Ads 468x60px

.

සිරුරෙන් පිටත හදවතක් පිහිටි සිඟිත්තියක්...

වෛද්‍ය ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවක්..

උප්පත්තියෙන්ම සිය හදවත සිරුරෙන් පිටත පිහිටන සේ උපත ලැබූ සිඟිත්තියක් හට රෝස පැහැති ආවරණයක් යොදා යථා තත්වයට පත් කෙරූ පුවතක් ඇමරිකාවෙන් වාර්තා වෙනවා.

ඖඩ්‍රිනා කාඩනස් නම් මෙම දැරිය ඉතා විරල රෝගී තත්වයක් වන “එක්ටෝපියා කෝඩිස් (ectopia cordis)” තත්වයට මුහුන දුන් අතර මේ තත්වය මිනිසුන් මිලියන අටකින් එක් අයෙකුට වැලදෙන අතර ඉන් දහයෙන් නව දෙනෙකුම උපතේදීම හෝ උපතින් දවස් දෙක තුනක් ඇතුලත මියයෑම සිදුවෙයි.

නමුත් හාස්කමක් දක්වමින් මෙන් ඖඩ්‍රිනා ළදැරිය ජීවත් වූ අතර ඉන් පසු වෛද්‍යවරුන් මුහුන දුන් ගැටළුව වූයේ සිරුරෙන් පිටත තිබෙන්නාවූ හදවත ආරක්ෂා කරන්නේ කෙසේද යන්නයි.

මේනක රාජපක්ෂ ඇත්ත කතාව කියයි - අපි විවාහ ගිවිසගත්තා යැයි කියන කතාව අමූලික බොරු...

ඒකෙ ඇත්ත කතාව මේකයි... 

මගේ අම්මාගේ  60 වැනි උපන්දිනය යෙදිලා තිබුණේ පසුගිය 25 වැනිදාටයි

දැකපු කෙනෙක් ලබාදීපු වැරදි තොරතුරක්...

පුංචි තිරයේ ටෙලිනාට්‍යවලදී බොහෝවිට එක්ව දකින්නට ලැබෙන නළුනිළි දෙපළක් වන මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස්, සැබෑ ජීවිතයේදීද පෙම්වතුන්  වග දැන් රහසක් නොවේ. 

මාධ්‍යයන්ගේ නිරන්තර අවධානයට ලක්වන යුවළක් වන මේනක සහ නෙහාරාගේ නම් ඈඳාගනිමින් මේ දිනවල තවත් ආරංචියක් පැතිරයයි. ඒ, මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස්, හොර රහසේම විවාහ ගිවිසගෙන ඇති බවයි.

ඔබ නෙහාරා සමග විවාහ ගිවිසගත් බවට ආරංචියක් මේ දිනවල පැතිරෙනවා. එය ඇත්තක්ද ?

නැහැ. ඒක බොරු කතාවක් අපි තවමත් විවාහ ගිවිස ගෙන නැහැ.

නමුත් ඔබත් නෙහාරත් පසුගිය දිනෙක විවාහ ගිවිස ගත්බව ඇතැම් මාධ්‍යයන්හි පළකොට තිබුණා?

ඒකෙ ඇත්ත කතාව මේකයි. මගේ අම්මාගේ  60 වැනි උපන්දිනය යෙදිලා තිබුණේ පසුගිය 25 වැනිදාටයි. අම්මාගේ උපන්දිනය සැමරීමට හෝටලයක් තෝරාගන්න මමත් නෙහාරත් මගේ සහෝදරියත් හෝටල් සොයමින් ගියා. 

මෙන්න යනවනම් නියම තැනක්...

මිනිස්‌ ඇස නොගැසුණු මාළදොල මහඇල්ල...

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය දේශගුණික වශයෙන් අතරමැදි කලාපයට අයත් වෙනවා. මේ නිසා ම සොබා දහමෙන් උරුමවූ වටිනා පාරිසරික දායාදයන් රාශියක්‌ මෙම ප්‍රදේශයට හිමි වී තිබෙනවා.

මේ නිසාම ඉංගී්‍රසි ජාතිකයන් උඩරට තේ වගාව ආරම්භ කරන වකවානුවේදී හල්දුම්මුල්ල ඔවුන්ගේ ආර්ථික මධ්‍යස්‌ථානය කරගෙන
තිබෙනවා. බටහිරෙන් ගොම්මොලිකන්ද, උතුරෙන් ඉදල්ගස්‌හින්න, හපුතලේ කඳුවැටිය, ඊට පහළින් කොටුගොඩැල්ල කන්ද පිහිටා තිබෙනවා.

