Ads 468x60px

.

ඩිවෝස් එක කියන දෙයත් කලාවක් වගේ තමයි - ඉරේෂා කියයි...

එයාට ඕනෑ මගේ ආශාව ඉටු කරල මාව පුදුමයට පත් කරන්න. විස්මයට පත් කරන්න.

ඉතිං ඉරේෂා කොහොමද මේ දවස්වල මානවී ට?
මේ දවස්වල මානවී හදිසි අනතුරකට ලක්වෙලා, මානවී තූර්යා සඟරාවේ මාධ්‍යවේදිනියක්. 

කෙළින් කතාකරන, හිත හයිය චරිතයක්. ඒ හින්දම මානවී හුඟක් ජනප්‍රියයි. ඇත්තටම ඒ වගේ චරිතයක් මට ලැබුණු පළමුවැනි අවස්ථාව තමයි

මොනවගේ ප්‍රතිචාරද ලැබෙන්නෙ.
හුඟක් හොඳ ප්‍රතිචාර, ක්‍ෂේත්‍රයේ අයගෙන් වගේම මඟ තොටේදී හමුවන රසික රසිකාවියන්ගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

නිළි-ජීවිතය ඔය විදිහට ගතවෙනකොට පෞද්ගලික ජීවිතයේ තොරතුරු මොනවාද?
මම මගේ පෞද්ගලික ජීවිතයට තමයි පළමුවැනි තැන දෙන්නෙ. මට අවුරුදු 3ක පුතෙක් ඉන්නවා. ඒ හින්ද වගකීම් වැඩියි. මහත්තයාගෙනුත් නෑදෑයන්ගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ හින්ද මට නිළියක් හැටියට කටයුතු කරන එක අපහසුවක් වුණේ නෑ

ඔයාගෙ සැමියාත් මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්ද?

ස්පෝට්ස් මීට් එකේ මැරතන් දිවූ සිසුවිය කුණු කානුවක වැටී මියගියේ හේතුව...

රෝහල්ගත කරන විටත් මියගිහින්.

නිවාසාන්තර ක්‍රීඩා මාර්ග ධාවන තරගයක යෙදී සිටි හලාවත ආනන්ද ජාතික පාසලේ 13 වැනි වසර ශිෂ්‍යාවක තරගයේ යෙදී සිටියදී ඇති වූ ආබාධයක්‌ හේතුවෙන් ඊයේ (31 දා) උදෑසන ඛේදජනක අන්දමින් මියගොස්‌ තිබෙනවා

කණුකැටියේ ඉලිප්පදෙනිය පදිංචිව සිටි කෞශල්‍යා පවිත්‍රා ශිෂ්‍යාව මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා

මෙම සිසුවිය ඇතුළු ක්‍රීඩිකාවන් ඊයේ පෙරවරුවේ ධාවන තරගයට පෙර වෛද්‍ය පරීක්‍ෂණයකටද පෙනී සිට ඇති බව සඳහන් වෙනවා. හලාවත සේදවත්ත මාර්ගයේ කාණුවක වැටී සිටියදී ශිෂ්‍යාව රෝහල්ගත කර ඇති අතර ඒ වනවිටත් ඇය මියගොස්‌ සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසනවා

මේ අතර මෙම අනපේක්‍ෂිත සිද්ධියෙන් කම්පනයට පත් මෙම සිසුවියගේ පියා වන ආර්. ඩී. සෝමසිරි මහතා සිය දියණියගේ වියෝව දරාගත නොහැකිව රෝගාතුර වී හලාවත රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

එහි සවිස්තර වාර්තාවක් පහතින් 

ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨවලින් ගුණාත්මක පුහුණුවක් නොලැබේ...

ප්ලාස්‌ටර් ඔෆ් පැරිස්‌ බදාමය දැමුවේ ඇගේ අතට අහිතක්‌ කිරීමේ අරමුණ ඇතිව නොවෙයි...

එයින් අහිතකර බලපෑමක්‌ සිදුවුණා නම් ඒක ඒ ළමයාගේ වෙලාව වෙන්න ඇති...

- අදාළ වරද සිදුකළ වෛද්‍යවරයා කියයි 

ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨවලින් බිහි කරන වෛද්‍යවරුන් අන්තර්ජාතික ප්‍රමිතීන් අනුව ඉතාම පහල මට්ටමක සිටින බව එංගලන්තයේ ග්ලාස්ගෝ සරසවිය අනුබද්ධිත වෛද්‍ය විද්වතුන් පිරිසක් විසින් කල ඇගයීමකදී හෙළි වී තිබේ.

මේ තත්වය කණගාටුදායක නමුත් සත්‍ය බව ශ්‍රී ලංකාවේ  ප්‍රමුඛ පෙලේ වෛද්‍ය විශේෂඥාවරු  කීපදෙනෙකු  විසින්ද පෙන්වා දී ඇත. මනෝවෛද්‍ය ඩී  වී ජේ හරිශ්චන්ද්‍ර මහතා විසින් පවසන පරිදි ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු පුහුණුකිරීමේ ක්‍රියාවලිය තුල බරපතල අඩුපාඩු තිබේ. 

මේ තත්වය මෑතකදී, අස්ථි බිදීමක් හේතුවෙන් මාතර මහ රෝහලට ඇතුළත් කළ අචලා ප‍්‍රියදර්ශනී නැමති නීති ශිෂ්‍යාවගේ වම් අත වෛද්‍ය සහ හෙද නොසැලකිල්ල නිසා කපා ඉවත්කිරීමට සිදුවීම තුලින්ද  පෙනී යන බව එතුමා පෙන්වා දෙයි. 

අදාළ වරද සිදුකළ වෛද්‍යවරයා පරීක්ෂණ මණ්ඩලය හමුවේ දී ඇත්තේ උගත් වෘත්තිකයෙකුට නොගැලපෙන ඉතා සරල ප්‍රකාශයකි. ඔහු මෙසේ පවසා තිබේ.

දැන්වීමක් ලබා ගැනීමට ගිය නිරුපිකාව අයිපෑඩ් එකක් සොරකම් කර මාට්ටු වුන හැටි...

හොරකම් කරලා තියෙන්නේ ෆායින් රොෂාන්ගෙ අයිපෑඩ් එකලු..

පසුගිය ජනවාරි මස 12 දින සකුරා සෞම්‍යා කුමාරි බණ්ඩාරනායක යන නිරුපිකාව කොල්ලුපිටිය ක්‍රෙස්කැට් සාප්පු සංකීර්ණයේ පිහිටි මොනාච්චි හවුස් ආයතනයට දැන්වීමක් ලබා ගැනීමට අවශ්‍ය බව පවසා ගොස් තිබෙනවා

එහීදී රුපියල් අසූපන් දහසක් වටිනා අයිපෑඩ් එකක් සොරකම් කල මෙම නිරුපිකාව අධිකරණයේදී සිය වරද පිළිගෙන තිබෙනවා


පසුව එහි අයිතිකරු වන මොහොමඩ් ෆායින් රොෂාන් නැමැත්තා ඇය සමඟ සාකච්ඡා කර ඔහු එම වෙළෙඳ ආයතනයේ ඇතුළට ගිය අතරතුර ඔහුගේ අයිපෑඩ් එක මෙම නිරුපිකාව විසින් සොරකම්කොට තිබෙනවා.