Ads 468x60px

.

මම කාටවත් කඩේ යන්නේ නැහැ - සනත් ජයසූරිය

අපි ආවේ මහේලව හෝ සංගක්‌කාරව ඉවත් කරන්න නෙමෙයි...

නව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය කියයි...

ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියේ වසර විස්‌සක අත්දැකීම් සමග ඕනෑම පීඩනයකට ඔරොත්තු දිය හැකි ලෙස පදම්වී සිටින තමා නව රාජකාරිය අකුරට ඉටුකිරීමට සූදානම් බව නව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපතිවරයා ලෙස පත්වූ හිටපු ක්‍රිකට්‌ නායක සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා පවසනවා. 


ඔහු මෙම අදහස්‌ පළ කර සිටියේ ඊයේ 30 දා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.  

එම විස්තරය පහතින්

"අපි මෙතනට ඇවිල්ල තියෙන්නෙ මහේලව හෝ සංගක්‌කාරව ඉවත් කරන්න නෙමෙයි. අපි ක්‍රීඩකයන්ගෙ නම් තුන හතරක්‌ ඉලක්‌ක කරගෙන තේරීම් කරන්නෙ නැහැ. අපිට ලොකු වගකීමක්‌ තියෙනවා ශ්‍රී ලංකාවේ ඉදිරි ක්‍රිකට්‌ ගමන සඳහා. එහිදී අපි ඉක්‌මනින් හොඳ නායකයකු පත්කළ යුතුයි. ඒ සඳහා තවම අපි සාකච්ඡා කළේ නැහැ. 


එහිදී සුදුසුම කෙනා කවුරුන්ද කියල තව දින කිහිපයකින් තීරණය කරනවා. අපි ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ අංක එකට තියල සියලු තීරණ ගන්නවා. අපිට මේ හැම දෙයක්‌ම ලැබිල තියෙන්නෙ

ලොව හොඳම කෘතීම අත අචලාට - සතියක් ඇතුළත දිවයිනට

ඉතා ඉහළ තාක්ෂණයක් පවතින්නේ ඊශ‍්‍රායලයේ...

සතියක් ඇතුළත දිවයිනට ගෙන්වීමට කටයුතු කරන්...

විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේ දී පැවැති සාකච්ජාවකින් පසු වෛද්‍ය වරයකුගේ වරදින් අත ඉවත් කිරීමට සිදු වූයේ යැයි කියන කොළඹ නීති පීඨයේ සිව්වැනි වසරේ ඉගෙනුම ලබන අචලා පි‍්‍රයදර්ශනී සිසුවියට කෘතිම අතක් ලබාදීම සඳහා වැයවන සම්පූර්ණ මුදල රජයෙන් ගෙවීමට තීරණය කර තිබෙනවා.

මේ අවස්ථාවට අමාත්‍ය ජී.එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන නාමල් රාජපක්ෂ සහ උදිත් ලොකුබණ්ඩාර යන මහත්වරු ද ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීහු පිරිසක් ද, විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ නියෝජිතයන් කිහිප දෙනෙක් ද සහභාගී වුනා.

කෘති‍්‍රම අත් නිෂ්පාදනයේ දී ඉතා ඉහළ තාක්ෂණයක් පවතින්නේ ඊශ‍්‍රායලයේ බැවින් එම රටෙහි මෙම ශිෂ්‍යාවට අවශ්‍ය කෘති‍්‍රම අත ලබාගැනීමට කටයුතු කරන ලෙසත්, එය

ජෝර්දානයේදී වධ හිංසාවලට ලක්වූ පොල්පිතිගම රේණුකාට සිහිය එනවිට ලේ විලක් මැද.

සිහිය ඇවිත් බලන කොට අතේ ඇඟිල්ලේ පුරුක් නෑ...

