Ads 468x60px

.

මුළු ඇටම්පිටිය ගම්මානයම කම්පා කරමින් වියෝවූ දීප්තිගේ මරණයේ අභිරහස...

සැබැවින්ම මෙම පුවත තවත් එක් සිද්ධියක්ද..?

එහි ඊට එහා තිබෙන කතාව කුමක්ද..?

පවුලට ආවේණික ගැටලුවක ප්‍රතිඵලයක් පමණක්ද?

අම්මාගේ ඔවදනින් කම්පාවී දිවි නහගත් ඇටම්පිටිය මහ විදුහ‍ලේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ඇය 11 හැවිරිදි දියණියකි. 

ඇය දිවිනසා ගැනීමට පෙර ලිපියක් ලියා එය නිවසේ රූපවාහිනී යන්ත්‍රය අසලින් තබා තිබෙනවා.  එහි මූලික වශයෙන් සඳහන් කර තිබෙන්නේ ආදරේ කරුණාව නැති නිසා සියදිවි නසාගැනීමට තීරණය කළ බවය.


දැරියගේ මව ‍පොලිසියට පවසා ඇත්තේ දියණිය සිව් හැවිරිදි මල්ලී සමග නිතර රණ්ඩු සරුවල් වන බවත් දිවිනසා ගත් ජනවාරි 13 වැනි දාත් එලෙස රණ්ඩුසරුවල් ඇතිකරගත් නිසා ඇයට බැණ වැදී තරවටු කළ බවය.

ඉන්පසු එම මව එදින දිවා ආහාර පිස දරුවන් දෙදෙනාට කන්නට දී සවස 4.30ට පමණ දියණිය ගෙදර නවතා කුඩා දරුවා සමග තරමක් ඈතින් පිහිටි හිතවත් ගෙදරකට ගොස් තිබෙනවා. පැය එකහමාරකට පසු යළි ගෙදර එනවිට මව දුටුවේ ගෙල වැල ලාගෙන දිවි නසාගත් තම දියණියගේ මළ සිරුරය. 

සැබැවින්ම මෙම පුවත තවත් එක් සිද්ධියක්ද? එය එම දියණිය හැදී වැඩුණු ඇගේ පවුලට ආවේණික ගැටලුවක ප්‍රතිඵලයක් පමණක්ද? නොඑසේ නම් එය එම කුඩා පවු‍ලේ අභ්‍යන්තර ප්‍රශ්නයක්ද? එහි ඊට එහා තිබෙන කතාව කුමක්ද?

නෙහාරා හා මේනක ගේ මෙතෙක් මාධ්‍යයට හෙළි නොකළ පෙම් කතාව...

ලෝකයම දන්නවා අපි ආදරය කරනවා කියලා...

මම හිතන්නේ ඒක රහසක් නෙවෙයි - නෙහාරා

නෙහාරගේ ආදරය ලබන්න තරම් මම වාසනාවන්තයි - මේනක

මෙතෙක් කලක් මාධ්‍යයෙන් වසන් කලත් මේනක රාජපක්ෂ සිය දික්කසාදය ගත්තේ නෙහාරා සමග විවාහ වීමේ අරමුණෙන් බව අපට දැනගන්නට ලැබුනා. 

පසුගිය කාලයේ මාධ්‍යයට දිවා රෑ නොබලා තමාත් මේනකත් අතර සම්බන්ධයක් නොමැති බව කියූ නෙහාරාත්  එම මුවෙන්ම පහත වදන් ලිස්සා හැර තිබුනේ කිසිවක් නොදන්නා කෙනෙකු ගානටය

නෙහාරා හා මේනක ගේ මෙතෙක් මාධ්‍යයට හෙළි නොකළ පෙම් කතාව මෙවර සති අන්ත පුවත්පතකට ප්‍රසිද්ධ කොට තිබෙනවා. 

එම පෙම් කතාව පහතින්..

නෙහාරා හොර රහසේම මේනකට ආදරය කරනවා කියන්නේ ?
අනේ නැහැ..මම හිතන්නේ මුළු ලංකාවම විතරක් නෙවෙයි ලෝකයම දන්නවා අපි දෙන්න සැබෑවටම ආදරය කරනවා කියා.විදෙස්ගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන් පවා දන්නවා. මම හිතන්නේ ඒක රහසක් නෙවෙයි.

මේනක පිළිබඳව නෙහාරගේ අදහස 
පොලවේ පයගහල ජිවත්වන කෙනෙක්.හැමදෙයකටම පුදුමාකාර ඉවසීමක් සහ පුළුල් විදියට හිතන කෙනෙක්.හැමෝටම පුළුවන් විදියට උදව් කරන කෙනක්.කිසිම සීමාවක් නැතුව ආදරය කරන කෙනක්. මට වචන නැහැ ඒ ගැන කියන්න.