Ads 468x60px

.

කළම්බු නයිට් ලයිෆ් , Colombo Night Life


රිසානා බෙල්ල කපා මරා දැම්මලු - ලංකා තානාපති කාර්යාලය..

මාස හතරක දරුවකු මැරීයැයි ඇයට තිබු චෝදානාවයි...

ඝාතනය රියාද් නුවරට බටහිරින්

රිසානා නෆීක් ශ්‍රී ලංකා වේලාවෙන් අද දවල් 12ට පමණ හිස ගසා මරා දැමූ බව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරියෙක් පැවසුවා.

ඝාතනය සිදුවූයේ රියාද් නුවරට බටහිරින් කිලෝමීටර් 400ක් පමණ දුරින් පිහිටි දවාදමී නගරයේදී ය. 


සෞදි ආරාබියේ හාම්පුතාගේ නිවෙසේදී මාස හතරක දරුවකු මැරීයැයි මරණ දඩුවම නියම වූ මුත්තූර්හි රිෂානා නෆීක් ට අද මරණ දඩුවම පැමිණවූ බව සෞදි ආරචි කියයි.  

‘ජිනා මැඩම්’ට රු.10,000ක් වටිනා කෑම පෙට්ටියක් හැමදාම හිරගෙදරට එනවලු..

හෝටලයක සේවකයෙකු දිනපතාම බන්ධනාගාරයට...

කළුතර බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින ‘ජිනා මැඩම්’ නමැති කාන්තාවට දිනපතා රුපියල් 10000ක් පමණ වටිනා ඉහළ පෙළේ ආහාර පාර්සලයක් පිටතින් ලැබෙන බව එම බන්ධනාගාර ආරංචිමාර්ග අනාවරණය කරනවා.

බම්බලපිටිය ප‍්‍රදේශයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යාමේ චෝදනාව මත වසර 3ක සිර දඬුවමක් විඳින මෙම කාන්තාව ඊට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කර සිටිනවා.


ඉන්දියාවේ සමූහ දූෂණයට ලක්වූ වෛද්‍ය සිසුවිය දූෂණයට ලක් වුණේ ඇගේම වරදින්ලු..

එම තරුණයන්ට බෑගෑපත් වූවා නම් ඇය දූෂණය කරන්නේ නැතිලු...

ඇයත් වරදකාරියක්ලු...

වෛද්‍ය සිසුවිය දූෂණයටත් පහර කෑමටත් ලක් වුණේ ඇගේම වරදින් බවත්, ඇයට එම අපරාධය කළ පුද්ගලයන් 6 දෙනා සේම ඇයත් වරදකාරියක බවත් ඉන්දීය ආධ්‍යාත්මික පූජකවරයකු වන 71 ක් හැවිරිදි අසරාම් බාපු කළ ප‍්‍රකාශයක් හේතුවෙන් ඔහු වෙත දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

අසරාම් බාපු වැඩි දුරටත් කියා ඇත්තේ දූෂණයට ලක් වෙද්දී, ඇය එම තරුණයන්ට බෑගෑපත් වූවා නම් ඇය දූෂණයටත් පහර කෑමටත් ලක් නොවනු ඇතැයි කියාය.


මියගිය පසුවත් මුළු ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත් වූ 23 හැවිරිදි එම තරුණියගේ ගෞරවය ආරක්ෂා කිරීමේ අරමුණින්, ඉන්දීය මාධ්‍ය එකාමෙන් එක් වී, ඇගේ හෝ ඇගේ පවුලේ අයගේ හෝ අනන්‍යතාව හෙළි නොකිරීමට වග බලා ගත්තේය.

මව් පදවිය ලබන විටදීත් විවාහ නොවූ ශකිරා..

ස්පාඤ්ඤයේ මෝඩයාගේ දිනයේ ලැබූ ශකිරාගේ කුළුඳුල් පුතා...

ජනපි‍්‍රය ගායිකා, ශකිරා පසුගිය සතියේ මව් පදවිය ලැබු බවයි හොලිවුඩ් මාධ්‍යයන් වාර්තා කර තිබුණේ. ඇයට කුළුඳුලේ ලැබුණේ පුතෙක්ලු.