ජෝර්දානයේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කරමින් සිටියදී වධ හිංසාවලට ලක්වූ බව කියන කාන්තාවක, අතක ඇඟිලිවල කැපුම් තුවාල සහිතව ඉකුත් (26දා) කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

ඇගේ ඥාතීන් විසින් ජෝර්දානයේ සිට ලංකාවට ආපසු ගෙන්වා ගැනීමෙන් අනතුරුව මෙලෙස රෝහල් ගතකරනු ලැබුවේ පොල්පිතිගම, සාලියගම ප්‍රදේශයේ පදිංචි රේණුකා දමයන්ති හේරත් නමැති 32 හැවිරිදි තිදරු මවකි.


ස්ථීර නිවෙසක් සාදාගැනීමේ අරමුණින් යුතුව 2012 වසරේ ජූලි මස හත් වැනිදා කුරුණෑගල පිහිටි විදේශ රැකියා ඒජන්සියක් මාර්ගයෙන් ජෝර්දාන් රාජ්‍යයේ සේවය කිරීමට පිටත්වී ගිය බවත් සාමාජිකයන් අට දෙනකුගෙන් යුත් පවුලක් වෙසෙන තට්ටු නිවාසයක ගෘහ සේවිකාවක් ලෙස සේවය කිරීමට තමාට සිදුවූ බවත් ඇය කියන්නීය. 

මුල් මාස දෙක කිසිදු ගැටලුවකින් තොරව සේවයේ යෙදුණු නමුත් පසුව සෑදුණු බඩේ අමාරුවක් හේතුවෙන්, නිවැසියන් විසින් රෝහලක් වෙත රැගෙන ගිය බවත් එහිදී යම් එන්නතක්

මෙවර උසස් පෙළ ගණිත හා විද්‍යා අංශ දෙකෙහිම ප්‍රථම ස්ථානය රුසිරු හා කසුන්ට...

මෙවර ගණිත හා විද්‍යා අංශ දෙකෙහිම ප්‍රථම ස්ථානය හිමිව ඇත්තේ වීරකැටිය රාජපක්ෂ මාධ්‍ය මහා විද්‍යාලයටය.

ඒ අනුව රුසිරු ගාම්භීර ආරච්චි ගණිත අංශයෙන්ද කසුන් ලක්මාල් විද්‍යාව අංශයෙන්ද දිවයිනේ ප්‍රථමයන් වී තිබෙනවා.  

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ දින රාත්‍රීයේ අන්තර්ජාලයට නිකුත් කරනු ලැබු අතර ඔවුන්ගේ ප්‍රතිඵල සටහන පහතින් 

ඊයේ අලූයම මිනුවන්ගොඩ දී රන්දම්වැලක්‌ කඩා ගැනීමට ගොස් ජූඩ් නිශාන්ත වෙඩි කෑ හැටි.

තරුණයන් දෙදෙනා සමග ගුටිබැට හුවමාරුවක්..

කොල්ලකරුවන් පොලිසියට වෙඩි තබමින් පලා ගිහින්...

කොල්ලකරුවන් පිරිසක්‌ සහ මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරීන් පිරිසක්‌ අතර ඊයේ 30 දා අලුයම සිදුවූ වෙඩි හුවමාරුවකදී එක්‌ කොල්ලකරුවකු පොලිස්‌ වෙඩි පහරින් මරුමුවට පත්ව තිබෙනවා.

කටාන, නැරැකළුවාරිප්පුවේ පදිංචිකරුවකු වන කේ. ජූඩ් නිශාන්ත ප්‍රනාන්දු (32) නමැති අය මෙසේ මියගොස්‌
තිබෙනවා

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි

මිනුවන්ගොඩ නාලන්දා විදුහල අසල තරුණයන් දෙදෙනකු උපකාරක පන්තියකට අයත් පෝස්‌ටර් අලවමින් සිට ඇත. 

එම අවස්‌ථාවේ එම ස්‌ථානයට පැමිණි දෙදෙනකු පෝස්‌ටර් අලවමින් සිටි තරුණයකුගේ රන් දම්වැල කඩා ගැනීමට උත්සාහ දරා තිබෙනවා.

ටී 56 සහ ගල්කටස්‌ වර්ගයේ ගිනි අවි කොල්ලකරුවන් සන්තකයේ තිබී ඇතත් ඒවාට බිය නොවූ තරුණයන් දෙදෙනා කොල්ලකරුවන්ට පහරදී
තිබෙනවා.