Ads 468x60px

.

රත්තොටින් සුදු පාට පෙණ ගොබයක් මතුවෙලා..

දැඩි රසායනික දුගදක් වහනය වෙනවලු...

රත්තොට කොස්වාන දකුණ ගලමල කන්දෙන් ඊයේ (07) පෙණ ගොබයක් මතුව තිබෙනවා. මහ වැස්සත් සමග අඩි 7ක් පමණ උසට මතුවූ පෙණ ගොබය හේතුකොටගෙන ප්‍රදේශවාසීන් භීතියට පත්ව සිටිනවා. 

මෙලෙස පෙණ ගොබයක්ව ගලාගිය ස්තානයේ දැඩි රසායනික දුගදක් වහනය වෙමින් තිබෙනවා. පාට පාට වැහි වැටෙන අතර මෙලෙස පෙණ ගොබයක් මතුවීම අස්වාභාවික

ඉන්දියාවේ සමූහ දූෂණයට ලක්වූ දියණියගේ සැබෑ නම පියා හෙළි කරයි...

කාන්තාවන්ට එමගින් යම් ධෛර්යයක්...

පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී බස් රථයක් තුළදී සමූහ දූෂණයට ලක්ව මියගිය විසිතුන් හැවිරිදි වෛද්‍ය සිසුවියගේ නම ‘ජෝති සිං පාන්ඩේ’ බව ඇගේ පියා විසින් හෙළිකර තිබෙනවා. 

ඒ බව පළමුවරට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරමින් පියා වන ‘බද්‍රි සිං පාන්ඩේ’ තම තීරණයට හේතුව ලෙස දක්වා සිටින ලද්දේ මෙබඳු අතවරයන්ට මුහුණ පා ජීවත්වීමේ වාසනාව ලද සෙසු කාන්තාවන්ට එමගින් යම් ධෛර්යයක් ලබාදීම බවයි. 


උත්තර් ප්‍රදේශ් හි සිට මෙම ප්‍රකාශය නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් කියා සිට ඇත්තේ සිය ආදරණීය දියණියට මෙබඳු අපරාධයක් සිදු කළ ‘මෘගයන්’ තමා දැකීමටවත් කැමති නැති නමුදු ඔවුන් හට මරණ දණ්ඩනය ලබාදීම පමණක් තමාට අවශ්‍ය වන බවයි. 

පසුගියදා ඉන්දියාවේ රූපවාහිනී නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් මියගිය තරුණිය සමග එම බියකරු අවස්ථාවට මුහුණ දුන් ඇගේ පෙම්වතා වන

එළුවා කුකුළෙක් වෙච්චි හැටි...

කුකුලෙක් වගේම කෙකර ගානවලු

හැඬලීමත් ඒ විදිහමලු...

කුඩා කල සිටම කුකුළු කූඩුවකට යාබදව හැදුණු වැඩුණු එළුවෙක් කුකුළන්ගේ හැඬලීම හා කෙකරගැම මනා ලෙස අනුකරණය කරන බව hot and fast news අපට වාර්තා වෙනවා.

මෙම එළුවා බැලිමට කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් විශාල වශයෙන් එන බවයි හිමිකරු අප වෙත පැවසුවේ.

එම එළුවා කුකුළන්ගේ හැඬලීම හා කෙකරගැම අනුකරණය කරන වීඩියෝවක් පහතින්...

රුවන්ගි, මේනකා, නෙතු, මහේෂි ටෙලි නිලියන්ගේ හදවතට එබී බලමු...

‘ජීවිතය ලස්සනයි’ සමඟ ඔබ හමුවන සිව් සුරූපිනියෝ...

සැර වගේ පෙනුනට සැර නැති කෙනෙක් - මහේෂි

පාඩුවෙ ඉන්න කෙනෙක් - රුවන්ගි

මේ දිනවල තිරගත වන සුනිල් ටී. ප්‍රනාන්දුගේ අභිමානවත් පනස් තුන් වැනි සිනමා නිෂ්පාදනය ‘ජීවිතය ලස්සනයි’ චිත්‍රපටයේ බැනර්, පෝස්ටර්, කටවුට් අප නෙතට ඕනෑ තරම් හසු වී ඇත්තේය. ඒවාහි බොහොමයක ඇත්තේ අපූරු සේයාරුවකි. හෙළ සිනමාවේ සුපිරි තරුව වූ රන්ජන් රාමනායක මැදි කොට ගත් සුරූපී යෞවනියන් සිවු දෙනකුගේ මනබඳීනා දසුනකි.

ඔවුන් කවුරුන්ද යන වග සෙවීමට බොහෝ දෙනෙකු උත්සාහ කරනුයේ රිදී තිරයට ඒ මුහුණු ආගන්තුක වන බැවිනි. ජීවිතය ලස්සනයි හරහා සිය සිනමා රංගන චාරිකාව ඇරැඹූ ඒ චරිත හතර මේ වන විට ජනප්‍රියත්වය දෝත දරාගෙන හමාරය.

