Ads 468x60px

.

හලාල් හලාල් හලාල් - මොකද්ද මේ හලාල් කියන්නේ

හලාල් යනු අරාබි වදනකි...  

එහි අර්ථය වන්නේ “අවසරලත්” “අනුමත” වැනි දෙයක්...

හලාල් යනු මේ දිනවල නිතර කතා බහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇති දෙයකි. ඉතින් අපිටත් හිතුනා මේ හලාල් පිළිබඳව ටිකක් හොයල බලන්න. විවිධ අය අතර මේ පිළිබඳව ඇත්තේ එකිනෙකට වෙනස් අදහස් බව ද කරුණු විමසා බලන විට පෙනෙන්නට තිබෙනවා. 

ඇතැමෙකු සිතන්නේ මෙය ප්‍රමිති සහතිකයක් ලෙස වන අතර ඇතැමෙකුට මෙය එක්තරා ආහාර වට්ටෝරුවකි. මීට අමතරව තවත් විවිධ අදහස් ද තිබෙන බැව් පෙනේ. එබැවින් මේ පිළිබඳ කතාබහ කිරීමේ වරදක් නැතැයි සිතේ.

හලාල් යනු අරාබි වදනකි.  එහි අර්ථය වන්නේ “අවසරලත්” “අනුමත” වැනි දෙයකි. ඉස්ලාමීය නීතියට අනුව යම් කිසි දෙයක් භාවිත කිරීමට හෝ යම් කිසි ක්‍රියාවක්  සිදු කිරීමට ඇති අවසරය හෝ අනුමත බව මෙයින් කියැවේ. 

බොහෝ විට මෙය යොදනු ලබන්නේ ඉස්ලාමීය නීතියට අනුව මුස්ලිම් ජාතිකයන්ට ආහාර සඳහා ගැනීමට අවසර දී ඇති ද්‍රව්‍ය පිළිබඳ දැනුවත් කිරීම සඳහාය. 

මෙහි විරුද්ධ අර්ථ වන්නේ “හරාම්’ ය. එනම් අවසර දී නැති හෝ අනුමත නොකරන ලද යන අර්ථයයි. හලාල් ආහාර යනු ඉස්ලාමීය ආහාර මාර්ගෝපදේශනවලට අනුව කෑමට ගැනීමට අවසර ලැබි ඇති ද්‍රව්‍ය වේ. 

වෙබ් අඩවිවල තොරතුරු බලලා ඒවා පිළිගන්නවා නම් මිනිස්සු ඒවා පිළිගත්ත දෙන් - පියුමි බොතේජු කියයි

ඔය ඕපදූප තියෙන වෙබ් අඩවි මම බලන්නෙත් නැහැ... 

මොන විදියේ කතා ප්‍රචාරය වුණත් මම ඒ ගැන සැලෙන්නෙ නැහැ...

දික්කසාද වෙන්නෙ ජනප්‍රිය චරිත විතරක් ‍නෙවෙයි...

පියුමි බොතේජු, වර්තමානයේ රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂක ජනතාව අතර වැඩි ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා. 

මේ හේතුව නිසාම පියුමිගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු පවා සොයන්නට ප්‍රේක්ෂකයන් උනන්දුවක් දක්වනවා පසුගිය දිනවල ඇය සම්බන්ධයෙන් විවිධ තොරතුරු විවිධ මාධ්‍ය ඔස්සේ පළවීමත් එක්ක ඇයට මොකද වුණේ කියලා.

මේ ඇයත් සමඟ කල කතා බහක්.. 

පසුගිය දවස්වල අන්තර්ජාලයේ ඔබ දික්කසාද වෙන්න සූදානම් වනබවට කතාවක් පළ වුණා?

