Ads 468x60px

.

රිසානාගේ මරණය...

ගෘහ සේවිකාවක ලෙස වයස අවුරුදු 17 දී සෞදි අරාබියට ගිය රිසානා නෆික් කුඩා දරුවෙකුට කිරි පෙවිමේදී කිරි පිට උගුරේ ගොස්  දරුවා මිය යන ලදී.  සෞදි අරාබි පොලිසිය සිව් හැවිරිදි දරුවාගේ මරණය සම්බන්ධයෙන් එදිනම ඇය අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිසියේ බලහත්කාරය මත දරුවා මැරූ බවට බලෙන් පාපොච්චාරණයක් ද පොලිසිය රිසානාගෙන් ලබාගත්තාය. රිසානාට නිදහස ලබා දෙන්නැයි  ශ්‍රී ලංකා ජනාධිපති ඉල්ලීමක් කෙළේය. 

එසේම ආසියා මානව හිමිකම් සංවිධානය ඇතුළු සංවිධාන රැසක් රිසානාගේ නිදහස වෙනුවෙන් මැදිහත් වුහ. ඒ අතරේ රිසානා බේරා ගැනීම සඳහා කියමින් අපගේ දේශපාලකයෝ වරින් වර විදේශ සංචාර වලටද ගියහ.  

නමුත් මේ කිසිවක් නොසැලකු සෞදි අරාබි රජය ම්ලේච්ඡ ෂරියා නීතිය අනුව ත්‍රිකුණා මලයේ මුතුර්හි දිළිඳු පවුලක උපත ලැබූ දරිද්‍රතාවය නිසා අරාබියේ වහල් සේවයට යාමට කොළඹ රැකියා එජන්සියෙන් බොරු වයසක් දමා බොරු ලියවිලි හදා සෞදි අරාබියට එවූ රිසානා නෆික් ගේ  හිස ගසා දමන ලදී .

සෞදි අරාබිය යනු ලංකාව වැනිම ගෝත්‍රික ,ශිෂ්ටත්වයේ අරුණලු නොදුටු අසංස්කෘතික රටකි. නමුත් අරාබිය තෙල් වලින් පොහොසත්ය. ඒ නිසා  සෞදි අරාබිය යනු ධනවත් ගෝත්‍රික රටක් වන අතර ලංකාව හිඟන ගෝත්‍රික රටකි.   

මං එක එක්කෙනා එක්ක යාළුයි කියල කතා හදපු අයට මේක හොඳ උත්තරයක් - ෂෙරිල්

ෂෙරිල් හා රුවන්ගේ පෙම ඇරඹුන හැටි...
එයා මාවත් මගේ ආදරෙත් තේරුම් ගත්තා...

ෂෙරිල් ගේ නම හා මිට පෙර කලා ලෝකයේ කිහිප දෙනෙකුගේ නම් සම්බන්ධව කතා ගොඩනැගී තිබුනත් ඒ සියල්ල යටපත් කරමින් පසුගියදා සිදුවූ විවාහ ගිවිසගැනීම දක්වා වූ පෙම් කතාව රුවන් විසින් මාධ්‍යයට හෙලිදරව්කොට තිබෙනවා.

ඒ අනුව රුවන් විසින් ෂෙරිල් පිලිබඳ සිතක් පහලව ඇත්තේ "සීත මාරුතේ" ගීතයේ රුප රචනාව ෂෙරිල් සමගින් රුගතකරන අතරතුරේදීය. ඒ අනුව දුරකතනය ඔස්සේ දොඩමලු වූ ඔවුන් දෙදෙනා කලක් යනතෙක් අදහස් හුවමාරු කොට තිබෙනවා.

ඔවුන් එම අදහස් හුවමාරු අයුරු පහතින්

ඉතින් රුවන් ඔය දෙන්නගෙ අලුත් ජීවිතේ සතුට කියන්නකො.
අපි පිටකෝට්ටෙ සෝලිස් හොටෙල් එකේදි විවාහ ගිවිස ගත්තා. ඇත්තටම හරිම සතුටෙන් ඉන්නෙ.

ෂෙරිල් කියන්නෙ නව පරපුරේ ජනප්‍රිය නිළියක්. කොහොමද ෂෙරිල්ගෙ ආදරේ ඔයාට ලැබුණෙ.
මගෙ "නොදැක ඉන්න බෑ' ගීතය අහල සුබපතන්න ෂෙරිල් මට කතා කළා. ඒක තමයි පටන් ගැන්ම.

