Ads 468x60px

.

පෙම්වතාගේ බල කිරීම මත දුරකථනයෙන් නිරුවත වීඩියෝ කර පෙම්වතිය අමාරුවේ වැටුණු හැටි.

ඔයාගෙ නිරුවත්  ඡායාරූප තියන වීඩියෝ  පටයක් අපි ළඟ තියනවා. 

අපි ඒක ඉන්ටර්නෙට් එකට දාන්නයි යන්නෙ..

තරුණියකගේ නිරුවත් ඡායාරූප සහිත වීඩියෝ පටයක් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කරන බවට බිය වද්දමින් ඇගෙන් රුපියල් ලක්ෂ ගණනක මුදල් සහ රන් ආභරණ ලබාගත් අඹු සැමි යුවළක් පසුගියදා මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්  රවීන්ද්‍ර ප්‍රේමරත්න හමුවට ඉදිරිපත් කර තිබුණා

මෙම සැකකරුවන් ලබන 22 වන දින දක්වා රක්ෂිත  බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මීට දින කීපයකට ඉහතදීය.
මෙම අකරතැබ්බට මුහුණ පෑ තරුණිය කටුගස්තොට  ආසන්නයේ වෙළෙඳ සලක සේවය කළාය. වයස අවුරුදු 21 ක් පමණ වන ඇය රූමත් තරුණියකි. 

මීට සති කීපයකට පෙර ඇයගේ ජංගම දුරකථනයට නන්නාඳුනන අංකයකින් ඇමතුම් ගලා එන්නට විය. නුහුරු නුපුරුදු අංකයක් නිසා ඇය එම ඇමතුම් වලට පිළිතුරු නොදී ඒවා විසන්ධි කරන්නට පියවර ගත්තාය. නමුත් දිවා රාත්‍රී එන එම ඇමතුම් කාගෙන්ද යන කුතුහලය නිසාම ඇය එක්වරක්  එයට පිළිතුරු දෙන්නට තීරණය කළාය.

ආ මිස් ඔයා ඉන්නෙ කටුගස්තොට නේද.....? දුරකථන ඇමතුම දුන් අය විමසීය. තරුණිය මදක් නිහඬ වූවාය. 

ඔයාගේ නම.....නේද?
ඔයා පදිංචි අහවල් තැන නේද.

පැහැර ගත් ඕලු බිස්කට් නිර්මාණකරු මාධ්‍යය හමුවේ කරුණු හෙළිකිරීම ප්‍රතික්‍ෂේප කලේ ඇයි..?

කුරුණෑගල චූල පත්මේන්ද්‍ර පැහැරගෙන මහමග දමයි...

නිපැයුම්කරුවකු වශයෙන් ජනාධිපති සම්මානත් හම්බ වෙලා... 

කුරුණෑගල නව කර්මාන්ත කරුවන්ගේ සංගමයේ සභාපති ඩී. ඇම්. අජිත් චූල පත්මේන්ද්‍ර මහතා ඉකුත් 18 දා උදෑසන කුරුණෑගල නව බස්‌ නැවතුම්පළේදී කිසියම් පිරිසක්‌ විසින් පැහැරගෙන ගොස්‌ අත පය බැඳ දමා අඹේපුස්‌ස කුරුණෑගල පාරේ දමාගොස්‌ සිටියදී 20 දා අලුයම වරකාපොල පොලිසියට හමු වී තිබෙනවා.

මෙම පැහැරගැනීමට ලක්‌ වූ පුද්ගලයා කුරුණෑගල බලල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකි. ඔහු මඟ නැඟුම සාකච්ඡාවකට සහභාගිවීම සඳහා නගරයට යැමට සිටියදී තිදෙනකු පැමිණ ඉන් එක්‌ අයකු ආරාධනා පත්‍රය ද පෙන්වා ඔවුන් ද එම සාකච්ඡාවට යන බව පවසමින් සුදු පැහැති වෑන් රථයකට අජිත් නමැති අය නංවාගෙන තිබෙනවා.  

අනතුරුව නාඳුනන පිරිස කිසියම් ප්‍රදේශයක පිහිටි නිවසකට තමන් කැඳවාගෙන ගිය බවත් තමන් නිෂ්පාදනය කරනු ලබන භාණ්‌ඩ වර්ගවල ප්‍රමිතිය පැහැදිලි කරදෙන ලෙස මරණීය තර්ජන කළ බවත් දිසානායක මහතා පොලිසිය හමුවේ කරන ලද පැමිණිල්ලක සඳහන්ව තිබෙනවා.