ප්‍රේක්ෂකයන් අතරින් කලාතුරකින් කෙනෙක් කැමතියි අපි දික්කසාද වෙනවා දකින්න. ඒ විදියේ තොරතුරු හොයන අය වෙනුවෙන් තොරතුරු සපයන්න ඔය කියන මාධ්‍ය ක්‍රියාත්මක වෙනවා. ඒ පිරිස් වෙනුවෙන් අපි ඩිවෝස් වෙන්න යන බවට තොරතුරු පළ කරනවා.

මෙවැනි තොරතුරක් ඔබ සම්බන්ධයෙන් පළවීම ගැන ඔබ කියන්නෙ මොනවද?

මම ඒකට උත්තර දෙන්නෙ නැහැ. මට පෞද්ගලික ජීවිතයක් තියෙනවා. මම ඒ පෞද්ගලික ජීවිතය රැකගන්න ඕන. ඔය විදියේ තොරතුරු තියෙන වබේ අඩවිවල තොරතුරු බලලා ඒවා පිළිගන්නවා නම් මිනිස්සු ඒවා පිළිගත්ත දෙන්. මිනිස්සු හිතන දේ හිතපුදෙන්. 

නිරුපිකාවගේ අයිපෑඩ් සොරකම මඩ ගහන්න කරපු වැඩක්ලු.

පසුගිය ජනවාරි මස 12 දින සකුරා සෞම්‍යා කුමාරි බණ්ඩාරනායක යන නිරුපිකාව කොල්ලුපිටිය ක්‍රෙස්කැට් සාප්පු සංකීර්ණයේ පිහිටි මොනාච්චි හවුස් ආයතනයට දැන්වීමක් ලබා ගැනීමට අවශ්‍ය බව පවසා ගොස් එහීදී රුපියල් අසූපන් දහසක් වටිනා අයිපෑඩ් එකක් සොරකම් කල පුවතක් අප ඔබ වෙත ගෙන ආවා.

එහෙත් එහි ඇත්ත කතාව ඊට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් කතාවක් බවයි මේ වන විට අපට වාර්තා වන්නේ. 

එහි ඇත්ත කතාව පහතින්. 

අනුන්ගේ ගීතයක් තමන්ගේ ගීතයක් ලෙස ඉදිරිපත් කළැයි ඉරාජ්ට නඩු - රු.කෝටියක වන්දි ඉල්ලයි.

ඉරාජ්ගේ ගීත වලින් බහුතරයක්ම වෙනත් ගීත වලින් හොරකම් කරපුවාලු...

පද රචකයාගේ අවසරයකින් තොරව පද මාලාව වෙනස් කර ඇති ඉරාජ් ට ලබන 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස එම අතුරු තහනම් නියෝග නොතීසියක් නිකුත් කර තිබෙනවා.

"මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ" පැරණි ගීතයේ පද මාලාව වෙනස් කර තමන්ගේ ගීතයක් ලෙස ඉදිරිපත් කළැයි ඉරාජ් වීරරත්නට එරෙහිව රුපියල් කෝටියක වන්දි ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා.

එම ගීතය ලියා තිබෙන්නේ 1950 වසරේදී හර්බට් එම් සෙනවිරත්න මහතා විසිනි. නඩුව පවරා ඇත්තේ දැන් ගීතයේ දැන් හිමිකරුවන් වන ඔහුගේ බිරිඳ වන ස්වර්ණා ලක්ෂ්මී සෙනවිරත්න සහ පුත් චින්තන සෙනවිරත්න විසිනි.

ඒ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ගාමිණී රොහාන් අමරසේකර මහතා ඉදිරියේ නඩුව විමසූ අවස්ථාවේදීය.

ඉරාජ් වීරරත්නගේ ගීත වලින් බහුතරයක්ම මේ ආකාරයේම දෙමල හා වෙනත් භාෂා වලින් ගැයුණු ගීත වලින් සොරාගන්නා ලද තනු ය.

ඉරාජ් විසින් තනුව වෙනස් කළ ගීතය පහතින්.