Ads 468x60px

.

සබරගමුව විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවියන්ට නිරුවතින් වැසිකිළි තුළ බඩගාන ලෙස රැග් එක දීලා


ගඟක් අයිනේ නිරුවතින් 
බිම පෙරළලා...

නවක සිසු සිසුවියන් පිරිසක් හිරිකටුව ගඟ අයිනට රැගෙන විත් සියලු ඇඳුම් ගලවා නිරුවතින් බිම පෙරළවා ශාරීරික හා මානසික ලෙස නවක වදය ලබා දී ඇති බවට හඳුනා ගත් සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් 7 දෙනකු හා සිසුවියන් 4 දෙනකු සම්බන්ධයෙන් විනය පරීක්ෂණ සිදු කරන්නට නියමිත පුවතක් අප වෙත වාර්තා වෙනවා.

සිංහරාජ හා ආරියතිලක නේවාසිකාගාර වලදීද නවක සිසු සිසුවියන්ගේ ඇඳුම් ගලවා වැසිකිළි තුළ බිම පෙරළවා දරුණු ලෙස මෙම ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවකවදය ලබා දී ඇති බවට තොරතුරු අපට වාර්තා වෙනවා

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක සිසුන්ට අසභ්‍ය වචන වලින් අමතමින් වැසිකිළි තුළ බඩ ගාන ලෙස තර්ජනය කරමින් නවක සිසු සිසුවියන් දරුණු ලෙස නවක වදය ලබා දෙන බවයි.

නවක සිසු සිසුවියන් විසින් විශ්වවිද්‍යාල පාලනාධිකාරියට තොරතුරු ලබා දි ඇතත් ඊට උපකුලපති වරයාගෙන් හෝ පාලනාධිකාරියෙන් විසඳුමක් ලැබි නොමැත.

මේ නිසා නවක සිසුන් ඒ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන ඇමැතිවරයා වෙත සෘජුව දන්වා තිබෙන අතර මේ ජ්‍යෙෂ්ඨ සිසුන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වා වැරදි කරුවන් වන සියලු දෙනා විශ්ව විද්‍යාලයෙන් නෙරපා හරින්නට කටයුතු කරන ලෙස ඇමැතිවරයා පාලනාධිකාරියට දැනුම් දී තිබෙනවා.


එම නියෝගය අනුව මේ වන විට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය නවක වදය ලබා දුන් බවට හඳුනා ගත් සිසුන් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර
තිබෙනවා

නවක වදය හේතුවෙන් සබරගමු විශ්වවිද්‍යාලයේ නවක සිසුන්
තිදෙනෙකු මේ වන විට අධ්‍යාපන කටයුතු නවතා දමා නිවෙස් වලට ගොස් තිබෙන බව විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සඳහන් කර
නවා.

සබරගමුව විශ්ව විද්‍යාලයේ පසුගිය සති දෙකක කාලය තුළ නවකවදය ඉතා දරුණු ලෙස ක්‍රියාත්මක වී තිබෙන අතර මේ වන විට නවක සිසුන් දැඩි මානසික අසහනයකට ලක්ව තිබෙන බවත් අප වෙත වාර්තා වෙනවා.

සබරගමුව විශ්වවිද්‍යාලයේ අතීතයේද දරුණු ලෙස නවක වදය ක්‍රියාත්මක වු නමුත් පසුගිය වසර කිහිපයේදී ඒ සම්බන්ධයෙන් දඩුවම් පැනවීම නිසා නවකවද සිද්ධීන් වාර්තා වීම පහළ මට්ටමක පැවතුනා.


විශ්වවිද්‍යාලය මේ තත්ත්වයට ගෙන ඒම සඳහා සිසුන් 300 කට පමණ දඬුවම් ලබා දීමට සිදු වු බව
අප කල වීමසීමකදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ශිෂ්‍ය කටයුතු පිළිබද අධ්‍යක්ෂ ‍ජනරාල් කීර්ති මාවැල්ලගේ මහතා පැවසුවා.

මෙම නවක වද සිද්ධියට සම්බන්ධ සියලු සිසුන්ට නවක වද පනත යටතේ අත්අඩංගුවට ගෙන දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් ඒ මහතා පැවසුවා.

 
Related Posts with Thumbnails