෙග් මාස්ටර්’ පිළිබඳව මතකය අවදි කරන්නට සිතුවෙමු. ඒ සඳහා අප ඔහුගේ පුතු ඉෂාග් බෙග් සම්බන්ධ කර ගත්තේ මෙලෙසිනි.

ජැකාගෙ පුතාගෙ මොන්ටිසෝරි පේ‍්‍රමය.

ජැක්සන් ඇන්තනි ගෙ පුතාලා දෙන්නගෙන් මේ දිනවල වඩාත්ම ජනප‍්‍රිය ජැක්සන්ගෙ ලොකු පුතා අඛිල ධනුද්දර යි. ඒකට හේතුව ඔහුගේ කඩවසම් රූප කාය නිසා. 

අඛිල 'සිරි පැරකුම්' චිත‍්‍රපටයේ සිරි පරකුම් රජ හැටියටයි රග පාන්නෙ. ඒත් මේ ඒ ජනප‍්‍රිය තරුණයා සම්බන්ධ ව නෙමේ මේ ආරංචිය. ඔහුගෙ සොහොයුරු සජිත් අනුත්තර ගැනයි. 

සජිත් මේ වනවිට අපොස උ.පෙළ කරළා ප‍්‍රථිපල ඇවිත් විශ්ව විද්‍යාලයට යන්න සූදානමින් බලා සිටින නව යොවුන් තරුණයෙක්. සජිත ගෑනු ළමයෙකුට පේ‍්‍රම කරණවා . ඒ මොන්ටිසෝරි යන කාලෙ වයස අවුරුදු හතරෙදි. ඒ ළමයා මොන්ටිසෝරි ඇවිත් තියෙන්නේ සජිත ගෙ අල්ලපු ගෙදර ඉඳලා. මොන්ටිසෝරියෙ කොන්සර්ට් එකක මේ දෙන්නට නටන්න තිබිලා. 

වසර දෙකක් පුරා දුව දූෂණය කල පියා ලැජ්ජාවට වස බී සිය දිවි නසාගනී.

දුව ගෙදර සාලයේ පුටුවක වාඩි වී හිටියේ අමාරුවෙන් වගේ... 

මුහුණත් ඉදිමිලා තිබුණා...

වසර දෙකක් පුරා දුව දූෂණය කර ඇය සමඟ රහස් ජීවිතයක් ගතකළ මගේ සැමියා කර ඇති එම වැඩේ මගෙ අතට හසුවුණා. පසුව මම දුවයි පුතායි රැගෙන ගෙදරින් යන්නට ගියා. මම මේ පිළිබඳ වැලිකඩ පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් දැම්මා. පසුව මගෙ සැමියා පොලිස් අත්අඩංගුවට ගත්තා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණා. ඒ අතරේ මම මගේ දුවව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කළා.

එම පරීක්ෂණවලින් සනාථ වුණා මගේ දුව මීට අවුරුදු දෙකකට කලින් දූෂණය වී ඇති බව. දැන් ඔහුට මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහා අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතින හෙයින් ඒ ලැජ්ජාවට වෙන්න ඇති මහත්තයා වස බී සිය දිවි නසා ගන්නට ඇත්තේ. ඇය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වූවාය.

ජැක්සන් තියරියේ සෝමරත්න ෂේප් කිරීමේ න්‍යාය.

ජැක්සන් ඩබල් ඇක්ටින්...

ශ්‍රී ලංකාවේ චිත්‍රපට බෙදා හැරීමේ දී පිටපත් 35ක සීමාව ඉක්මවා නිකුත් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය ක්‍රියාත්මක කර ඇති විරෝධතාවේදී එම සංසදයේ උප සභාපති ධුරන්දර ජැක්සන් ඇන්තනී දරන්නේ දෙබිඩි ප්‍රතිපත්තියකි.

ජැක්සන්ගේ දෙබිඩි ප්‍රතිපත්තිය පැහැදිලි කරමින් ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ සභාපති ප්‍රසන්න විතානගේ වෙත 2013. 05. 16 දින ලිපියක් යොමුකර ඇත.