නම් වශයෙන් මම ඔවුන්ව මෙසේ හඳුන්වා දෙමි. රුවන්ගි, මහේෂි, මේනකා සහ නෙතු. රිදී තිරයට පායා ආ ඒ අලුත්ම තාරකා සතරෙහි කෙටි විස්තරයන්
පහතින්.

අපට මර්වින් එපා... කැලණිය මර්වින්ගෙන් බේරා දෙන්න - ජනාධිපතිගෙන් ඉල්ලයි...

ජනාධිපතිතුමනි, කැලණියට මර්වින් සිල්වා එපා... 

මර්වින් සිල්වා කැලණියෙන් ඉවත් කර කැලණිය බේරා දෙන්න...

යෑයි සාහසිකයකුගේ වෙඩි ප්‍රහාරයෙන් මියගිය කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාට අවසන් ගෞරව දැක්‌වීමට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට රැස්‌ව සිටි ප්‍රදේශවාසීහු හඬා වැළපෙමින් එසේ පැවසුවා.

ඊයේ (7 දා) දහවල් ජනාධිපතිවරයා හසිත මඩවල මහතාගේ නිවසට පැමිණි අවස්‌ථාවේ කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී කණ්‌ඩායමෙන් ජනාධිපතිවරයාට විශේෂ සංදේශයක්‌ ද භාර දුන්නා. 


අවසන් ගෞරව දක්‌වා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවසින් පිටවීමට පැමිණි අවස්‌ථාවේ අවට රැස්‌ව සිටි ජනතාව විශාල පිරිසක්‌ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හඬා වැළපෙමින් ආයාචනයක්‌ කලා.

රැස්‌ව සිටි ජනතාව අතරට ජනාධිපතිවරයා පැමිණි අවස්‌ථාවේ ජනතාව ඔහු ඉදිරියේ වැඳ වැටී "අපට මර්වින් සිල්වා එපා. කැලණිය මර්වින් සිල්වාගෙන් බේරා දෙන්නැ" යි කියමින් හඬ නැගුවා.

ජනතාවගේ ඉල්ලීමට සාවදානව ඇහුම්කන් දුන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ පිළිබඳව පියවර ගන්නා බව පවසමින් එම ස්‌ථානයෙන් නික්‌ම ගියා.


එහෙත් ගැටලුවකි..? ඒ ගිනි අවිය හසිත මඩවල මහතා ඉලක්‌ක කර පත්තු වී ගියේ කාගේ වුවමනාවටද? ඒ පසුපස සිටින්නේ කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් කියන පුද්ගලයාද? එසේත් නැතහොත්

කොටුව මගී පාලම උඩදී පොලිස්‌ පෙම්වතා පොලිස්‌ පෙම්වතියගේ ගෙල කපා දැමීමට හේතුව.

බිඳී ගිය ප්‍රේමයට පළි ගැනීමක්‌ලු...

 වස පානය කළ පෙම්වතා අසාධ්‍ය තත්වයෙන් ජාතික රෝහලේ... 

ප්‍රේම සම්බන්ධතාවක්‌ බිඳී යැම නිසා කෝපයට පත් වූ පොලිස්‌ කොස්‌තාපල් වරයකු ඊයේ (07 වැනිදා) පෙරවරුවේ කොළඹ කොටුව ටෙලිකොම් ආයතනය ඉදිරිපිට මගී පාලම උඩදී පොලිස්‌ කොස්‌තාපල්වරියකගේ ගෙල කපා කෲර අන්දමින් ඝාතනය කර පසුව එම කොස්‌තාපල්වරයා ද වස පානය කර තිබෙනවා.

මෙහිදී ඝාතනයට ලක්‌ වූ කාන්තා පොලිස්‌ කොස්‌තාපල් (8029) නදීෂානි මධුභාෂිනී සමරසිංහ කාන්තා පොලිස්‌ ක්‍රිකට්‌ කණ්‌ඩායමේ සාමාජිකාවක ලෙස කටයුතු කරමින් සිටි නිලධාරිනියකි.
ඇය ඊයේ පෙරවරුවේ සිය පුහුණුවීම් සඳහා පොලිස්‌ ක්‍ෂේත්‍ර බළකා මූලස්‌ථානය වෙත යමින් සිටියදී මෙසේ ඝාතනයට ලක්‌වී තිබෙනවා.

සිය හිටපු පෙම්වතිය ඝාතනය කිරීමෙන් පසු වස පානය කළ 30 හැවිරිදි පොලිස්‌ කොස්‌තාපල් නිලන්ත පුෂ්පකුමාර අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඝාතනයට ලක්‌ වූ පොලිස්‌ කොස්‌තාපල් නදීෂානි පොලිස්‌ මූලස්‌ථානයේ නිෂ්කාෂණ අංශයේ රාජකාරි කරන අතර ඇය මාස තුනකට ආසන්න කාලයක සිට