ඒ කියන්නෙ නොදැක ඉන්න බෑ කියල කිව්වෙ ෂෙරිල්ටද?

පබා රඟපෑවට දේශපාලනේ කරන්න පුළුවන්ද.?

පබා දිනලා... සෑහෙන්න මනාපත් වැටිලලු...

2010 මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් කළ අපේක්ෂක ලැයිස්තු අතර අලුත් මුහුණුවලට විශේෂ තැනක් ලැබි තිබුණේය. 

එසේ වූයේ සියළුම දේශපාලන පක්ෂ වලින් මෙන්ම ස්වාධීන කණ්ඩායම් වලින්ද ඉදිරිපත් කෙරෙන අපේක්ෂක ලැයිස්තු වලට තරුණ මුහුණු වැඩි ප්‍රමාණයක් ඇතුළත් කළ යුතු යැයි මැතිවරණ පනතෙහිම සඳහන් කර තිබූ බැවිනි. 

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එ.ජා.ප.යෙන් ඉදිරිපත් කළ අපේක්ෂක ලැයිස්තුවට එකල ජාතික රූපවාහිනියේ අතිශයින් ජනප්‍රියවූ පබා ටෙලි නාට්‍යයේ පබාගේ චරිතය නිරූපණය කළ රූමත් නිළියකගේ නමක්ද ඇතුළත්ව තිබුණේය. එයා ටෙලිනාට්‍යවල රඟපෑවට දේශපාලනේ කරන්න පුළුවන්ද?

ප්‍රදේශයේ ඇතැම් වැඩිහිටියන් ඇය ගැන එලෙස අවඥාවෙන් කතා කළද එම නිළිය පබා ටෙලිනාට්‍යයේ රඟපෑ චරිතයට වශීවී සිටි ප්‍රදේශයේ තරුණ පෙළ කියා සිටියේ

පෙරේදා (9) පෘථිවිය අසලින් ගිය දැවැන්ත ග‍්‍රහකය 2036 දී ආයේ එනවා...

තව අවුරුදු 23 කින් ලෝකය විනාශවීමේ අවදානමක්... 

ඇපොපිස් කියන්නේ නපුරට අධිපති දෙවියාලු...

මීටර් 325 ක විෂ්කම්භයකින් යුත්, අති දැවැන්ත ග‍්‍රහකයක් පෙරේදා (9) පෘථිවිය අසළින් ගමන් කළ බවත්, එම ග‍්‍රහකය යලිත් වරක් එනම් 2036 වසරේ අපේ‍්‍රල් 13 වැනිදා ආපසු පැමිණෙන විට එය පෘථිවිය සමඟ ගැටීමේ අවදානමක් පවතිනු ඇති බවත් ඇමෙරිකා සහ යුරෝපා විද්‍යාඥයෝ පෙන්වා දෙනවා.

එම ග‍්‍රහකය නම් කර ඇත්තේ ‘ඇපොපිස්’ යන නමිනි. ඇපොපිස් යනු ඊජිප්තු මිථ්‍යා කතාවලට අනුව නපුරට අධිපති දෙවියාය. ග‍්‍රහකය පෙරේදා ගමන් කළේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 14.5 ක් දුරිනි.


2004 වසරේ දී සොයා ගනු ලැබූ මෙම ග‍්‍රහකය ගැන යුරෝපීය අභ්‍යවකාශ ආයතනයත් ඇමෙරිකාවේ නාසා ආයතනයත් විමසිල්ලෙන් පසු වූ අතර, ග‍්‍රහකය නිරීක්ෂණය කිරීමේදී විද්‍යාඥයන්ට උපකාරී වූයේ අභ්‍යවකාශයේ ඈත රඳවා ඇති හේෂල් දුරේක්ෂයයි.


