Ads 468x60px

.

හැංගි හැංගි වෙස් බැන්දට නටන්නේ එළිපිටනේ - මේනක-නෙහාරා ප්‍රසිද්ධියේම කියයි..

යාළුවො පෙම්වතුන් වෙන එක සාමාන්‍යයිනේ...

පෙම්වතුන් විවාහ වෙන එක අහන්නත් දෙයක්ද...?

හැංගි හැංගි වෙස් බැන්දට නටන්නේ එළිපිටනේ. ඔන්න දැන් මේනක-නෙහාරා සුපෙම්වතුන් කියලා දෙන්නා දැන් ප්‍රසිද්ධියේම කියනවා. ඔය කතාව අපි දන්නේ අද ඊයෙ නෙවෙයිනේ. 

දන්න දේ කියන එක යුතුකමක් නිසා මීට අවුරුද්දකට කලින් අපි ඒ යුතුකම ඉටු කළා. සහ සුද්දෙන් දැනගෙන හිත හොඳින් කළත් අපි ලිව්ව නිසා දෙන්නාටම ඩෝං ගියා.

එදා ඉඳන් ඒ දෙන්නා අපි එක්ක තරහයි. අපේ නම් තුන් හිතකවත් කහටක් නෑ... යාළුවො පෙම්වතුන් වෙන එක සාමාන්‍යයිනේ. පෙම්වතුන් විවාහ වෙන එක අහන්නත් දෙයක්ද? 

සමහරු ජනපි‍්‍රය වෙන්න ප්‍රවෘත්ති මැව්වාට මට එහෙම වුවමනාවක් නෑ - චතුරිකා පීරිස්

මම වරදක් නොකළ බව මගේ හිත දන්නවා

චතුරිකා පීරිස් පසු ගිය සති කීපයේ මාධ්‍යයන් හි වඩාත් ම කතා බහට ලක්වුණු තැනැත්තියක බවට පත් වූවාය. ඒ චතුගේත් රොෂාන් ගේත් වෙන් වීම පිළිබඳ ලියැවුණු ප්‍රවෘත්ති නිසාය. 

චතුරිකා අපට සිටින දක්ෂතම රංගන ශිල්පිනියකි. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ සම්මාන ගණනාවක් ම හිමිකර ගැනීමට චතුරිකාට මේ වනවිට හැකියාව ලැබී ඇත. එසේම ඇය කිව යුතුදේ ඍජුවම කියන තැනැත්තියකි. මේ චතුරිකා සමඟ කළ කතාබහක්

රොෂාන්ගේත් ඔබේත් වෙන්වීම ගැන පසුගිය දිනවල මාධ්‍ය තුළ විශාල වශයෙන් කතාබහට ලක්වුණා. ඒ සිදුවීම ගැන දැන් මොනවද ඔබට හිතෙන්නේ?

ඒ ප්‍රශ්නය ඇතිවුණු දවස්වල මාධ්‍යයට අදහස් දැක්වූවේ අපරාදේ කියල දැන් මට හිතෙනව. ඒ අවස්ථාවේ මා වටා හිටිය පිරිස මට වැඩිය කලබල වුණා. මම ඒ දවස්වල සිටියේ රූපගත කිරීමක. පත්තරයක් බලන්නවත් මට නිදහසක් තිබුණේ නෑ. ඉතින් මා වටා සිටි සමහර අය මෙහෙම කියන්න, මෙහෙම කරන්න කියල මට කිව්ව. 

අචලා ප්‍රියදර්ශනීගේ අත කැපීම අත් වැරැද්දක් - මෙහෙම අතවැරදීම් වෙන්න පුලුවන්ද...?

ඕනෑම රටක ඔය වගේ අත්වැරදි සිදුවෙනවා...- වෛද්‍යවරයෙක් කියයි

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අවසන් වසරේ ඉගෙනීම ලබන අචලා ප්‍රියදර්ශනී ශිෂ්‍යාව මාතර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇයගේ වම් අත කපා දැමූ අතර මාතර රෝහලේ වරදින් වම් අත කපා දැමීමට සිදුවී ඇති බව හෙළිවී තිබෙනවා.

‘ඕනෑම රටක ඔය වගේ අත්වැරදි සිදුවෙනවා. පරීක්‍ෂණවල ප්‍රතිඵලවලින් පසු වම් අත කපා දැමූ අචලා ප්‍රියදර්ශනී සිසුවියට වන්දි මුදලක්‌ පවා ගෙවීමට සිදුවෙනවා’ යයි මාතර රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියෙක්‌ පැවසුවා.

මෙම සිසුවියගේ අතට ප්‍රතිකාර කළ මාතර රෝහලේ වෛද්‍යවරයාගෙන් දැනටමත් ප්‍රකාශ සටහන් කරගෙන යන බවද හෙතෙම පවසා සිටියා.

රෝගීන් දහදෙනකුට මේ ආකාරයේ ප්‍රතිකාර කිරීමට නියමිතව තිබියදී සීමාව ඉක්‌මවා රෝගීන් සියයකට වැඩි පිරිසකට ප්‍රතිකාර කිරීමෙන් අත්වැරදි සිදුවිය හැකි බවද පැවසූ ඔහු මෙවැනි අත්වැරදි ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව ඕනෑම රටක සිදුවෙන අතර එම වැරදි හිතාමතා සිදුකරන ඒවා නොවේ යයිද සඳහන් කළා.

