Ads 468x60px

.

පේ‍්‍රම සම්බන්ධයක් තිබුණා ඒත් දැන් නැහැ අවංක පෙම්වතෙක් හොයනවා - මේනකා කියයි.

මම බලාපොරොත්තු වෙන්නේ අවංක පෙම්වතෙක්...

මම නීතිරීතිවලට යටත් වෙලා ජීවත් වෙන්න කැමැති කෙනෙක් නෙමෙයි...

මේ දිනවල දිවයින පුරා සිනමාහල්වල තිරගත වන ‘ජීවිතය ලස්සනයි’ චිත්‍රපටයේ ලොකු දුව ඇයයි. එසේම ස්වර්ණවාහිනියෙන් විකාශය වන ‘සිටුමැදුර’ ටෙලි නාට්‍යයේ කිෂානි ද ඇයයි. ඇය මේනකා මධුවන්ති. 

මේනකා දක්ෂ නර්තන ශිල්පිනියකි. ඇය රංගනයට පිවිසියේ නර්තන ශිල්පිනියක් ලෙසිනි. මේ වන විට මේනකා චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කීපයකින්ම තම රංගන හැකියාව ද මනාව ඔප්පු කොට තිබෙනවා. 

මේ මේනකා මධුවන්ති සමඟ කළ කතාබහක්.

ගූගල් වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙත එකතු වූ වගයි...

අද ගූගල් පාඨක සංඛ්‍යාව නව කෝටියක්ලු...

අන්තර්ජාල වෙබ් අඩවියේ සුප්‍රසිද්ධ සෙවුම් යන්ත්‍රයක් 1996 දී හඳුන්වා දුන් ගූගල් සමාගම සිය මුල් පිටුවෙන් ශ්‍රී ලංකා ජාතික කොඩියේ සිංහ රුව අද (4) සරසා තිබෙනවා. 


බුද්ධික නුවන් නම් ශ්‍රී ලාංකිකයකු ගූගල් සමාගමෙන් කළ ඉල්ලීම අනුවයි මෙම අනුග්‍රහය දක්වා තිබෙන්නේ. ගූගල් යන ඉංග්‍රීසි වචනයේ ‘ජී‘ අකුර මැද අසිපත ගත් ශෛලිගත සිංහයාගේ රුව දැකිය හැකිය.


ශ්‍රී ලංකාවේ හැට පස් වැනි නිදහස් උළෙල දා ගූගල් සමාගම එය පියවර ගෙන තිබෙනවා. 1996 දී ඇමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් සරසවියේ ලැරී පේජ් හා සර්ජි බින් යන ආචාර්ය උපාධි අපේක්ෂකයන් දෙදෙනා ‘ස්ටැන්ෆර්ඩ් ඩිජිටල් පුස්තකාල ව්‍යාපෘතිය‘ වෙනුවෙන් සැකසූ වාර්තාවකින් ගූගල් බිහි විය.


අද ගූගල් පාඨක සංඛ්‍යාව නව කෝටියකි. දිනපතා හය කෝටියක් ගූගල් භාවිත කරයි. ගූගල් යන නම ලැබී ඇත්තේ ද ‘ගෝගල්‘ (10100) (අංක එකට පසු බින්දු සියයක්) යන නමේ අකුරු වැරදියට ලිවීමෙනි.