Ads 468x60px

.

උදාරි මිය ගියේ මොළයේ ඔඩු දිවූ රෝගයකින්ද.? රෝහලේ වරදින්ද.?

ඔළුව කැක්කුමකින් උදාරි පෙළෙන්නට වුණා...

බලා සිටියදී දියණිය මලානික වී, ඇගේ දෙතොල් වියළී ගියා...

උදාරිව බේර ගන්න බැරි තරමට රෝහලේ මිනිසුන් උදාර වූයේ නැත්තේ ඇයි?' පෙරේදා (16දා) රාත්‍රි රූපවාහිනි ප්‍රවෘත්ති විකාශයේ උදාරි පිළිබඳ කතාව බොහෝ අයගේ කන වැකුණේ එසේය.

බොහෝ මවුවරුන්ගේ හදවත් කම්පාවෙන් පිරවූ අනුකම්පාවෙන් බර කළ එකී කතාන්දරය රූපවාහිනියේ පෙළ ගැසෙද්දී බොහෝ ප්‍රවෘත්ති ප්‍රේක්‍ෂකයන් තම හදවතේ නැඟි අනුකම්පාවෙන් ඒ දෙස බලා සිටින්නට ඇත.

ජනවාරි පහළොස්වැනිදා කැලණිය ගුරුකුල විද්‍යාලයට දැඩි ශෝකාකූල දිනයකි. සිය පාසලේ සහෝදරියක මිය ගිය පුවතින් 'ගුරුකුලයම' කම්පාවෙන් ඇලළී ගොස් තිබිණි. විදුහල්පති, ගුරුවරු, සිසු සිසුවියෝ, උදාරිගේ යහළු යෙහෙළියන් සහ මුළු පාසලම සිටියේ කැලඹීමෙනි. හිස කැක්කුමක් ආ උදාරි මිය ගියේ කෙසේද? 

හැම දවසක්ම සතුටින් ගත කරන්නයි මං කැමති - "මෙහි කුණු දැමීම තහනම්" හි ලක්මාලි කියයි...

මගේ ජීවිතේට වටිනාම දේ. ලොකුම දේ ලැබුණා...

දිගම කොණ්ඩේ තියෙන නිළිය කියලා ඇහුවොත් එක පාරටම මතකයට එන්නේ දිල්හානි ලක්මාලි. දිග කොණ්ඩය දිලිනිගේ රූප සම්පත්තිය වැඩි කරන ආභරණයක්.

ආරංචියේ හැටියට ඇය මේ දවස්වල කාලය ගත කරන්නෙ හුඟක් සතුටින්ලු. "මෙහි කුණු දැමීම තහනම්" ටෙලි නාට්‍යයේ සමාරා විදිහට මේ දවස්වල ජනප්‍රිය ඇය තව ටික දවසකින් "පුර කලණි" ටෙලි නාට්‍යයේ සඳරේණු විදිහටත් වෙස් මාරු කරගන්නවාලු.

මේ ඇයත් සමඟ කල කතා බහක්...

නදීෂාගේ හොරෙන් කෑම කෑමේ පුරුද්ද...

විදුහලට ගිය පළමු දිනයේ ලොකු අයියලා දැකල බය වෙලාලු...

ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක් හා සිනමා, ටෙලි නිළියක් වන නදීෂා හේමමාලිව පාසල් යන කාලයේදී ඇගේ යහළු යෙහිලියන් හඳුන්වනු ලැබුවේ ‘සරුංගලේ’ යන සුරතල් නාමයෙන් බව අප වෙත වාර්තා වෙනවා.

ඇය පාසල් කාලයේදී නැටුමට, ගැයුමට මෙන්ම කී‍්‍රඩාවටද දක්ෂ ශිෂ්‍යාවක් බවත් පැවසෙනවා.

නදීෂා පාසල් කාලයේදී දැල්පන්දු කී‍්‍රඩාවට උපන් හපන්කම් දක්වා ඇති බවද වාර්තා වෙනවා. එසේම පාසල් කැන්ටිමේ වැඩි කාලයක් ගත කළ ඇය, සිය පාසල් බෑගය අස්සට

සැමියාගේ යහළුවකු මගින් රට යන්න හැදු බිරිඳට අස්‌වා භාවික ලිංගික අතවර කල සැමියා මෙන්න.

මව බලා සිටියදීම හිස බූගාලා...

ඇඟිලි තුඩුවලට ඉඳිකටුවලින් ඇන වධ දීලා...