එහි සම්පුර්ණ විස්තරය පහතින්

සේමිනි පොළොවේ ගැසුවා සේ හතරමුණින් වැටුනේ ඇත්තටම සූර් වෙලාද..?

ඉකුත් සතියේ සති අන්ත පුවත්පතක ටැබ්ලොයිඩ් අතිරේකයක සඳහන් වූ ප්‍රසිද්ධ හෝටලයක පැවැති සාදයකදී සූර්වී පෙරේතයා පොළොවේ ගැසුවා සේ හතරමුණින් වැටුණු නිළිය සේමිනි ඉද්දමල්ගොඩ බව මේවන විට හෙළිවී තිබෙනවා. 

ඇය මෙසේ සූර්වී ඇත්තේ සිය සැමියා හා දරුවන්ද සමග පැමිණ බවද එහි සටහන්ව තිබුනා.කෙසේවුවද මෙසේ සිහිය විකල්වීමට මත් පැන් පානය කර ඇත්තේ පසුගිය කාලයේ ඇය සම්බන්ධයෙන් අන්තර්ජාලේ පළවුණු විවිධ කතා වලට දුක සිති බවද එහි දැක්වුණා.

එසේම දුකට හතරවැනි සිල් පදය කඩන්නම අවශ්‍ය නැති බවත්, කකුල පැටලිලා වැටුණත් කයි කතන්දර හදන්න කැමැති අය එක එක තාලෙන් කතන්දර හදන බවද එහි දක්වා
තිබුනා. හේතුව කුමක් වුණත් නිළිය වැටුණු බව ඇත්ත බවද එම ටැබ්ලොයිඩ් අතිරේකය ප‍්‍රත්‍යක්‍ෂකර තිබුනා.

අම්මට සිරි අරු මාර වැඩක්නෙ කරල තියෙන්නෙ - ජිප්සීස් නායක සුනිල් කියයි

දේශපාලනය? පිස්සුද මල්ලි? 

මල්ලි... ඔයා මගෙත් එක්ක අමනාප වෙන්න එපා...

ප‍්‍රශ්නෙ අහන්න ඕන අදාළ දේශපාලනඥයගෙන්ම තමයි..

ලංකාවේ සංගීත රසික ප‍්‍රජාවගෙන් ‘‘ජිප්සීස්’’ කියන්නෙ කවුද කියල ඇහුවොත් ඒ අය කියන්නෙ ‘‘අහිගුණ්ඨික’’ ජන කොට්ඨාශය පිළිබඳ නම් නොවෙයි. ඔවුන් ‘‘ජිප්සීස්’’ නමින් හඳුන් වන්නේ සුනිල් පෙරේරා ප‍්‍රමුඛ ‘‘ජිප්සීස්’’ සංගීත කණ්ඩායම. මේ සංගීත කණ්ඩායම ගීත ඇල්බමයක් නිකුත් කරන්නෙ වසර හය හතක කාල පරාසයක් අතරතුර. 

නමුත් ඔවුන්ගේ ගීත හැමදාමත් විඳින පිරිසක් ලාංකේය සංගීත රසික ප‍්‍රජාව අතරේ ඉන්නවා. එම සංගීත ප‍්‍රජාව සහ සමස්ථ ලාංකේය සංගීත රසික ප‍්‍රජාව වෙනුවෙන් අපි අදහස් කළා ‘‘ජිප්සීස්’’ කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වන්න.

පළමුවෙන් ම ඔහු අපෙන් විමසුවේ දේශපාලනික කාරණත් සාකච්චා කරන්න බලාපොරොත්තු...මේ වාක්‍ය අවසන් කරන්න ඔහු ඉඩ දුන්නේ නැහැ.

මට ටිකක් කේන්ති යන හින්දා මට ගැලපෙන්නේ ඉවසීම තියන කෙනෙක් - ශලනි තාරකා

ගොඩාක් අය කලාව දිහා, නිළියන් දිහා වපර ඇසින් බලනවා...

සංකේත් අභිලාෂ් වික්‍රමගේ හා ශලිනි තාරකා පිළිබඳව පසුගිය කාලයේ කටකතා පැතිර තිබුණා.

සිරස කුමරිය ලෙස තේරී පත්වීමෙන් පසු නිළියක් ලෙස කලා ලෝකයට පැමිණි ශලනි තාරකා ඩාන්සින් ස්ටාර් තරඟයේදී කැපී පෙනෙන නර්තනයක යෙදුනා.

කෙසේ වුවද ශලනි තාරකාගේ අනාගත සහකරුවා කෙබඳු අයෙකු විය යුතුද යන්න ඇය පවසා තිබෙනවා. ඒ අනුව සුදු අයට අකමැති බවයි ඇය පවසන්නේ.

"මම එච්චර උස නැති හින්දා උස අය ගැන පුංචි විශේෂත්වයක් මගේ හිතේ තිබුණා. ඒ වගේම සුදු අයට මම කැමති නැහැ. ඒ හින්ඳා මගේ හිතේ ඇඳුනු රූපයක් තිබුණා.