Ads 468x60px

.

මම නිරුවතින් රඟපෑ චිත්‍රපටය ජීවිතයේ කැලලක් වන තරමටම දැන් බරපතල වෙලා - ගයේෂා කියයි


'රෙඩ් කාපර්ට්' 
වැඩ සටහන 
බලෙන්ම 
මගෙන් 
උත්තර 
ගත්තා...

'නිරුවතින් රඟපෑ බව ගයේෂා කියයි' යන සිරසින් යුතු පුවත වෙබ් අඩවි ගණනාවක පල කර තිබූ අතර එම නිළියගේ ඉල්ලීම පරිදි වෙබ් අඩවි කිහිපයක් එය ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බව අප වෙත වාර්තා වෙනවා.
 

අපට වාර්තා වන්නේ එම පුවත උපුටාගනු ලැබුවේ 'සිරස' රූපවාහිනී නාලිකාවේ 'රෙඩ් කාපර්ට්' නැමැති වැඩ සටහනට ඇය විසින් ප්‍රකාශකර තිබූ කාරණා හරහා බවයි. කෙසේ වුවද ඇය පවසන්නේ අදාල වැඩ සටහනේදී තමාව අපහසුතාවයට පත්කරමින් එම උත්තර ලබාගත් බවයි.

එසේම එය හුදෙක් නිර්මාණයක් බවත්, මේවන විට සමාජගතව ඇති කාරණා හරහා අදාල චිත්‍රපටය නිල් චිත්‍රපටයක් (XXX) තරම් පහත් මට්ටමට ඇතැමුන් දමා ඇති බවද ඇය කියා සිටිනවා.

අධ්‍යක්ෂවරයාගේ ඉතා සුළු වැරැද්දක් හේතුවෙන් තමාට දැඩි සමාජ අපවාදවලට පාත්‍රවන්නටද සිදුව ඇති බවද කියන ගයේෂා මෙය තම නිළි ජීවිතයේ කැලලක් ඇතිකරන තරමටම බරපතලවී ඇති බවද පවසයි.

එසේම මෙය රගපෑමක් පමණක් බවද ඇය අවධාරණය කර සිටින්නීය. නිර්මාණාත්මකව ගැහැණු ශරීරය සිනමාව තුළ සම්පූර්ණයෙන්ම නිරුවත් වන්නට පටන් ගන්නේ හඳගමගේ තනි තටුවෙන් පියාඹන්න චිත‍්‍රපටයෙන් බව සැකයක් නොවේ.

එසේ නැත්නම් අප රටේ තරුණ සිනමා නිර්මාණ කරුවෝ ස්ත‍්‍රී නිරුවත මෙන්ම, ලිංගික කි‍්‍රයා කාරකම් සහිත සිනමා නිර්මාණ කිරීමට එඩිතර වූයේ ඉන් පසුවය. පසුව ඒවායෙහි නිරුවත්ව රගපාන්නට ද නිළියන් සොයා ගැනීම ද අපහසු නොවුණි.

එවන් පසුබිමක සංජීව පුෂ්පකුමාරගේ ඉගිල්ලෙන මාළුවෝ ලංකාවේ ප‍්‍රදර්ශණය කළ සැනින් එය තහනමට ලක්වූවා පමණක් නොව, සංජීවගේ සහ එහි නිෂ්පාදකවරයාගේ ජීවිතයට පවා තර්ජනයක් වන තරමට එය භයානක සිනමා නිර්මාණයක් විය.

මේ තහනමට ලේබලය ලෙස ඇලවෙන්නේ මේ චිත්‍රපටයෙන් ආරක්ෂක අංශයේ කීර්තියට කැලලක් එල්ලවී ඇතැයි යන්නය.

එහෙත් සැබෑව එය නොවන්නේ නළු නිළියන්ද, කලාකරුවන් යැයි කියාගන්නා අයද, විචාරකයින්ද, පේ‍්‍රක්‍ෂකයින් ද ගයේෂා පෙරේරාගේ සහ සම්පත් ජයවීරගේ රංගනයේ එක්තරා රාමුවක් සිනමා අර්ථයෙන් නොඑසේ නම් සිනමා ඇසෙන් බැලීමට අපොහොසත්වීම මෙහි මූලික හේතුව වීම නිසාය.

නැත්නම් සිනමාවේ නිර්මාණ නිර්මාණ ලෙස නොදැක ඒවා සාපයන් ලෙස ගැනීමට තරම් ඔවුන්ගේ මනස ඔලමොට්ටල නිසාය.

කෙසේවුවද අවසන් වශයෙන් කිව හැකි වන්නේ මේ ලිංගික දර්ශණ දැකීමෙන් හැගීම් ඇවිස්සී පිරිමින්ට ගැහැනු ඕනෑ වනවානම් ඒ අප සංස්කෘතියේ වැරැද්දක් මිස නිර්මාණ කරුවාගේ හෝ මේවා රගපාන නළු නිළියන්ගේ වරදක් විය නොහැකි බවයි.

එසේම 'නිරුවතින් රඟපෑ බව ගයේෂා කියයි' යන පුවත එම වෙබ් අඩවි වල පළ කිරීමෙන් ගයේෂා කිසියම් අපහසු තාවයකට ලක්වී තිබේනම් ඒ සම්බන්ධයෙන්
එම වෙබ් අඩවි කනගාටුව ප්‍රකාශ කර සිටින බවද අප වෙත වාර්තා වෙනවා.

අපගේ පෙර පුවත්
ඉගිල්ලෙන මාළුවෝ තහනමට ලක්වූ ගයේෂාගේ සෙක්ස් වීඩියෝ එක මෙන්න.
ස්ත්‍රීකගේ අඟපසඟ ප්‍රදර්ශනය ස්ත්‍රී දූෂණයක් වෙන්නේ කොහොමද. ගයේෂා පැහැදිලි කරයි
‘ඉගිල්ලෙන මාළුවෝ’ හි හෙළුවෙන් රඟපාපු හැටි ගයේෂා කියයි (වීඩියෝ)
"ඉගිල්ලෙන මාළුවෝ" අපහාසයට වන්දි ඉල්ලා ස්වාධීන රූපවාහිනියට එරෙහිව නඩු දමයි...
 
Related Posts with Thumbnails