Ads 468x60px

.

අතරමංවී සිටියදී ගෙදර ගෙනා වල් ඌරාගේ මාසේ වියදමට රුපියල් දහදාහක් විතර යනවලු...

දැන් පවුලේ සුරතලෙක්...

මාසෙකට පිටිකිරි පැකට් හයක් පමණ යනවා... 

දවල්ටත්, රාත‍්‍රියටත් බත් කෑමට දෙනවා...

 කෑගල්ල අලපලාවල තිදරු පියකු සහ වල් ඌරකු අතර දැඩි මිත‍්‍ර සම්බන්ධයක් ගොඩ නැගී තිබෙනවා. අලපලාවල එච්.පී. පියදාස මහතා තිදරු පියාය. කැළයේ අතරමංවී සිටියදී පියදාස මහතාට මේ වල් ඌරා හමුවී තිබෙනවා. උගේ වයස අවුරුද්දක් පමණ වෙනවා.

වල් ඌරා තම නිවසට රැගෙන ආ දිනයේ පටන් ඌ නිදාගත්තේ පියදාස මහතා අසලය. හවස හයට පමණ කැලයට යන වල් ඌරා රාති‍්‍ර 10 ට පමණ නිවෙසට පැමිණ හොම්බෙන් දොරට ගසයි.


අනතුරුව ඌ පියදාස මහතාගේ ඇඳ අසලට පැමිණ නිදාගනියි. රාති‍්‍රයේ එළියට යෑමට අවශ්‍ය වූ විට පියදාස මහතාට හොම්බෙන් අනින්නට පටන් ගනියි. 

ඔහු දොර විවෘත කරදුන් පසු එළියට ගොස් නැවත ගෙට එයි. මෙම ඌරාට හැමදාම පිටිකිරි දීමට පියදාස මහතා අමතක නොකරයි. ඌට ‘‘වයිරා’’ ලෙස නම් තබා ඇත.

වයිරා පැණිරස කන්න හරිම කැමතිය. මාසෙකට පිටිකිරි පැකට් හයක් පමණ යනවා. දවල්ටත්, රාත‍්‍රියටත් බත් කෑමට දෙනවා. වේලකට හාල් හුණ්ඩු දෙකක බත් දිය යුතුයි. මා දකින්න නැතිවුණොත්

ප්‍රතිභා චාන්දනීගේ ඇඟිල්ලක් කඩලා කියන්නේ ඇත්තද...

ලේ ගලනවා දැක්කම ප්‍රතිභාට තරු පෙනිලා...

ප්‍රතිභා අදටත් ඒ සිද්ධිය මතක් කරන්න බයයිලු...

ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි මහතාගේ දියණිය වුණු ප්‍රතිභා හෙට්ටිආරච්චි ගැන වතගොත හොයලා බලද්දි අපිට ආරංචි වුණා ප්‍රතිභා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්ගේ ඇඟිල්ලක් කඩන්න ගිහින් කියලා. ඉතින් අපි හිතුවා ඒ ගැන ඔයාලට කියන්න.

ආරංචි වුණ විදිහටනම් ප්‍රතිභා මේ විදිහට ඇඟිල්ල කඩන්න හදලා තියෙන්නේ චාන්දනී සෙනෙවිරත්න කියන ප්‍රවීණ රංගන ශිල්පිණියගෙයි.


2012 රයිගම් සම්මාන උළෙලේ දක්ෂතම සහය නිළිය සම්මානය ප්‍රතිභාට හම්බවුණේ “සැණකෙළියයි මායා” ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන්නේ. ඒකේ රූගත කිරීම්වල දීම තමයි ප්‍රතිභා මේ විදිහට චාන්දනී මහත්මියගේ ඇඟිල්ලක් කඩන්න හදලා තියෙන්නේ.

