Ads 468x60px

.

ගෙවී ගිය අවුරුද්දේ ලොව වටා සුවිශේෂ සිදුවීම්..

ගෙවුණු වසරේ අමතක නැති මතක...

වෙනත් අවුරුදු වලට වඩා 2012 විශේෂයක් තිබුනා. 

නම්, ඒ 2012 ගෙවීයද්දී දෙසැම්බර් 21 වැනිදා ලෝක විනාශය සිදු වෙතැයි ඇතැම් දෙනා විශ්වාස කළ නිසාය. 21 වැනිදා පමණක් නොව, 31 වැනිදා ද ගෙවී ගියේ මේ විශ්වාසය ද අතීත මතකයක් කරමිනි. 

ලෝක විනාශය කෙසේ වෙතත්, 2012 දී ද වෙනදා මෙන්ම ලොව පුරා තැන තැන යුද ගැටුම්, ස්වභාවික ආපදා ආදී විනාශ ගැනනම් වාර්තා වුනා

ලෝක ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට යුරෝපයට මුළුමනින් හැකිවූයේ ද නැත. මිහිමත කෙළවරක් නැති අර්බුද අතර ගිලීසිටිමින් වුවද, මිනිසා අඟහරු ගවේෂණයේ සාර්ථක ඉදිරි පියවරක් ද තැබුවා.

මිනිස් ඉතිහාසයේ සුවිශේෂී මං සලකුණු තැබූ අභ්‍යාවකාශගාමී නීල් ආම්ස්ට්‍රෝං මෙන්ම, මහා සංගීතඥ රවිශංකර් ද 2012 දී ජීවිත ගමන නිමාකළා

2012 වසර උදාවෙද්දී රැගෙන ආ මිනිසාම ඇතිකළ අර්බුද හා ගැටුම්, 2013 උදාවන විටත් පවතී. එලෙස කඳුළු මෙන්ම සිනහ අතරින් ගෙවීගිය 2012 වසරේ විශේෂිත සිදුවීම් මෙපරිදි පෙළ ගැස්වේ.

අන්තර්ජාල ගාස්තු 8.3%කින් පහලට - විවාහ ලියාපදිංචි ගාස්තු 400%කින් ඉහළට

රු. 3,500ක් රජයේ බදු, ඉතිරි 1,500 රෙජිස්ටාර්වරයාට...

විවාහයක් ලියාපදිංචි කිරීම සඳහා මෙතෙක් අය කළ රුපියල් 1000ක ගාස්තුව අද (01) සිට රුපියල් 5000 දක්වා ඉහළ නැංවීමට රජය කර තිබෙනවා.

විවාහ හා රෙජිස්ටාර් කාර්යාලයකට පරිබාහිර ස්ථානයක දී ලියාපදිංචි කරන විවාහ සඳහා නව ගාස්තු ක‍්‍රියාත්මක වෙනවා.

විවාහ රෙජිස්ටාර් කාර්යාලයකින් බැහැරව නිවසේ හෝ වෙනත් උත්සව ශාලාවක විවාහ ලියාපදිංචි කරන සියලූ දෙනා පොහොසතුන් නොවන අතර සමාජයේ ඉහළ පන්තියේ කොටසකට පමණක් බදු සහන ලබා දෙන රජය සාමාන්‍ය ජනතාවගෙන් මෙවැනි බදු අය කිරීම් පිළිබඳව ජනතාවට දෙවරක් සිතා බැලීමට සිදුවේ.

මේ අනුව විවාහ රෙජිස්ටාර් කාර්යාල වලින් පිටත කෙරෙන විවාහ ලියාපදිංචිය සඳහා අද සිට රු. 5,000ක් අය කරෙනු ඇති. එය 400%ක වැඩිවීමකි. මෙසේ අය කෙරෙන මුදලින් රු. 3,500ක් රජයේ බදු ලෙසත් ඉතිරි 1,500 රෙජිස්ටාර්වරයාටත් හිමිවෙයි.

2013 ඔබ සැමට සුබ නව වසරක් වේවා..!

උදාවූ නව වසරේ ඔබගේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරටම ඉෂ්ට වේවායි අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු...!!

එමෙන්ම යුක්තිකරුක හා සාධාරණ සමාජයකින් යුත් ශ්‍රී ලංකාවක් බිහි වේවායිද අප ප්‍රාර්ථනා කරන්නෙමු...!!


Hot And Fast News 
ටීම් එකේ කට්ටිය