Ads 468x60px

.

එගොඩඋයන හිමි ඝාතනයේ මොරටු උපනගරාධිපති සුජීව ඉන්නවා - ලියන්ගහවෙල හිමියෝ

ලොකු හාමුදුරුවන් දුවන කොට පය පැටලී වැටුණා...

වැටුණ හාමුදුරුවන්ට මැරයෝ වටකරගෙන ගැහුවා...

- සිද්ධිය ඇසින් දුටු ලියන්ගහවෙල හිමියෝ කියති

ඝාතනයට සම්බන්ධ දෙදෙනාගේ වෙඩි තැබූ සිරුරුත් වෙල්යායක තිබී හමුවෙයි...


මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්ද විහාරස්‌ථානයේ විහාරාධිපති හිමියන් කපා කොටා සාහසික අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවන් දෙදෙනා නාඳුනන පිරිසක්‌ විසින් පැහැරගෙන ගොස්‌ බණ්‌ඩාරගමදී ඊයේ (04 වැනිදා) අලුයම වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

 "ලොකු හාමුදුරුවන්ගේ සිවුරෙන් ඇදලා එළියට අරගෙන කඩු පහරක්‌ ගැහුවත් ඒක වැදුනේ නැහැ. පසුව උන්වහන්සේ දුවද්දී කකුල පැටලිලා වැටුණා. වැටුණ හාමුදුරුවන්ට මැරයෝ ගැහුවා' යෑයි මොරටුව එගොඩඋයන ශ්‍රී සුනන්දොපනන්දාරාම විහාරාධිපති පූජ්‍ය මැටිගහතැන්නේ විමලවංශ හිමියන්ගේ ඝාතනය ගැන මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක්‌ කළ එම විහාරයේම වැඩවසනා පූජ්‍ය ලියන්ගහවෙල ඥණරතන හිමියෝ පැවසූහ.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පූජ්‍ය ලියන්ගහවෙල Cදාණරතන හිමියන්, "විහාරාධිපති හිමියන්ගේ ඝාතනය සැලසුම් සහගතව සිදුකළ එකක්‌. පෙරේදා (03 දා) හවස පඤaCදාරතන පොඩි හාමුදුරුවෝ මල් පැළවලට වතුර දමමින් ඉන්නකොට මේ මැරයන් ඇවිත් පොඩි හාමුදුරුවන්ට බැනල පහර දීල තියෙනව. 

මේ පහර දීම ලොකු හාමුදුරුවෝ දැක උන්වහන්සේ පොලිසියට ගියා පැමිණිල්ලක්‌ කරන්න. ඒ ගිහින් පැමිණිල්ල කරල ආපසු එනවිට පන්සල් වත්තේ සැඟවිලා හිටිය මැරයන් පැමිණ මුලින්ම කාර් එකේ වීදුරු වලට යකඩ පොලුවලින් ගැහුව. ඊට පස්‌සේ රියෑදුරුව එළියට ඇදල අරගෙන පහර දීල පැන්නුවා. 

ඊට පස්‌සේ ලොකු හාමුදුරුවන්ගේ සිවුරෙන් ඇදල එළියට අරගෙන කඩු පහරක්‌ හිසට එල්ල කළත් එය වැදුනේ නැහැ. ඒ එක්‌කම උන්වහන්සේ දිව්ව. දුවනකොට කකුල් පැටලිලා

අත වටිනවා. ඒත් අතට වඩා ජීවිතය වටිනවා. මගේ අත කපනවට මම කැමැති වුණා - අචලා කියයි

මගේ අත නැති වුණාට මා වටේටම අත් ගොඩාක් තියෙනවා...

අවුරුදු 23ක් වගේ වයසකදී මෙහෙම ඉරණමක් බලාපොරොත්තු වුණේ නෑ...

ඒත් දැන් සියල්ල සිදුවෙලා ඉවරයි...

වළලූ ලූ දෙඅතක හැඩ දකින දවසක් නැවත ඈ වෙත නොඑන බවනම් සැබෑවකි. පෝරුව මත පය තබන දවසක රන්මුද්දක් පළඳවන්න වම් අතේ වෙදැඟිල්ල ඇයට සදාකාලයටම අහිමි බව සැබෑවකි. වමත හුරු අත වූ නීති සිසුවියට අකුරු ලියන්නට වම් අත අහිමි වූ බව සැබෑවකි. 

කවරකින් කවර ලෙසකින් පිරිමැසුවත් අහිමි වූ අතේ වටිනාකම ඒ අත ජීවිතයට දුන් ශක්තිය වෙනත් භෞතිකයකින් ඒ සමානවම පූරණය කළ නොහැකි බව නම් සැබෑවකි.
 

වරද හෝ නොසැලකිල්ල කොතැනක වී දැයි අපි නොදනිමු. මේ අහිමිවීම වරදක ප‍්‍රතිඵලයක්ද නොඑසේනම් නොසැලකිල්ලක ප‍්‍රතිඵලයක්දැයි කියන්නටත් අපි තවම නොදනිමු. එහෙත් වරදකට සමාව නිර්දේශ කළ හැකි වුවත් නොසැලකිල්ලට සමාව  නිර්දේශ කළ හැකිද? නොසැලකිල්ල කවර ලෙසකින්වත් සාධාරණීකරණය කළ හැකිද?

කොතැනකදී හෝ සිදුවූ වරදක් නැත්නම් නොසැලකිල්ලක් හේතුවෙන් වම් අත අහිමිව අද කොළඹ ජාතික රෝහලේ 64 වැනි වාට්ටුවේ සයනයක් මත සිටින ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන අචලා පි‍්‍රයදර්ශනීය.

නිදහස් දා ජාතික කොඩියත් විකෘති කරලා...

ජාතික කොඩිය විකෘතියකට ලක් කල ස්ටිකර්ස් දිවයින පුරා...

පිටකොටුව ප්‍රදේශය තුල මහා පරිමාණයෙන්...

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය යම් විකෘතියකට ලක් කල ස්ටිකර්ස් දිවයින පුරා බෙදා හරින බවට 'බොදු බල සේනා' සංවිධානයට ලැබුන පැමිණිල්ලකට අනුව එම සංවිධානයේ විමර්ශන කණ්ඩායම් පිටකොටුව ප්‍රදේශය තුල කල සොයා බැලීමකදී එම පැමිණිල්ලේ සත්‍යතාව තහවුරු කරගෙන තිබෙනවා.

ජාතික කොඩියට මෙලෙස අපහාස කරන පිරිස් වලට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්න ලෙසත් ඉදිරියේදී ජාතික කොඩිය මුද්‍රණය, බෙදා හැරීම, විකිණීම, ප්‍රදර්ශනය කිරීම පිලිබඳව ගැලපෙන ප්‍රමිතියක් ඇති කරන ලෙසටත් බොදු බල සේනා අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඉදිරියේදී ජාතික කොඩියට ගරු කරන පරිසරයක් නිර්මාණය කිරීමට දැනුවත් කිරීම් හා පුහුණු වීම් කිරීමට තම සංවිධානය ඉදිරියේදී කටයුතු කරන බවද 'බොදු බල සේනා' සංවිධානය පවසනවා.

එම සංවිධානය නිකුත්කළ නිවේදනයක එබව සදහන්
වෙනවා. එම නිවේදනයේ මෙසේද සදහන් වෙනවා.