එම ලිපියට අනුව ජැක්සන් ඇන්තනී චිත්‍රපට පිටපත් 35ක උපරිමය ගැළපෙන මට්ටමේ ආර්ථික පිරිවැයකින් වර්තමාන සිනමා නිෂ්පාදන සමන්විත යුතුව ඇතැයි පිළිගනී. එසේ පිළිගන්නා අතර ජැක්සන් පිටපත් 35 සීමාවට එකඟද වෙයි.

ලිපියේ මුල් ඡේදවලින් 35ට එකඟවන ජැක්සන් ලිපියේ අවසන් ඡේදයේදී සෝමරත්න දිසානායකගේ "සිරිපැරකුම්" චිත්‍රපටය පිටපත් 55ක් නිකුත් කිරීමටද එකඟ වෙයි. ජැක්සන් එයට හේතු ලෙස දක්වන්නේ සෝමරත්න දිසානායක සිරි පැරකුම් චිත්‍රපටය නව නීතිය ගෙන ඒමට පෙර නිෂ්පාදනය කර අවසන් කර ඇති බවය.

වතුර යට ගිල්වපු රබර් බෝලයක් වගේ සත්‍යය කවදා හරි මතුවෙනවා - කමල් කතා කරයි.

ඔබ කලා නිර්මාණවල දැන් වැඩිපුර දකින්නට නොලැබෙන්නේ, ව්‍යාපාරික කටයුතුවලට වැඩි අවධානයක් යොමුකර තිබෙන නිසාද?

එයත් එක් හේතුවක් තමයි. නමුත්, නිර්මාණාත්මක දේවල් නැති නිසා තමයි ඒ විදියට වැඩිපුර ව්‍යාපාරික කටයුතුවලට යොමු වෙන්න සිදුවෙලා තිබෙන්නේ.

ඒ කතාව තවත් පැහැදිලි කළොත්?

චිත්‍රපටයකට, ටෙලි නාට්‍යයකට හෝ වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙනවා නම් ඒවායේ පිටපත ගැන හොඳින් අධ්‍යයනය කරලයි මම ඒවාට සම්බන්ධ වෙන්නේ. නමුත්, හොඳ තිරපිටපත් අද  ඉතා කලාතුරකිනුයි දකින්නට ලැබෙන්නේ.  


හොඳ පද රචනා  නොමැති වීම නිසා අපේ රටේ  සංගීතයත් අද අන්තයටම පිරිහිලා.  සාහිත්‍යමය වශයෙන් අද ඒ ක්‍ෂේත්‍රවල ලොකු පසුබෑමක් තිබෙනවා.  ඉතින්, හොඳ නිර්මාණ නැතුව මම කොහොමද කලා කටයුතුවලට සම්බන්ධ වෙන්නේ?

හැබැයි වයසත් සමග වෙනදා රඟපෑ ඇතැම් චරිත දැන් ඔබට නිරූපණය කරන්න බැහැ
නේද?

ඉරාජ්ගේ අලුත්ම මනමාලි...

ඉරාජ් වීරරත්නගේ අලුත්ම ගීතයේ, ගීත රූප රචනය මේ වන විට අවසන් කර තිබෙනවා.

එය ‘මනමාලි’ ලෙස නම්කර ඇති අතර ඒ සඳහා ඉන්ෆාස් නූර් හා ජනනි කරුණාරත්න හඩ මුසුකර
තිබෙනවා.

එහි සංගීතය ඉරාජ් සතුවන අතර අචල සොලමන්ස් එහි පබැදුම යොදා
තිබෙනවා.

ගීතමය රූපරචනය සිදු කර ඇත්තේ ප‍්‍රසාද් රණසිංහ විසිනි.

රංග දසනායකගේ හඩ තාල සංකලනයකට (Mixed & Mastered) අනුව මෙම ගීතය එළිදක්වා
තිබෙනවා.

නදීෂා හේමමාලිගේ පෙම්වතා ඇයව හැරගිහින්ලු.

ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක් හා සිනමා, ටෙලි නිළියක් වන නදීෂා හේමමාලිගේ පෙම්වතාව සිටි සියත නාලිකාවේ ප්‍රධානියා ඇය හැරගොස් ඇතැයි අප වෙත වාර්තා වෙනවා.

ඇය මේසේ හාදවී සිටියේ දරු දෙදෙනෙකුගේ පියෙක් වන මුස්ලිම් ජාතිකයෙකු සමගය.

