Ads 468x60px

.

ජියා ඛාන්ගේ මරණයට සුරාජ් පළි නැහැ - සුරාජ්ගේ හිටපු පෙම්වතිය කියයි..

මම තමයි කාටත් වැඩිය සුරාජ් ගැන හොඳින් ම දන්නෙ...

එක රැයින් අතිශය ජනප්‍රියත්වයට පත්ව ඉතාම ඉක්මනින් ජීවිත සිනමාවෙන් සමුගත් තාරකාවිය ජියා ඛාන්. 

ගෙල වැළලාගෙන සියදිවි නසාගත් විසි පස් වියැති මේ සුරූපිනිය ගැන බොලිවුඩ්පුර කලාකරුවන්, කලාකාරියන් සහ රසික පිරිස තවමත් කම්පා වෙනවා.

ජියා ගේ මරණයෙන් පසුව සුරාජ් පන්චෝලි නම් වූ තරුණයා පොලිස් අත්අඩංගුවට පත්වී පසුව රිමාන්ඩ් භාරයට පත් කෙරුණා. (සුරාජ් පන්චෝලි, ජනප්‍රිය බොලිවුඩ් නළු ආදිත්‍ය පන්චෝලි සහ සරීනා පන්චෝලි ගේ පුත්‍රයායි)

සුරාජ්ව අත්අඩංගුවට ගැනුණේ ජියා විසින් ලියන ලද ලිපියක් හේතුවෙන්. ජියාගේ මව ප්‍රකාශ කළේ මේ ලිපිය ජියා විසින් ලියා ඇත්තේ සුරාජ්ට බවයි. 

ජියා මිය යන්නට මොහොතකට පෙර මේ ලිපිය සුරාජ්ට ලියා ඇති බවත් එම නිසා ජියාගේ මරණයට සුරාජ් වගකිව යුතුබවත් පවසමින් ජියාගේ මව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. 

සුරාජ්ව අත්අඩංගුවට ගැනුණේ ඉන්පසුවයි. උසාවියට ඉදිරිපත් කළ සුරාජ්ට ඇප ලබාදීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප වුණා. දැන් ඔහු සිටින්නේ බන්ධනාගාරයේ.‍

මේ හේතුවෙන් දැන් බොහෝ දෙනා සුරාජ්ව දකින්නේ වරදකාරයා හැටියට. ඒත් සුරාජ් මීට පෙර පෙමින් බැඳී සිටි ජනවි තුරාඛියා නම් වූ නිරූපණ ශිල්පිනිය පවසන්නේ සුරාජ් අහිංසක පුද්ගලයෙකු බවයි. 


තමන් සුරාජ්ව වසර පහක පමණ කාලයක් ඇසුරු කළ බවත් ඒ කාලයේදී කිසිදු විටක ඔහුගෙන් නපුරුකමක් නොදිස්වූ බවත් ජනවි පවසනවා. ඇය සුරාජ්ව නිදොස් කරමින් කතා කළේ මෙහෙමයි.

“ජියාගේ මරණය සිද්ධ වු‍ණායින් පස්සෙ එයාට හැම පැත්තෙන් ම චෝදනා එල්ලවෙන හැටි මම දැක්කා. ඒ වෙලාවෙ මම නිශ්ශබ්දව හිටියා. නමුත් මම හිතුවා ඇත්ත කියන්න ඕනෙ කියලා. ඒ දවස්වල පත්තර, ටී.වී. බලද්දී මට හිතුණා මේ දොස් අහන්නෙ සුරාජ් ද වෙන කෙනෙක් ද කියලා.


ඒ මොකද සුරාජ් නපුරු කෙනෙක් නොවන නිසා. මම තමයි කාටත් වැඩිය සුරාජ් ගැන හොඳින් ම දන්නෙ. මගේ සුරාජ් කොයිම වෙලාවකදීවත් කේන්ති ගත්ත කෙනෙක් නෙමෙයි. 

කාටවත් විපතක් කරන්න උත්සාහ කරන කෙනෙකුත් නෙමෙයි‍. අපි දෙන්න ආශ්‍රය කරන කාලෙ මට නම් කේන්ති ගිහින් තියෙනවා. සුරාජ් ඒ වෙලාවට නිශ්ශබ්දව ඉන්නවා. වචනයක්වත් කියන්නෙ නැහැ.”
 
Related Posts with Thumbnails