දකුණු බිම් තීරුව නිරාවරණය වීම නිසා අම්පාර, මොණරාගල, හම්බන්තොට, රත්නපුර, බදුල්ල යන දිස්‌ත්‍රික්‌ක ගණනාවක්‌ම එකම තැන සිට නැරඹිය හැකිය.

නැගෙනහිරෙන් කොස්‌ලන්ද දියලුම ඇල්ල ද බටහිරෙන් බඹරකන්ද දියඇල්ලද, ගලා යන අතර නවතම කිසිවෙක්‌ නුදුටු මාළදොල මහ ඇල්ල තවත් වටිනා සෞන්දර්යාත්මක ඇල්ලක්‌ වශයෙන් හැඳින්විය හැක.

හල්දුම්මුල්ල - හාල්අටුතැන්න මන්සන්දියේ සිට තිරවනාගම මාර්ගයේ 1 කණුව සීලතැන්න හංදියෙන් හැරී මාළදොල මාර්ගයේ ගමන්කර මාළදොලට ළඟා විය හැක.මේ වනවිට වාහන යැමට තරම් මාර්ගය ඉදිවී
තිබෙනවා.

නයි නළඟන පෙම්වතාට එරෙහිව දැමු පැමිණිල්ල ඇයම අස්කරගත්තේ තවත් තුරුම්පුවකටද.?

අනේ අපි දෙන්නා සමාදානෙන් ඉන්නම් මෙයා උසාවි දාන්න එපා

පෙම්වතා සමග අත්අල්ලාගෙන පැමිණ නයි නළඟන පැමිණිල්ල අස්‌කරගෙන...

නයි නළඟන ලෙස ප්‍රසිද්ධ වූ රත්නායක මුදියන්සේලාගේ නිරෝෂා විමලරත්න නොහොත් ඩිලානි නමැති තරුණිය වැල්ලම්පිටිය පොලිසියට පැමිණ ඇය විසින් කරනු ලැබූ පැමිණිල්ල ඉල්ලා අස්‌කරගෙන තිබෙනවා.

මෙම තරුණිය පසුගිය 23 වැනිදා අලුයම කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණය අසල හන්දියේ දමාගොස්‌ සිටියදී වැල්ලම්පිටිය පොලිසිය මගින් ජාතික රෝහලට ඇතුළත් කර තිබුනා.

එහිදී ඇය පොලිසියට පවසා ඇත්තේ තමාගේ පෙම්වතා වන සුල්තාන් අහමඩ් නමැත්තා තමාට පහරදී තුවාල සිදුකර මහමග දමාගිය බවයි.

මේ සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය පරීක්‌ෂණ ආරම්භ කර සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටියදී "නයි නළඟන" වැල්ලම්පිටිය පොලිසියට පැමිණ පැමිණිල්ල ඉල්ලා අස්‌කර ගැනීමට අවශ්‍ය බව පවසා
තිබෙනවා.

මේ හදිස්සියේ ජනාධිපතිවරයා පවිත්‍රාට විදුලිබල ඇමතිකම දුන්න හේතුව මොකද්ද?

වසරින් වසර මගේ මනාප වැඩිවෙනවා...

මම මගේ මහත්තයට ආරෙයි. මහත්තය මට ආදරෙයි. ඒවා තියෙන්නේ අපි දෙන්නගෙ හිතේ. ඒත් ආදරෙයි ආදරෙයි කිය කිය අපි දෙන්නා ඒ මත්තේ නැහෙන්නෙ නෑ. 

මම ජනතාව වෙනුවෙන් දේශපාලනය කරන්නත් වෙලාව වෙන්කරගෙන තියෙනවා. යැයි විදුලිබල ඇමතිනී පවිත‍්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය පවසනවා.

ඇය මේ බව කියා සිටියේ ඇහැලියගොඩ කිරිඇල්ල ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශවල උපාධිධාරීන් 70 දෙනෙකුට පත්වීම් ප‍්‍රධානය කිරීමට පැවැති උත්සවයකදීය.

එසේම තමා ආදරයත් දේශපාලනයත් හොඳින් වටහාගෙන සිටින බවත් ඒ දෙක පටලවා නොගන්නා බවද ඇය කීවා. මේ කාරණාව ජනතාව දන්නා බැවින් තමාට වසරින් වසර මනාප වැඩිවන බවද ඇය පැවසුවා.