මෙම තැනැත්තා බිරිඳගෙන් වෙන්වී නදීෂා විවාහ කර ගැනීමට පොරොන්දුවී තිබූ බවද මාධ්‍ය වාර්තාකර තිබිනි.

නදීෂාගේ අලුත් පෙම්වතා මීට පෙර නිළියක වන අනුෂ්කා මැදිවක සමගද කිට්ටු ඇසුරක් පැවැත්වූ අයෙක් බවද පැවසේ.

තත්පර 20 කින් ජංගම දුරකථන බැටරිය චාර්ජ් කළ හැකි උපකරණයක්.

නැනෝ තාක්ෂණය භාවිතයෙන් නිපදවා ඇත...

තත්පර 20 කින් ජංගම දුරකථන බැටරියක් ආරෝපණය කළ හැකි උපකරණයක් නිපදවීමට ඇමරිකා සිසුවියක් සමත්ව සිටින්නීය. නමින් ඒෂා ක්හාරේ නම් වන මේ සිසුවිය දහඅට හැවිරිදිය.පදිංචිව සිටින්නේ ඇමරිකාවේ කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේය.

විදුලි ආරෝපණ තාවකාලිකව ගබඩා කර තබාගන්නා ඉලෙක්ට්‍රෝනික උපාංගයක් වන ධාරිත‍්‍රකයක් ආධාරයෙන් ඇය මේ උපකරණය නිපදවා ඇත.මේ ධාරිත‍්‍රකයද ඇය විසින්ම නිපදවූවකි.

තරුණයන්ට ආදරය පෙන්වා රූගත කිරීම් අවසන් කරන නිළිය.

තරුණයෙක් ආදරය ඉල්ලා පිහියක් දික් කරලා...

උදයන්ති මේ දිනවල වඩාත් ජනප‍්‍රිය සුනිල් කොස්තා විසින් අධ්‍යක්‍ෂණය කරණ ලද 'සුදුයි උසයි 'ටෙලි නාට්‍යයේ ඇය කරණ චරිත රංගනයෙනි.

ජනප‍්‍රිය වන තරුණ රංගන ශිල්පිණියන්ට විවිධ අයගෙන් ඇතිවන විවිධ බලපැම් හේතුවෙන් ඇතිවන්නේ විටෙක නොසිතූ විරු දේවල්ය. සමහරු මේ ජනප‍්‍රියත්වය තම අනාගත ජීවිතය සාර්ථක කරගන්නට මෙන්ම, තවතත් සමහරු මේ ජනප‍්‍රියතාව නිසාම ජීවිතය අවුල් කර ගනී.

උදයන්තිට ද සිදුවන්නට ගොස් ඇත්තේ මේ ජනප‍්‍රියත්වය නිසා ජීවිතයම අවුල් වන වැඩකි. උදයන්ති 'සුදුයි උසයි' රූගත කිරීමකට ගිය දර්ශන පසුතලයක දී ,එහි සිටි තරුණයෙක් උදයන්තිගෙ ආදරය

Yahoo ඩො:බිලියන 1.1කට Tumbelr මිලට ගනී

මිනිසුන්ට බ්ලොග්ස් සහ පිංතූර පල කිරීමට සහය...

Yahoo අධ්‍යක්ෂක මණ්ඩලය ඩොලර් බිලියන 1.1කට Tumblr මිලදී ගැනීමේ ගනුදෙනුව අනුමත කර ඇත. නමුත් Tumblr පාලකයින් මෙයට එකගද නැතිද යන්න තවම හෙලිවී නැත.

ගනුදෙනුව සිදු වූවද Tumblr නිදහස් ව්‍යාපාරයක් ලෙස දිගටම කි‍්‍රයා කරනු ඇත. wall streat Journal වාර්තා කල ඇති පරිදි මෙයට අදාල රැස්වීම පවත්වා ඇත්තේ පසුගිය සිකුරාදා දුරකථන මාර්ගයෙනි.

2007 දී ආරම්භ කළ Tumblr ඉතා කෙටි කලකින් සාර්ථකත්වයට ලගා වූයේ මිනිසුන්ට බ්ලොග්ස් සහ පිංතූර පල කිරීමට සහය සපයමිනි. අනික  මිනිසුන් Tumblr හරහා ලූහුබැද යාමටත්, යාවත්කාලීන තොරතුරු ලබාදීමත් පහසු කරවන වෙබ් අඩවියකි.