දරුවන් ඉදිරියේ මිදුලේ දණගස්‌ලා...

දෙවිනුවර ප්‍රදේශයේ මාළු වෙළෙඳාම කරන පුද්ගලයකු බීමත්ව නිවසට පැමිණ බිරිඳට ඉතා අමානුෂික අන්දමින් පහරදී අස්‌වාභාවික ලෙස ලිංගික අතවර කරන නිසා සැමියාගේ යහළුවකු මගින් රට යැමට අවශ්‍ය කටයුතු සඳහා කාන්තාව නිවසින් පිටත ගොස්‌ තිබෙනවා.

සැමියා නිවසට පැමිණ "තෝ කොහෙද ගියේ කියා පහරදී විවිධාකාරයෙන් ලිංගික අතවර කර බිරිඳගේ මව බලා සිටියදීම හිස බූගා ඇඟිලි තුඩුවලට ඉඳිකටුවලින් ඇන වධ දී තිබෙනවා. ඇගේ ශරීරයටද ඉදිකටුවලින් ඇන තුවාල සිදු කර ඇත. එක්‌ පුතකු හා දියණියන් දෙදෙනකු සිටින ඇය දරුවන් ඉදිරියේ මිදුලේ දණගස්‌වා තිබෙනවා.

මෙන්න 2013 මහා ආශ්චර්ය...

එක පැත්තකින් බඩු මිල අහස උසට.

අනෙක්‌ පැත්තෙන් මුද්දර ගාස්‌තු..

මන්ත්‍රීවරුන්ට පනස්‌ ලක්‍ෂයක්‌ වටිනා තීරු බදු රහිත වාහන...

ආදායම් කොමසාරිස්‌ විසින් නිකුත් කර ඇති ගැසට්‌ නිවේදනයකට අනුව 2013. 01. 01 සිට ගාස්‌තු සංශෝධනයක්‌ කර තිබෙනවා.

2012 වසර අවසන් වනතුරු විවාහ ලියාපදිංචියට රුපියල් 120 කි. දිවුරුම් සහතිකයට රුපියල් 25 කි. ඉඩම් පත් ඉරුවකට රුපියල් 5 කි. උප්පැන්න සහතිකයකට රුපියල් 5 කි.
 
2013
පටන් ගැනීමත් සමගම විවාහයක්‌ ලියාපදිංචියට රුපියල් 5000 යි. දිවුරුම් සහතිකයකට රුපියල් 250 යි. ඉඩම් පිළිබඳ පත් ඉරුවකට රුපියල් 500 යි. උප්පැන්න සහතික පිටපතකට රුපියල් 100 යි.

මොරටු ඉංජිනේරු සිසුන්ගේ මෝටර් සයිකල් ගැටුමේ නොදත් පැත්ත මෙන්න...

එක්‌ ශිෂ්‍යයකු කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට..

ඔහුගේ ජීවිතය ඉතා අවදානම් සහිත තත්වයකකට...

දිනකට 21,000 මුදලක් බෙහෙත් ගැනීම සඳහා වැයවනවා... 

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ සිසුන් හා ජාතික තාක්‍ෂණික ඩිප්ලෝමා (එන්.ඩී.ටී.) සිසුන් අතර ඇතිවූ ගැටුමකින් ශිෂ්‍යයන් පස්‌ දෙනකු බරපතල තුවාල ලැබූ අතර ගැටුම්කාරී තත්ත්වය උග්‍ර වීම නිසා එම පීඨ දෙකම ඊයේ (17) සිට දින නියමයක්‌ නොමැතිව වසා දමා තිබෙනවා.

යකඩ පොලුවලින් සන්නද්ධව මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ නේවාසිකාගාරයට පෙරේදා (16 වැනිදා) රාත්‍රි කඩාවැදුණු ජාතික තාක්‍ෂණ ආයතනයේ ශිෂ්‍යයන් පිරිසක්‌ ඉංජිනේරු පීඨ ශිෂ්‍යයන්ට පන්න පන්නා පහරදීම නිසා බරපතල තුවාල ලැබීමෙන් එම ශිෂ්‍යයන් පස්‌දෙනා රෝහල්ගත කර තිබෙනවා.

මෙම අමානුෂික ප්‍රහාරයෙන් හිසට දැඩි තුවාල ලබා බරපතල තත්ත්වයක පසුවන එක්‌ ශිෂ්‍යයකු කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට (අයි.සී.යූ.) ඇතුළත් කර තිබෙනවා. හතළිස්‌ දෙනකුගෙන් පමණ