ශකිරා පෙමින් බැඳී සිටින්නේ ස්පාඤ්ඤ ජාතික පාපන්දු ක්‍රීඩකයකු වන ජෙරාඩ් පික් සමඟයි. නමුත් ශකිරා මව් පදවිය ලබන විටදීත් දෙදෙනා නිත්‍යනුකූලව විවාහ වී සිටියේ නැහැ. 

“අපේ පුතා අපට ලැබුණා. අපි දෙන්නට පුදුම සතුටක් දැනෙනවා. අපිට සුබ පැතූ හැමටම ස්තුතියි.” ජෙරාඩ් ස්පාඤ්ඤ භාෂාවෙන් ප්‍රකාශ කළා. සමහරු පැවසුවේ මේ ආරංචිය

මහේෂිගේ ගායකයෙක් එක්ක හුටපටේ පට්ටපල් බොරුවක්ලු...

මහේෂිට එල්ලවුණු චෝදනා බොරුද…?

අවුරුදු 20 ක් වුණු මහේෂි ඒ කියන ගායකයාව දැකලාවත් නෑලු..

බඩජාරියා වගේ කන්නෙත් නෑලු...

මහේෂි මධුශංකා ගැන අපි මීට කලින් විස්තර වගයක් දැම්මනේ. ඉතින් අපි හිතුවා ඒවා ඇත්තද කියලා එයාගෙන්ම අහලා දැන ගන්න.

හොඳට කනවා කියන එකනම් මහේෂි පිළිගත්තා. ඒත් ඉතින් විනාඩි 5 න් 5 ට බඩජාරියා වගේ කන්නේනම් නෑලු. ඇත්තම කිව්වොත් ඉතින් එහෙම කන්න තරම් වෙලාවක් නෑනේ. 


යෝගට්නම් ඇති පදමට කනවාලු. හැබැයි ඒ අම්මා ගේන ඒවා තමයි. සෙට් එකෙන් හම්බවුණොත් ඉතින් එපා කියන්නේ නෑ. අපරාදයක්නේ. අර අහිංසක අම්මා නම් පව් කියලාත් හිතෙනවා දෝණි ඇන්දගේ යෝගට් කෑම ගැන ඇහුවම.

ඒ වගේමයි අපිට ආරංචි වුණානේ මහේෂි ගායකයෙක් එක්ක හුටපටයක් තියෙනවා කියලා. ඒකනම් පට්ටපල් බොරුවක්ලු. තාම අවුරුදු 20 ක් වුණු මහේෂි

ගින්නලිය විදුහල ඉදිරිපිටදී සිසුවා මරා ලොරිය පැන්න හැටි මෙන්න...

ලොරි රථයේ රියෑදුරා පලාගිහින්...

ගින්නලිය විදුහල ළඟ කඳුළු ගඟක්‌ වුණු හැටි..

පාසල ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක්‌
 
බෙරලපනාතර, ගින්නලිය මහා විද්‍යාලය ඉදිරිපිටදී 2 වසර ඉගෙනුම ලබන පාසල් සිසුවකු ලොරි රථයකට යටවීමෙන් එම ස්‌ථානයේදීම මිය ගොස්‌ තිබෙනවා.

ඊයේ (08 දා) දහවල් පාසල නිමවී මහාමාර්ගයට පැමිණි අවස්‌ථාවේ අධික වේගයෙන් පැමිණි ලොරි රථයට යට වීමෙන් මෙම සිසුවා අවාසනාවන්ත ලෙස මියගොස්‌
තිබෙනවා.


මෙසේ මියගොස්‌ ඇත්තේ ගින්නලිය මහා විද්‍යාලයේ 2 වැනි ශ්‍රේණියේ ශිෂ්‍ය සුසර විශ්මිත (7) නමැති දරුවෙකි. අනතුර සිදුකළ ලොරි රථයේ රියෑදුරා පලාගොස්‌ ඇති අතර සැකකරු සොයා පොලිසිය මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කර තිබෙනවා.

පාසල ඉදිරිපිට මාර්ගය කාපට්‌ කර ඇති අතර වාහන පාසල ඉදිරිපිටදී අධික වේගයෙන් ගමන් කරන බවද ප්‍රදේශවාසීහු පවස
නවා.