විදුලි විසඳුම් අද නැත්නම් තව ඉල්ලීම් හෙට ගේනවා

සුළු පිරිසකට එක්‌ නොවී රජය සමග එක්‌ වන්න - කම්කරු ඇමැති

සේවයට එන අයට හිරිහැර කළොත් පොලිස්‌ භාරයට ගන්නවා - පොලිස්‌පති

අද සංකේත වර්ජනයට පක්‍ෂ 15ක සහයෝගය

ආණ්‌ඩුව විදුලි ගාස්‌තු ඉහළ දැමීමේ තීරණය අද (21 දා) අහෝසි නොකළොත් හෙටින් (22 දා) පසුව තවත් ඉල්ලීම් කිහිපයක්‌ ද එක්‌ කර ගනිමින් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම් බව වෘත්තීය සමිති නායකයෝ අනතුරු අඟවවනවා.

ඒ අනුව විදුලි ගාස්‌තු ඉහළ දැමීමේ තීරණය හකුලා ගන්නා ලෙසට කරන ඉල්ලීමට අමතරව වතුකරයේ ජනතාවට නිවාස සඳහා ඉඩම්, පෞද්ගලික අංශයට විශ්‍රාමික වැටුපක්‌, ජීවන වියදමට සරිලන ලෙස වැටුප් වැඩිවීමක්‌ ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක්‌ මුල්කර ගනිමින් දැවැන්ත

ජාතික හෙළ උරුමය රණවිරු සැමරුම විස්තරය - ඡායාරූප - හඬපට.

සංක්ෂිප්ත සටහනක්

ආණ්ඩුව අභ්‍යන්තරයේ ගැටුම් උග්‍ර බව පෙන්වමින් 2014දී තමන් ආණ්ඩු පිහිටුවන බවට විපක්ෂ නායකයා ප්‍රකාශ කරන බවත්, දෙමළ සන්ධානය මුස්ලිම් කොංග්‍රසය එක්සත් ජාතික පක්ෂය ඇතුළත් මහා සන්ධානයක් ගොඩනගන බවට විපක්ෂය පාරම්බාන බවත්, කොහේදෝ සිට නැවත මතුවූ ජනාධිපතිවරිය, නැවත වතාවක් සිංහල බෞද්ධයින්ට තඩිබෑමට පටන්ගෙන ඇති බවත්,  කෙසේ වෙතත් ඊළඟ අවස්ථාවේදීත් මේ රටේ ජනාධිපතිවරණය හා මහ මැතිවරණය තීරණය කරනු ලබන්නේ ජාතික බලවේගය විසින් බවත් ජාතික හෙළ උරුමය විසින් පසුගිය මැයි 18දා කොළඹදී පවත්වන ලද රණවිරු සැමරුම් උළෙලේදී අවධාරණය කෙරිණි. 


62%ක් 1994දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ලබාගෙන, ජනාධිපතිවී ලංකාව ෆෙඩරල් රටක් බවට පත් කිරීමට වෙර දැරූ බවත්, ඊළඟට ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමට 1999 ජනපතිවරණයේදී මත්වී ක්‍රියාකළ බවත්, එම උත්සාහයන් දෙකම ජාතිමාමක බලවේග විසින් පරාජය කරන ලද බවත් ඇයට මතක්කර දීමට කැමති බව ජාතික හෙළ උරුමය රණවිරු සැමරුම් උළෙලේදී ප්‍රකාශ කෙරිණි. 

මේනක මොන්ටිසෝරි යන රහස...

මේනක රජපක්‍ෂට සිය ප‍්‍රථම විවාහයේ සිගිති දියනියක සිටි යාය. මේ වනවිට මේනක රංගන ශිල්පිනියක් වූ නෙහාරා සමග විවාහ වන්නට යන බව රහසක් නොවේ. මේ දෙදෙනාගේ විවාහය ඉක්මණින් සිදුවන බව පසුගිය කාලයේ විවිධ මාධ්‍ය තුළ පළවී තිබිණ. මේනක නෙහාරාටත්, නෙහාරා මේනකටත් දැඩි ලෙස පෙම් කරණ බව දෙදෙනාගේම මාධ්‍ය සාකච්ජා වලින් දැක ගන්නට හැකිවිය.