‘ඇපොපිස්’ ග‍්‍රහකය 2029 වසරේ දීත් 2036 වසරේදීත් යළි පෘථිවිය අසලින් ගමන් කිරීමට නියමිතය. 2029 වසරේ දී ‘ඇපොපිස්’ ග‍්‍රහකය පෘථිවියේ හැපෙනු ඇතැයි

ඇපෙන්ඩිසයිටිස්‌ට්‌ වලට කරපු ඔපරේෂන් එකෙන් කටානේ තුසිත මියගියේ වෛද්‍යවරුන්ගේ වරදින්ද

මල්ලියා ශල්‍යාගාරය තුළට ගියේ හොඳට හිනා වෙවී...

මරණය ගැන අපට සැකයි සාධාරණ පරීක්‍ෂණයක්‌ කරන්න - මියගිය කටානේ තරුණයාගේ සොයුරිය කියයි

මාත් එක්‌ක හොඳට කතාකර කර හිටිය මගේ සුදු මල්ලියා ශල්‍යාගාරය තුළට ගියේ හොඳට හිනා වෙවී. කතා කර කර. ඒ අපේ ගෙදර මිණි පහන මේ අන්දමින් අවාසනාවන්ත ලෙස අකාලයේ අමුඅමුවට තුරුණු දිවියෙන් සමුගනීවි යෑයි අපි කිසිවෙක්‌ හීනෙකින්වත් හිතුවේ නෑ. 

කාගෙත් හිත් දිනාගත් මල්ලියා පල්ලියේ මෙන්ම ගමේ පොදු කටයුතුවලට පුදුම කැමැත්තක්‌ දැක්‌වූවා. හැමෝගෙම හිත දිනාගෙන හිටියා. මගේ රත්තරන් මල්ලියාට සිදුවූ දේ මේ රටේ වෙනත් කිසිවකුටවත් සිදුවන්න නම් එපා.  

මීගමුව දිස්‌ත්‍රික්‌ රෝහලේ හෙද නිලධාරිනියක් වන ඇපෙන්ඩිසයිටිස්‌ට්‌ ශල්‍යකර්මයකට භාජනය වීමෙන් පසු මියගි කටානේ තුසිත සතිස්‌චන්ද්‍රගේ සොයුරිය එසේ පැවසුවා.

රිසානාගේ මරණයෙන් ගමම මළගමක්‌ වෙයි..

අක්‌කා රට ගියේ තාත්තා දුක්‌ විඳිනවා බලාගෙන ඉන්න බැරි නිසයි.- රිසානාගේ මල්ලී කියයි

රිසානාට යුක්‌තිය ඉටුකිරීමට බැරි වූ රජයට විරෝධය පළ කරනවා 
- අයිතීන් උදෙසා කාන්තාවෝ
 
සෞදියේ දමාම් නගරයේ සේවය කළ රිසානා නමැති ශ්‍රී ලාංකික තරුණියගේ ගෙල සිඳ මරා දැමීමත් සමඟ කම්පාවට පත් ත්‍රිකුණාමලය, මුතූර් ඇතුළු ප්‍රදේශවල ජනතාව දහස්‌ ගණනක්‌ ඊයේ (10 වැනිදා) ඇගේ නිවසට පැමිණ ඇගේ දෙමාපියන් සහ ඥතීන්ට සිය ශෝකය ප්‍රකාශ කර තිබුණා.

ජීවිතය බේරා දෙන ලෙස මුළු ලෝකයම ඉල්ලා සිටියදී සෞදි අරාබියේ ශාරියා නීතියට අනුව මරණ දඬුවම නියම වූ රිසානා දියණිය අහිමිවීමේ ශෝකය දරාගත නොහැකිව වැළපෙන රිසානාගේ මවගේ හඬ දසත රැව් දුන්නේය.

ඇයගේ විලාපය මුළු ත්‍රිකුණාමලයම කම්පා කරවූයේය. එම නිවසට පැමිණි සියලු දෙනාගේම නෙත්වලින් කඳුළු කැට කඩා වැටුණි. රිසානා ගෘහ සේවිකාවක ලෙස 2004 වසරේ සෞදි අරාබියට ගියේ තම පවුලේ දිළිඳුකම නිසාය. එවකට ඇය 17 හැවිරිදි වියේ පසු වූවාය. සෞදියේදී ඇය බලාගත් දැරියට

රිසානාට මරණ දඬුවම ලබාදීම සම්බන්ධයෙන් රන්ජන් කතා කරයි...

ෂරියා නීතිය මෘග නීතියක්, බෙලි කපලා ගල් ගහලා මරනවා, අත පය කපනවා...