පබෝධා සංදීපනී, පාලිත සිල්වා, චාන්දනී සෙනෙවිරත්න එක්ක ප්‍රතිභා තමයි ඒ රූගත කිරීමට ඉඳලා තියෙන්නේ. එතනදී කට්ටියම

පොල්කටු වලින් ටඡ්මහල් ඇතුලු විශ්මයජනක නිර්මාණ රැසක්‌ බිහිකළ කටුනේරියේ මයිකල්...

ප්‍රංශයේ අයිල් කුළුණ බැබිලෝනියාවේ එල්ලෙන උයන

ලෝක පූජිත මොනාලීසා ඊජිප්තුවේ පිරමීඩ ඇතුලු තවත් බොහෝ දෑ...

පොල්කටු පමණක්‌ උපයෝගී කරගෙන විවිධ දස්‌කම් දක්‌වන හිටපු හමුදා සොල්දාදුවෙක්‌ පසුගිය 08 වැනිදා අපට හමුවුනා. ඔහු පදිංචි වී සිටියේ කටුනේරිය 330 ඔරුවැල්ල පාරේ පිහිටි තම නිවසේය. 

නමින් ඩබ්. සිරිල් මයිකල් ප්‍රනාන්දු හෙතෙම නිලාන් සුසිත් සහ නිලාන් සුසිලා යන අයගේ පියාණන්ය. බිරිඳ ජී. ඇනී වයලට්‌ ප්‍රනාන්දු.

පොල්කටු වලින් කරන දක්‍ෂම් පිළිබඳ කරුණු දැක්‌වූ මයිකල් මහතා මට දැන් අවුරුදු 65 ක්‌ පමණ වෙනවා. මෙවැනි දේ නිර්මාණය කරන්න හොඳ ඉවසීමක්‌ විනයක්‌ තියෙන්න ඕනෑ. මට ඒ ඉවසීමත් විනයත් මා හමුදා සෙල්දාදුවෙක්‌ව සිටි කාලයේ ප්‍රගුණ කර ගත්තා. අද අපේ රටේ හුඟක්‌ හමුදාවේ අයට නැත්තේ ඒ වටිනා ගුණධර්මයි.

මෙයට වසර දෙකක පමණ කාලයක සිට මට හිතුනා ඉවත දමන පොල්කටුවලින් විවිධ නිර්මාණ කරන්න ඕනෑ කියලා. එහෙම හිතලා හිතට එන දේවල් ඇසට පෙනෙන

Google හා තරඟයට Facebook වෙතින් සර්ච් එන්ජින් එකක්

ජංගම දුරකථනයේ සිට අන්තර්ජාල දුරකථන දක්වා...

පැය ගණනක් ඇතුලත එලි දැක්වීමට සූදානම්...

google හා තරඟ කිරීමට නව සෙවීමේ යාන්ත‍්‍රණයක් (Search Engine) දියත් කිරීමට සූදානම් බව ෆේස්බුක් පවසනවා. 

ජනවාරි 15 රාත‍්‍රියේ එහි ඇමරිකානු ප‍්‍රධාන කාර්යාලයට මාධ්‍යවේදීන් කැඳවා ඇත්තේ තමන් ගොඩනගමින් සිටින්නේ කුමක්දැයි පෙන්වීමටය.

අන්තර්ජාල ආරංචි අනුව ජංගම දුරකථනයේ සිට අන්තර්ජාල දුරකථන දක්වා සියළු දේ අනාවරණය කිරීමට යන බවත් නවතම ආරංචි අනුව ‘ෆේස්බුක් සොයා බැලීම්’ අනාවරණය කරනු ඇති බවත් පවසනවා.

මෙම යාන්ත‍්‍රණයේ ක‍්‍රියාකාරීත්වය දැනට අපැහැදිලි අතර මාධ්‍ය වලට කියා ඇත්තේ කැලඹීමක් ඇතිකරන අළුත්ම සෙවීමේ අනාගතයක් ඉක්මනින් දියත් කරන බවයි. ෆේස්බුක් හි දැනටමත් ස්ථාන, පුද්ගලයින් හා දේවල් පිලිබඳව සෙවීමේ ලක්ෂණයක් අන්තර්ගත කර තිබෙනවා.