මෙවන් පේ‍්‍රමණීය සම්බන්ධයක් තිබියදීත් මේනක බොහෝ විට උදේටත් දවල්ටත් මොන්ටිසෝරි යන කතාවක් දැන ගන්නට ලැබුනි. මේ බව මේනක එක්තරා රූප වාහිනී වැඩ සටහනකදීද පිලිගත්තේ නෙහාරා ද අසළ සිටියදීය.

මටම හිතාගන්න බෑ මං ඒ වගේ දෙයක් කරාද කියලා - සුරංගි කෝසලා

මතකද දන්නේ නෑ සුරංගි කෝසලාව??? මුතු කිරිල්ලී ටෙලියේ නපුරු උද්දච්ච මාධවීගේ චරිතය රඟපාපු සුරංගි අද ටිකක් සද්ද බද්ද නෑ වගේ කියලා හිතුණ හින්දා අපි අද එයා ගැන ටිකක් හොයලා බලන්න හිතුවා. 

නපුරු මාධවීට රඟපාපු සුරංගි දැන් ටීචර් කෙනෙක්නේ. පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ ළමයින්ට නාට්‍ය හා රංග කලාව උගන්වන්නේ සුරංගි තමයි.

ඉතින් සුරංගි කොහොමද මේ දවස්වල වැඩ එහෙම? ඉස්කෝලේ වැඩනම් ඕන තරම් තියෙනවා. බබාගේ වැඩත් ඉතින් එහෙම්මම තමයි. බොරු කියන්න ඕන නෑනේ. කලාව පැත්තෙන්නම් කියන්න තරම් අලුත් වැඩක් භාරගත්තේ නෑ. කරපු නිර්මාණනම් තියෙනවා තාම විකාශනය නොවුණු. මෙගා රැල්ල නිසා ඒවා විකාශනය කරගන්න බැරුවයි ඉන්නේ.

එකවර ඉඳිආප්ප 5000ක් හදන මැෂිමක් භාවිත කරමින් පවත්වන අපූරු දන්සලක්

වෙසක් ‍පොහොය දින අපූරු දන්සලක් කැලණිය විහාරස්ථාන තරුණ සංවිධානය මගින් ක්‍රියාත්මක කරනවා. ඒ කැලණිය විහාරස්ථානය අසලදී.
 
ලංකාව පුරා ගණන් හිලව් ඉදිරිපත් කරන්න බැරි තරමට ක්‍රියාත්මක වන දන්සල් අතරේ මේ දන්සල සුවිශේෂී වන්නේ ඇයි? අප ඒ ගැන සටහනක් තබන්නේ ඇයි? 10 වෙනි වරටත් පවත්වන මේ දන්සල තුළින් උදේ 10 සිට ලබා දෙන්නේ බත්. ඉන්පසු රාත්‍රී 7.00 සිට ඉඳිආප්ප ලබා දීමට සැලසුම් කොට තිබෙනවා.

පන්ති කාමරෙදිම දැරියන් 11ක් කෙලෙසූ ගල්කිරියාගම ගුරා පත්වීම ගත්තෙ කාගෙන්ද?

රා අරක්කු බිබී කානුවක් කානුවක් ගාණේ වෙරි මතින් වැටී සිටි "කසිප්පු දිසා" හිටි හැටියේම ඒකනායක මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා දිසානායක ලෙසින් කැකිරාව අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරයකු ලෙස පත්වීමක් ලබා ගත්තේය.

"කසිප්පු දිසාටත් ගුරු පත්වීමක් හම්බවෙලා. මිනිහා බැඳලා ඉන්නේ ගුරුවරියක්නේ. ඒ ගුරුවරියගේ මල්ලී කෙනෙක් තමයි ස්වේච්ඡා ගුරුවරුන් බඳවා ගන්න දාපු නම් ලැයිස්තුවට හොරාට කසිප්පු දිසාගෙ නමත් දාල තියෙන්නෙ. එහෙම තමයිලු ඔය තනතුර අරගෙන තියෙන්නෙ. දේශපාලන හයියකුත් තියෙන්න ඇති."