ළදරුවෙකු ඝාතනය කිරීමේ චෝදනාව පිට සෞදි අරාබියේදී බන්ධනාගාරගතව සිටි ශී‍්‍ර ලාංකික බාලවයස්කාර දැරියක් වූ රිසානා නෆීක්ට එරට රජය මරණ දඬුවම ලබාදීම සම්බන්ධයෙන් මෙරට රජය සම්පූර්ණයෙන්ම වගකිවයුතු බව රත්නපුර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා පවසනවා.

‘නබිනායකවරයා ලෝකයට හොඳ දෙයක් දේශනා කළ ආගමික නායකයෙක්. ඔහු දෙසුව ධර්මය විකෘති කරගෙන තමන්ගේ වාසියට හරවාගෙන සෞදි අරාබිය පාවිච්චි කරනවා. නබිනායකවරයා හැමදාම දේශනා කළේ වහල් සේවයට විරුද්ධවයි. 


එතුමා කිව්වේ සියලූ දෙනාටම එකම අයිතියක් මත එක හා සමානව සැලකිය යුතු බවයි. රජවරුන්, රැජිනන්, කුමර කුමාරියන් ගැන එතුමා කතා කළේ නැහැ. නමුත් සෞදි අරාබියේ කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් කි‍්‍රයාවලියක්.

ෂරියා නීතිය කි‍්‍රයාත්මක කරමින් මෘග ගෝති‍්‍රක නීතියක් ලෙස කි‍්‍රයාත්මක කරනවා. බෙලි කපලා, ගල්වලින් ගහලා මරලා, අත පය කඩා බිඳ දමලා කරන මේ මෘග පිළිවෙත

රිෂානාගේ බවට හුවමාරු වන වීඩියෝව ඉන්දුනීසියානු කාන්තාවකගේලු...

ඉරානයේ ප්‍රේස් ටී.වී නාලිකාව කියයි...

ඊයේ රිසානාට මරණ දඩුවම දුන් වීඩියෝ පටය බව දක්වමින් වීඩියෝවක් අප වෙත ලැබී තිබුනා. එය මේ වනවිට ෆේස්බුක් හා වෙනත් වෙබ් අඩවි ඔස්සේ ද හුවමාරු වෙමින් පවතිනවා.

නමුත් එම වීඩියෝව රිෂානාගේ නොව 2011 වසරේදී ඉන්දුනීසියානු ගෘහ සේවිකාවක මරා දමන වීඩියෝවක්
බවයි අප වෙත දැනගන්නට ලැබෙන්නේ.

ඒ බව පැහැදිලි වන්නේ ඉරානයේ ප්‍රේස් ටී.වී නාලිකාව විසින් එම වීඩියෝව ඉන්දුනීසියානු ගෘහසේවිකාවකගේ බවට විකාශය කර තිබීම නිසාය.


එය ඉන්දුනීසියානු ගෘහසේවිකාවකගේ බව සඳහන් වන වීඩියෝව පහතින්.

මහින්ද රාජපක්ෂ ඉන්න තුරු මං මේ ආණ්ඩුවෙන් අයින් වෙන්නේ නැහැ - මර්වින්

ගැහුවත් බැන්නත් මං එතුමා පසුපසම ඉන්නවා...

මම මැරුණයින් පස්සේ නිවන් දකින්න ආසාවක් නැහැ... 

දිව්‍ය ලෝකේ යන්න තමයි කැමති...

මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා සෑම විටම රට තුළ සිදු වූ විවාදපන්න සිද්ධීන්වලදී ඉදිරියෙන්ම සිටි චරිතයකි. ඔහු කේන්ද්‍ර කරගෙන කාලයෙන් කාලයට අලූත් ප‍්‍රවෘත්තීන් නිර්මාණය වන්නේ කවුරුන් නොසිතන ආකාරයටය. මේ අදහස් දැක්වීම අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ ය.

ඇයි ඔබ දේශපාලනයට ආවේ?
මගේ තාත්තා ඞී.ඒ. රාජපක්ෂ මහතා සමඟ ළඟින්ම දේශපාලනය කරපු කෙනෙක්. මා ඉතින් ඒ තාත්තාගේ පුතා විදියට දේශපාලනයට එන්නේ නැතුව වෙන මොනවා කරන්නද?