හදිසියේ කැලණියට පැමිණ මර්වින් ජනතාව අමතයි

මගේ අතේ ලේ ගෑවිලා නෑ...

මා මැරුණහම අළුපා කරන්නෙත් කැලණි ගඟේ...

ආණ්‌ඩුවේ ගෞරවය රකින්න
තාවකාලිකව අස්‌වුණා...


ජනාධිපතිගෙත් ආණ්‌ඩුවෙත් ගෞරවය ආරක්‍ෂා කරන්න මම තාවකාලිකව ඉල්ලා අස්‌වීමේ ලිපිය භාරදුන්නා. ඒත් මම හැමදාමත් ඉන්නෙ කැලණියේ. මැරෙන්නෙත් කැලණියේ. කවදා හෝ මගේ අළු ටික පා කරන්නෙත් කැලණි ගඟේ යෑයි මහජන සම්බන්ධතා හා මහජන කටයුතු පිළිබඳ ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (20 දා) කැලණිය කොහල්විල ප්‍රදේශයේ පැවැති ශ්‍රීලනිප ක්‍රියාකාරීන්ගේ එකමුතුවකින් පැවැති ජනහමුවකදීය.

මගේ අත් දෙක පිරිසිදුයි. ලේ ගෑවිලා නෑ. සත්‍ය කවදාහරි ජය ගනීවි. එදාට ඔයාල රතිඤ්
පත්තු කරන්න, හොරුන්ට, මංකොල්ලකාරයන්ට පගාකාරයන්ට කැලණිය යටත් කරන්න ඉඩ දෙන්නේ නැහැ.

ගිය ජනවාරියෙත් මේ වගේ චෝදනා අපහාස මට අහන්න ලැබුණා. ඔය උල්කාපාත, චණ්‌ඩ මාරුත, සුනාමි කොතෙකුත් ආවත් මා කිසි දෙයකින් සැලෙන්නේ නැහැ.

ෆාදර් ගහන හින්දා මට ළමා නිවාසයට යන්න බෑ - දස හැවිරිදි දරුවා කියයි...

පියතුමා ඉතාමත් සැරයි... 
ළමයින්ට පහර දෙනවා...

පාසල් නිල ඇඳුම පිටින් සැරසී කළුතර බස්‌ නැවතුම් පළේ රැඳී සිටි මෙම දරුවා නගරාන්තර බස්‌ රථ රියෑදුරකු වන තුෂාර සංජීව ප්‍රනාන්දු මහතා ඇතුළු බස්‌ නැවතුම්පළේ සේවක පිරිසක්‌ විසින් කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට 18 වැනිදා භාරදී තිබුනා.

"ළමා නිවහනට යන්න බැහැ. ෆාදර් මට ගහනවා" යෑයි මග්ගොන දොන් බොස්‌කෝ ළමා නිවාසයෙන් පැනවිත් කළුතර බස්‌ නැවතුම්පළේ සිටියදී පොලිස්‌ භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ 10 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙක්‌ කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අරුණ අළුත්ගේ මහතා හමුවේ කියා සිටියා.

නුවර ප්‍රදේශයේ පදිංචි මෙම දරුවාගේ පියා මත්පැන් පානය කර නිවසට පැමිණ මවට හා දරුවාට පහරදීම නිසා නුවර පොලිසිය විසින් අධිකරණය මාර්ගයෙන් මග්ගොන දොන් බොස්‌කෝ ළමා නිවහනට භාරදී තිබුනා.

එරෙහිව නෝ ලිමිට් ට උද්ඝෝෂණ - ආදායම 30%කින් අඩුවෙයි...

මාසිකව රුපියල් ලක්‍ෂ 53ක් පාඩුවක්...

පසුගිය දින වල දෙමටගොඩ ප්‍රදේශයේදී සිංහල රාවය සංවිධානය විසින් අත් පත්‍රිකා රැසක් ජනතාව අතර බෙදා හැර තිබුනේ නෝ ලිමිට් ආයතනයෙන් මිලදී ගැනීම් නොකරන ලෙසයි.

ඒ අනුව මේ වනවිට නෝ ලිමිට් ආයතනයේ මුලු ආදායම 30%කින් හෙවත් රු. කෝටි 300කින් අඩුවී තිබෙන බවයි වාර්තා වෙන්නේ.


අන්තර්ජාල හා අනෙකුත් දැනුවත්කිරීම් ඔස්සේ "නෝ ලිමිට්" ආයතනයට එරෙහිව ගෙන යන විරෝධතා රැල්ල හේතුවෙන් ඔවුනට මාසිකව මාසිකව රුපියල් ලක්‍ෂ 53ක් පාඩු සිදුවී තිබෙනවා.