මීට වසර පහකට පෙර ස්වේච්ඡා පදනම මත ගුරු වෘත්තියට එක්වූ ටිකිරි බණ්ඩා ගුරු තනතුර ලබා ගත් ආකාරය පිළිබඳ ගම්මුන් කතා කළේ සමච්චල් සහගතවය. කසිප්පු දිසා ගුරුවරයෙක් වීමේ පුවත එකල ගල්කිරියාගම ප්‍රදේශය පුරාම කතාබහට ලක් විය.

ආශා හා රයිගම් ටෙලිස් සම්මාන උළෙලේ විධායක නිෂ්පාදකයා අතර ඇති හාදකම මොකද්ද.?

රවිගේ ටෙලි උළෙලේ ජනප්‍රිය නිළි කෙළිය...

රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ ජනප්‍රිය නිළිය සම්මානය ආශා එදිරිසිංහට ලබාදීම නිසා කේෂත්‍රෙය් දැඩි ආන්දෝලනයක් ඇතිවී තිබෙනවා.

ඊට හේතුවී ඇත්තේ ස්වාධීන රූපවාහිනීයේ පමණක් විකාශය වන ටෙලියක භූමිකාවක් රැගූ ආශාට මෙම සම්මනය හිමිවීමය. කෙසේවුවද රයිගම් ටෙලීස් නම වසරක ටෙලි සම්මාන ඉතිහාසයේ ඔවුන් තේරූ ජනප්‍රියම නිළිය සම්මානය සම්බන්ධයෙන් වැඩි වාර ගණනක් චෝදනා එල්ලවී
තිබෙනවා.  

විදුලි බිලට එරෙහිව සටන් පාඨ ප්‍රදර්ශනය කිරීම මැද අනර්කලීට ලණුවක්...

ඇත්ත තමා අයියා, මට ඕක තේරුණේ නෑනේ

පසුගියදා විදුලි බිලට එරෙහිව සාර්ථකව පන්දම්ද රැගෙන සභාවට ගිය එජාප මන්ත්‍රීවරු විදුලි බිලට එරෙහිව හඬ නගන්නට වුණා. 

ආණ්ඩු පක්ෂයෙන්ද විරෝධතා පාඨ පුවරු ආදිය සකස් කරගෙන පැමිණි සිටි නමුත් එතරම් ක්‍රියාශීලීව නොසිටියේ විදුලි බිල යනු ජනතාවට ඉතා සංවේදී කාරණයක් බව දැන සිටි නිසාය. එමෙන්ම ඔවුන් තමන්ගේ සටන් පාඨ ප්‍රදර්ශනය කිරීමටද මැලි වූයේය. 

මේ අතරේ සභාවට ප්‍රමාද වී දකුණු පළාත් සභා මන්ත්‍රිනී  අනර්කලී ආකර්ෂාද පැමිණියාය. ඇයට මේ සිදුවන දේ ගැන අවබෝධයක් තිබුණේ නැත. ඇය පැමිණි විගසම සටන් පාඨ පුවරුවක් රැගෙන කෑ ගසන්නට පටන් ගත්තේ සිය සෙසු සගයින් නිශ්ශබ්දව සිටියදීය.

අනේ ඇමැතිතුමා මටත් හිර කූඩුවට එන්න ආසයි - ඇමැතිනී පවිත්‍රා කියලා

ඔබතුමියට හිරේ යන්න තව කල් තියෙනවා... 

ඒ නිසා හදිස්සි වෙන්න එපා...- වාසු කියලා

රත්නපුර කිරිඇල්ල නගරයේ අලුතින් ඉදිකරන ලද ‍පොලිස් ස්ථාන ගොඩනැගිල්ල ඉකුත් සතියේදී විවෘත කරනු ලැබිය. මේ අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරු රැසක්ද එක්ව සිටියහ.

කිරිඇල්ල ‍පොලිස් ස්ථානාධිපතිවරයා නව ‍පොලිස් ගොඩනැගිල්‍ලේ විවිධ අංශ නැරඹීම සඳහා මැති ඇමැතිවරුන් කැඳවාගෙන යන අතරේදී එහි සිරමැදිරිය වෙතද ගියේය.

“දැන් හිර කූඩුවත් කවුරු හරි විවෘත කරන්න ඕනෙ නේද?” කවුදෝ කීවේය. “මට හිර කූඩුව හොඳට හුරු හින්දා මම මුලින්ම යන්නම්. 