නිවසක කාමරයක් තුළ නිරුවතින් සිටි පාසල් සිසුවා හා සිසුවියට ඇප...

දැරියගේ පියා රේගු නිලධාරියෙක්...

ශිෂ්‍යයාගේ පියා වරාය අධිකාරියේ...

පුතා හිතුවක්කරයෙක් උනාට අරක්කු බොන බව දන්නේ නෑ
- ශිෂ්‍යයාගේ මව කියයි

කළුතර නගරයේ ප්‍රසිද්ධ පාසල් දෙකක ඉගෙනුම ලබන 15 හැවිරිදි වියේ පසුවන ශිෂ්‍යාවක්‌ හා ශිෂ්‍යයකු නිරුවතින් පාළු නිවසක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

එහි සිටි පාසල් ශිෂ්‍යයා අධික ලෙස මත්පැන් පානය කර සිටි බව අනාවරණය වූ අතර ඔවුන් ඇඳ සිටි පාසල් නිල ඇඳුම් පසෙක ගලවා තිබියදී සොයාගනු ලැබුවා.

මට කාටවක්වත් ස්තුතියි කියන්න ලැබුනේ නැහැ - හිටපු අගවිනිසුරුවරිය කඳුළු සලමින් කියයි..!

ප්ලීස් ලුක් ආෆ්ටර් ත්‍රි ඔෆ් අස්..

අපි තුන් දෙනාව බලාගන්න.. 

මම හැමදාම ඉන්නේ මහජනතාව එක්ක...

තමන්ට මේ මොහොතේ සාධාරණයක් ඉටුනොවූවත්, ස්වභාවධර්මයත් කාලයත් යම් දිනයක සාධාරණය ඉටුකරනු ඇතැයි හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය පවසනවා.මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඇය ඒ බව සදහන් කර තිබෙනවා.

තවදුරටත් නිල නිවසෙහි හෝ නිල මැදිරියෙහි හෝ මා රැඳීසිටියහොත් ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියාවන් සිදුවීමට බෙහෙවින් ඉඩ ඇති බැවින්, නිල මැදිරියෙන් හා නිල නිවසෙන් ඉවත්වීමට තීරණය කල බවත්, රටේ අහිංසක ජනතාව, විනිසුරුවරුන් කනිෂ්ඨ නීතිඥවරුන් සහ මීට කැපවුණු පුද්ගලයන් වෙත ප‍්‍රචණ්ඩත්වය එල්ලවීම වැළැක්වීම එහි අරමුණ බවත් ඇය එහි සදහන් කර
තිබෙනවා.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් චෝදනාවන්ට ලක්කොට අසාධාරණ හා අත්තනෝමතික ලෙස වරදකාරිය කරනු ලැබූවද, නීතිය ඉදිරියේ  තමා  නිවැරදිකාරිය කරනු ලැබ ඇතැයි ඇය
පවසනවා.

නව අගවිනිසුරු ධුරයේ දිවුරුම් දීමත් සමග අද සවස්වරුවේ හිටපු සිය පවුලේ උදවිය සමගින් අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු නිල නිවෙසින් නික්ම ගි‍යා.

පොලීසිය විසින් ඇයට මාධ්‍ය වෙත අදහස් දැක්වීමට අවස්ථාව ලබානොදුන් අතර අගවිනිසුරුවරිය සිය වාහනයේ යමින් සිටියදී හැඟුම්බරව කල කතාව පහතින් වේ.

"මට කාටවක්වත් ස්තුතියි කියන්න ලැබුනේ නැහැ මට ..මට අවස්තාවක් හම්බ උනේ නැහැ..මම නිවේදනයක් නිකුත් කරනවා..මම අවරුදු 16 ම වැඩ කලේ