ස්ථානාධිපතිතුමා කූඩුවේ දොර වහන්න” යැයි කියූ පිරිස අතරේ සිටි අමාත්‍ය වාසුදේව නානායක්කාර සිරමැදිරිය තුළට රිංගුවේය.

පාසලේ සීනුව නාද කිරීමේ යකඩ කූර සිසුවෙකුගේ හිස තුළට කිඳා බැහැලා...(පින්තුර)

ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට..

සීගිරිය දිගම් පතහ කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ඉශාර මධුසංක ශිෂ්‍යාගේ හිසෙහි ඇනී තිබූ යකඩ කූරත් සමග රෝහල් ගතකර තිබෙනවා.

පාසලේ අවසාන කාල පරිචේදය අවසන් වීමට අවශ්‍ය නාදය නිකුත් කිරීම සඳහා සිසුවෙකු යකඩ කූරකින් තවත් යකඩයකට තට්ටු කර ඇත. සීනුවක් හෝ වෙනත් දියුනු ක්‍රමයක් භාවිතා නොකරන එම පාසලේ කාල පරිච්චේද දැන්වීම සඳහා නාද නිකුත් කරන්නේ එම ආකාරයටය.

කෙසේ නමුත් සිසුවා අතේ තිබූ යකඩ කූර ගිලිහී ගොස් වෙනත් සිසුවෙකුගේ හිසෙහි වැදී ඇත. එය අගල් දෙකක් පමණ හිස තුළට කිඳා බැස
තිබෙනවා.

ගොසිප් ලංකා ශ‍්‍රී ලංකාව තුල වාරණය කල හේතුව.

ශ‍්‍රී  ලංකාවේ ජනප‍්‍රියතම  පුවත් වෙබ් අඩවිය වන 'ගොසිප් ලංකා නිවිස්' (gossiplankanews.com) වෙබ් අඩවිය තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් මේ වන විට ඇණ හිට තිබෙන පුවතක් අප ඔබ වෙත ගෙන ආවා.

ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලිඛිත දැනුම් දීමකට අනුව ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රිය පුවත් වෙබ් අඩවියක් වූ ‘ගොසිප් ලංකා නිව්ස්’ වෙබ් අඩවිය ලංකාව තුළ අවහිර කළ බව විදුලි නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා පවසනවා.

එම වෙබ් අඩවියට පිවිසීම විදුලි සංදේශ නියාමන කොමිසම විසින් බාධා ඇති කර ඇත්දැයි කළ විමසීමකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

වව්නියාවේ මව දියණියන් තුන් දෙනා ළිඳට දැමූ හේතුව.(Video)

වව්නියාව තාන්ඩිකුලම් ප‍්‍රදේශයේ මවක් විසින් තම දියණියන් තුන් දෙනා ළිඳකට දමා තමන්ද සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීමේ සිද්ධිය පිළිබඳ මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

මෙම මව විසින් මුලින්ම දැරියන් තුන් දෙනා ළිඳට දමා තිබිණ.  ඔවුන් තිදෙනාගේම ජීවිත එහිදී අහිමි වූ අතර, ඒ නොදරුවන් වයස අවුරුදු පහමාරක, දෙකහමාරක සහ වයස අවුරුදු එකහමාරක දැරියන් තුන් දෙනෙකි.

දිලීකාගේ මරණයට සැබෑ හේතුව ලෙබනනයේ විසූ රංජිත්ද

මාරවිල දිලීකාගේ සිරුරේ කැබලි ලෙබනනයේ කසළ ගොඩකින් හමුවුණේ කෙසේද ? 

ඩවුරා යනු ලෙබනනයේ මුහුදුබඩ නගරයකි. පසුගිය මාර්තු පස්වනදා හෝ ඒ ආසන්න දිනයෙක එම ඩවුරා නගරවාසීන් මහත් කම්පාවට ලක් කළ දසුනක් විය. 

ඒ එහි කසළ ගොඩක කාන්තා හිසක් සහ ඉඟටියෙන් ඉහළ සිරුරු කොටසක් දක්නට ලැබිමෙනි. මෙම සිරුරේ දෑත් හෝ දෙපා කොටස් දක්නට නොතිබිණ. එය යාන්ත්‍රික කියතකින් කොටස්වලට කපන ලද්දක් බව දුටුවන්ගේ මතය විය.

එම සිරුරු කොටස් දැනට වසර එකොළහක් තිස්සේ ලෙබනනයේ සේවය කරන ගෘහ සේවිකාවකගේ බව හඳුනා ගන්නා ලදී. පසුව ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමේදී ඇය මාරවිල, මහවැව උතුරු තොඩුවාවේ ඉපදී හැදී වැඩුණු අවිවාහක තරුණියක වන තිස් දෙහැවිරිදි  නානායක්කාර වර්ණකුලසූරිය දිලීකා මධුෂානි පෙරේරාගේ බව අනාවරණය විය.

සිරුර ගල් වීමේ අතිශය විරල රෝගී තත්වයෙන් පෙළෙන දැරියක්.

සිරුර ගල් ගැසීම සාමාන්‍යයෙන් මරණයෙන් පසු සිදුවන්නක් වුවද ජීවත්ව සිටියදී වුවද මිනිසෙකු කිසිදු චලනයක් නොපෙන්වන ගලක් හෝ ප්‍රතිමාවක් වැනි තත්ත්වයකට පත් වීමේ ඉතාම විරල රෝගී තත්ත්වයක් පවතින බැව් ඔබ දැන සිටියාද? 

ඔහායෝ ප්‍රාන්තයේ වෙසෙන සය හැවිරිදි “ඇලී මැකේන්” දැරියද “Fibrodysplasia Ossificans Progressiva” (FOP) නොහොත් සාමාන්‍ය ව්‍යවහාරයේදී “ගල් මිනිසා” සංකූලතාව ලෙස හඳුන්වනු ලබන අතිශය විරල රෝගී තත්ත්වයෙන් පෙළෙන්නෙකි.

සිරුරේ පේශීන් හා සන්ධි සියල්ල කාලයාගේ ඇවෑමෙන් ඝන අස්ථි බවට පරිවර්තනය කරනු ලබන මෙම රෝගී තත්ත්වයෙන් පෙළෙන්නවුන් දැනට ලෝකයෙන් හමුවී ඇත්තේ හත්සියයක් වැනි සුළු සංඛ්‍යාවක් වන අතර ඇලීද ඒ ගොන්නට එකතු වීමට තරම් අවාසනාවන්ත වූවාය. 

'ගොසිප් ලංකා' වෙබ් අඩවියට මොකද වෙන්නේ.

ශ‍්‍රී  ලංකාවේ ජනප‍්‍රියතම  පුවත් වෙබ් අඩවිය වන 'ගොසිප් ලංකා නිවිස්' (gossiplankanews.com) වෙබ් අඩවිය තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් මේ වන විට ඇණ හිට තිබෙනවා.

වෙබ් අඩවිය නැරඹීමේදී තාවකාලිකව මතුවෙමින් තිබෙන තාක්‍ෂණික දෝෂ ඉක්මනින් යථා තත්ත්වයට පත් කොට සුපුරුදු පරිදි පාඨයකින් හමුවට එන බව එහි සංස්කාරක මණ්ඩලය දැනුම් දී සිටි
නවා.

මං හිතන විදියට මේතමයි විවාහයකට සුදුසුම වයස

ප්‍රවීණ නිළි දමිතා අබේරත්න විවාහයට සැරසෙමින් කියයි...

දමිතා අබේරත්න යනු අපේ රටට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන් ප්‍රතිභාපූර්ණ නිළියකි. බාල වියේම රංගනයට ප්‍රවිෂ්ට වූ දමිතා දශක තුනක් පුරා පුංචි තිරයේත් රිදී තිරයේත් විවිධාකාර භූමිකා රැසක් මැවුවාය. 

මේ අතර පසුගිය දාක දමිතා ගැන උණුසුම් පුවතක් අපට අසන්නට ලැබිණි. ඒ ඇය විවාහවීමට යන බවට වූ ආරංචියයි. නුදුරු දිනයක පතිකුලයට යෑමට සැරසෙන දමිතාට අප ඇමතුවේ මෙම සියලුම තොරතුරු ගැන වැඩි විස්තර ඇගෙන්ම දැන ගැනීමටය.

දමිතා ළඟදීම මනමාලියක් වෙන්න යන බව ආරංචියි